BREAKING NEWS

මේ සටන වගේම යළි මහින්ද රාජපක්‍ෂ පාලනයක් බිහි කිරිමේ සටනත් ජයග‍්‍රහණයෙන් කෙළවර කරමු! – ජානිපෙ නායක විමල් වීරවංශ

මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවා අපහාස කිරිමේ අත්තනෝමතික ක‍්‍රියාවට එරෙහි සටන සේම යළි මහින්ද රාජපක්‍ෂ පැලනයක් බිහි කිරිමේ සටනද ජයග‍්‍රහණයෙන් කෙළවර කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අද(21) සවස, ‘මහින්ද රාජපක්‍ෂ මහතා අල්ලස් කොමිසමට කැඳවා ප‍්‍රශ්න කිරිමේ තීන්දුවට එරෙහි සටන’ ජයග‍්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටක් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘අවසානයේදී මේ අනුවණ ආණ්ඩුවට එක`ග වෙන්න වුණා. හිටපු ජනාධිපතිතුමා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවන්නේ නැතිව, එතුමාගෙන් ප‍්‍රකාශයක් ගන්න උවමනා නම් එය එතුමාගේ නිවසට ගොස් ලබාගැනීමට. ‘හිටපු ජනාධිපතිතුමන්ව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවලා අපහාස කරන්නේ නැහැ’ කියන සහතිකය අපට දැන් ලැබී තිබෙනවා.

ඒ වගේම එකග වුණා මීට පස්සේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවීමේදී ඔවුන්ගේ ගෞරවය හා රහස්‍යභාවය රැකෙන අන්දමින් කටයුතු කිරීමට. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අල්ලස් කොමිසමට කැඳවලා අවමන් කරන, මාධ්‍ය සංදර්ශන පවත්වන, දඩයම් කරන ක‍්‍රමවේදය වෙනස් කිරීමටත් කථානායකතුමන් මැදිහත් වෙලා තිබෙනවා.

ඒ විතරක් නොවෙයි, වික‍්‍රමසිංහ මහත්තයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පත්කරපු ඔහුගේ හිතවතිය ඉවත් කළ යුතුයි’ කියන යෝජනාව අද පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 118කගේ අත්සන් සහිතව ජනාධිපතිතුමන් වෙත භාර දුන්නා.

ඒ නිසා ඔබ සියලූ දෙනා මේ ජයග‍්‍රහණවල කොටස්කරුවෝ. අපේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමන්ලා ඊයේ(20) රාත‍්‍රියේ නිදිවර්ජිතව මේ සටනට පණ දුන්නා. මේ සටන විතරක් නොවෙයි, මෙතැනින් එහාට මේ ආණ්ඩුව එලවලා දාලා යළි මහින්ද රාජපක්‍ෂ පාලනයක් මේ රටේ ඇති කිරිමේ සටනත් ජයග‍්‍රාහීව කෙළවර කරමු’’11182357_818920964811182_1150835008016278079_n 11180326_907995685931451_2308461942357504407_n 11180267_10205374400493684_1432070000_n 11178280_818921054811173_56448109939821852_n 11173389_818920844811194_4722001762694729826_n 11165984_10205374401613712_1979857952_n 11149452_907995705931449_3696453685035967190_n 11146603_907995689264784_8409474029005614847_n 11141252_818920994811179_7981084524107378325_n 11136625_907995712598115_1444767785510705156_n 11118824_818920904811188_931548248171537580_n 11027527_818921201477825_3859113668865268066_n 11018188_818921141477831_8777390522549268399_n 10409629_907995692598117_3485100234172925922_n 1506938_818920814811197_1600680717157037266_n 22107_818921128144499_4106194719724283333_n 11167669_445826442245569_7563528187182157297_n 11136741_445826552245558_6098342535321300631_n 11113786_445859925575554_8628106531573721030_n 1901346_445826335578913_9057704725842618686_n 21029_445826542245559_716435663629299812_n 11167669_445826442245569_7563528187182157297_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*