BREAKING NEWS

මේ රට සංස්කෘතික වශයෙන් තේරුම් නොගත් මේ පරගැති ආණ්ඩුව පන්සලේ පිං කැටයටත් තට්ටු කරන්න හදනවා

මේ රට සංස්කෘතික වශයෙන් තේරුම් නොගත් මේ පරගැති ආණ්ඩුව පන්සලේ පිං කැටයටත් තට්ටු කරන්න හදනවා
– ජානිපෙ නායක විමල් වීරවංශ

‘මේ රට සංස්කෘතික වශයෙන් තේරුම් නොගත්, එහි ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි මේ ආණ්ඩුව දැන් පෞරාණික බෞද්ධ සිද්ධස්ථානවල පිං කැටයට පවා තට්ටු කිරීමට සූදානම් වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ(24) බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී පැවැති ‘සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“මේ ආණ්ඩුව නිවැරදිව කියවා නොගතහොත්, අපි ඉදිරිපිට තිබෙන අභියෝගයේ තරම නිවැරදිව වටහා නොගතහොත් ජනතාව තුළ තිබෙන ආණ්ඩු විරෝධය ‘ගඟේ පා කර හරින්නත්’ මේ ආණ්ඩුවට හැකියාව තිබෙනවා. ඊට අදාළ දැනුම්වත්භාවය හදන්න තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කළේ “සල්ලාල ආණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව”නමින් රට පුරා ජනතා සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට.

‘මේ ආණ්ඩුවට සල්ලාල ආණ්ඩුව කියන්නේ ඇයි?’

මෙතෙක් කාලයක් පැවැති ආණ්ඩුවලට අපි කිව්වේ ජනතාද්‍රෝහී ආණ්ඩුව හෝ දේශද්‍රෝහී ආණ්ඩුව හෝ පරගැති ආණ්ඩුව ලෙසයි. නමුත් අපි මේ ආණ්ඩුව හඳුන්වන්න අලුත් වචනයක් පාවිච්චි කරනවා, ‘සල්ලාල ආණ්ඩුව’ කියලා. මේක දේශද්‍රෝහී, පරගැති ආණ්ඩුවක් තමයි. ඒ වගේම සල්ලාල ආණ්ඩුවක්. අපි ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවට කීවේ, ‘දේශද්‍රෝහී පාලනයක්’ කියලා. නමුත් ‘දේශද්‍රෝහී – සල්ලාල පාලනයක්’ කියා කීවේ නැහැ. ‘මේක සල්ලාල ආණ්ඩුවක් වෙන්නේ කොහොමද?’ කියා අපි බලමු. ජනතාව පොරොන්දු කන්දක ගිල්වලා බලයට ආපු මේ ආණ්ඩුව 2015 ජනවාරි 08ට පෙර තිබූ මාතෘභූමියවත් අද ඉතිරිකර තිබෙනවාද? දකුණු ඉන්දියාවෙන් ගෙනාපු ප්‍රතිමාවක් දැන් කිලිනොච්චියේ හිටවලා තිබෙනවා, ලෝක ගෝලයත් සමඟ. ඒ ලෝක ගෝලයේ දෙමළ බසින් ශ්‍රී ලංකාව නම් කර ඇත්තේ ‘තමිල් ඊළාම්’ කියලයි. මේ ආණ්ඩුව සල්ලාලකමේ යෙදීමේ නිමක් නැහැ. දැන් බලන්න, රවී කරුණානායකට මුදල් ඇමතිකම වෙනුවට විදේශ ඇමතිකම දෙනවා, ලොතරැයි මණ්ඩල දෙක සමඟ. රට හදන්නද? නැහැ. සල්ලාලකමට නොවෙයිද? ලොතරැයිපත් අලෙවි ප්‍රවර්ධන කටයුතුවලදී ලබා දෙන වෙළඳ දැන්වීම්වලින් ගසා කන්න නොවෙයිද?

මේ අය බලයට ආවේ පැවැති ආණ්ඩුවේ ඇමති මණ්ඩලය වැඩියි කියලයි. දැන් ඇමති මණ්ඩලයේ කාර්යාල ටික නඩත්තුවට පමණක් වසරකට කෝටි 180ක් වැය කරනවා. ඒවා සඳහා කෝටි 100ක තැන්පතු මුදලක් යොදවන්න රජයට සිදුව තිබෙනවා. ඇමති මණ්ඩලයේ ඉන්න 50ක පමණ පිරිසෙන් 25ක් පමණ කාර්යාල සඳහා කුලියට ස්ථාන අරගෙන තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සබීතා පෙරේරාට අයත් ගොඩනැගිල්ලක් කුලියට අරගෙන තිබෙනවා. දැන් මාස ගණනාවක් මාසික කුලිය ගෙව්වත් තවම අමාත්‍යාංශය පරණ තැනමයි. ඒ අලුත් ගොඩනැගිල්ලට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට හතර දෙනෙක් ජපානයට යනවා, කෝටි 40ක මුදලකුත් අරන්. රටේ ලක්‍ෂ 07ක ජනතාවකට උන්හිටි තැන් අහිමි වෙලා තියෙද්දි, 300කට අධික පිරිසක් මියගොස් තියෙද්දි ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වා කෘෂිකර්ම අමාත්‍යාංශයට භාණ්ඩ මිලදී ගැනීමට රුපියල් කෝටි 40ක් වියදම් කරන ආණ්ඩුවක් සල්ලාල අෘණ්ඩුවක් නොවෙයිද? ඒ විතරක්ද? මේ බරපතළ ව්‍යසනයට රට මුහුණ පා සිටියදී ඇමතිවරුන්ට සුඛෝපභෝගී නිල රථ ගන්න කෝටි 300කට අධික පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට දාන්න පුළුවන් සල්ලාල අෘණ්ඩුවකට හැර වෙන කුමකටද?

‘තමන්ගේ සුඛවිහරණය පමණක් හිතන ආණ්ඩුවක්!.

ඒ විතරක් නොවෙයි, මේ ආණ්ඩුව බදු බර වැඩි කළා. පෞද්ගලික රෝහලකට යන අයකුගෙන් පවා දැන් 17%ක වැට් බද්ද අය කරනවා. රෝගීන්ගෙන් පවා බදු අය කරන ආණ්ඩුවක් සල්ලාල ආණ්ඩුවක් වන්නේ නැද්ද? ජනතාව මත බදු බර පටවලා ඒ බදු මුදලින් තමන්ට සුඛෝපභෝගී වාහන, කාර්යාල ලබා ගන්න ආණ්ඩුවක් සල්ලාල ආණ්ඩුවක් මිස අන් එකක් නොවෙයි. මේ ආණ්ඩුවට උවමනා වී තිබෙනවා රට බෙදන ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බහුතර ඡන්දයක් ලබා ගැනීමට. ඒ සඳහා ආණ්ඩුවේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධික්‍ෂණ මන්ත්‍රී ධුර ලබා දී මසකට රුපියල් ලක්‍ෂ 07ක පමණ මුදලක් එක් අයකු වෙනුවෙන් වැය කරනවා. මේ ආණ්ඩුවේ නායකයන් තුළ මනුස්සකම ගෑවිලාවත් නැහැ. එදා කැබිතිගොල්ලෑවේ ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් වූවන් බලන්න ගියපු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒ ජනතාවට පොරොන්දුවක් දුන්නා, ‘යුද්ධය අවසන් කරලා මෙවැනි ඛේදවාචක තවදුරටත් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ’ කියලා. එතැනදී ‘යුද්ධය කරන්න කොපමණ වියදමක් යනවාද?’ කියලා ගණන් හදා බැලුවේ නැහැ. නමුත් අපි පසුගියදා දුටුවා, සාගල රත්නායක මහතා සමඟ මාතර ගංවතුරින් විපතට පත් වූවන්ගේ දුක සැප බලන්න ගිය අගමැතිවරයා හැසිරුණු හැටි. ඔහු ඒ විපතට පත් වූවන් මුහුණ දී ඇති දුක වේදනාව වටහා ගත්තේ නැහැ. ඔහුට වැදගත් වුණේ ඒ අය යළි නඟා සිටුවන්න වැය වන මුදලයි. මෙවැනි ආණ්ඩුවක් නිසයි අපි මේකට දේශද්‍රෝහී, පරගැති ආණ්ඩුවක් කියනවාට අමතරව සල්ලාල අෘණ්ඩුවක් කියලා කියන්නේ. දැන් ආපහු පාතාලය හිස ඔසවලා තිබෙනවා. දැන් සෑම දිනකම අහිංසක මිනිස්සු පාතාල වෙඩි පහරින් විනාශ වන තත්වයක් ඇති වෙලා තිබෙනවා. අද මේ රට හැම පැත්තකින්ම ආපස්සට ඇදගෙන ගිහිල්ලා තිබෙනවා. ‘මේ ඉරණමේ තවදුරටත් ගිලෙනවාද? මේ පාපතර ඉරණමෙන් එළියට ඒමේ මාවත නිර්මාණය කරනවාද?’ යන ප්‍රශ්නයයි අද මේ මාතෘභූමිය හමුවේ තිබෙන්නේ.

‘ගන්න එහෙම එපා – බැඳුම්කර හොර පත්තරේ’

මේ සල්ලාල ආණ්ඩුව, ලක්මාතාව පැති ගණනාවකින්. ආකාර කිහිපයකට කෙලෙසමින් සිටිනවා. අද එක් පැත්තකින් ලක්මාතාව ආර්ථිකමය වශයෙන් බරපතළ විදියට කෙලෙසනවා. මහ බැංකු බැඳුම්කර වංචාව හරහා සිදු කළ මහා සොරකම ලංකා ඉතිහාසයේ මහා සොරකම බව දැන් රටටම වැටහී අවසානයි. මේ හොරකමින් ලක්මාතාවට සිදු වූ පාඩුව ගණන් හදා අවසන් කරන්න බැරි පාඩුවක්. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු අද සාක්‍ෂි දෙනවා, ‘මේ මහා වංචාවට වග කියන්න ඕනෙ අර්ජුන මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිවරයා’ කියලා. නමුත් අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා තවමත් ඉන්නවා නිදැල්ලේ. බැඳුම්කර වංචාවේ මුදල් යොදවලා ඔහු අරක්කු සමාගම් මිලදී අරගෙන තිබෙනවා. මේ රටේ බොහෝ ව්‍යාපාරික ආයතන ඔවුන්ගේ අතට ගනිමින් තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඒ බැඳුම්කර හොරු ඒ සල්ලිවලින් අද පත්තරත් ගහනවා. ‘ගන්න එහෙම එපාෟ ඔය හොර බැඳුම්කර පත්තරේ.’ මේක කියපුවාම ලබන සතියේ මට ඒ පත්තරෙන් හොඳට නෙළනවා. ඒකට තමක් නැහැ. ඒවාට අපි හොඳට ඔරොත්තු දෙනවා. ඔය නෙළපු නෙළිල්ලේ හැටියට එහෙම නම් අපි ඉතිරි වෙන්න විදියක් නැහැ. ‘හොඳට ගහන්න මහත්වරුනි, ඒවාට ඔරොත්තු දීමේ ප්‍රතිශක්තිකරණය අද අපට තිබෙනවා.’ බැඳුම්කර හොරකමින් ගහන පත්තර මිලදී ගත්තාම ඒ පාපයෙන් කොටසක් ඒවා මිලදී ගන්න ජනතාවටත් අයිති වෙනවා. ඒ පත්තරේ විතරක් නොවෙයි තවත් මාධ්‍ය ආයතන දෙකකට බැඳුම්කරෙන් හොරා කාපු මුදල් ණයට දීලා ඒවා පාලනය කිරීමේ හැකියාව බැඳුම්කර හොරා අතට අද අරන් තිබෙනවා. 2020 රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමට රතු පාවාඩ එළීමටයි ඔවුන් ඒ මාධ්‍ය ආයතන යොදා ගන්නට හදන්නේ. මේ බැඳුම්කර වංචාව නිසා මේ රටේ ව්‍යාපාරිකයන්ට බැංකුවකින් අඩු පොලියට ණයක් අරන් ව්‍යාපාර ශක්තිමත්කර ගැනීමේ ඉඩකඩ නැති වෙලා තිබෙනවා. බැඳුම්කර වංචාවෙන් මේ ආණ්ඩුව සිදු කළේ රටත්, ජනතාවත් ආර්ථිකමය වශයෙන් ‘නට්ටං’ කිරීම.

‘ලී ක්වාන් යූ වළෙන් නැගිටියිද?’

එදා ‘රනිල් වික්‍රමසිංට බැහැ’ කියලා මංගල සමරවීර ඇමතිවරයා කියපු දේ ඔප්පු වෙලා තිබෙනවා. ආණ්ඩු බලය ගන්න කලින් ඇතැම් අය සැලකුවේ ‘රනිල් වික්‍රමසිංහ ආර්ථික ඔස්තාද් කෙනෙක්’ හැටියටයි. ඔහුව ප්‍රතිරූප ගැන්වූයේ සිංගප්පුරුවේ හිටපු අගමැති ‘ලී ක්වාන් යූ’ ටයි. ඒක දන්නවා නම් ලී ක්වාන් යූ වළෙන් නැගිටලා ඇවිත් මේ යෝධයාට දෙකක් දෙනවා. (සභාවේ සිනා) රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය අතට ගත්ත දවසේ ඉඳන් හතරගාතෙන් වැටෙන දිසාවටයි යන්නේ. ජනතා සහන කැපුවා, පොහොර සහනාධාරය කැපීම නිසා සහලෙන් ස්වයංපෝෂණය වෙමින් තිබුණු රට පිටරටින් සහල් ගෙන්වන්න වන තත්වයට ඇද වැටුණා. එදා ‘පිවිතුරු හෙටක්’ කියලා කොළ කෑල්ලක් ලියාගෙන ආපු රතන හාමුදුරුවෝ අද කියනවා, ‘දැන් නම් මේ අෘණ්ඩුවෙන් හොඳක් කර ගන්න බැහැ. කරන නරක ටික නතර කර ගන්නයි දැන් නම් මම උත්සාහ කරන්නේ’ කියලා. ‘සාදු, සාදු, සාදු’ කියනවා අපේ හාමුදුරුවනේ. ආයෙත් නම් කොළ කෑල්ලකුත් අරගෙන 2020 කිට්ටුවේ එන්න නම් එපා. පන්සලට වෙලා බණක් භවනාවක් කරගෙන ඉන්න. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ අද හිටියා නම් සිදු වුණු වැරැද්ද රට හමුවේ කියලා ඒ වැරැද්ද නිවැරදි කිරීමේ සටනත් දැන් වන විට පටන් අරගෙන. එක අතකට මේ විනාශය නොදකින්න තරම් උන්වහන්සේ වාසනාවන්ත වුණා.

එක පැත්තකින් මේ රටේ කෘෂි ආර්ථිකය බිඳ වැටුණා වගේම කර්මාන්ත ක්‍ෂේත්‍රයත් දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙනවා. ඉන්දියානු නිෂ්පාදන අපේ වෙළඳපොළ ආක්‍රමණය කරමින් තිබෙනවා. වාහන වෙළඳපොළ, ආහාර වෙළඳපොළ, රසකැවිලි වෙළඳපොළ, ඖෂධ වෙළඳපොළ ආදී සියල්ලම ඔවුන් අතට පත් වෙමින් තිබෙනවා. මේ ආණ්ඩුව හැම තීන්දුවක්ම අද ගන්නේ ඉන්දියානු නිෂ්පාදනවලට අපේ ආර්ථිකය ගිල ගත හැකි අන්දමට. දැන් මුරලිදරන්ගේ අයිතිය ඉන්දියාවට ලියා ගැනීමට යනවා. මේ උත්සාහ කරන්නේ අපේ මුරලිදරන්ගේ අයිතිය, මේ රටේ වෙළඳපොළ ආධිපත්‍යය පමණක් නොවෙයි මුළු රටම ඉන්දියානු කොලනියක් බවට පත්කර ගැනීමටයි. මේ රට අද වේගයෙන් ඉන්දියානුකරණය වෙමින් තිබෙනවා. ඉන්දීය ඔත්තු සේවා අද මේ රටේ අස්සක් මුල්ලක් නෑරම රිංගලා ඇතැම් දේශපාලනඥයන්ව තමන්ගේ රූකඩ බවට පත්කර ගෙන තිබෙනවා. අද මේ රටේ ටෙලිනාට්‍ය නිෂ්පාදන ක්‍ෂේත්‍රයට මොකද වෙලා තිබෙන්නේ? අද සෑම නාලිකාවක්ම ඉන්දියානු මධ්‍යම පංතියේ අඳෝනාව අපට හඬ කවලා ඉදිරිපත් කරමින් සිටිනවා. අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය දවසින් දවස බිඳ වැටෙමින් තිබෙනවා. එට්කා ගිවිසුම අත්සන් කළොත් අපේ රැකියා වෙළඳපොළ සහ සේවා ආර්ථිකයේ ව්‍යාපාරික අවස්ථාවන් ටිකත් ඉන්දියාවටම නතු වෙනවා.

‘පුරාවිද්‍යා ස්මාරකවල තෝස කඩ’

ආර්ථිකය ඒ විදියට විජාතිකකරණය කරමින් යනවා. ඒ විතරක් නෙවෛයි පුරාවිද්‍යාත්මක ස්මාරක ලෙස සැලකෙන නුවරඑළිය, මහනුවර, කොටුව ආදී ඉපැරණි තැපැල් කාර්යාල ඉන්දියානු තෝස කඩ ව්‍යාපාරයකට දෙන්න යනවා. මේවා රනිල් වික්‍රමසිංහගේ අම්මාගේ අප්පාගේ බූදලයක් නම් ඕනෑම කල්ලතෝනියකුට දුන්නාට අපට කමක් නැහැ. ලෝකයේ විශාලතම වෙළඳ නැව් ඇතුළු කළ හැකි වරායන් 15න් දෙකක්ම අයිති අපටයි. ඒ කොළඹ වරාය සහ හම්බන්තොට වරායයි. හම්බන්තොට වරාය පිහිටා ඇත්තේ චීනය සාදන නව සේද මාවතේයි. එසේ තිබියදී හම්බන්තොට වරාය චීනයටත්, කොළඹ වරායේ නැ`ගෙනහිර පර්යන්තය ඉන්දියාවටත් දීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ විතරක් නොවෙයි, ලෝකයේ ස්වාභාවික වරායන් අතර වටිනාකම අතින් දෙවැනි ස්ථානය ගන්නා ත්‍රිකුණාමලය වරායත්, තෙල් ටැංකි හා අක්කර 500කට අධික ප්‍රමාණයකුත් ඉන්දියාවට ලබා දීමට අගමැති රනිල් වික්‍රමසිංහ ගිවිසුම් ගසා අවසන්. ලක්මව සතු වටිනා සම්පත් මේ විදියට විකුණා ගෙන කෑමට පුළුවන් සල්ලාල ආණ්ඩුවකට පමණයි. මේ ආණ්ඩුව අද ලක්මව ඒ විදියට ආර්ථිකමය වශයෙන් කෙලෙසමින් සිටිනවා.

‘ජිනීවා පාවා දීම’

‘දේශපාලනමය වශයෙන් මේ ආණ්ඩුව සල්ලාලකමේ නිරත වී සිටින්නේ කොහොමද?’ කියා අපි දැන් බලමු. පළමුව අපි බලමු විදේශ ප්‍රතිපත්තිය අතින් ආණ්ඩුව සල්ලාල වෙන්නේ කොහොමද? කියා. විදේශ අමාත්‍ය ලෙස කටයුතු කළ මංගල සමරවීර 2015 ඔක්තෝබරයේදී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවට සම්පූර්ණයෙන්ම එකඟතාව පළ කළා. එහි තිබුණා, ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා යුද අපරාධ කළා. ඒවා පිළිබඳ සෙවීමට දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවිය යුතුයි’ කියන යෝජනාව. ඒ වගේම ‘ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය උල්ලංඝනය කර තිබෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ සොයන වෙනම අධිකරණයක් පිහිටුවිය යුතුයි’ යනුවෙන් එහි සඳහන්. දැන් ශ්‍රී ලංකාවේත් සම අනුග්‍රාහකත්වය සහිතව සම්මත වූ ඒ යෝජනාවලිය පියවරෙන් පියවර ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ ඊට අදාළ පනත් කෙටුම්පත් සම්මත වෙනවා. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත දැන් සම්මත වී අවසන්. ඊට අමතරව ‘බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සිදු කිරීම වැළැක්වීමේ’ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ද මේ අෘණ්ඩුව මේ වන විට පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. මේ නීතිය ගෙන එන්නේ මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට සෑහෙන සේවයක් කරපු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් අතුරුදහන් වූ ආකාරය ගැන සෙවීමට නොවෙයි. උතුරේ යුද්ධයේදී අතුරුදහන් වූ පිරිස් ගැන සෙවීමටයි. ඒ නීතිය බලාත්මක වුණොත් විදේශ රටකදී වුවත් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව නඩු පැවරීමට පුළුවන්. අතුරුදහන් වීමකට චෝදනා ලබන රෙජිමේන්තුවේ ප්‍රධානියා, ඒ විදේශ රට ඉල්ලා සිටියොත් ඔහුව අත්අඩංගුවට ගෙන ඒ රටට භාර දීමට සිදු වෙනවා. මේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කළ විට, එවැනි භයානක දෙයකට වුවත් පාර කැපෙනවා. මේවා කළ හැක්කේ දේශද්‍රෝහී, පරගැති, රූකඩ, සල්ලාල ආණ්ඩුවකට හැර වෙන කාටද?

‘ෆෙඩරල් පාලනයකට පාර කපන හැටි’

දැන් අලුත් ව්‍යවස්ථාවක් හදාගෙන යනවා. ඒක හදන්නෙත් ඉහත කී ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවලියට අනුවයි. දැන් මේ ආණ්ඩුව ජිනීවා යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීන්දු ගැනීමට කමිටුවකුත් දමලා තිබෙනවා. යෝජිත ව්‍යවස්ථාවේ මූලික කෙටුම්පත අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. ව්‍යවස්ථාදායක බලය, ඉඩම් බලය, පොලිස් බලය, පරිපාලන බලය පළාත් ආණ්ඩුවලට ලබා දීමට එමගින් යෝජනා කර තිබෙනවා. එවිට දිසාපති, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම සේවක යටත් වන්නේ පළාත් ආණ්ඩුවටයි. ඒ වගේම පොලීසිය යටත් වන්නෙත් පළාත් ආණ්ඩුවටයි. මේ සියල්ල සිදු වන්නේ ජිනීවා න්‍යාය පත්‍රයට, උවමනාවට අනුව. මෙතෙක් කාලයක් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පළාත් සභාවලට ලබාදී තිබුණු ඉඩම් හා පොලිස් බලතල භුක්ති විඳීමට දුන්නේ නැහැ. එහෙම දුන්නා නම් මේ රට අනිවාර්යෙන්ම ෆෙඩරල් වෙනවා. දැන් හදන්නේ ඒ දෙකත් භූක්ති විඳින්න දීලා, සමගාමී ලැයිස්තුවත් අයින් කරලා මධ්‍යම ආණ්ඩුව දුර්වල කරලා, වැඩි බලතල ප්‍රමාණයක් පළාත් ආණ්ඩුවට ලබා දෙන්න. මේ ආකාරයට ෆෙඩරල් පාලනයකට පාර කැපීම ලක්මව කෙලෙසීමක් නොවෙයිද?

‘විදේශ ප්‍රතිපත්තිය කෙලෙසා දැමීම’

ඒ වගේම මේ ආණ්ඩුව තම ඉන්දීය ගැතිභාවය ප්‍රදර්ශනය කරමින් පකිස්ථානයේ පැවැති සාක් සමුළුව වර්ජනය කළා. එමගින් මේ අය වනසා දැම්මේ ශ්‍රී ලංකාව එතෙක් රැකගත් නොබැඳි විදෙස් පිළිවෙත නොවෙයිද? මේ ආණ්ඩුව බටහිර ගැති, ඉන්දියානු ගැති විදේශ ප්‍රතිපත්තියකට ගිහින් මේ රටේ පැවැති නොබැඳි විදේශ ප්‍රතිපත්තිය කෙලෙසා දමා තිබෙනවා.

‘රටේ ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි ආණ්ඩුවක්!’

බදු ගහලා රාජ්‍ය ආදායම වැඩි වුණා කියලා පාරම්බාන මේ ආණ්ඩුව කරන වැඬේ බලන්න. දැන් පන්සලේ පිං කැටේටත් වැඬේ දෙන්න යනවා. අධ්‍යාපන හා සංස්කෘතික ඇමති අකිල විරාජ් කාරියවසම් තෙමේ දැන් රන්ගිරි – දඹුලු ඓතිහාසික රජ මහා විහාරයේ පිං කැටේට තට්ටු කරන්න හදනවා. මහ බැංකුව හොර කාපු බහිරවයාට අතවත් තියන්නේ නැහැ. නමුත් දඹුලු විහාරයේ පිං කැටේ හරියට වාර්තා තියෙනවාද කියලා බලන්න එනවා, අකිල විරාජ් කාරියවසම්. නොදකින් විතරක්. (සභාවේ සිනා) ශ්‍රී දළදා මාලිගාවේ, කළුතර බෝධියේ, කතරගම පුද බිමේ පිං කැටවල ආදායම සොයා බැලුවේ මොන ආණ්ඩුවද? අතීතයේ සිට සම්ප්‍රදායානුකූලව සිදු වූ ඒ දේවල්වලට මේ අය අත තියන්න හදන්නේ ඇයි? දඹුලු විහාරය බලන්න එන විදේශිකයන්ට නිකුත් කරන ටිකට් එකෙන් ලැබෙන ආදායමත් උදුරා ගෙන, ඒකෙනුත් මේ ආණ්ඩුව තමන්ගේ සුඛවිහරණය හදා ගන්නයි යන්නේ.

මේක, මේ රට සංස්කෘතික වශයෙනුත් තේරුම් නොගත්තු ආණ්ඩුවක්. මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයට පටහැනි ආණ්ඩුවක්. ඒක තමයි අස්ගිරි පාර්ශ්වයේ මහ නාහිමිපාණන් ඇතුළු කාරක සංඝ සභාව පැවසුවේ, ‘මේ ආණ්ඩුව බෞද්ධ පිළිවෙත් නොදන්නා ආණ්ඩුවක්’ කියලා. මේක මේ රටේ ඓතිහාසික සභ්‍යත්වයත් කෙලෙසන අණ්ඩුවක් බව දැන් මේ කාටත් තේරුම් ගොස් තිබෙනවා.

‘මේ රටේ ජාතික ආරක්‍ෂාව කෙලෙසා දැමීම’

ඒ අනුව පැහැදිලියි මේ රට අද දේශපාලනමය වශයෙන්, ආර්ථිකමය වශයෙන්, කෙලෙසා දමන මේ ආණ්ඩුව, රටේ මෙතෙක් පැවැති නොබැඳි විදේශ ප්‍රතිපත්තිය සහ ඓතිහාසික සභ්‍යත්වයත් කෙලෙසා දමන බව. ඒ විතරක් නොවෙයි ජාතික ආරක්‍ෂාව පැත්තෙනුත් මේ අය මේ රට කෙලෙසා දමනවා, බුද්ධි අංශ නිලධාරීන් 16 දෙනෙකු අභූත චෝදනා මත රඳවා ගෙන සිටියදී කොටින්ගේ ‘කුරුම්බැට්ටි බලකායේ’ දෙවැනියා වූ කොටි ත්‍රස්තවාදියා කිසිදු නඩු පැවරීමකින් තොරව නිදහස් කොට තිබෙනවා. එතැනදී පූජිත පොලිස්පතිවරයාගේ නීතිය නැමී තිබෙනවා. උතුරේ හර්තාල්වලදී නිහඬව සිටින පොලීසිය සයිටම් විරෝධි විශ්විද්‍යාල සිසුන්ගේ ඔළු පළා පසුව රාජ්‍ය දේපළවලට අලාභහානි කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද මේ රටේ බුද්ධි අංශයක් නැහැ. ඉන්දියාවට පැනලා ගියපු ත්‍රස්ත නායකයන් අද බෝට්ටුවලින් යාපනයට එනවා. මේ ආකාරයට අද මේ ආණ්ඩුව ජාතික ආරක්‍ෂාව කෙලෙසා දමමින් සිටිනවා.

‘මේ සල්ලාල පරගැති ආණ්ඩුවට තවදුරටත් ලක්මව කෙලෙසීමට ඉඩ දී බලා සිටිනවාද? නොමැතිනම් සටන් පිට සටන් සිදුකොට මේ සල්ලාල ආණ්ඩුව ගෙදර යැවීම දක්වා ජනතා බලය කුළු ගැන්වීමට සූදානම් වෙනවාද? කියන ප්‍රශ්නයි අප ඉදිරිපිට තිබෙන්නේ. ගෙදර ගෘහ මූලිකයෝ සල්ලාලයන් වුණොත් දරුවන්ට දෙයියන්ගෙම පිහිටයි. මේක සල්ලාල ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන් රටක් නොවෙයි. ඓතිහාසිකව අපි බැඳී සිටිනවා මේ පොළොවේ ඒකීයභාවය, මේ පොළොවට අයිති සභ්‍යත්වය රැකලා දෙන්න. ඒක ඉතිහාසය විසින් අපේ දෙවුර මත පැටවූ වගකීමක්. ඒ විතරක් නොවෙයි මේ මහා අතීත දැනුම, ඒ අතීත සභ්‍යත්වයෙන් පණ පෙවුණු මව් පොළොව ආරක්‍ෂා කර දීමේ වගකීම අපට ඉතිහාසය පවරා දී තිබෙනවා. එකා මත්තේ එකා මළත් ඒ වගකීමට උර දෙනවා මිසක් වෙන මාවතක්, වෙන සටනක් අපට නැහැ. (අත්පොළොසන්) ඉතා ආදරයෙන් ඔබ සැමගෙන් ඉල්ලනවා, ඒ වගකීම හරියට කරට ගන්න, ඒ වගකීමෙන් වල්මත් වන න්‍යාය පත්‍රවල ගොදුරු නොවන්න. සතුරා සමහර වෙලාවට මිතුරු ස්වරූපයෙනුත් ඉන්නවා. සතුරා මිතුරු ස්වරූපයෙන් ඉන්න ගමන් බලනවා, බලවේගය නියමිත තැනට නොයවා වෙනත් තැනකට යවන්න.

‘නැවතත් කළු ජූලියක්…’

1983 කළු ජූලියේදී මොකද වුණේ? යාපනය සිට හමුදා නිලධාරීන්ගේ මළ කඳන් ටික බොරැල්ලට ආවා. යූඇන්පී ආණ්ඩුව පොලීසිය නිහඬ කළා. තමන්ගේ මැරයන් යොදවා දෙමළ ජනතාවගේ දේපළ සහ ජීවිත ගිනි තියන්න පටන් ගත්තා. එතැනින් තමයි ප්‍රභාකරන්ට ඕනෙ තල්ලුව හම්බ වුණේ. මරාගෙන මැරෙන කොටින් හදන්න, කොටි පැටවූ නිර්මාණය වුණේ එතැනින් පස්සේ. සිංහලයා පිළිබඳ ත්‍රාඩ හැඟීමක් දෙමළාට ඇති වුණේ ඉන් පස්සේයි. ඒ තමයි ජේ. ආර්ගේ ආණ්ඩුව කළු ජූලියට දුන්නු උදව්ව. පසුව ඒ ආණ්ඩුව ඒ තත්වය යොදාගෙන දේශපාලන පක්‍ෂ තහනම් කළා. හදිසි නීතිය, මර්දන නීති ගෙනාවා. නැවතත් එවැනි මූසල ජවනිකා නිර්මාණය කිරීමේ සූදානමක් තිබෙනවා. ඒකට නම් හසු වෙන්න එපාෟ

‘එදා වෝඞ් ප්ලේස් වෙනුවට වැල්ලවත්තට යැව්වා’

එදා ඒ හමුදා නිලධාරීන් ජීවිත පූජා කළාම සිංහල මිනිස්සු යා යුතුව තිබුණේ වැල්ලවත්තට නොවෙයි. වෝඞ් ප්ලේස් වෙතටයි. ජේ.ආර්ගේ ගෙදර තිබුණු වෝඞ් ප්ලේස් යන්න ඕනෙ මිනිහව එදා වැල්ලවත්තට යැව්වා. අන්න ඒක තමයි කොන්ත්‍රාත්තුව. ඒ ජනතා ආවේගය නියම තැනට ගෙන යන්න දෙන්නේ නැහැ. වෙනත් තැනකට ගෙනිහිල්ලා ඒ ආවේගය පිට කරනවා. ඒකෙන් වුණේ බෙදුම්වාදයට ‘කල්ලමරේ’ වූ එකයි. දෙමළ ඩයස්පෝරාව හැදුණේ ඊට පසුවයි. සල්ලි, අවි ආයුධ කොටි ත්‍රස්තයින්ට යහමින් ලැබෙන්න පටන් ගන්නේ ඊට පසුවයි. ජාත්‍යන්තර මතය දෙමළ බෙදුම්වාදය දෙසට නැඹුරු වුණේ ඊට පසුවයි. දෙමළ බෙදුම්වාදයට ඒ ස්විප් ටිකට් එක ඇදලා දුන්නේ කළු ජූලිය නිර්මාණය කළ ජේ. ආර්. ජයවර්ධනයි.

මෙදා පාරත් ජනාධිපති නිල නිවසට, අගමැති නිල නිවසට යාමට තිබෙන ජනතා ආවේගය වෙන තැනකට හරවන්න ඉඩකඩ තිබෙනවා. ඒකට නම් අහු වෙන්න එපාෟ මේ පරගැති, සල්ලාල ආණ්ඩුව පරාජයට පත් කිරීමෙන් මිසක් කුමන අන්තවාදයක්වත් මට්ටු කරන්න බැහැ. මේ පරගැති හවුල් ආණ්ඩුව අන්තවාදයන් සුරතල් කරන ආණ්ඩුවක්. ඒ අන්තවාදයන් අතර ගැටුමක් හදලා, හදිසි නීතිය දමලා ඊළඟ ඡන්ද ටිකත් කල් දමා ගන්න කුරුමානම් අල්ලන ආණ්ඩුවක්. තමන්ට අභියෝගයක් වන දේශපාලන නායකයන් සිරගත කරන්න සැලසුම් හදාගෙන ඉන්න ආණ්ඩුවක්.

‘මඟ මානවක ආවේගයක්!’

ඒ නිසා ඒ උගුලට නොවැටී, ජයවර්ධන ඇදපු තුරුම්පුව රනිල් වික්‍රමසිංහට අදින්න ඉඩ නොදී මිතුරු වෙසින් ක්‍රියාත්මක සතුරු පිල්ලි නිවැරදිව හඳුනාගෙන, ජාතිය නිවැරදි දෙසට ගෙන යන්න අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒක කරන්න නම් මේ මුළු පින්තූරය දකින්න ඕනෙ. අද මේ ජාතියට උවමනා මඟ මානවකයකුගේ ආවේගයක්. ප්‍රඥාවෙන් තොර, අවබෝධයෙන් තොර ආවේගය ඉතා භයානකයි.

ඒ නිසා ප්‍රඥාවන්ත ආවේගයෙන් යුත් බලවේගය බවට අපි පරිවර්තනය වෙමු! ඒ වෙනුවෙන් තමන්ගේ යුතුකම, වගකීම අතට ගනිමු!”

මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජානිපෙ කැස්බෑව සංවිධායක, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-06 -25

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    පන් දහසක ඉතිහාසේ
    පන් දහසක් පවතින්නේ
    අප උරුමය රැක ගන්නේ
    එක පොදියට නැගිටින්නේ

    සමනොළ ගිරි සිර මුදුනේ
    ගිනි කන්දක හැඩ තිබුනේ
    සිරි පතුලේ බල මහිමේ
    ලාවා ඝන වී මැකුණේ

    හෙළ රජ දරුවන් පොරණේ
    දාගැබ් මහ වැව් බැන්දේ
    ලෝවා මහ පෑ, සීගිරි
    විස්කම් අදටත් රැකුණේ

    මහ මුහුදින් වට වෙන්නේ
    සම්පත් පිරි ඉතිරෙන්නේ
    පරගැතියන් වලිකන්නේ
    පින්බිම බිල්ලට ගන්නේ

    ගිවිසුම් එක පිට එන්නේ
    හතුරා දොරකඩ ඉන්නේ
    බෙදුණු රටක්, වැටුණු දැයක්
    නැහැ අප ඉවසන් ඉන්නේ

    රට වෙනුවෙන් පණ දුන්නේ
    රණවිරුවන් පණ වැන්නේ
    අභිමානය රැක ගන්නේ
    එක හඬකින් නැගිටින්නේ

    ඩෙංගු උණෙන් මිය යන්නේ
    ගංවතුරට අසු වන්නේ
    මහ පාරේ ගුටි කන්නේ
    එක මවකගෙ දරුවන්නේ

    සිරි සඟබෝ හිස දුන්නේ
    වෙස්සන්තර දරු දුන්නේ
    බුද්ධදාස වෙද රජුනේ
    වෙද-මරුවන් රට කන්නේ

    ලක් මෑණිට පණ දුන්නේ
    “ජාතියෙ රණ හඬ” වැන්නේ
    රට රැක දුන් බලවේගේ
    ඉතිහාසේ ලියවෙන්නේ

    එක පෙළකට හිට ගන්නේ
    ඔබ අතහැර නැත යන්නේ
    එක මඟ එකටම යන්නේ
    රට වෙනුවෙන් පණ දෙන්නේ

    දළදා හිමි අනුහසිනේ
    ශ්‍රී මා බෝ රැකවරණේ
    පින් බිම හදවත වැන්නේ
    හුස්ම පොවා රැක ගන්නේ

    සිංහල හදවත පතුලේ
    සිංහල හඬ රැව් දෙන්නේ
    සිංහල රට රැක ගන්නේ
    සිංහ කොඩිය ලෙල දෙන්නේ !

  2. Champa Reply

    Wimal, your photo is not included here. It was perfect with your slogan in the background. I love your pose too, with your raised left hand. You normally don’t raise your left hand much.

  3. Champa Reply

    විමල්, මම දැක්ක අර නිවේදනය දඹුලු විහාරේ ගැන. අනේ විමල් කොච්චර දෙයක්ද. දැක්කමත් මට සතුටු හිතුන. ඔයා ඔය ගැන නිකම් කතා කරත් ඇති. හැබැයි අර වගේ හරිම පැහැදිලි තර්කයක් එක්ක ලියලා තියෙන නිවේදනය නම් හරිම වටිනවා. දැනට විතරක් නෙමෙයි අනාගතයටත් වටිනවා ඒ කියල තියෙන කරුණු. ඔය නඩු තීන්දුව පූර්වාදර්ශයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.
    පන්සල් එක්ක JR ගේ තිබුණු වියවුල ගැන මෙච්චර හොඳට සංක්ෂිප්ත කරලා ලියලා තියෙනවා මම දැක්කමයි. පුරා විද්‍යාත්මකව ලොකු වටිනාකමක් තියෙන දඹුලු විහාරේ ගන්න හදන එක කොහොම හරි නවත්තමු. ඒ මොකොද කිව්වා නම් ඊට පස්සේ අනිත් පන්සල් වලටත් අත තියයි. පේනවනේ කරන විදිය. හරිම සැලසුම් සහගතයි. මුන්ට ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ විමල්? අර මොකෙක්ද සතෙක් ඉන්නවා නේද, ආවොත් නිකම් පාළු වෙලා යන්නේ. මේ ආණ්ඩුව අත තිබ්බ තැනක් ඇත්නම් ඉවරයි.

    අර මොකෙක්ද පාන් පාරුවෙක් මොකක්ද කියලා තිබ්බ නේද? කොහෙන් ආපු මෝඩයෙක්ද දන්නේ නැහැ. කවුරු හරි ලියලා දෙන්න ඇති එහෙම කියන්න කියලා. තේරෙනව නේද? මතකද අර ඔයා නුගේගොඩ රැස්වීම කරන කොටත් ඔය වගේ ඔයාට attack කළා. සුළු ජාතිකයන් ලව්වා සිංහල බෞද්ධයන්ට සහ බුදු දහමට අපහාස කරවන එක මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම කරපු දෙයක්. මේකට බය වෙලා නේද? මේ පාර නම් ඔයාට අත තියන්න ආවොත් මහජන නැගිටීමක් විතරක් නෙමෙයි හාමුදුරුවරුන්ගේ නැගිටීමකුත් වෙනවා. මේ රන්ගිරි දඹුලු විහාරේ හාමුදුරුවන්ට මහජන සහයෝගය අරන් දෙන්න ඕනේ. අස්ගිරියේ අනුනායක හාමුදුරුවරුත් කතා කරලා තිබුනා. දකුණු පළාතේ හාමුදුරුවරුත් කතා කරලා තිබුනා. ඔයා හොඳයි වේලාසනම ඒ ගැන කතා කරපු එක ඒ ගැන.

    විමල් මේ පාර seminar එකේ කතාව හරිම පැහැදිලියි. වෙනදට වඩා වෙනස් වගේ. ඒ කියන්නේ මුකුත් බර වචන නැතුව හරිම සරල විදියට ලස්සනට ගොනු කරලා කතාව කරලා තියෙන්නේ.

  4. Champa Reply

    විමල් මමත් දැක්ක රනිල් කියනවා දේශපාලන පක්ෂ හැමෝම කැමති වුනා කියලා ෆෙඩරල් ව්‍යවස්ථාවට. ඔයා කැමති වෙන්නේ නැහැ කියන එක ලංකාවම දන්නවා. හැබැයි ඒකාබද්ධ විපක්ෂය විශ්වාස කරන්නේ කවුද?

    ජනවාරි මාසේ තව පොඩ්ඩෙන් අර කමිටු වාර්තා 6ත් සම්මත කරගන්න ඒකාබද්ධ විපක්ෂය රනිල්ට උදව් කරනවා. පට්ටපල් බොරුවක් කිව්වා ඒකට විරුද්ධව ඡන්දේ දෙන්න පක්ෂ දෙකෙන්ම 28ක් ආණ්ඩුව පැත්තෙන් ඉන්නවා කියල. එහෙම කලේ මිනිස්සුන්ව රවට්ටලා ඒ ගැන තියෙන විරෝධය අඩු කරන්න. හොඳ වෙලාවට ඔයා මිනිස්සුන්ට වේලාසනම අර Centre-Periphery Relations වාර්තා ගැන කියලා තිබුනා. ඒ හින්දා මිනිස්සු විරුද්ධ වුනා, මහනායක හාමුදුරුවරු අනිත් හාමුදුරුවරු විරුද්ධ වුනා. ඒ හින්දා President ඒක නතර කළා. ඊට පස්සේ ඔයාව හිරේ දම්මලා රනිල්ට පාර හදලා දුන්න. ඔයා හිර ගෙදර ඉඳලා පාර්ලිමේන්තු ඇවිල්ල කතා කරපුවා මිසක් ඒ කාලේ ඒකාබද්ධ විපක්ෂයේ කිසිම ආණ්ඩුව විරෝධයක් තිබුනේ නැහැ. හිතා හිටියේ අවුරුද්දක් විතර ඔය විදියට ඔයාව හිරේ දමලා, සමහරවිට 2020 වෙන කම්. ඔයා මාස තුනක් ඉවසන් හිට්යා තමයි විමල්, හැබැයි ඔයාට අවුරුදු ගණන් එහෙම ඉන්න බැහැ. මම අදටත් කියනවා ඔයාව හිරේ දැම්මේ ඔයාගේ ජීවිතේ නැති කරන්නමයි. මට තාමත් හිතා ගන්න අමාරුයි ඔයාට උපවාසයක් කරන්න හිතුනේ ඇයි කියලා, හැබැයි ඔයාගේ ජීවිතේ බේරුනේ ඒකෙන්. ඒක සිද්ධ වුනේ ඔයාව හිරගේදරින් එලියට ගන්න.ඔයා තව හිටියා නම් ඔයාගේ ජීවිතේට අනතුරක් වෙනවා හිර ගෙදරදී. දවස් තුනෙන් ඉවර වෙන්න තිබුනේ උපවාසේ දවස් නමයක් වෙනකම් ගිහින්, කලින් විදියට බැරිනම් උපවාසෙන් හරි ඔයාට අනතුරක් කරන්න බැලුවේ කවුද විමල්. අන්තිමට මහජන නැගිටීමක් වෙයි කියල වගේ තේරුණ නිසා නතර කරලා දැම්ම. නතර කරලා දැම්ම, හොඳට මතක තියා ගන්න අතාරලා දැම්මේ නැහැ. ඒකයි මම කියන්නේ උගුල් වලට අහු වෙන්න එපා කියලා. මට ඔයාව බේරා ගන්න ලියන්න ඉඩ දුන්නෙත් නැහැ. අන්තිමට ඔයා මෙතන ඉඩ දුන්න හින්දා තමයි උපවාසේ දවස්වල හරි මට ලියන්න ලැබුනේ. අනික CT එකත් මට ලියන්න දුන්න. ඔයා හිතනවද මම ඕව කවදාවත් අමතක කරයි කියලා. ඔයා හිර ගෙදර හිටපු මුළු මාස තුනම තිස්සේ හැමදාම මගේ ඇස් වලින් කඳුළු ආව. නිකම් නෙමෙයි හුඟක් වෙලාවට එක දිගට ගලා ගෙන ආවා. මට නතර කරන්නත් බැරි තරමට. ඒ මාස තුනෙම මට වෙන කිසි දෙයක් කරන්න බැරිවුනා. නිකම් උණක්වත් ලේසියෙන් හැදෙන්න නැති මාව කවදාවත් නැති විදියට ලෙඩත් වුනා. මම මැරිලා ඉපදුනත් මට අමතක වෙන්නේ නැහැ විමල් අපිට කරපු දේ.

    ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව ඇතුලේ විරුද්ධව ඡන්දේ දීලා තියෙන්නේ මොනවටද? අයවැයටයි, අර මොකක්ද විශ්වාසභංග යෝජනාවටයි විතරයි නේද? අනිත් හැම පන්තක්ම රනිල් සමමත කරගත්තේ නිතරඟයෙන්. ඒ හැම දවසකම ඒකාබද්ධ විපක්ෂය එක්කෝ පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ, එහෙම නැත්නම් බොරු රණ්ඩුවක් හරි වෙලාව ගැන බොරුවක් හරි මොකක් හරි ඇදලා අරන් චන්දයක් ඉල්ලන එක නතර කළා. මේ පාර OMP පනතටත් කලේ ඒක. චන්දයක් නැහැ. ඔයා එදාට පාර්ලිමේන්තුවේ හිටියොත් OMP එකට විරුද්ධව කතා කරන එක නවත්තන්න බැරි නිසා, සූක්ෂම විදියට ඔයාව වේලාසනම රටින් එලියට ගත්ත. ආත්මාර්ථකමට මුළු රටම පාවලා දෙනවා. ඒ ගොල්ලෝ හිතා ඉන්නේ මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැහැ කියලා. බලන්න ඔයා හිට්යා නම් අඩු ගානේ OMP එකට විරුද්ධ ඔයාගේ කතාව වත් හැන්සාඩ් එකට යනවා. දැන් එකත් නැහැ. ඒකාබද්ධ විපක්ෂය කරන්නේ රනිල්ගේ contracts. ඒක දැන දැනම මොන එහෙකට ඔයා ඕකේ ඉන්නවද මම දන්නේ නැහැ.

    මහජනතාව වෙන වෙන පැති වලට යොමු කරන්නේ ආණ්ඩුව නෙමෙයි ඒකාබද්ධ විපක්ෂය. කතා කරන මාතෘකා රටට නෙමෙයි බලු කපුටෙකුටවත් වැඩක් නැති දේවල්. ඕනේ වෙලාවක වෙනස් කරගන්න පුළුවන් දේවල්. SAITM වුනත් බරපතල ප්‍රශ්නයක් විදියට මම දකින්නේ නැහැ. ඔයා ඔය කියපු අදහසම මමත් කියල තියෙනවා LCN එකට. තව අවුරුදු දෙකක් වගේ තියෙන්නේ ආණ්ඩුවට. ඒ ගොල්ලෝ කරන වෙන දේවල් වෙනස් කරගත්ත හැකි, හැබැයි ෆෙඩරල් ව්‍යවස්ථාව, IDP මිනිස්සුන්ට, LTTE Diaspora එකට ඡන්ද අයිතිය දෙනවා වගේ දේවල් සිද්ධ වුනොත් ආපහු වෙනස් කරන්න බැරි විදියට ජාත්‍යන්තර බලපෑම්, UN එකේ ඇඟිලි ගැහීම්, සම්බාධක අරවා මේවා වුනත් ඇවිල්ල ලොකු කලබැගෑනියක් වෙන්න පුළුවන්. අනිත් අතට ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත වුනාට පස්සේ ඊළඟට වෙනම රටක් උතුරේ හැදෙන එක එක රැයින් වෙනවා. බලන්නකො. අපේ මිනිස්සුන්ට මේකේ බරපතතල කම හරියට තාම තේරෙන්නේ නැහැ.

    සමහරු බුද්ධාගමයි ඒකීය රාජ්‍යයයි අල්ලාගෙන දඟලනවා. මම නම් එදා ඉඳන්ම කියන්නේ කොටස් වශයෙන් ගන්නේ නැතුව මුළු ෆෙඩරල් ව්‍යවස්ථාවම සම්පූරනයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ, ඒ විතරක් නෙමෙයි දැන් තියෙන ව්‍යවස්ථාවට සංශෝධන ගෙන එකත් නවත්තන්න ඕනේ. ශත පහකට විශ්වාස කරන්න බැහැ මේ ආණ්ඩුව.

    ව්‍යවස්ථාව හුඟක් සංකීර්ණ දෙයක් නිසා, තියෙන ව්‍යවස්ථාවට අත තියන්නත් එපා, අලුත් ව්‍යවස්ථාවක් ගේන්නත් එපා කියන එක තමයි මිනිස්සු එක විදියටම කියන්න ඕනේ.

    කිසිම විදියකය නීතිමය පැත්තෙන්, ව්‍යවස්ථාව පැත්තෙන්, පරිපාලනමය පැත්තෙන් (ඡන්ද අයිතිය වගේ) කරන කිසිම වෙනස් කිරීමකට ඉඩ දෙන්න හොඳ නැහැ.

    ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි විමල්.

  5. Champa Reply

    විමල්, අර අරක නම් හුඟක් වැදගත්. IDP මිනිස්සුන්ට ඡන්දේ දෙන්න හදන එක. I saw something related to it recently, don’t remember exactly what. ඒක නම් කොහොම හරි නතර කරගන්න ඕනේ. මැටි හරක්ට මේවගේ දේක බරපතලකම තේරෙන්නේ නැහැ කියන එක හරිම පුදුමයි.

    ETCA වලට වඩා අලුත් ව්‍යවස්ථාව නතර කරගන්න ඕනේ.

    අපි prioritize කරගන්න ඕනේ ප්‍රශ්න ටික මේ වගේ, නේද?

    1. ඉතාම හදිසි – ඉතාම වැදගත් (Very urgent/Very important)
    2. වැඩි හදිසි නැති – නමුත් ඉතාම වැදගත් (Not very urgent/But Very important)
    3. ඉතාම හදිසි – නමුත් වැඩි වැදගත් නැති (Very urgent/But Not so important)
    4. හදිසි නැති – වැඩි වැදගත් නැති (Not very urgent/Not so important)

    වැදගත් නැති කිව්වේ වැඩක් නැති නිසා නෙමෙයි ඒකෙන් සිද්ධ වෙන බලපෑම අනුව.
    4. උදා: SAITM
    2. උදා: ETCA, Harbours, Oil Tanks, Land matters, Hybrid Court
    1. උදා: Federal Constitution, IDP voters list
    3. උදා: Establishment of OMP (Act is already passed), Temple custodian matters (Your legal point containing the precedent will solve the matter. Can you please repeat it at the seminar? All Buddhist Monks should be aware of it.)

    මම හිතනවා ETCA ඉක්මනට අත්සන් කරන්න තියෙන සම්භාවිතාව සියයයට 20කට වඩා නැහැ කියල සහ කොහෙත්ම අත්සන් කරන එකක් නැහැ වෙන්න තියෙන සම්භාවිතාව සියයට 80ක් විතර කියල දැන්, මේ වෙලාවේ. ඒක හින්දා ETCA වලට දැන් වැඩි බරක් නැහැ.

    හැබැයි ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම හෝ එකේ දේවල්ම ටික ටික කොටස් වශයෙන් සැරෙන් සැරේ දැන් තියෙන ව්‍යවස්ථාවටම ඇතුල් කරන්න තියෙන සම්භාවිතාව සියයට 500ක් විතර. මේක මොන විදියකින් හරි කරගන්න දඟලනවා. ඔයා කියන එක හරි. අනිත්වා පැත්තකට දාලා මේක ගැන අවධානය යොමු කරන්න ඕනේ. අනිත් එක විමල් මේක දුන්න නම්, ETCA අත්සන් කරන්න ඕනේ නැහැ, උතුරු පළාත් ආණ්ඩුව ඒක වෙනම අත්සන් කරයි ඉන්දියාව එක්ක. අපිට නවත්තන බැරි වෙනවා.

    එතකොට ජිනීවා ප්‍රශ්නේ, ඒකෙ තියෙන ඒවා කරන්න යන්න පුළුවන්, ඒ කියන්නේ අර establishing Missing Personas Office එක එහෙම. ඒක නිසා එක හදිසියි, නමුත් දැනටම JO එක පනත නිතරඟයෙන්, (බලන්න එක විරුද්ධ චන්දයක් නැහැ, චික්), පාස් කරලා දුන්න නිසා අපිට කරන්න පුළුවන් බලපෑම තක්සේරු කරන්න වෙනවා. Passing OMP act unanimously is a great defeat Wimal. When JO say Yes to OMP, how could they say No to other UNHRC proposals, hybrid court, etc? Idiots. They are more betrayers than Ranil. පාර්ලිමේන්තුව ඇතුලේ දැන් බින්දුවයි බලපෑම OMP හදන එකට. ඒ නිසා එලියෙන් නවත්තන්න බලන්න ඕනේ. මහනායක හාමුදුරුවරුන්ට කියල බලන්න වෙනවා විමල්, ඒ මොකොද කිව්වා නම් රනිල් ඉක්මනට ඊළඟ step එකට යන්න බලයි.

    මම හරිම කැමතියි ඔයාගේ ඊළඟ seminar එක නුවර තියෙන එකට. දළදා හාමුදුරුවෝ වඳින්න ගියපු පින්තූර ආපහු දාන්න හොඳද. ඔයා ටිකක් ආඩම්බරකාර හරිම මුරණ්ඩු කෙක්කක් හින්දා අර මම කලින් දවසක කියපු එක ආයේ කියන්නේ නැහැ, නමුත් හොඳ විදියක් කරන්න නේද? අර IDP කතාව මම හිතන්නේ වැඩිය කවුරුවත් දන්නේ නැහැ. ඒවගේ දෙයක් නවත්ත ගන්න ලොකු බලපෑමක් කරන්න වෙනවා, ආණ්ඩුවට වඩා විමල් ඒක ඉල්ලන බෙදුම්දිවාදී ජාතිවදීන්ට තමයි පෙන්නන්න ඕනේ හිතන දේවල් කරගන්න සිංහල මිනිස්සු ඉඩ දෙන්න නැහැ කියන එක. ඒකට නිකම් මිනිස්සු හාමුදුරුවරු හැමෝම එකතු වෙන්න ඕනේ, නේද?

    ඔයා පරිස්සමින් ඉන්නවා නේද, විමල්? ඔයාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂාවයි, කතරගම දෙවියන්ගේ රැකවරණයයි තියෙනවා. මම මෙහෙම බය වෙන්න ඕනැත් නැහැ. ඒ වුනාට සමහර වෙලාවට…. Take care. Love you very much.

  6. Champa Reply

    Wimal, I wish you all the very best and every success in your seminar, this evening.

    I like it very much when you tell stories about our proud history. When we were small we heard stories of our history. But most of the children today don’t know anything. Not only them, even some parents don’t know. I was looking for some reading material about your claim that British didn’t return all the islands. Something like that never occurred to me. I am very interested. I like to know more about it. Hope I can find time to read.

    Take care Wimal. Love you so very very much.

  7. Champa Reply

    Why Wimal? I didn’t even say anything. Not fair. My weekend is ruined.

    ඔක්කොම නපුරුකම් මට. රණ්ඩු කෙක්ක. අනේ මම දන්නෙත් නැහැ මොකොට තරහ වෙලාද කියලා. මම මුකුත් කිව්වෙත් නැහැ. කොක්ක වගේ කැරකි කැරකි හාර හාර එල්ලී එල්ලී රණ්ඩු වෙන්න නැති වැරදි හොයනවා. කවදාවත් රණ්ඩු වෙන්නේ නැති මාව බොරු හේතු හොයලා නැති වැරදි ගොතල රණ්ඩු වලට ඇදලා ගන්නවා. පව් සිද්ධ වෙයි ඔන්න මම දන්නේ නැහැ. පොඩ්ඩ ඇත්නම් තරහා වෙන නිසා මම පරිස්සමෙන් ලිව්වෙත්. අනේ මම කිසිම වචනයක් අවභාවිතා කලෙත් නැහැ, මට දඬුවම් කරනවා. මම නම් ඕක බලන්නේ නැහැ ඔන්න.

Leave a Reply

*