BREAKING NEWS

මේ ආණ්ඩුවේ ඇමතිවරුන් භික්‍ෂූන්වහන්සේට ‘පිස්සු චීවරධාරියා’ කියමින් ගරහන්නේ, කන්දේ විහාරයේ පිං කැටවලට ඉබ්බෝ දමන්නේ, දඹුලු විහාරයට එන ආදායම ගැන බොරු කියන්නේ ඇයි?

මේ ආණ්ඩුවේ ඇමතිවරුන් භික්‍ෂූන්වහන්සේට ‘පිස්සු චීවරධාරියා’ කියමින් ගරහන්නේ, කන්දේ විහාරයේ පිං කැටවලට ඉබ්බෝ දමන්නේ, දඹුලු විහාරයට එන ආදායම ගැන බොරු කියන්නේ ඇයි?

– විමල්ගෙන් කළුතරදී අපූරු පැහැදිලි කිරීමක්

වත්මන් අාණ්ඩුවේ ඇමතිවරුන් භික්ෂූන්වහන්සේට ‘පිස්සු චීවරධාරියා’ කියමින් ගරහන්නේත් කන්දේ විහාරයේ පිං කැටවලට ඉබ්බෝ දමන්නේත් දඹුලු විහාරයට එන ආදායම පිළිබඳ අසත්‍ය පුවත් මවන්නේත් මෙම ආණ්ඩුව 2015 ජනවාරි 08 වැනිදා භාරගත් ශ්‍රී ලංකා රාජ්‍යය බෙලහීන කිරීමේ බටහිර කොන්ත්‍රාත්තුව ජයග්‍රහණයෙන් කෙළවර කිරීමට නම් මෙරට මහා සංඝරත්නය සතු බලය බිඳීම අත්‍යවශ්‍ය සාධකයක් නිසා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (10) කළුතර නගර ශාලාවේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ දසවැන්නෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“අපේ මාතෘභූමියේ ඉරණම් කතාව අද අපේ අතින් ලියැවෙනවා වෙනුවට අධිරාජ්‍යවාදීන්ගේ අතින් ලියැවෙමින් තිබෙනවා. මේ කතා කරන වෙලාවේත් යුරෝපා සංගමයේ නියෝජිතයන් 25 දෙනෙකු ඇවිත් මේ රට තුළ සැරිසරමින් ඉන්නවා. මේ අය සෑම මාසයකම 20-25ත් අතර ශ්‍රී ලංකාවට එනවා. ඒ එන්නේ ඨීඡූ බදු සහනය ලබා ගැනීම සඳහා මේ ආණ්ඩුව යුරෝපා සංගමයට එකඟ වූ කොන්දේසි හරි ආකාරව ඉටු කරනවාද, කියා සොයා බැලීමටයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම, ජනාධිපතිවරයා සතු හදිසි අවස්ථා නියෝග, අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීමේ බලය අහෝසි කිරීම (මේ බලයන් පාව්චිචි කරලා තමයි එදා වර්ධරාජා පෙරුමාල් ඊළම ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ උතුරු – නැඟෙනහිර පළාත් සභාව මධ්‍යම රජයට පවරා ගැනීමට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හැකි වුණේ.) සමලිංගික විවාහ සිදු කිරීමට නීතිමය ඉඩකඩ හදා දීම, ෆෙඩරල් ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තමන්ට උවමනා ආකාරයට වෙනස් කර ගැනීම ඇතුළු අපේ රටට ඨීඡූ ලබාදෙන විට දමපු කොන්දේසි 54හි ප්‍රගතිය මැන බැලීමටයි මේ සුද්දෝ ටික එන්නේ.

‘නියම රූකඩ ඩබල’

එදා පෘතුගීසින් සීතාවක රාජධානිය තමන්ට උවමනා ආකාරයට නැටවීමට දොන් ජුවන් ධර්මපාල හා නිකපිටිය බණ්ඩාර යන රූකඩ පාලකයන් දෙදෙනා යොදා ගත්තා. අවසානයේදී දොන් ජුවන් ධර්මපාල මියගියේ පාදිලි උන්නාන්සේ කෙනෙක් හැටියටයි. මෙදා ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් ශ්‍රී ලංකාව පාලනය කරන්න මේ රටේ සිංහාසනය අල්ලා ගත්තේ නැහැ. ඔවුන් සිංහාසනය සඳහා දැම්මා රූකඩ ඩබලක්. ඒ රූකඩ නටවලා ශ්‍රී ලංකාවේ ඉරණම තමන්ට ඕනෙ විදියට ලියවන එකයි අද මේ බටහිර බලවතුන් සිදු කරමින් ඉන්නේ.

‘සරත් ෆොන්සේකා ඇල්ලේ හිමිට ගැරහුවේ ඇයි?’

අද සිදු කරන්නේ බටහිර බලවතුන්ගේ උවමනාව පරිදි ශ්‍රී ලංකා රාජ්‍යය හැම අතකින්ම බෙලහීන කිරීම, රටක් ගිලගැනීමට නම් ඒ රාජ්‍යය හැම අතකින්ම බෙලහීන කරන්න ඕනෙ. ආර්ථිකමය, ව්‍යුහාත්මක, දේශපාලනමය හා සංස්කෘතිමය වශයෙන් මේ රාජ්‍යය බෙලහීන කිරීමේ මෙහෙයුම තමයි අද පණ ගන්වලා තිබෙන්නේ. සරත් ෆොන්සේකා හිටපු යුද හමුදාපතිවරයා වාචාලකමට ඇල්ලේ ගුණවංශ නාහිමියන්ට ‘පිස්සු චීවරධාරියා’ කියා පැවසුවා යැයි හිතන්න එපා. භික්‍ෂූන්වහන්සේට ගරහන්නේ, කන්දේ විහාරයේ පිං කැටවලට ඉබ්බෝ දමන්නේ, දුඹුලු විහාරයට එන ආදායම් ගැන බොරු කතා කියන්නේ, මේ රාජ්‍යය බෙලහීන කිරීමේ ක්‍රියාන්විතය ජයග්‍රහණයේ කෙළවර කරන්න නම් එදා සුදු අධිරාජ්‍යවාදීන් කියූ ‘කහකඩ හමුදාවේ’ බලය බිඳිය යුතු නිසයි. එදා සුද්දා මහා සංඝරත්නය හැඳින්වූයේ ‘කහකඩ හමුදාව’ නමිනුයි. එදා බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයකු වූ හෙන්රි එඞ්වඞ් මැකලම් (1907-1913) බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිත ලේකම්ට අපූරු ලිපියක් ලිව්වා. ‘මේ රටේ කහවත දරන අරුම පුදුම මනුෂ්‍ය කොටසක් ඉන්නවා. උන් රටවැසියන්ගේ මරණෙට, මඟුලට, දුකට, සැපට හැම එකකටම සම්බන්ධ වෙලා කටයුතු කරනවා, උපදෙස් දෙනවා. රටවැසියෝ සංවිධානය කරනවා. මේ කහකඩ හමුදාව ඉන්නකල් අපට මේ රට යටත් කරන්න බැහැ’ කියන අදහසයි එහි අන්තර්ගත වුණේ. එදා සුද්දා දැක්කා, ‘මේ බැඳීම කඩන්නේ නැතිව මේ රට අපට ගිලගන්න බැහැ’ කියලා. පසුව සුද්දා ‘කහකඩ හමුදාවේ’ බලය බිඳින්න නොකළ දෙයක් නැහැ. නමුත් බැරි වුණා. දැන් තමන්ගේ රූකඩ පාලක ඩබල ලවා සුද්දා බලනවා, අපේ මහා සංඝරත්නය සතු සමාජයට බලපෑම් කිරීමේ බලය නැති කරන්න. එහෙම නොකර ඔවුන්ට මේ රට සම්පූර්ණයෙන්ම ගිල ගන්න, ඔවුන්ගේ දඩබිමක්, තිප්පොළක් බවට පත් ගර ගන්න බැහැ, කියලා ඔවුන් දන්නවා.

‘දැනටත් නව ව්‍යවස්ථාව තියෙනවා ගෝඞ් ෆාදර්ලා අතේ’

මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරලා නව ව්‍යවස්ථාවක් හදනවා කියා මේ ආණ්ඩුව කියනවා. නමුත් හදනවා කීවට ඒක දැන් හැදිලා ඉවරයි. ඒක තියෙනවා, රාජ්‍ය නොවන සංවිධාන මාෆියාවේ ගෝඞ් ෆාදර්ලා අතේ. ‘නව ව්‍යවස්ථාව හදන්න මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා. ඒකට මෙහෙයුම් මණ්ඩලයක් හැදුවා. ලබන මාසයේ ඒ මෙහෙයුම් මණ්ඩලයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට (ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට) ඉදිරිපත් කරනවා’ කියා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියනවා. නමුත් ජනාධිපතිවරයා කියන්නේ ‘කලබල වෙන්න එපා. නව ව්‍යවස්ථාවට අදාළව තව එක වචනයක්වත් හදලා නැහැ’ කියලයි.

‘හදිසි ජනමත විචාරණයක්’

දැන් හැමෝම බලා ඉන්නේ පළාත් පාලන මැතිවරණය තියෙන තුරුයි. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියන්නේ ‘විශේෂ හේතුවක් නොතිබුණොත් පළාත් පාලන ඡන්දය 2018 ජනවාරි පළමු සතියේ සෙනසුරාදා හෝ දෙවන සතියේ සෙනසුරාදා පැවැත්විය හැකියි’ කියලයි. මොකක්ද මේ විශේෂ හේතුව? ඒ දිනවල සුනාමියක් ඒවි ද? හේතුව මේකයි. බටහිර රටවල්, දෙමළ ඩයස්පෝරාව හා දෙමළ ජාතික සන්ධානයේ බලපෑම තිබෙන්නේ ‘පළාත් පාලන ඡන්දය පවත්වන්න’ කියලා නොවෙයි. මේ සියලු දෙනා ඉන්නේ ‘ඔය මොන ඡන්දයටත් කලින් ෆෙඩරල් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත කළ යුතුයි. ඊට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කරන ජනමත විචාරණය පැවැත්විය යුතුයි.’ කියලයි.

‘විමල්ගේ අනාවැකිය’

පළාත් පාලන ඡන්දයට ගියොත් හංස පුට්ටුවට බෙදිලා තරඟ කරන්න වෙනවා. නමුත් ‘ෆෙඩරල් ව්‍යවස්ථාව’ සම්මත කර ගන්න පවත්වන ජනමත විචාරණය, එජාපය, ජවිපෙ, මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රී ලනිපය, දෙමළ පක්‍ෂ, මුස්ලිම් පක්‍ෂ හා වතුකරයේ පක්‍ෂ එක මල්ලට දාලා ප්‍රචාරක කටයුතු කරලා, රාජ්‍ය බලය අයථා ලෙස යොදවලා ඡන්ද මංකොල්ල කාලා හරි ජයගන්නයි මේ ආණ්ඩුව උත්සාහ ගන්නේ. මගේ අනාවැකිය ලියාගන්න ‘පළාත් පාලන ඡන්දය නොවෙයි එන්නේ. ජනමත විචාරණයක් තමයි එන්නේ ’ කියලා. නව ව්‍යවස්ථා කෙටුම්පත ලබන මාසය තුළ ගෙන එනවා. මහජන කතිකාවකට, සංවාදයකට වැඩි කාලයක් දෙන්නේ නැහැ. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මේ අය ජනමත විචාරණයට එනවා”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-09-11

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Wow, you have a huge crowd here. Good, good, good.

  2. Champa Reply

    ජනමත විචාරණයක් එනවා ලඟදි ??? විමල් කිව්වොත් නම් හරියටම හරි.

    එහෙනම් මිනිස්සුන්ව දැම්මම එකතු කරගන්න නේද? රට බෙදන්න නම් ඉඩ දෙන්නේ නැහැ කොහොමටවත්. ඒකට මම වෙන තරහවල් ඔක්කොම අමතක කරනවා.

    දැන් එහෙනම් ඔයා ඒක ගැනනේ මිනිස්සුන්ට කියන්න ඕනේ. වෙන දේවල් ගැන වැඩක් නැහැ, අලුත් නමක් දාන්න වෙයි නේද? මොකක්ද අර හරි famous slogan එකක් තියෙන්නේ – එක්ව රැකෙමුද වෙන්ව නැසෙමුද. විමල්ගෙ තිබුන නමක් ගිය අවුරුද්දේ මම ආසත් නැහැ ඒ නමට හැබැයි ගමනක අවසානයද කියලා. මතකද? ඒක එහෙනම් දැන් මේ කාලෙට තමයි ගැලපෙන්නේ.

    විමල් ඔයාට පුළුවන් එකතු කරන්න රටම. ඔයා පාද යාත්‍රාවෙන් පෙන්නපු තරම හොඳටම ඇති. ඔයා එන තැනකට මිනිස්සු ස්වේච්චාවෙන් එනවා. කොහෙද ඉතින් මම ලියන්නේ? එන්න වෙයිද දන්නේ නැහැ stage එකට මටත්.

    මුන්ට පිස්සුද අප්පා. ෆෙඩරල් දෙන්න හැදුවොත් සිංහල මිනිස්සු මරාගෙන මැරෙයි. ජනමත විචාරණ කෙසේ වෙතත් පාලනය කර ගන්න බැරි වෙන තරම් කලබල ඇතිවෙයි.

  3. Champa Reply

    විමල් කියන එක හරි. ඊළඟට ෆෙඩරල් ව්‍යවස්ථාව වෙන්න පුළුවන්. ඒ මොකොද කිව්වා නම් OMP එකත් sign කරලා. දැන් දඟලන්නේ දෙමළ මුස්ලිම් චන්ද ටික ගන්න. President ඊළඟ චන්දෙට ඉල්ලන්නෙ නැහැ. එහෙම ඉල්ලනවා නම් මේවා කරන්නේ නැහැ. කිව්වනේ මම ගිය අවුරුද්දෙ 2020 වෙනකම් ඉන්න එපා කියල. ඔයා කිව්වට රූකඩ ඩබල කියල ඉතින් රූකඩ ඩබල අවුරුදු දෙකහමාරක් හිටියෙ JO එක double game ගහපු නිසානේ.

    මහනායක හාමුදුරුවරුවන්ටත් දැල එලන්න හැදුවේ. හොඳ වෙලාවට අස්ගිරියේ හාමුදුරුවෝ කෙලින් ඉන්න නිසා හොඳයි. කවුරුවත් නැත්නම් ඇත්තමයි විමල් අස්ගිරියේ හාමුදුරුවන්ට කියන්න ඕනේ ජනාධිපතිවරනෙට ඉල්ලන්න කියලා.

  4. Champa Reply

    Something is fishy Wimal. Something bad is going to happen. I have a certain feeling but little scared to tell. You have a good intuition. Election might come in 2019 who knows. Some changes. Government crooks are not going to give up power as easy as some people think.

  5. Champa Reply

    විමල් අර ඇලෝසියස් බේරපු හැටි දැක්කනේ. මෙහෙම අයිතියක් ගැන ව්‍යවස්ථාවේ නැහැ. මේක වැරදියි. අනිත් රටවල මේ අයිතිය උඩ කෙනෙක් තමන් අකැමති නම් තමන්ට විරුද්ධව තමන්ගේ සාක්කි පාවිච්චි කරන නිසා නිශ්ශබ්දව ඉන්න අයිතිය ඉල්ලනවා නම්, ව්‍යවස්ථාවේ ඒ අදාළ වගන්තිය පැහැදිලිව කියන්න ඕනේ. මේකේ එහෙම එකක් නැතුව නිකම්ම දීලා. නීතිය සම්පූර්නයෙන්ම අවනීතිය වෙලා.

    ලංකාවේ අද ඉන්න ලොකුම හොරු, වංචාකාරයෝ ඔක්කොම සුපිරි පැලැන්තියේ නිසා නීතිය වැරදියට පාවිච්චි කරනවා, තමන්ට ඕනේ හැටියට වෙනස් කරනවා, අලුත් අර්ථකතන දෙනවා. හොරුන් හොරුන්ව බේරනවා.

    I am bloody disappointed but more determined than before to send all the crooks home.

    විමල්, ඔයා 20 වෙනි සංශෝධනයට කැමති වුනාද? එකේ ජනාධිපතිට පළාත් සභා පාලනය කරන්න තියෙන අයිතිය නැති කරලා තියෙනවනෙ. රනිල් ඒ බලතල එයාගෙ අතට ගන්න යන්නේ. එතකොට කරන්න පුළුවන් දේවල් දන්නවා නේද? මෝඩ ජනාධිපති, තමන්ගෙ පුටුවෙ කකුල් එක එක කපනවා දන්නේ නැහැ. අන්තිමට නවතින්නේ හිරේ වැටිලා.

    අනේ විමල් ඔයා විතරයි ඉන්නේ ලංකාවටම. ලංකාවේ ඉන්න ආණ්ඩුවත් එක්ක deal දාපු නැති එකම දේශපාලකයා ඔයා විතරයි. අනේ ඔයා නම් වෙනස් වෙන්න එපා. මට විතරක් නෙමෙයි හුඟ දෙනෙකුට heart attack හැදෙයි.

  6. Champa Reply

    මට ඔයාට කියන්න දේවල් තියෙනවා විමල් ලියන්න බැහැ ඒ මොකොද කිව්වා නම් මම ලියන දේවල් අනිත් අතට පාවිච්චි කරනව කියලා පේන නිසා. දැන් තියෙන ටික analyse කරගන යනකොට මට තේරෙනවා ඊළඟට වෙන්න යනදේ. ඒ නිසා ඒකට ලැහැස්ති වෙන්න ඕනේ. මම මේ හිතනවා ඒ ටික ඔයාට කියන්න විදියක්.

    අස්ගිරියේ හාමුදුරුවෝ අනිවාර්යයෙන්ම සූදානම් කරලා තියන්න ඕනේ කියලා මම කිව්වනෙ කීප තැනක. රට බේරාගන්න ඉදිරිපත් වෙන්න මහනායක හාමුදුරුවො අකමැති වෙන්නේ නැහැ. හැබැයි මට ඔයාට කියන්න දෙයක් තියනව. But I don’t want anyone other than you to know, at this stage. Can you guess? We have telepathy, if you think hard you might get it.

  7. Champa Reply

    ඔයාට ඔයිට වඩා හුඟක් දේවල් කරන්න පුළුවන් විමල්. මොන එහෙකට ඔයා මේ රාජපක්ෂ වහන්තරා වලට වැහිලා ඉන්නවද මම දන්නේ නැහැ. බලන්න ගොලුබෙලි කට්ටක් ඇතුලේ හිටපු මාවත් එලියට වීසි වුනේ ඔයාගේ පලවෙනි කතාවට. මම දේශපාලන වේදිකාවක් ගැන කතා කරන තරමට ආපු එක හරිනම් වෙන්න ඕනේ ඉර අනිත් පැත්තෙන් පායපුවහම.

    අලුත් පක්ෂයක් හදමු. (මම “මු” යන්න කිව්වා දැක්කද?) මෙච්චර කල් නොකියපු දේවල් තියෙනවා කියන්න ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ ගැන. අද මතක් වුනේ තැනක තිබුන විග්නේශ්වරන් අස්ගිරියේ හාමුදුරුවන්ට කිව්වලු නුවර ඉහල පැලැන්තිය තමයි ඉස්සෙල්ලම ෆෙඩරල් ගේන්න කතා කලේ කියලා. ඊළඟ චන්දෙ කාලෙට මම stage එකට ආවොත් මට නම් stage එකේ කියන්න ගොඩක් දේවල් තියෙනව ලංකාවේ පක්ෂ ගැන. මම නම් ඔයා වගේ නෙමෙයි මගෙ අතින් හුඟක් nasty දේවල් කියවෙන්න පුළුවන්. වටු කුරුල්ලෝ වගේ ඉවසීමක් මට නැහැ. මට ගැලපෙන්නේ කඩොල් ඇතාගේ කතාව.

  8. Champa Reply

    Oh, I think I read it wrong. It is the bail applications not the Appeal. Ok you didn’t get your bail anyway not from the same judge. They will get.

  9. Champa Reply

    අර නඩුව ගැන මට ලියන්නම හිතෙනවා. ඒ වුනාට කට වාන් ඉන්න හිතුව චුට්ටක්.

    බරපතල වැඩ ඇතුව හිරේ දැම්මත් ඇප ඉල්ලන්න පුළුවන්. ෂිකේ මම රට පාලනය කළා නම් පොඩි මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව ගානේ නොමිලේ නීති උපදෙස් සහ උසාවි වැඩ කරලා දෙන ආයතනයක් පිහිටුවනවා. එතකොට ලංකාව වටේම ඇදී ඇදී අවුරුදු 10, 15 යන නඩු ඉක්මනට ඉවර වෙයි. හිරගෙවල් පිරෙන එකකුත් නැහැ.

    කෝ විමල් ඔයාගේ අර හිරගෙදර ගැන ලියපු පොත? අර ඔයා කිව්වේ 50කටම තියෙන්නේ washroom දෙකයි කියල. ඒ වගේ පොත එලියට දාන්න. අඩු ගානේ හිරකාරයන්ට පහසුකම්වත් ලැබෙයි නේද දැනට වඩා? Swimming pool තියෙන හිරගෙදරකුත් හදාලා තියෙනවා.

    What a change in me within 2 and 1/2 years. I never looked at the society. I never thought I will feel this bitter about social injustices.

  10. Champa Reply

    විමල්, මොකක් හරි ලොකු දෙකට ආණ්ඩුව අර අඳිනවා. හමුදා සම්බන්ධ. වෙන එහෙකට නම් මට කියන්න පුළුවන් privatize කරන්න යනවා කියලා. හැබැයි යුධ ගුවන් නාවික හමුදා වලට එහෙම කියන්න බැහැනෙ.

    මංගල යුද ගුවන් නාවුක හමුදා වලට ලොකු ගානක් වෙනකරලා තව ඒ ඔක්කොටම වඩා මහා විශාල මුදලක් ආරක්ෂක අමාත්‍යංශයට වෙන් කළා. යුද්ධයක් නැති කාල මේ තරම් මුදලක් ආරක්ෂාවට මොටද? අනිත් එක මුන් යුද්ධ කරන උන්යැ. මේ කරන්න හදන්නේ ඇමරිකාවත් එක්ක එකතු වෙලා අපේ ත්‍රිවිධ හමුදාවල බලය සීමා කරන එකක්. අඩු කරන එකක්. ඊට පස්සේ මුහුදෙ සහ ගොඩබිම හරියටම කියන්න බැහැ Delfts වෙන්න පුලුවන් ඇමරිකන් හමුදාවත් එක්ක කියල මොකක් හරි පටන් ගන්න බොරුවක් කියයි. මම කියන එක තේරෙනවද? ටික දවසකට ඉස්සෙල්ල මම කොහේ හරි ලිව්වා මට මොකක් හරි ලොකු දෙයක් රටට නරක දෙයක් වෙන්න යනව වගේ දැනෙනවා කියලා. මම හිතන්නේ මේක. රනිල්ට වඩා භයානක මිනිහෙක් මංගල. මංගල කියන්නේ සිංහල කොටියෙක්. ප්‍රභාකරන්ටත් වඩා දරුණු කොටියෙක්. මංගලට කෙලින්ම LTTE diaspora එකත් එක්ක connections තියෙනවා. 2015 චන්දෙට LTTE diaspora එකත් එක්ක deal දැම්මේ රනිල් නෙමෙයි මංගල.

    විමල් අර මං දැක්ක ඔයා මේ 20 ගැන කතා කරපු විදිය. ඔය තියෙන්නේ ඔහොම කතා කරන්න කෙලින්ම හදවතට වදින්න. සිල් අරන් වගේ කතා කරන්න එපා ඒ වගේ මිනිස්සුන්ට දැනෙන විදියට කතා කරන්න ඉස්සර වගේ. ඔයා දේශපාලනය ගැන දැන් කතා කරනවා වැඩියි. ඔයා ඉස්සර වගේ වැඩිපුර රට ගැන කතා කරන්න. මොකොද ඔයා එක්ක ඉන්න මිනිස්සු හැමෝම රාජපක්ෂලාට කැමති අය නෙමෙයි. ඒ මිනිස්සුන්ට වෙන කවුරුවත් නැහැ. ඔයා විතරයි ඉන්නේ රට ගැන ඇත්තටම හැඟීමකින් කතා කරන කෙනෙකුට. ඒ හින්ද හැම එකටම රාජපක්ෂලයි JO එකයි ගාව ගන්න එපා. ඒගොල්ලන්ට කැමති නැති අය හුඟක් ඉන්නවා.

    ආණ්ඩුව චන්ද ගැනයි ලලිත්ගේ කතාවයි ගෙනාවේ මිනිස්සු නොමඟ යවන්න. ඔයා ආපහු මහා නායක හාමුදුරුවරු හම්බ වෙන්න යන්න. සමහර වෙලාවට මට හිතෙනවා ඒගොල්ලෝ ඔයා කියන ඒවා ගණන් ගන්නේ නැත්ද කියලා. හැබැයි එහෙම එකක් නැහැ. ඒ හාමුදුරුවරුන්ගේ විදිය. ගිහියෝ වගේ එක පාරට කලබල වෙන්නේ නැහැ. හැබැයි දැක්කනේ පහුගිය කාලේ එක පාරට නැගිටලා ආව හැටි. අනිත් එක ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක් නැහැ කියලා මන්දෝත්සාහි වෙන්න එපා කියන්න. එහෙම ප්‍රතිචාරයක් නැත්තේ ඒව ඒගොල්ලන්ට හරියට වදින නිසා කියන්න. විමල් ඔයා ඇත්තටම මහා නායක හාමුදුරුවරු 3 නිකායම හම්බ වෙන්න. 1. අර 20 ගැන කියන්න මම හිතන්නේ ම ඔයාට 2015 දී කිව්ව කැමති වෙන්න එපා කියලා UNP එක ගම් වල සීමා වෙනස් කරලා ඇති කියලා. මේ ඒකම නේද? මේක මේ චන්ද ගැන විතරක් නෙමෙයි මුළු රටටම බලපාන හැටි කියල දෙන්න. ඒක හරියට mini federal දෙනවා වගේ. එක එක අතට හරවන්න් පුළුවන්. 2. අනිත් එක අර ICPPED පනත ආයෙ ගේන එක ගැන කියන්න. 3. ඇමරිකාව එක්ක ACSA අත්සන් කරන්න එපා කියලා President ට කියන්න කියන්න. මම ඒ ගැන ඕනේ හැටියේ ලියලත් තියෙනවා. රටටම ඇහෙන්න කියන්න කියන්න. මංගල සල්ලි නැහැ කියලා අළුත් බදු පනතක් ගෙනල්ල මේ විදියට යුද්ධයක් නැති කාලෙක අති විශාල මුදලක් වෙන් කරපු එක හුඟක් සැකයි. ත්‍රිවිධ හමුදාවට වෙනමත් වෙන් කරලා මේ ඊට අමතරව. මේ එන්නේ හොඳකට නෙමෙයි. මංගල කියන්නේ රටට වෛර කරන මිනිහෙක්. දැන් නෙමෙයි හුඟක් ඉස්සරත් රටට විරුද්ධකම් කළා. ආගමක් දහමක් නැති මිනිහෙක්. 4. අනිත් එක මේ යන විදියට Google Loon එකට කැමති වෙන එක භයානකයි. ඒකට විරුද්ධ වෙන්න ඕනේ. ඒකෙන් පුළුවන් මුළු රටේම ඔත්තු බලන්න. ඕනෙනම් අපි දන්නෙම නැතුව මුළු රටම යටත් කරගන්නත් පුළුවන් ඒක වැරදි අතකට වැරදි රටකට ගියොත්. ඉස්සෙල්ලට වඩා හරිම සැලසුම් සහගත විදියට ඇමරිකන් ආක්‍රමණයකට රටම අහු වෙන්න යනවා. A soft invasion. A well planned conspiracy is going on inside and outside the country.

    අර නිකාය තුනේම හාමුදුරුවරු මාසෙකට දෙකකට කලින් ලොකු සාකච්චාවක් තිබ්බේ. ඒකට රටම හෙල්ලිලා ගියා. ඒ වගේ ඉස්සරහට එන්න කියන්න. මෙච්චර මේ රටේ හාමුදුරුවරු ඉන්නවා. ඔයා තනියම මේ කරන දේට ඒගොල්ලෝ උදව් කරන්න ඕනේ. මට ඔයා ගැන දුකත් හිතෙනවා විමල් වෙලාවකට. විමල් ඔයා දන්නවනෙ මම ඔයාට හුඟක් ආදරෙයි කියලා. නුගේගොඩ ඔයාගෙ පලවෙනි කතාවෙදිමයි මට හිතුනේ කවදා හරි රට වෙනුවෙන් ඉන්නේ ඔයා විතරයි කියලා. ඔයා දළදා හාමුදුරුවෝ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන කිව්ව එක තමයි මම හිතන්නේ මගේ හිතට වැදුනේ. මම එහෙම කතාවක් කවදාවත් අහලා නැහැ. ඒ වගේ ආපහු කතා කරන්න. ඔයා විතරයිනේ ඇත්තටම බුද්ධාගම ගැන අපේ සංස්කෘතිය ගැන අපේ උරුමයන් ගැන ඒවා රැක ගන්න කතා කරන්නේ. ඔයාට ඉස්සර දේශපාලනයක් තිබුනේ නැහැ. ආපහු එහෙම වෙන්න.

    මහා නායක හාමුදුරුවරුන්ට කියන්න හැම දේම Presidentම කරයි කියල ඉන්න බැහැ කියලා. ඉස්සර වගේ නෙමෙයි දැන් බලතල අඩුයි අනිත් එක තියෙන්නේ හවුල් ආණ්ඩුවක්. අනිත් එක අත පයත් ගැට ගහලා වගේනෙ තියෙන්නේ. එහෙම තිබිලත් President මේ තරමට හරි කරන එක ලොකු දෙයක්. වෙලාවකට මට පුදුමත් හිතෙනවා. හැබැයි හාමුදුරුවරුන්ට කියන්න මේවා නවත්තන්න පුළුවන් වෙන්නේ ඒවාට එරෙහිව මහා සංඝරත්නය සහ ජනතාව නැගී හිටියොත් කියලා. එයාට (President) එළියෙන් දෙන හයිය දෙන්න ඕනේ. ඔයා ආයෙ JO එකට කොටු වෙන්න එපා. එතකොට ඔයාව ඒ ගානට (a politician) ලේබල් වෙනවා. ඔයා 2015 වගේ නිදහස් විදියට වැඩ කරන්න. You are not a politician, you are a patriot. You are the entire vanguard of the patriotic movement. ඉස්සර වගේ සතියෙන් සතියට press briefings තියන්න. මිනිස්සුන්ට කතා කරන්න. කියලා දෙන්න. මම ඉස්සෙල්ලත් කිව්වා ඔයාට මේ කරනවාට වඩා ලොකු දෙයක් කරන්න පුළුවන්.

    විමල් මට නම් තේරෙන විදියට ඉස්සරහට එන්නේ LTTE එක තිබුණු කාලෙට වඩා දරුණු කාලයක්. අපි නොදැනුවත්වම සම්පූරනයෙන්ම අර ඉතිහාසයේ තියෙනවා වගේ පර සතුරු ආක්‍රමණයකට ලක් වෙනවා වගේ මට දැනෙනවා. අපිටයි කියල කිසි දෙයක් ඉතුර වෙන්නේ නැහැ. ආණ්ඩුව හැම දෙයක්ම කරන්නේ මොකක් හරි රටක් එක්ක එකතු වෙලා. මේ පොඩි දේවලට පවා.LTTE එකට සම්බන්ධ මිනිස්සු වෙන නම් වලින් වෙන සමාගම් ආයතන විදියට රටේ කොටස් ගන්නවා. Project වලට සම්බන්ධ වෙනවා. Not as Tamils even as white people. හරිනම් ඒ හැම පුද්ගලයෙක්ම ගැන සමාගමක්ම ගැන හොයන්න ඕනේ ඉස්සෙල්ල. එහෙම කරන්නේ නැහැ. රටට කිසි ආදරයක් නැති නිසා සහ මුදලට තියෙන කෑදරකම නිසා UNP කාරයෝ බලන්න නැහැ අනාගතයේ ඇතිවෙන ප්‍රතිවිපාක ගැන. නැති වුනු කිසි දෙයක් අපිට ආපහු ගන්න බැරි වෙනවා ඒ මොකොද කිව්වා නම් ආර්ථික අතින් බංකොලොත් වෙලා සහ නය බර නිසා අපිට සල්ලි නැති වෙනවා ඒවා ආපහු ගන්න. එතකොට වෙන්නේ චීනේ ජපානේ ඉන්දියාව ඇමරිකාව ඒ හිලව්වට ඒ අදාල project එක තමන්ට පවරලා දෙන්න කියන එක. There is a precedent already. අපිට වෙන කරන්න දෙයක් නැති වෙනවා. මේ යන්නේ එතැනට. රට ආපහු ගොඩ ගන්න විදේශිකයන්ගෙන් බේරා ගන්න කිසි කෙනෙකුට බැරි වෙනවා. ඊලඟට ඕනේ කරන්නේ “පරණ මහින්ද” වගේ කෙනෙක්. දැන් මහින්ද දුර්වලයි. ගෝඨාභයට ඒ අහලකටවත් එන්න බැහැ. ඒ තැනට හරියන කිසි කෙනෙකුත් තාම නම් මට පේන්නේ නැහැ. තව ඉස්සරහට එයිද මම දන්නේ නැහැ. අපේ ඉතිහාසයෙ හැටියට නම් එහෙම කෙනෙක් එනවා. එහෙම වෙන්න ඕනේ. දැනට එහෙම කවුරුවත් නැති නිසා කරන්න ඕනේ පුළුවන් තරම් රටට කරන මේ අපරාධ වලට විරුද්ධ වෙලා හානිය අඩු ක්රගන්න එක. 2020 වෙනකම් කියලා චන්දෙ එනකම් කියලා බලා ඉඳල බැහැ. දැනටම රට ඇතුලේ හුඟක් විදේශිකයෝ ඉන්නවා. අපේ ඔත්තු සේවාව ඇර අනිත් හැම ලොකු රටකම ඔත්තු කාරයෝ මේක ඇතුලේ වැඩ. චන්දයක් තිබ්බත් චන්ද ප්‍රතිඵල වෙනස් කරන්න පුළුවන්. ඉතිහාසයේ කවදාවත් තිබුණු නැති තරම් හරිම අමාරු දරුණු තැනකට රට යන්නේ. මිනිස්සු සංවිධානය වෙන්න ඕනේ. ඒක ඔයාට තමයි කරන්න පුළුවන්.

  11. Champa Reply

    Wow, I saw that only now. You have sent a letter to the President!!! Excellent move Wimal.

    Wimal, why don’t you think of starting a new website like “Ranahanda” for day-to-day news. LCN is good but it is not as independent as before. It is like rajapaksa.com now. 😀 (It’s Editor is a good person. I miss him.) Most of other websites pro-government. CT is ok for English readers. I don’t see any Sinhala website for independent masses.(Sometime ago I thought of starting a website “Raja Massi” but gave up as most people are allergic to the word “raja”. 😀 😀

    • Champa Reply

      excuse me. How did I get a hyperlink for rajapaksa..com? I didn’t even know.

  12. Champa Reply

    This letter is very good. You don’t have go after anybody. Go and talk to the President direct. Super move.

Leave a Reply

*