BREAKING NEWS

මේ ආණ්ඩුව සිදු කරන්නේ ‘යුද අපරාධ සිදුකොට ඇත’ යන මිථ්‍යාව සනාථ කරන උපකරණ ටික අපේ වියදමින් සකසා දීමයි. – ජානිපෙ නායක විමල් වීරවංශ

‘මේ රටේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ යන මිථ්‍යාව සනාථ කර දෙන උපකරණ ජනතාවගේ වියදමින් සකසා දීම මේ ආණ්ඩුවේ කාර්යභාරය වී ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද (7) ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.
එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“අපි අද සාකච්ඡාවට ගන්නා ‘බලහත්කකාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය පනත් කෙටුම්පත’ පිළිබඳ මගේ අදහස් දැක්වීමට පෙර මම කැමතියි මේ වන විට රටේ උද්ගතව ඇති තත්වය පිළිබඳව කරුණු කිහිප කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මේ වනවිට උද්ගතව ඇති අවාසනාවන්ත තත්ත්වය පාලනය කිරීමට ප්‍රමාණවත් පියවර ගැනීමට මෙතෙක් මේ ආණ්ඩුව පොහොසත් වී ඇතැයි මා සිතන්නේ නැහැ. ආණ්ඩුවේ සිටින ඇතැම් කල්ලි උත්සාහ ගනිමින් සිටිනවා මේ තත්ත්වය අනෙක් ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමට.

මුස්ලිම් ජනතාව පිළිබඳව පසුගිය කාලයේ සිංහල ජන සමාජය තුළ යම් තැතිගැන්මක් ඇති වී තිබුණා වෙන්න පුළුවන්. පසුගිය කාලයේ ඔවුන් අඳින පලඳින විදියද වෙනස් වෙනවා, අරාබි අනන්‍යතාව ගෙන එන්න හදනවා, අනෙකුත් ජන කොටස් කිපෙන සුළු ප්‍රකාශ සිදු කරනවා. ඒ නිසා සිංහල ජන සමාජය තුළ ආතතියක් හට ගැනීමට පුළුවන්. සිංහල දෙදරු පියකු මුස්ලිම් තරුණයන් දෙතුන් දෙනෙකු අතින් මිය යාම ඒ ආතතිය මුදා හැරීමට හේතු වෙන්න ඇති.

‘ජිනීවා කොන්ත්‍රාත්තුවේ කොටසක්’

මේ ආණ්ඩුව තමන් ආරක්ෂා කරන්නේ නැහැ කියන මතය සිංහල ජන සමාජය තුළ තිබෙනවා. එම මතයම මුස්ලිම් ජන සමාජය තුළත් ඇතිව තිබෙනවා. මේ ආණ්ඩුව මේ ජන සමාජයේ මතුව ඇති ප්‍රශ්න විසඳනවා වෙනුවට අද සිදු කරමින් සිටින්නේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියෙහි සඳහන්ව ඇති වගන්ති ක්‍රියාවට නැගීමයි. තමන්ගේ රටට විරුද්ධව වෙනත් රටක් විසින් යෝජනාවලියක් ගෙන ආවම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලට තුළ එම යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය දැක්වීමට එකඟ වූ ලොව එකම ආණ්ඩුව මේ ආණ්ඩුවයි.පනත් කටුම්පතක් ඒ ඉහත කී ජිනීවා කොන්ත්‍රාත්තුවට අනුව ගෙන එන ලද්දක්. අපි මේ සමස්ත සංදර්භය තේරුම්ගත යුතුයි.

‘ලොහාන් – දිලුම්’

දැන් බලන්න, මහනුවර මතුව ඇති ගිනි නිවනවා වෙනුවට මේ ආණ්ඩුව කරන දේශපාලන කුපාඩිකම. සී අයි ඩී ප්‍රධානී ෂානි අබේසේකර දැන් මහනුවරට එවා තිබෙනවා, ‘මෙම සිදුවීම් වලට වගකිව යුත්තේ ලොහොන් රත්වත්තේ සහ දිලුම් අමුණුගම’ යනුවෙන් වාර්තාවක් සැකසීමට. ඒකත් තමන්ගේ දේශපාලනවිරුද්ධවාදියකු පිට පටවා ඇඟ බේරා ගැනීමටයි මේ ආණ්ඩුව සූදානම් වන්නේ. මේ කලබලකාරී තත්වය නිසා මේ පනත් කෙටුම්පතෙහි විසකුරු බව රට හමුවේ සංවාදයට භාජනය වූයේ නැහැ.

‘සී අයි ඩිය බොරු සාක්ෂි හදනවා’

මෙය පනත් කෙටුම්පත් ඕපපාතිකව එන එකක් නොවෙයි. මංගල සමරවීර එවකට විදේශ අමාත්‍යවරයා ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී එකඟ වූ ඇමරිකා එක්සත් ජනපදය යෝජනාවලිය අනුව සැකසූ රණවිරුවන් යුද අපරාධ දංගෙඩියට දැක්වීමේ න්‍යාය පත්‍රයේ එක් පියවරක් වශයෙන් මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන්නේ. දැන් බලන්න රණවිරුවන් දඩයම් කරන විදිය. අද සීඅයිඩිය රණවිරුවන්ට විරුද්ධව බොරු සාක්ෂි හදනවා. නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ.පී. දසනායක රණවිරුවාට ඇප ලැබුණේ, ඔහුට විරුද්ධව සාක්ෂි දුන් හිටපු එල්ටීටීඊ සාමාජිකයා අධිකරණය හමුවේ සිදු කළ පාපෝච්රණයක් නිසයි. ‘මම සීඅයිඩියේ බලපෑමට ලබාදුන් සාක්‍ෂිය වැරදියි. ඇතතෙන්ම සිදු වුණේ මේකයි’ කියා ඒ පුද්ගලයා අධිකරණයටය හමුවේ පැවසූ නිසයි කොමදෝරු දසනායකට ඇප ලැබුණේ. ඒ වගේම අද සීඅයිඩිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව බොරු සාක්ෂි හදමින් සිටිනවා. අපි මේ පනත් කෙටුම්පතේ වගන්ති කියවා ගත් යුත්තේ මේ සමස්ත සන්දර්භය සමඟයි
දැන් බලන්න, රණවිරුවන්ට එරෙහිව බොරු සාක්ෂි හදන ෆැක්ටේරිය ‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය’ නමින් පිහිටුවා තිබෙනවා. ඒකට වියදම් කරන්නේ මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල්. නමුත් ඒකට කොමසාරිස්වරුන් පත් කළේ මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ලැයිස්තුවකට අනුව. ඒ ලැයිස්තුව ව්‍යවස්ථා සභාවේ සිටින සිංහල බෞද්ධ, බෙදුම්වාදයට විරුද්ධ පාඨලී රණවක මහතා ඇතුළු පිරිස තම නිර්දේශ ලෙස ජනාධිපතිවරයාට යවනව. ඒ අනුව නිමල්කා ප්‍රනාන්දු ඇතුළු කොටි හිතවාදීන් පිරිසක් මේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස පත් වෙනවා. අවම වශයෙන් මෙයට මධ්‍යස්ථ පිරිසක් හෝ කළයුතුව තිබෙනවා. ඒ අනුව පෙනෙනවා ජිනිවා න්‍යාය පත්‍රයට අනුව සියල්ල තිතට දිගේලි වන ආකාරය.

දැන් අපේ රණවිරුවන් ‘පුද්ගලයන් අතුරුදහන් කළා’ කියා බොරු සාක්ෂි හදන කාර්යාලය අපේ බදු මුදලින් ආරම්භ කර අවසන්. දැන් ඉතිරි ටික කරගන්න මේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත් කෙටුම්පත් සම්මත කරගන්න හදනවා. මේ ආණ්ඩුව ඔලූව උඩ තියාගෙන ඉන්න ඇමරිකා එක්සත් ජනපදයවත් මේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කර නැහැ. ඉන්දියාව ජාත්‍යන්තර ප්‍රඥප්තියට අත්සන් කර ඇතත් එය නීතියක් ලෙස තම රට තුළ බලාත්මක කර නැහැ.
මේ සිදුවන්නේ වෙන කිසිවක් නොවෙයි, ‘මේ රටේ ආරක්ෂක හමුදාවන් යුද අපරාධ සිදු කර ඇත’ කියන මිථ්‍යාව සනාථ කරන උපකරන ටික අපේ වියදමින් අපම සකස් කොට දිමී. මෙහෙම රූකඩ පාලනයක් නම් මෙතෙක් මේ රට තුළ බිහිව නැහැ. විදේශ අමාත්‍ය තිලක් මාරපන මහත්තයාට අපි ගරු කරනවා. ඔහු සැබෑ මහත්මයෙකු ලෙස ‘මේ පණ ගතියට බලපාන්නේ නැහැ. කිසිවෙකු මේ පනත නිසා විශේෂ අධිකරණයක් හමුවට පමුණුවන්න බැහැ’ කියා කීවාට අපට පිළිගන්න බැහැ. එම සංශෝධන විධිමත් ලෙස ඉදිරිපත් කළ යුතුයි. අද මේ රට තුළ ක්‍රියාත්මකවන්නේ සිංගප්පූරුවේදී 2013 වසරේදි දෙමළ ඩයස්පෝරාවට එකඟ වූ ‘රාජපක්‍ෂ රේජීමය ගෙදර යැවීමේ කොන්දේසි 10යි’
ඒ අනුව තමයි ‘ෆෙඩරල් ක්‍රමයට එහා ගිය ස්වයං පාලනයක් ලැබෙන ව්‍යවස්ථා කෙටුම්පත’ හැදෙන්නේ. මහ බැංකුව වැඩිම ලංසුව ඉදිරිපත් කළ හිරු මාධ්‍ය ජාලයට නොදී දෙමළ ඩයස්පෝරාවට හිතවත් සමාගමකට ඊඒපී මාධ්‍ය ජාලය විකුණන්නේ, මේ රණවිරුවන් දඩයමට අදාළ උපකරණ ටික හැදෙන්නේ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    I saw some news that a UN official was met with Basil. Basil? I want to laugh. Who they are trying to mislead. It was prearranged. Basil is hell bent on having some recognition. I am not very sure, may be Basil feels insecure because of Gotabhaya. Just a thought. Basil is and was an american agent who even betrayed our Army with Robert Blake as revealed by WikiLeanks. And before the elections, he went to Jaffna and said that Army had committed war crimes in individual basis. In any sane will question as to whether the Army waged their war against terrorists at individual basis. I standby what I said. Mahinda will be forced to retire. Basil is an American agent who was even aware about MS/Ranil plot to defeat MR in 2015 He deliberately didn’t handle MR’s election campaign in 2015. Even with power MR lost. Can anybody believe that. Incidentally Mahinda’s next election campaign is also handled by Basil. All well planned. Basil or Gotabhaya will never let MR become the PM again. They will use Mahinda’s popularity for their own gain. Then Mahinda will be forced to retire. Used and discarded. Anyways, it will not happen due to a different reason and a Rajapaksa will never become the President again. About MR, I don’t want to say anything right now. SAVE this comment to read again in 2020.
    .

  2. Champa Reply

    Personal to Wimal (Site GanKabaraya is not allowed to read this.)

    විමල් ඔයාට හරිම ලස්සණ කට හඬක් තියෙනව. අර සින්දුව “බිම්බරක් සෙනඟ ගැවසුණු” මම ගොඩක් සැරයක් ඇහුව ඉස්සෙල්ලත්. තාමත් අහනව. දවල්ට කනකොටත් අහනව. තේ බොන කොටත් අහනව. මම ඒ කටහඬට හරිම ආසයි කියලා ඉස්සෙල්ල ඉව්වේ නැත්තේ මම ඔයත් එක්ක තරහ හින්ද. මට අර ICPPED එකටත් හරිම කේන්තියි කලින් දැන ගන්න ලැබුනේ නැති එකට. JO එක මැරතන් මාධ්‍ය හමු තිබ්බ, හැබැයි ICPPEDE එක ගැන කිසි දෙයක් කලින් කිව්වේ නැහැ. පස්සෙවත් කිව්වේ නැහැ. මම ඔයත් එක්ක මාසයක් විතර තරහ වෙලා ඉන්නවා කියලා හිතුවට මට දවස් එකක්වත් ඉන්න බැහැ. මම කිව්වේ මෙතන මොකක් හරි අමුත්තක් තියෙනව. කොහොල්ල බබා වගේ මාව මෙතනට අලවල. නැතනම් මට තරහ වෙන ඒවා ගොඩක් ඔයා කරනවා. අර අතන මට පේනවා මගෙ පාට shirt එක දාල වටේටම කළු පාට දාල. හිතන්නෙපා මට ඕව පේන්නේ නැහැ කියලා. ඉන්නකෝ මං ඔය ඔක්කොම එකතු කරන් ඉන්නේ. තරහ වෙලා ඉඳල යාලුවෙනකොට මොකක්ද අමුත්තක් තියෙනව නේද? වෙලා තියෙනවද එහෙම ඔයාට? නිකම් මේ හරිම උනුසුම් ගතියක් එනව. නිකම් මේ warm feeling කොහොමද ඒක කියන්නේ…… බය ගුල්ල මෙතනට road block එකක් දාන්න. මගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීම සම්පූරනයෙන්ම නැති කරලා මෙතන.

    • Champa Reply

      ඇත්තටම ඔයා ඒ සින්දුව කියනව හරිම ලස්සනයි. මට දවල්ට රෑට උදේට කනකොට හැම තිස්සෙම අහන්න හිතෙනවා. විමල් ඔයාට මතකද ඔයා ලිව්ව පලවෙනි සින්දුව හිරගෙදරදී? ඔයාගේ දෙවෙනි සින්දුව වෙන කවුද කිව්වා. අනේ ඒ පලවෙනි සින්දුව ඔයා කියන්න හොඳද. අර රුක් දෙවියා art එක ඒකත් මට තියන්න හොඳද. මම ඒක ගන්නවා.

  3. Champa Reply

    ඔයාටත් හිනහ ගියාද අර විහිළුවට? නුවර හොටු පොහොට්ටුවේ පෝස්ටරයක් අලවල තිබ්බ කඩේ ඉතුරු කරල වටේ අනිත් කඩ ටික කුඩු කරලලු. පොව් අනේ නේද? ගහපු මිනිස්සු හිතන්න ඇති අනේ මොනව වුනත් අපිට චන්දෙ දීපු මිනිහෙක්නෙ කියලා නේද?

  4. Champa Reply

    See, I couldn’t write a poem for your birthday, this time. It is not my fault.
    You should blame the government for the ban on social media. I remember the first stanza of my birthday poem to you long time ago. Read…

    A beautiful bouquet of blue daffodils
    An ideal gift for a beautiful heart
    Are you wearing a light blue shirt
    You are the symbol of new beginnings

    (I wish I remember the rest..)
    OMG Wimal, I never remember how did I start writing poems. See if Mahinda didn’t lose in 2015, I would never have become a poet or a writer. If I didn’t listen to your speech in Nugegoda, I would still be hiding in my teeny weeny snail shell.

  5. Champa Reply

    මොකොද ඔයා හැංගිලා ඉන්නේ? අරුන් දෙන්න අහුවුනාටද? (excuse me) 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 😀 හොටු පොහොට්ටුවට කිසි වැඩක් හරියට කරගන්න බැහැ. මං ඔයොට කිව්වනෙ ඕක කලින්ම. බලන්න ඔයාටත් කොකා පෙන්නුවා නේද? පොව් අනේ ඔයා, මට මෙතැන් ඉඳන පේන හරිය ඔයාට ඕක ඇතුලේ ඉඳන් පේන්නේ න්නෑ….. විමල්. අර poem එකේ ඉතුරු ටික හම්බ වුනා. එලියට ආවොත් ඒක මෙතැන දානවා. මගේ පාට shirt එකක් ඇඳන් එලියට ආවොත් ඒකෙ අන්තිමට ලියල තිබුන කෑල්ලත් දානවා. පොඩ්ඩක් ලැජ්ජයි මට. ඒ වුනත් මම ඒකත් දානවා මෙතැන. ඔයා පේන්නැතිව ඉන්නකොට ලංකාවම පාළුයි විමල්. දුඹුරු පාට පොල් කටු දෙකක් වගේ පොල් ඇස් දෙකකුයි කපුටු පෙඳේකුයි තියෙන වෙන එළුවෝ න්නෑ…. විමල්.

    • Champa Reply

      මම දෙන්නා කියලා කිව්වේ අර අහු වෙච්ච මහසොහොන් දෙන්නට නෙමෙයි, අර වේලාසනම වැට පැනල ගිහින් මාධ්‍ය හමුවක් තිබ්බ කෙසෙල්කන් දෙක ගැන.

  6. Champa Reply

    Sri Lanka’s foreign policy is a no-name-dish. One adds Chinese Egg Dumpling, another adds Japanese Sushi, another adds Indian Butter Chicken and another adds American Hamburger.

  7. Champa Reply

    බර ඇද්දේ කවුරුවත් පෙරහරේ යන්නේ කවුරුවත්ලු.

  8. Champa Reply

    What do you think of our cricket? Bangladesh lost but they gave a good fight. Without even Hathurusinghe they came for finals. I think our issue is not the coach. Something else is going on. Look at what they did to Malinga. I love watching soccer, international soccer I mean.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.