BREAKING NEWS

මේ මව් පොළොවට රැහැනිව යන ගමන පරදවමු! දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව රාජ්‍ය උත්සවයක් සහිතව සැමරීමට හැකි ආකාරයේ පරිවර්තනයකට පෙළගැසෙමු!

මේ මව් පොළොවට රැහැනිව යන ගමන පරදවමු! දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව රාජ්‍ය උත්සවයක් සහිතව සැමරීමට හැකි ආකාරයේ පරිවර්තනයකට පෙළගැසෙමු!

– ජානිපෙ නායක විමල් වීරවංශ

2015 ජනවාරි 8 වැනිදා සිට අපේ මව් පොළොවට, අපේ ඓතිහාසික සභ්‍යත්වයට, අපේ සිතුම් පැතුම්වලට හා අපේ විරුවන්ට රැහැනිව යන ගමන පරදවා, දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව, රාජ්‍ය උත්සවයක් සහිතව සැමරීමට හැකි ආකාරයේ පරිවර්තනයකට මුළුමහත් ජාතියම පෙළගැසිය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා එසේ පැවසුවේ අද (18) පානදුර මාලමුල්ල රණවිරු ස්මාරකය අසල පැවති රණවිරු සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

මීට වසර නවයකට පෙර එනම් 2009 මැයි 19 වැනිදා මේ රටේ ජනතාව පක්ෂපාට, කුලමල භේදයකින් තොරව ජාතික කොඩිය අතට අරගෙන පාරට ඇවිත් කැවුම්, කිරිබත් කාලා මහා සතුටක් භූක්ති වින්ඳා. ඒ මහා සතුට අපට උරුම කරලා දුන්නේ මේ රටේ රණවිරුවෝ.

රනිල් වික්‍රමසිංහලා කොටි සංවිධානය සමඟ ගිවිසුම් ගහලා, විදේශ සාම නියෝජිතයෝ මේ රට ඇතුළට රිංගලා තිබිය දී තමයි 2005 ජනාධිපතිවරණය ආවේ. ඒ වන විට අපේ ඇස්පනාපිට වෙනම රාජ්‍යයකට අදාළ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයක් වේගයෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණා. කෙසේ වෙතත් එදා ඒ 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය නොකළා නම් අපට අද ‘විජයග්‍රහණයේ සැමරුම’ කියා සාකච්ඡාවක් කිරීමටවත් අවස්ථාවක් උදා වන්නේ නැහැ. වන්නියේ හිටපු වේලුපිල්ලේ පිරබාහරන්ට කතා කරන භාෂාව දැන සිටියේ ගිරුවාපත්තුවේ මැදමුලන උපන් මහින්ද රාජපක්ෂ මිස ප්‍රංශයේ සෝබෝන් සරසවියේ රස්තියාදු ගහපු අම්මණ්ඩිලා හෝ කුරුඳුවත්තේ කුල්ටූර් පැලැන්තියේ පොෂ් මහත්තුරුවත් නොවෙයි. සුළු ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තත් පිරබාහරන්ට එරෙහිව සටන් වැදීමේ අභියෝගය මහින්ද රාජපක්ෂයන් බාරගත්තා. ඒ අනුව තමයි යුද හමුදා ක්‍රියාන්විතවල හිටපු ගෝඨාභය රාජපක්ෂට ආරක්ෂක ලේකම් ධුරය ලැබුණේ. ඒ වගේම විශ්‍රාම යාමට මාසයක් තිබුණු සරත් ෆොන්සේකාට යුද හමුදාපති ධුරය ලැබුණා.

‘ෆොන්සේකාගෙන් ඉල්ලීමක්’

මට මෙතැනදී අතුරු කතාවක් මතක් වෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරය දරද්දී සහ මම ජවිපෙ ප්‍රචාරක ලේකම් ලෙස සිටියදී තමයි මෙම සිදුවීම වුණේ. දුරකථන ඇමතුමක් ලබා දීපු මාධ්‍යවේදියකු මට පැවසුවා ‘සරත් ෆොන්සේකා කියන හමුදා නිලධාරියා ඔබව හමුවීමට ඕනෑ කියා පවසනවා’ කියලා. මමත් ඒකට කැමැත්ත පළ කළා. මම වෑන් රථයකින් ගියාම එතුමා කැබ් රථයක් පදවාගෙන ඇවිත් මාවත් රැගෙන ඔහු එවකට පදිංචිව සිටි හමුදා නිල නිවාසය වෙතට පැමිණියා. මම අසුන් ගත්තාම ඔහුගේ නෝනා හැලප වැනි දෙයකින් සංග්‍රහ කළා මට මතකයි. ඒ දිනවල අපි චන්ද්‍රිකා ජනාධිපතිවරිය සමඟ 2004 බල පෙරළිය පිළිබඳව සාකච්ඡා පවත්වමින් සිටියේ. කෙසේ නමුත් අප අතර සිදුවන කතාබහ මැද්දේ සරත් ෆොන්සේකා මහතා මට කියා සිටියා, 2004 බල පෙරළියෙන් පසුව ඔහුට හමුදාපති ධුරය අරන් දෙන්න කියා. මම ඒ දෙය කරන්නම් කියා ඔහුගෙන් සමුගෙන ආවා. කෙලින්ම ඇහුවොත් ජනාධිපතිවරිය කලබල වන නිසා අපි ඒ පිළිබඳව වෙනත් අය ලවා වටින් පිටින් ඇගෙන් විමසීමක් කළා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රතිචාරය වුණේ ‘අපෝ එයා වගේ කෙනෙක් හමුදාපති කළොත් හමුදා කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගනීවි’ කියලයි. දේශපාලන ලෝකයේ හිටපු බොහෝ දෙනකුගේ ෆොන්සේකා පිළිබඳ ආකල්පය ඒකයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ වැඩිමහල් සහෝදරයාගෙන්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමේ ප්‍රබලත්වය නිසයි කවුරුත් යහපත් ප්‍රතිචාර නොදක්වපු සරත් ෆොන්සේකා විශ්‍රාම යාමට මාසයක් තිබියදී සේවා දිගුවක් සහිතව යුද හමුදාපති වූයේ. කවුරුත් හමුදාපති කරන්න අකමැති වුණු පුද්ගලයා හමුදාපති ධුරයට එදා පත් කළේ මිනීමරු ත්‍රස්තවාදයෙන් මේ මව් පොළොව නිදහස් කර ගැනීමට ඔහුගේ ද දායකත්වය ගත යුතු නිසයි. සියලු ආරක්‍ෂක ප්‍රධානීන් නිසි ලෙස කළමනාකරණය කරගෙන, මහා සැලසුමක් සහිතව, පෙරමුණු හතරපහකින් කොටි ත්‍රස්තවාදයට එකවර පහර දෙන්න ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්වරයා කටයුතු කළා. ඒ අතරේ අප මේ සටනට අවශ්‍ය මතවාදී මැදිහත් වීම සිදු කරන්න දායක වුණා. එදා සමහරු හැදුවා වැඩ වර්ජන කරලා සටන කෙරෙහි අවධානය වෙන පැත්තකට හරවන්න. මේ සටන ජයග්‍රහණය කිරීමට නම් මහජන පක්‍ෂපාතීත්වය වගේම රටේ සියලු දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කළ යුතුව තිබුණා. ඒ වෙනුවෙන් මතවාදීව කළ යුතු, කළ හැකි සියල්ල අපි විසින් එදා සිදු කළා.

‘අවමන් මැද්දේ ඉදිරියට’

ඔබට මතක ඇති එදා සමහරු 2009 වසරේ අය – වැය පරද්දලා අපේ හමුදාව කිලිනොච්චියෙන් එහාට යන එක නතර කරන්න හැදුවා. එදා ක්‍රමක්‍රමයෙන් අපේ විරෝදාර හමුදාවන් ඉදිරියට යන විට ‘තොප්පිගල කියන්නේ කැලෑවක්. හමුදාව කිලිනොච්චිය කියලා මැදවච්චියට යනවා, ඕනෙ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්’ ආදී වශයෙන් අවමන් කළා. එවැනි පිරිස් වචනයකින්වත් උදව් නොකර ඒ විරෝදාර මොහෙයුම්වලට අකුල් හෙළද්දී තමයි, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය ජයග්‍රහණ අත්කර ගැනීමට අධිෂ්ඨානයෙන් යුතුව පෙරට ගියේ. එවැනි ජාතියේ හතුරන් අතලොස්සක් හැර එදා මුළු රටම ස්වේච්ඡා බුද්ධි අංශයක් බවට පත් වුණා. බස් රථයේ මගියා, ත්‍රිරෝද රථ රියදුරු කොටි ත්‍රස්තයන් ගැන එදා විමසිල්ලෙන් හිටියා. රණවිරුවා මුල්කොට ගත් පූජා මූලික මෙහෙයුමක් මගින් තමයි එදා ඒ කොටි ත්‍රස්තවාදය පැරදවීමේ මහා විජයග්‍රහණයට පාර කපා ගත්තේ. මීට කලිනුත් සටන් තිබුණානේ. නමුත් මෙහිදී මහා සංඝරත්නයේ ආශිර්වාදය, රාජ්‍ය නායකත්වයේ අනුග්‍රහය හා මුළුමහත් ජාතියේම දායකත්වය යන සියල්ල නිසයි මේ මහා විජයග්‍රහණය සිදු වූයේ.

‘අද රට බේරාගත් නායකයාට හොරා කියනවා’

එදා ලක්‍ෂ ගණනින් හමුදාවට එක්වූයේ මුළුමහත් ජාතියම මේ කොටි පැරදවීමේ සටනට ඒකාත්මික වූ නිසයි. එදා රාජ්‍ය නායකයා තම දරුවා නාවික හමුදාවට බැන්දෙව්වා. අද ඒකටත් අවමන් කරනවා. රට බේරාගත් නායකයා අද හොරෙක් වෙලා. මිනීමරු ත්‍රස්තවාදියකු වූ පිරබාහරන් මහත්තයෙක් වෙලා. උතුරු පළාත් සභාව පළාත් කොඩිය නිල වශයෙන් අඩකුඹු කරලා, ජනසංහාරක සතියක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. රජයේ මුදලින් දැන් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් සමරන්න ස්මාරකයක් ඉදි වෙනවා. යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් ගිනිසිළුවක් සහිත වාහනයක් ඉදිරියේ තබාගෙන අද වෙල්ලමුල්ලිවයික්කාල් දෙසට යමින් සිටිනවා.

‘රාජිතගේ දරුවන්ගේ හපන්කම්’

මේ පිළිබඳව මාධ්‍යවේදීන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගෙන් ප්‍රශ්න කළාම එයා කියනවා, ‘ඒකට කමක් නැහැ ඒ සමරන්නේ අපේ දරුවොනේ’ කියලා. දළදා හාමුදුරුවන්ට, අපේ රටේ මුදුන් මල්කඩට බෝම්බ ලොරියකින් පහර දුන්නේ, මහා සංඝරත්නය කපා කොටා මරා දැමුවේ, සජිත්ගේ සහ නවීන්ගේ තාත්තලා මරා දැමුවේ, දුම්රිය බෝම්බ, බස් බෝම්බ මරාගෙන මැරෙන බෝම්බ මගින් සිවිල් ජනතාව මරා දැමුවේ, තර්ජිත ගම්මානවල අහිංසක ජනතාව කපා කොටා මරා දැමුවේ, මේ රට ලේ විලක් කළේ ඔය කැබිනට් ප්‍රකාශකයා කියන එයාගේ දරුවෝ විසින්. ඒ තමයි එයාගේ දරුවන්ගේ හපන්කම්. ඒ දරුවන්ගෙයි රාජිත සේනාරත්නගෙයි ජානමය ලක්‍ෂණ සමාන ඇති. එයාලා රාජිතගේ අතිජාත පුත්‍රරත්නයන් තමයි. ඒ විදියට ‘රාජිතගේ පුත්තු’ සැමරෙනකොට අපට මීට වසර 09කට පෙර ‘රාජිතගේ පුත්තු’ පරදවලා ලබා ගත්තු විජයග්‍රහණය සමරන්න තහනම් වෙලා තිබෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන්, ඇමෙරිකා එක්සත් ජනපදය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියෙන් අපට කියනවා ‘විජයග්‍රහණයේ සැමරුම නතර කරන්න’ කියා. නමුත් අද උතුරු පළාත් සභාවට ‘ජන සංහාරක සතිය සහ දිනය’ බාධාවකින් තොරව සමරන්න ඉඩකඩ නිර්මාණය කර දී තිබෙනවා.

‘රණවිරුවන් මේ පොළොව බේරා ගත්තාම උතුරට ලැබුණු දේ’

රණවිරුවන් ජීවිත පුදලා මේ පොළොව බේරගත්තාම තමයි උතුරේ ගොවියාට කුඹුරට යන්න, අනෙකුත් වගාවන් කරන්න ඉඩ ලැබුණේ. ඒ වගේම දරුවන්ට ඉහළ කුසලතා සහිතව විභාග සමත්වීමට ලැබුණේ. මේ නිසා අද උතුරේ මධ්‍යස්ථ සාමාන්‍ය දෙමළ ජනයාට අවශ්‍ය නැහැ, දෙමළ බෙදුම්වාදයට ගිනි පිඹින්න. නමුත් මේ රූකඩ ආණ්ඩුව බෙදුම්වාදී කල්ලි පිනවලා ඒ මධ්‍යස්ථ දෙමළ ජනතාවත් අරගෙන යන්නේ අන්තවාදයේ ගොහොරුවට. එහෙම අන්තවාදයේ ගොහොරුවට ඔවුන් ඇදගෙන යන්න දීලා අපට ‘සහජීවන බණ’ කියනවා. සහජීවනය තමයි මේ රණවිරුවන් නිර්මාණය කළේ. සහජීවනයට තිබූ තීරණාත්මක ත්‍රස්ත බාධකය තමයි ඔවුන් විසින් ඉවත් කරනු ලැබුවේ. ඒ ත්‍රස්ත බාධකය ඉවත් කළාම ආපසු යාල්දේවි දුම්රිය උතුරට යන්න පටන් ගත්තා. දෙමළ – සිංහල මිනිස්සු ආයෙත් එකතු වෙන්න, ආදරය කරන්න පටන් ගත්තා. පුනරුත්ථාපනය වූ කොටි ත්‍රස්තවාදීන් නළුවන්, ගායකයන් බවට පත්වුණා. ඔවුන් සිංහල සමාජය විසින් ආදරයෙන් වැලඳගත්තා. ඒක තමයි සැබෑ සහජීවනය නිර්මාණය වන විදිහ. බොත්තමක් ඔබපුවාම සහජීවනය පැටව් ගහන්නේ නැහැ. දැන් සිදු වෙමින් පවතින්නේ මානුෂීය මෙහෙයුමින් පසුව ගොඩනැගෙමින් තිබූ සහජීවනය මරා දැමීම.

‘ධර්මය රකින රට, රැකීම’

උතුරු පළාත් සභාව ජන සංහාරක සතියක් නම් කරලා, පිරබාහරන්, තමිල් චෙල්වම් හා පොට්ටු අම්මාන්ගේ නමින් පාරවල් හදලා, මේ තුන්දෙනා ගැන ලියැවුණු වීර කාව්‍යයන් දෙමළ තරුණයන්ට කියවන්න දීලා යළිත් ඔවුන් ඒ පාපී අරමුණ කරා අරගෙන යනවා. යුද්දෙන් බෙදන්න බැරි වුණු මේ මව් පොළොව වෙනත් ආකාරයකින් බෙදන්නයි මේ අය සූදානම් වෙන්නේ. මේ රට කිසිදාක යුද්ධයෙන් බෙදන්න බැහැ. ඉතිහාසය පුරා අවසන් මෙහොතේදී හෝ රට බේරා ගැනීමට අපේ රණවිරුවන්ට හැකි වුණා. එදා එළාරගේ විජිතපුර ඇතුළු මහා බලකොටු බිඳිමින් දුටුගැමුණු රජතුමා අවසන් ජයග්‍රහණය තෙක් සටන් වැඳුණේ මේ ‘ධර්මය රකින රට’ රැක ගන්න. මේ රටේ වැදගත්කම ඒකයි. මේ රට උතුම් ධර්මයක් රකින රටක්. ඒ ධර්මය අපට නිතැතින්ම සහජීවනය උගන්වනු ලැබුවා. ඒ ධර්මය විශ්වයේ ජීවී අජීවී සියලු දේට ආදරය කරන්න, ගරු කරන්න උගන්වපු ධර්මයක්.

‘විජිතපුර ඩෝසර් කරන්න කලින් දා ඇමති අනුරාධපුරයට ඇවිත්’

අපි කලින් සඳහන් කළ ඒ විජිතපුර බලකොටුව බිඳ දමා දුටුගැමුණු රජතුමා අවසන් සටන සිදු කළ ස්ථානය පසුගිය දිනවල නිවාස ව්‍යාපෘතියක් සඳහා ඩෝසර් කර තිබුණා. ඒ වගේම ත්‍රිකුණාමල සාම්පූර් ප්‍රදේශයේ පිහිටි අනුරාධපුර යුගයට අයත් චෛත්‍යයක නටඹුන් ද ඩෝසර් කර දමා තිබුණා. අද මේ රටේ පුරාවිද්‍යා අණපනත් මරා දමා තිබෙනවා. විජිතපුර බලකොටුව තිබූ ස්ථානයේ අද නිවාස ව්‍යාපෘති සෑදීමේ මුවාවෙන් නිදන් හාරනවා. ඔන්න අද විජයග්‍රහණයක් අත්කර ගත් රටකට ගිය කල. නිවාස ව්‍යාපෘතියට විජිතපුර බලකොටුව පිහිටි ප්‍රදේශය ඩෝසර් කරනකොට ඊට කලින්දා රාත්‍රියේ අදාළ ඇමතිවරයා අනුරාධපුරේ හෝටලයක හිටියලු. අපි ළඟ ඒ සියලු තොරතුරු තිබෙනවා. මහා විජයග්‍රහණය කින් පසුව පාලනතන්ත්‍රයේ සිදු වූ වෙනසින් විජයග්‍රහණයේ සැමරුම නතර වී මෙවැනි පාපතර ක්‍රියා වන්ට ඉඩ ලැබී තිබෙනවා.

‘අද රණවිරුවන් හිරේ දමලා’

රණවිරු ගීත, රණවිරුවා කියන වචනය පවා අද මාධ්‍ය ඔස්සේ අහන්න ලැබෙන්නේ නැහැ. රණවිරුවාට තිබූ අභිමානය අද මරා දමලා. මේ අපි කතා කරන මොහොතෙත් රණවිරුවන් පිරිසක් හිරගෙවල්වල දුක් විඳිනවා. බුද්ධි අංශ රණවිරුවන් ඇතුළු ඒ හිරේ දමපු පිරිස්ට අද අවමන් කරනවා, ‘කප්පම් කාරයෝ, මංකොල්ල කාරයෝ’ කියලා. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා සහභාගි වූ උත්සවයකට පැමිණෙමින් සිටි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුට දැල එළලා බුද්ධි අංශ ඔහුව අතරමගට ගෙන ආ නිසයි සිරිසේන මහත්තයාගේ ජීවිතය බේරුණේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට නම් කොටින්ට පක්ෂපාතිත්වයක් ඇති වන එක සාධාරණයි. එතුමාට එජාපයේ යාවත්කාලීන නායකයා වෙන්න ඉඩ හදලා දුන්නේ කොටි සංවිධානයයි. ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි එතුමාට වඩා නායකත්වයට සුදුසු අය මරා දැමුවේ කොටි සංවිධානය. දිගටම නායකත්වයේ සිටින්න සූදානම් වූ රණසිංහ ප්‍රේමදාස ඝාතනය කළේ කොටි සංවිධානය. ඒ නිසා එතුමාට කොටින්ට ගෙවන්න ණයක් ඇති. නමුත් සිරිසේන ජනාධිපතිවරයා දැන ගන්න ඕනේ මගේ පණ බේරා දුන්නේ රණවිරුවන් විසින් කියලා. තමන්ව මරන්න ආපු කොටියාට ජනාධිපති සමාව දුන්නට හරි යන්නේ නැහැ. බොරු චෝදනාවලට හිරේ ඉන්න රණවිරුවන්ට ජනාධිපති සමාව දුන්නේ නැතිනම් ඔය ජනාධිපතිකමින් වැඩක් නෑ.

‘ජවිපෙ පැවැති විවාදය’

මේ සියල්ලෙන් පෙනී යන්නේ මේ රටේ ගුණමකුභාවය. මෙතැන ඉන්නා මේ සියලු රණවිරුවන් මේ මහ පොළවට ණය ඇති මිනිස්සු නොවෙයි. තවත් ලිබියාවක්, ඉරාකයක් බවට පත්වීමට ගිය රටක් තමයි මේ රණවිරුවන් ගලවා ගත්තේ. ඉතිහාසය පුරා මේ රට විදේශ ආක්‍රමණවලින් ගලවා ගත්තු සියලු රණවිරුවන් අපේ හදවත් තුළ සදාකාලිකව ජීවත් විය යුතුයි. ඒ හැඟීම බලවත් ලෙස නිර්මාණය නොවනතාක් කල් මේ පොළොවට නැගිටින්න බැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන නම කියනකොට අද සමහරුන්ගේ…. (තිත් පේලියක්). හිතට ආපු දේ කියන එක හොඳ නැති හින්දා කියන්නේ නැහැ. ගෝඨාභය රාජපක්‍ෂ කියන්නේ තමන්ට පවරපු වගකීම දිවා රෑ නැතිව වෙහෙස වෙලා ඉටු කරපු රාජ්‍ය නිලධාරියෙක්. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා 2005 දී බලයට ආවාට පස්සේ ජවිපෙ දේශපාලන මණ්ඩලය තුළ ලොකු විවාදයක් ඇති වුණා,‘මහින්ද යුද්ධය කරයිද? නැද්ද?’ කියලා. එතකොට වැඩිදෙනෙකුගේ මතය වුණේ ‘මෙයා යුද්ධය කරන්නේ නැහැ’ කියලා. මම එදා කිව්වා ‘තමන්ගේ සහෝදරයා ආරක්‍ෂක ලේකම් කරලා, කවුරුවත් හමුදාපති කරන්න අකමැති වුණු ෆොන්සේකා හමුදාපති කළේ යුද්ධය කරන්න නොවෙයි නම් අහවල් කෙංගෙඩියට ද?’ කියලා. එදා අපි පැහැදිලිව කීවා, ‘නැහැ මේ තීරණ ගන්නේ යුද්ධය කරන්න’ කියලා. අද ඒ විජයග්‍රහණයට මුල් වූ මහින්ද රාජපක්‍ෂ ගෙදර යවලා වෙනත් ජෝඩුවක් ගෙනවිත් මේ රටම හූල්ලනවා.

‘රාජිත කාගේ පුතෙක් ද?’

මේ රටට, රණවිරුවන්ට නැවත අභිමානය ගෙන එන්න ඕනෙ. විජයග්‍රහණයේ දිනය යළි සමරන්න ඕනෙ. එදාට සෑම නිවෙසකම ජාතික කොඩිය ලෙල දෙන්න ඕනේ. එදාට ත්‍රිවිධ හමුදාවන් පෙළහර පාමින් අභිමානවත් රාජ්‍ය උත්සවයක් පවත්වන්න ඕනෙ. එදා ලැබූ විජයග්‍රහණය දෙමළ ජනතාවට එරෙහි එකක් නොවෙයි. එය සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ මේ රට බෙදන්න හදන අන්තවාදයට එරෙහි විජයග්‍රහණයක්. ඒ නිසා අපි මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට ඒ විජයග්‍රහණයේ දිනය සමරන්න ඉඩකඩ හදලා දිය යුතුයි. එය රණවිරුවන්ට කළ හැකි දෙයක් නොවෙයි. ඒ ඉඩකඩ හදලා දීමට පුළුවන් මේ රටේ දේශපාලන තන්ත්‍රයටයි. නමුත් අද මේ රටේ දේශපාලන බලය හොබවන පිරිස් කටයුතු කරන්නේ ඊට සම්පූර්ණයෙන්ම පටහැනි ලෙසයි. අද දත් දොස්තර රාජිත සේනාරත්න හැසිරෙන හැටි බලන්න. එයා කියන්නේ ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව සිවිල් වැසියන් මැරුවා’ කියලානේ. එදා ‘සුදු කොඩි රැගෙන ආ කොටි නායකයන්ට වෙඩි තැබුවා’ කියා ෆොන්සේකා මහත්තයා කීවාම ඒක ජාත්‍යන්තරව හොඳ සාක්‍ෂියක් වුණා. අද රාජිත සේනාරත්නගේ මේ ‘උතුරේ සාමාන්‍ය ජනයා මරා දැම්මා’ කියන එකත් ඔවුන්ට හොඳ සාක්ෂියක් වේවි. ‘කොටි’ දැන් රාජිතට ‘පුතාලා’ වෙලා. මම දැන් හිතන්නේ මෙයා ‘කාගේ පුතෙක් ද?’ කියලයි.

මේ රට මේ පාලනතන්ත්‍රය විසින් ඇදගෙන යමින් තිබෙන්නේ එහි ඉතිහාසයට, ජනතාවගේ සිතුම් පැතුම්වලට, පටහැනි ගමනක්. ඒ වගේම මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයට, වීරවරයන්ට රැහැනිව යන ගමනක්. මේ ගමන පරදවා දසවන විජයග්‍රහණයේ සැමරුම අභිමානවත්ව, රාජ්‍ය උත්සවයක් ද සහිතව පැවැත්වීමට හැකි පරිවර්තනයකට අපි සූදානම් විය යුතුයි. ඒ සඳහා පෙළගැසෙමු! ඒ සඳහා ඔබට සැමට ධෛර්යෟ ශක්තිය! මාතෘභූමියට ජයවේවා!..

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/05/18

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    රණවිරුවෝ වෙනුවෙන් විමල් කරපු කතාව හුඟක් අගය කරනවා. කලින් කිරා වැටී වැටී හිටපු රට එක පාරටම ඇහැරුනා වගේ වුන රාජිතගේ කතාවෙන්. මිනිස්සු ඉවසන්නේ නැහැ රණවිරුවන්ට කරන කිසිම අපහාසයක්.

    රණවිරුවෝ වෙනුවෙන් යුධ ජයග්‍රහණය සමරනවා වගේම අපිට තව ගොඩක් දීර්ඝ කාලීන දේවල් තියෙනවා කරන්න. තව මම දැකපු ලිපියක් තියෙනවා 2017. ඒකෙ තිබුණු සංවේදනීය කාරණාවක් මගේ හිතට වද දෙනවා. ඒ වෙනුවෙන් මට දෙයක් තියෙනවා කරන්න. තව ආබාධිත රණවිරුවෝ වෙනුවෙන් කරන්න විශේෂ දේවල් තියෙනවා. මම දැන් ඉස්සර වගේ මගේ අදහස් දෙන්නේ නැහැ., ගිලෙන්න යන ආණ්ඩුව පිදුරු ගහේ එල්ලන්න මට උවමනාවක් නැහැ. මම මේවා ලියනවා පොතක. වෙලාවට ඔයා එක්ක කතා කරන්නම්. ඔයාට පුළුවන් ඒවා MRට කියන්න. හැබැයි ඕගොල්ලෝ ජනාධිපතිවරණෙට දාන කෙනා මත තමයි ඒක රැඳිලා තියෙන්නේ. මිනිස්සුන්ට ඕනේ අළුත් දෙයක්. පාට පක්ෂ භේදයක් නැතුව රටම කියන්නේ අවුරුදු 70ක් කරපු දේ වලින් වැඩක් නැහැ කියලා. පුද්ගලයාට වඩා ඉදිරපත් කරන ප්‍රතිපත්ති වලට තැනක් දෙන වටපිටාවක් හැදෙන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ, ඕගොල්ලෝ මොනව හිතුවත්.

    මගේ අදහස් දෙන්නේ නැහැ කිව්වට රිලව් ගැන President කියපු එකකට මට බය හිතුන. ඒ හින්ද මම හරිම චුට්ටි අදහසක් දුන්න රිලව් එලවන්න ඉන්දියාවේ කරන. හැබැයි මට වෙනත් අදහස් තියෙනව. කොහෙද මෙතැන road block එකක් තිබ්බ නම් මම ඔයාට ලියනවා. අනේ මට හරි බයයි විමල්, මේ යක්කු වඳුරෝ රිලව් ටික මරයිද දන්නේ නේද අපි එන්න ඉස්සෙල්ල?

    මූණයි කන් දෙකයි විතරක් අසාමාන්‍ය විදියට කළු, වල්ගේ හරිම දිග, අළුපාට හනුමාන් වඳුරට අනිත් පොඩියන් වඳුරෝ බයයිලු. ඉතින් ඉන්දියාවේ සමහර ගොවියෝ මේ පුහුණු කරපු හනුමාන් වඳුරන්ව guard වැඩේට දානවලු. අනිත් වඳුරෝ පළාතේ එන්නේ නැහැලු මේ වඳුරා ඉන්න කොට. එක වඳුරලු ඕනේ. අර හරියට guard dogs වගේ guard monkeys ව පාවිච්චි කරනවාලු. මේක හරිම සාර්ථකයි කියලා කියනව. හැබැයි අපිට මේක තාවකාලිකයි. ඒ මොකොද කිව්වා නම් අතුරැ ප්‍රශ්නයක් පහු කාලෙකදී ඇති වෙන්න පුළුවන් නිසා. නමුත් රිලා ප්‍රශ්නෙට මගේ විසඳුම නම් මේක නෙමෙයි. අපි එන්න ඉස්සෙල්ල අනේ අහිංසක රිලව් ටික මරන්නේ නැතුව හිටියොත් මට ඒ ඇති. අනේ විමල් ඔන්න මේ මට ඉස්සෙල්ල ඔයා දැන ගත්තොත් ආණ්ඩුව රිලව් සංහාරෙකට ලැහැස්ති වෙනවා කියල, ඔන්න ඔයා මං වෙනුවෙන් රිලවා වෙනුවෙන් කතා කරන්න ඕනේ හොඳද.

    ඔයා ආසද වඳුරන්ටයි රිලවුන්ටයි? මම නම් හරි ආසයි ඒගොල්ලන්ගේ action බලන් ඉන්න. හරිම interesting. කොහෙද ඉතින් සීගිරියවත් නැගපු නැති විප්ලවවාදියාට රිලව් දිහා බලන්න වෙලාවක් තියෙන්නේ.

    • Champa Reply

      දැනුයි දැක්කේ. මම තැනක දෙකක ලියලා තියෙනව “අපි එන්න ඉස්සෙල්ල” කියලා මම අදහස් කලේ ඇත්තටම ඕගොල්ලෝ එන්න ඉස්සෙල්ල කියන එක.

      අනිත් එක අර මං වෙනුවෙන් රිලවා වෙනුවෙන් කියන තැන. එතන කොමාවක් වැටෙන්න ඕනේ හොඳද. හිනා වුනාද දන්නේ නැහැ ඔයා මට.

  2. Champa Reply

    අන්න රනිල් කියනව තඹයක් නැති රටක්ලු බාර ගත්තේ. අනේ අම්මෝ රටේ අගමැතිට මෙහෙම බොරු කියන්න පුලුවන්ද නේද?

  3. Champa Reply

    ඔයාගේ godfather ට කියන්න ගෝඨාභය වගේ ඇමරිකන් ගැත්තෙකුට රට බාර දෙන්න එපා කියලා. ඇමරිකන් කාරයෝ හැම තැනම රටේ හැම අස්සක් මුල්ලක නාරම දන්නවා හැම තැනකමට හැම කොනකම හැම ව්‍යාපෘතියකම වගේ කොතැනක හරි ඉන්නවා දැනටම. ඉස්සරහට ඊළඟ චන්දෙ වෙනකොට තත්වේ හුගක් බරපතල වෙලා තියෙයි. මම කියන හින්ද පිළිගන්න එපා. ටිකක් අහ කණ ඇරලා බලන්න. සමහර මම දැකපු නැති දේවලුත් දකින්න පුළුවන්. ඔයා මහ ලොකු අධිරාජ්‍ය විරෝධිය. ඔයාට පෙන්නේ නැත්ද? මහින්දව එලවන්න ඔක්කොම කරපු රනිල්වත් train කරපු ඇමරිකන්කාරයට මේ රට නිකම්ම බාර දෙන්නද ඕගොල්ලෝ හදන්නේ ගෝඨාභයව ජනාධිපති කරලා?

  4. Champa Reply

    යහපාලන කසකරුවෝ කියලා ජාතියක් හිටිය නේද? අන්න දැන් එවුන් ඔක්කොම ගෝඨාභය ඉල්ලනවා. පහුගිය කාලේ මහින්දට ඒකාධිපතිය කියපු මිනිස්සු, මහින්ද භීතිය කියල කියපු මිනිස්සු ඔක්කොටම දැන් ගෝඨාභය හොඳ වෙලා. මතකද අර යහපාලන පාන් පාරුවෝ බස් ගැමුණුල, තව ඒ වගේ රිලව්, රනිල්ටයි මෛත්‍රීටයි යුග ගී ගැයුවේ අන්න එවුන් ඔක්කොටම දැන් ගෝඨාභය ඕනේ වෙලා. තාම නමවත් confirm නැහැ. හැබැයි දැනටම ගෝඨාභය වටේ ඉන්නේ යහපාලනය ගෙනාපු එවුන්මයි. එයා ජනාධිපති වුනොත් අනිවාර්යයෙන්ම එයා වටා හැදෙන්නේ වෙන පිරිසක්. මෙච්චර කල් මිනිස්සු හැමදේම ඉවසා ගෙන යහපාලන ආණ්ඩුව එලවන්න බලා ඉන්නේ ඒක ගෙනාපු එවුන් ගෝඨාභයගේ පෙරහරෙත් ඉස්සරහම කස ගගහ යනවා බලන්න නෙමෙයි.

  5. Champa Reply

    අර අනාථ පිල ඇත්තටම මොකක්ද විමල්? ගිය පළාත්සභා චන්දෙ කාලේ SLFP එක ඔයාගෙ පක්ෂෙන් 4ක් ගත්ත එකට ඔයා SLFP එකෙන් ඒ වගේ හතර ගුණයක් ඒ කියන්නේ 4 ට 16ක් අරන් පෙන්නුවද? මොකක්ද අනේ. මටත් තේරෙන විදියට වැඩ කරන්නකො. බලන්න මට වෙලාවකට නින්ද යන්නෙත් නැහැ මේවා analyse කරලම. ඔයා වෙලාවකට ටිකක් භයානක මිනිහෙක් නේද? ඔයා පලි ගන්නවා මම හිතන්නේ නේද?

  6. Champa Reply

    I don’t like those wedding photos. I don’t like the look on MR’s face. He looks gloomy. For God’s sake, don’t support Gotabhaya. Of all the people Wimal, can’t you see what will happen? What I said for some time will come true. They will get together and remove MR from politics. That is all about this. How could you possibly do this to MR?

    • Champa Reply

      Have you noticed? Sometime I write crap.

  7. Champa Reply

    I don’t know for sure, but even if MR doesn’t nominate Gotabhaya as the Presidential candidate from JO side, he might go ahead and contest from a newly formed party or as an independent candidate. Like an “unofficial” common candidate for MR’s opponents’ side. I am not happy with MR but I cant’t let this happen to him. This is not fair.

    Ok, you can go ahead with Gotabhaya and support him. I don’t care. I need not to do anything now. It is too early. But I will stand by Mahinda and make both Gotabhaya and you historic losers.

  8. Champa Reply

    No, actually I am my own master. I do things my way.

  9. Champa Reply

    බලන්න අර දැක්කද ඔයා tax පප්පා කිව්වනෙ VAT අඩු කරනවා කියලා 2.5%ට 2020 දී. අයියෝ, කොහොමද කියන්න කියලා එයා දන්නේ නැහැ. ලෝකේ තියෙන ඔක්කොම tax එකට එකතු කරල එක පාර දාපු මිනිහ VAT අඩු කරයිද? පිස්සෙක්. ආණ්ඩුව තනිකරම දුවන්නේ VAT උඩ. නැත්නම් කොට උඩ.

  10. Champa Reply

    Have you noticed? Sometime I write crap.

  11. Champa Reply

    ඔව් මම මිලියන් 1ක් ගත්ත දුන්නේ කවුද මතක නැහැ කිව්වම, ඒක එතනින් ඉවරද?

    දැන් අනාගතේ මෙහෙම තමයි හැමෝම කියන්නේ. සල්ලි ගන්නවා අහු වුනාම කියනවා චන්ද වැඩ වලට ලැබුණු ඒවා කියලා.

    දැන් දයාසිරි අනාථ පිලේ නැතුව සිරිසේන ළඟ හිටිය නම් මේ සල්ලි ගැන JO එක මොකක් කියයිද?

  12. Champa Reply

    බයගුල්ලෝ. ඕගොල්ලෝ බයයි ගෝඨාභයට නේද? මොන සෙල්ලම් දැම්මත් වැඩක් නැහැ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. දෙයියෝ එනකම් යක්කු පිනුම් ගගහ ඉන්නවලු. එහෙම කතාවක් තියෙනවා නේද?

  13. Champa Reply

    Oh, c’mon Wimal, there should be limit of ….. ….., isn’t it?

    • Champa Reply

      ඔයාට නිකම් චුට්ටිම චුට්ටි චකිතයක් වගේ එකක් දැනෙනවද නිකම් මේ ආපහු හිර ගෙදර පැත්තේ යන්න වෙයි කියල වගේ නිකම්? (තරහද ඒක මතක් කරාට?) මේ පාර දැම්මොත් නම් ඉතින් හුම්මානෙට ගියා වගේ කියල නිකම් විහිළුවට වගේ හිතෙනවද? අර ඔයාම කිව්වේ යාමක් මිස ඊමක් නැත කියල මතකද? නිකම් ඒ වගේ හිතෙනවද? ඔයාට නිකම් teeny weeny බයක් වගේ එකක් දැනෙනවද?

      • Champa Reply

        Oh…. මම මේක හැව්වේ ඒකද එකපාරට ගිරවෙක් වුනේ කියල දැන ගන්න.

  14. Champa Reply

    දැන් ඔගොල්ලන් යාළුලු නේද? බැසිල් ගැන මම කිව්වේ. මට එකක් දැක්කම හිනා ගිය. 😀 😀 😀 😀 LG එකට NFF එකේ 400ක් දෙන්න බැහැ කිව්වා මිනිහ. ඕකට කතාවක් තියෙනවා. මොකක්ද අර කියන්නේ මේ කෝ මට ඒකෙ සිංහල එක එන්නේ නෑනේ හරියට.

    • Champa Reply

      Oh excuse me, මම ඉතුරු ටික කියැව්වේ දැන්. දන්නවනේ මම සමහර වෙලාවට ඔක්කොම කියන්වන්නේ නැහැ. ඇත්තටම අර කියලා තියෙන අප්‍රභංසය මොකක්ද? 😀 😀

  15. Champa Reply

    වයින් කරලා අතෑරියා වගේනෙ. මොකක්ද මේක ගෝඨාභය ගෝඨාභය ගෝඨාභය. කවදාවත් නැතුව ඔයා ගිරවට ඇඳලා ඉන්නේ ඇයි විමල්? ගිරවට නමක් කියන්නකො. එතකොට ගිරවත් ඔයි වගේ තොර තෝංචියක් නැතුව ඒ නමම තමයි කියවන්නේ. උදේ දවල් රෑ නැතුව කියනවා. කොන්ද කෝ අනේ ඔයාගෙ? ආණ්ඩු බලය තියෙද්දිත් රාජපක්ෂලාට බය නැතුව හිටපු මිනිහ බලය නැති වෙලාවක මෙහෙම වෙන්නේ කොහොමද? මං ආදරේ කරපු ජාතියේ වීරවංශය තවත් රාජපක්‍ෂ කෙනෙක්ගෙ බත් ගොට්ටෙක් වෙනවා දකින්න මං කැමති නෑ විමල්. මට අප්පිරියයි බලන් ඉන්න. ඕක නවත්තන්න please. ගමේ මිනිහෙක් හැව්වා අන්න මහත්තයගෙ පිටට silencer එකක් හයි කරපු පිස්තෝලයක් තියලද කියලා. ඔන්න මං දැන්නෑ මාත් එක්ක තරහ වෙන්න වැඩක් නැහැ. මං කියපු එකක් නෙමෙයිනෙ. නැත්නම් නෑ කියන්න ඉවරනෙ කතාව.

  16. Champa Reply

    Hello fighter, අර හම්බන්තොට වාරයේ ඉතුරු මුදල් දෙන්න චීනෙ ඉල්ලන දූපත බේර ගන්න බලමු කොහොම හරි මුළු වැර දාල . මොකොටද කියලා ඔයාට දෙන්න ඉන්න මගේ කටු පොතේ ලිව්වා.

  17. Champa Reply

    මම Ada එකට comment එකක් දැම්ම (GL’s news item on Hotu Pohottuwa.) එතකොට මට
    හිතුනු දෙයක් තියෙනවා. මගේ මේ “අම්බලමේ” මේක save කරලා තියන්න හිතුව. ඔයා බලන්න එපා දැන්ම හොඳද. 🙂

    Introducing a Modified State Structure:
    *1. Reducing the present 5 governing levels to 3. (i). National Level (President/PM/Parliament.) (ii). District Level (Divisional Secretariats) (iii) Local Level (Divisional Secretariats and Municipalities – MCs & UCs.)
    **2. Abolition of Provincial Council System which is a white elephant.
    ***3. Abolition of Divisional Council System which a haven for corruption.

    Introducing a Modified PR Electoral System:
    *1. Doing away with the present Electoral “District” System which is hopeless in the eyes of people in cities and villages equally as they have nobody to reach out directly for solutions of their problems as all Parliamentarians are busy with national level politics.
    **2. Completely discontinue the National List which is an asylum for losers (which I can’t stand.) (Ok, some might not agree. So this is subject to discussion.)
    ***3. Modifying the existing PR System to be based on Electoral Wards (or Ridings) based on Municipalities, for greater representation, increased participation, fairness, equality, and enhanced engagement of voters in the Parliament through MPs elected from their Ridings.
    ****4. We have 9 Provinces which have 23 Cities, 41 Urban Cities and 271 Suburban Cities. The total is 335 which could be considered as Electoral Ridings for the PR System. Depending on the size of the City, we may, I repeat may, elect 2 MPs instead of 1.

    I stop here. This is my basic state structure in the eyes of an ordinary citizen of Sri Lanka which I think is very fair. I like the simplicity and the cost effectiveness of my proposal as against the wastage of funds, complexity and utter chaos in the present 5 level state structure.

    I am one for reducing Parliamentary seats but I think if we abolish PCs (how many Councillors? 3 PCs have 148. I don’t know the total.) and DCs (over 8000 members!!) we can save a colossal amount of money while making our Parliamentarians attend to the problems of their Ridings and listening to the needs of the voters acting more efficiently, effectively and speedily. (We have to increase the number of seats in the Parliament which is the only downside.)

    A proposal by Champa. All Rights Reserved.

  18. Champa Reply

    I sent this without reading. I thought of reading it again.

    • Champa Reply

      Yep. There is a typo. 🙁
      Correction:
      In the second line from the top most, under (ii) District Level in the brackets (should read as “District” Secretariats NOT ‘Divisional’ Secretariats.)
      The rest is fine.

  19. Champa Reply

    අනේ බලන්න විමල් අහිංසක දිවියෙක්ව මරල ලඟදි පැටව් හම්බ වෙච්ච. ඊට පස්සේ දත් ටිකයි නියපොතුයි ගලවගෙනලු. හරිම අමානුෂිකයි නේද? අනේ මේවා නවත්තන්න විදියක් නැත්ද අනේ? මගේ පපුව හෝස් ගාල යනව. පව් අසරණ සතා. හරිම දුකයි මට බලන්නත්.

    • Champa Reply

      අනේ ඔයා මේවට පොඩ්ඩක් කතා කරන්නකො විමල්.

      එක පාරට සත්තු මරණ එක වැඩි වෙලා. අලි මරණ එකත් වැඩිවෙලා. රට පුරාම විදේශිකයො ඇවිල්ල ඉන්නවා. සමහරු නවතිලාම ඉන්නවා.. මතකද ලඟදි චීනෙක් රක්ෂිතයක වලක වැටිලා ඉඳල හම්බ වුනා. ගිය හේතුව දන්නේ නැහැලු. ඇත්දළ, කොටි දත්, කොටි නියපොතු වගේ ඒවට සෑහෙන ඉල්ලුමක් ඇවිල්ලද දන්නේ නැහැ නේද. අනේ පොඩ්ඩක් කතා කරන්නකො විමල් මේ ගැන. අනේ මෙහෙම ගියොත් අපිට මේ වඳ වී ගෙන යන සත්තු එකේවත් ඉතුරු වෙන එකක් නැහැ. මට බලන්නවත් ඉතුරු වෙන එකක් නැහැ. මෙහෙම ගියොත් අපේ අනාගත පරම්පරාවට වෙන්නේ අපේ රටට ආවේනික මේ වටින සත්තු පින්තූර වලින් විතරක් දකින්න.

  20. Champa Reply

    අන්න ගෝඨාභය අහන්න කිව්වා “පෙත්තා බොත් කෝවද කියොල.”

  21. Champa Reply

    අනේ අර නාමල් උයන රනිල්ගෙන් බේරලා දෙන්න, විමල්. ඒක දෙන්න ගිවිසුමක් ගහන්න යනව.

  22. Champa Reply

    සුන්දර ඒකාධිපතියව ගෙදර යවපු මිනිස්සුම අන්න දැන් කියනවා ලංකාවට කොන්ද පණ තියෙන සුන්දර ඒකාධිපතියෙක් ඕනෙලු. මුන් ඔක්කොටම “මැන්ටැල්’ මං හිතන්නේ දැන්. ජනාධිපතිවරණෙට අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලම මෙහෙම “මැන්ටැල්’ වෙනවා නම් ලං වෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ නේද? ඊළඟට ආණ්ඩුව පැත්තට චන්දෙ දෙන්න බේතකට වත් කවුරුවත් නැතිවෙයි. දන්නවද කරන්න ඕනේ දේ මොකොක්ද කියලා? ඊළඟ ජනාධිපතිව නිතරඟයෙන් පත් කරගන්න එක. බැරිද? ඒ හින්ද පෙත්තා දැන් බොත් කන එක නොවොත්තන්න හොඳද.

    • Champa Reply

      දැක්කනේ. මට අමතක වෙලා මුන් කියන වචනේ ලියල.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.