BREAKING NEWS

මෛත්‍රී – රනිල් දෙපස තබාගෙන අත් ඔසවා මෝඩි කීවේ කුමක්ද?

‘මෛත්‍රී – රනිල් දෙපස තබාගෙන අත් ඔසවා මෝඩි කීවේ කුමක්ද?
විමල්ගෙන් අපූරු විග්‍රහයක්

මෙරටට පැමිණි ඉන්දීය රාජ්‍ය නායකයා මෙරට රාජ්‍ය නායකයා සහ අගමැතිවරයා දෙපස තබාගෙන ඔවුන්ගේ අත්වලින් ඔසවා මුළු ලෝකයටම නොකියා කීවේ ‘මේ රටේ අයිතිකාරයා මමයි. මේ තමයි මම දාපු ජොකියන් දෙන්නා’ කියා යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(16) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“ආණ්ඩුව දවසින් දවස කඩාවැටීමේ දිසාවට ගමන් කරනවා. ඒ වගේම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප්‍රමුඛ දේශපාලන බලවේගය දවසින් දවස බලවත් වෙමින් මේ ආණ්ඩුව පරාජය කිරීමේ සටනක නිතරව සිටිනවා.

මුලින් පැවසුවේ මෝඩි අගමැතිවරයා වෙසක් දිනයට කලින් මෙරටට පැමිණීමට නියමිත බව. නමුත් ඔහු මෙරටට ආවේ වෙසක් දිනය උදා වුණාට පසුවයි. වෙසක් දිනය උදා වූවාට පසුව මෝඩි නොවෙයි කවරකු පැමිණියත් විරෝධතා පැවැත්වීමේ සංස්කෘතියක් මේ රටේ නැහැ.

කෙසේ නමුත් මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිත් කියපු, කරපු දේවල්වලින් පැහැදිලි වුණේ ඔහු සිතා සිටින්නේ ශ්‍රී ලංකාව තමන්ගේ කොලනියක් ලෙස බවයි. වතුකරයට ගිහිල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ අතට ඉන්දීය කොඩිය දීලා, ඒ වගේම තමන් මැදින් ඉඳගෙන, ලංකාවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ අත් අල්ලන් ඒවා උස්සලා පෙන්වලා මෝඩි අගමැතිවරයා නොකියා කීවේ ඒකයි. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක මැද ඉන්න ඕනෙ රටේ ජනාධිපති. ‘මේ රටේ අයිතිකාරයා මම. මේ තමයි මම දාපු ජොකියෝ දෙන්නා’ කියලයි එදා ඉන්දීය අඅගමැතිවරයා මුළු ලෝකයටම පෙන්වා දුන්නේ.

වෙන කිසිම රටක එහෙම වෙන්නේ නැහැ. ඒ තරම් පරාධීන තත්වයකට අපේ රට අද ඇද දමලා තිබෙනවා. මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේදී මෝඩි කියනවා ‘වෙළඳාම,තාක්ෂණය හා මානව සම්පත් නිදහසේ ගලා යාමට ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව පියවර ගත යුතුයි’ කියලා.

එමගින් නොකියා කියන්නේ ‘එට්කා ගිවිසුම අත්සන් කරලා ඉන්දියාවේ, ශ්‍රමිකයන්ට ලංකාවට ඇවිත් මේ රටේ තරුණයන්ගේ රැකියා අවස්ථා, අයෝජන අවස්ථා කොල්ල කන්න ඉඩ දෙන්න ඕනේ’ කියලයි. ඒ වගේම ‘හනුමන් පාලම හදලා මේ රටවල් දෙක භෞතික වශයෙන් යා කරන්න ඕනෙ.’ කියලයි ඔහු කීවේ. මේ සියල්ලටම ඉන්දියාවට ගියපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වෙලා ඉවරයි. ඒ ‘එකඟවීමේ සාදය’ තමයි ඉන්දීය අගමැතිවරයා වෙසක් දිනවල ශ්‍රී ලංකාවට ඇවිත් පැවැත්වූයේ. කොහොම වුණත් මේ රට ඉන්දියානු කොලනියක් කිරීමේ උත්සාහයට එරෙහිව ඕනෑම කැප කිරීමක් සිදු කිරීමට මේ රටේ ජනතාව සූදානම් බව හොඳින් මතක තියාගන්න කියා මේ ආණ්ඩුවට කියනවා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-05-16

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*