BREAKING NEWS

මොනර කොළ පමණක් නොවෙයි විශ්වාසභංගය පරදින්න ජනාධිපති සිරිසේනගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය ද දැඩි සේ බලපා තිබුණා

මොනර කොළ පමණක් නොවෙයි විශ්වාසභංගය පරදින්න ජනාධිපති සිරිසේනගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය ද දැඩි සේ බලපා තිබුණා
– ජානිපෙ නායක විමල් වීරවංශ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මිල දී ගැනීම පමණක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය ද විශ්වාසභංගය පැරදවීමට හේතු වූ බවත් මෙවර ද රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ප්‍රාණය රැක දුන්නේ ජනාධිපතිවරයා විසින් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඊයේ (07) කන්තලේ සම්පත හෝටල ශ්‍රවණාගාරයේ දී ‘පැරදුණු ආණ්ඩුව, තෙල්දෙණියේ ගින්න, මෙතැනින් කොතැනට ද? යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ විසින් පවත්වනු ලබන දේශනමාලාවේ දෙවැන්න සිදු කරමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පෙබරවාරි 10 වැනිදා පැවැති පුංචි ඡන්දයෙන් මේ ආණ්ඩුවට බරපතළ පරාජයකට මුහුණ දීමට සිදු වුණා. ඒ පරාජයෙන් පසුව සතියක් පමණ ගත වන තෙක් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සොයා ගැනීමටවත් බැරි වුණා. ඒ පරාජය වසා ගැනීමට තමයි තෙල්දෙණියේ ගිනි ඇවිලුවේ. අම්පාරෙන් පටන් ගන්න බැලුවා හරි ගියේ නැහැ. පසුව තෙල්දෙණියේ දී වැඬේ හරි ගියා. ජේ.ආර්. මාමා කළ දේම රනිල් බෑණා කළා. නිසි පරිදි පොලිසිය මැදිහත් නොකරමින් සිංහල – මුස්ලිම් ගැටුම් උත්සන්න වීමට මේ අය ඉඩ හැරියා. මැරයින් සිංහල වුවත් මුස්ලිම් වුවත් ඒ අය පිටතින් පැමිණි අය බව හෙළි වී තිබෙනවා.

‘දිලූම් අමුණුගම පටලවන්න යනවා’

ඒ විදියට පරාජය වසා ගන්න ගැටුම් අවුලපු ආණ්ඩුව ඒකේ වගකීම පොහොට්ටුවේ මහජන නියෝජිතයන්ට පටවන්න හදනවා. දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා මේ ගැටුම්වලට වගකිව යුතු බවට වාර්තාවක් හදන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සූදානම් වෙනවා. නමුත් ගැටුම් සිදු වූ දිනවල අමාත්‍ය රවුෆ් හකීම් පවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ‘අපට යන්න බැරි තැන්වලට පවා ගිහිල්ලා ගැටුම්වලට මැදි වුණු මුස්ලිම් ජනතාව බේරාගන්න දිලුම් අමුණුගම මන්ත්‍රීතුමා කටයුතු කළා’ කියලයි.

‘බදු පෝරියල් එකක්’

කෙසේ නමුත් පෙබරවාරි දහවැනිදා ජනතා ජයග්‍රහණය යටපත් කරන්න මේ ආණ්ඩුව කොතෙක් උත්සාහ කළත් එය සාර්ථක වෙන්නේ නැහැ. රුපියල් 350ට සියලු වගාවන් සඳහා දුන් පොහොර සහනාධාරය, මේ ආණ්ඩුව නතර කළා. වවුචර් ක්‍රමයක් ගෙනල්ලා ජනතාව රැවටුවා. නමුත් වී වගාව සඳහා රුපියල් 500ට අනෙකුත් වගාවන් සඳහා 1500ට පොහොර සහනාධාරය ලබා දෙන්න දැන් මේ ආණ්ඩුවට සිදුව තිබෙනවා. ඒක පෙබරවාරි 10 වැනිදා මැතිවරණ ජයග්‍රහණය නිසා ගොවි ජනතාව ලැබූ ජයග්‍රහණයක්. අවුරුදු 3ක් රට පාලනය කරපු මේ ආණ්ඩුව රටට කරපු කිසිම දෙයක් නැහැ. 2014 දී 7.5%ක පමණ අගයක තිබුණු ආර්ථික වර්ධන වේගය අද වන විට 2.5% පමණ දක්වා පහත වැටිලා. මහ බැංකුව මහ දවල් මංකොල්ල කාපු මේ ආණ්ඩුව අප්‍රේල් 01 වැනිදාට යෙදෙන තම ‘උපන්දිනය‘ දවසේ මේ රටේ මධ්‍යම පාන්තික ජනතාව ප්ලැට් වෙලා යන බදු පෝරියල් එකක් දුන්නා.

‘බුද්ධි නිලධාරීන්ට වද දීම’

මේ අවුරුදු තුන පුරාම මේ ආණ්ඩුව සිදු කළේ බටහිර බලවතුන් සහ ඉන්දියාව පමණක් නොවෙයි, ජාතිවාදී, බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමයි. මේ පරගැති රූකඩ ආණ්ඩුව බලයට ගෙනාපු මේ තුන් ගොල්ලොම හරියට සතුටු වන දෙයක් තමයි අපේ රණවිරුවන්ට හිරිහැර කිරීම. විශේෂයෙන් දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීමට පුරෝගාමී මෙහෙවරක් සිදු කළ අපේ බුද්ධි බලකා නිලධාරීන්ට වද දෙන කොට මේ අයට හරිම සතුටුයි. දැන් අපේ යුද හමුදා බුද්ධි බලකා අධ්‍යක්ෂවරයාව සිටි මේජර් ජෙනරාල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කීත් නොයාර් මාධ්‍යවේදියාට පහර දීමේ සිදු වීම පිළිබඳව සැකපිට තමයි එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ. නමුත් මීට පෙර මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරීන් වෙනුවෙන් පැවැත් වූ හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඕස්ට්‍ෙරේලියාවේ සිටින කීත් නොයාර් පැමිණියේ නැහැ. නමුත් මේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් කීත් නොයාර්ට නැති උනන්දුවක් තිබෙනවා. ඉන් පෙනී යන්නේ මේ ආණ්ඩුවේ රණවිරුවන් දඩයම් කිරීමේ වුවමනාව මිස අන් යමක් නොවෙයි.

‘විජයග්‍රහණ සැමරුම හා පෙළපාලිය තහනම්’

2013 සිංගප්පූරුවේ දී මංගල සමරවීරලා, මහින්ද රාජපක්ෂ පාලනය පලවා හැරීමට ගෝලීය දෙමළ සංසදයෙන් ‘හිඟන්නකු‘ සේ කළ ඉල්ලීමට 2015 ජනවාරි 8 වැනිදා සහාය ලැබුණා. ඊට හිලව් වශයෙන් මංගල සමරවීරලා 2015 මාර්තු සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකා රජය ලෙස දෙමළ ගෝලීය සංසදය ද ඇතුළු දෙමළ ඩයස්පෝරාව සතුටු කරන දේ පමණයි සිදු කළේ. මෙවර සැසි සැසිවාරයේ දී පොරොන්දු වී තිබෙනවා, ඊනියා සංහිඳියාවේ නාමයෙන්, බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මැයි 19 වැනිදා විජයග්‍රහණයේ සැමරුම නොපැවැත්වීමට හා හමුදා උත්තමාචාර පෙළපාලිය නොපැවැත්වීමට. මේ සිරිසේන – වික්‍රමසිංහ ආණ්ඩුව නිවට, පජාති ආණ්ඩුවක් බව ඉන් තවදුරටත් ඔප්පු වෙනවා.

‘රනිල්ගේ දිනිල්ල’

ඡන්ද 30ක් පැරදුණු රනිල් සල්ලි කෝටි ගණන් බෙදලා පාර්ලිමේන්තුව ඇතුළේ එක ඡන්දයක් දිනුවා. ඒ ජයග්‍රහණය සමරන්න, 2015 සිරිසේන මහතාව බලයට ගෙනෙන්න නිරුවත්ව කඬේ ගියපු සිරස මාධ්‍ය ආයතනය ඉදිරියේ රතිඤ්ඤා දැම්මා, යකා නැටුවා. ‘අනේ මේක නම් දිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දීමක්’ කියා මට හිතුනා. නමුත් සතුටු වෙන්නත් බැහැනේ. කාගේ වුණත් මාධ්‍ය ආයතනයක්නේ. මාධ්‍ය ආයතනයකට පහර දීම හෙළා දැකිය යුතුයි. මේ සම්පූර්ණ කොටසම දානවානම් දාන්න, කියා අපි සිරසට කියනවා. (සභාවේ සිනා) ‘රනිල් මහත්තයෝ පාර්ලිමේන්තුව ඇතුළේ කෝටි ගණන් වියදම් කරලා ඡන්ද දිනලා රතිඤ්ඤා පත්තු කළාට මේ මහපොළොවේ රතිඤ්ඤා පත්තු කරන ජයග්‍රහණ කවදාවත් ඔයාට ලබාගන්න බැහැ’ කියා අපි මතක් කර දෙන්න කැමතියි.

‘ජනපති සිරිසේනගේ වැනෙනසුලු ප්‍රතිපත්තිය’

විශ්වාසභංගය පැරදුනේ රනිල්ගේ මොනර කොළ නිසා පමණක් නොවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්තිය ද ඊට දැඩි සේ බලපා තිබුණා. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ගත්ත තීරණය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ ඒ නිසයි. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට සූදානම්ව සිටි එජාප මන්ත්‍රීවරු ගණන විසිහයකට වැඩියි. ඔවුන් රැස් වී සිටියේ ස්ථාන තුනක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට තම තීන්දුව ඒකමතිකව ක්‍රියාත්මක කරන්න බැරි තත්වයක් අප්‍රේල් 4 වැනිදා උදේ උද්ගත වුණා. එවිට එස්.බී. දිසානායක මන්ත්‍රීතුමා අර එජාප මන්ත්‍රී කණ්ඩායම් තුනට වෙන වෙනම ගොස් පැවසුවා, ‘අපේ පැත්තේ උද්තව තිබෙන අවුල නිසා විශ්වාසභංගය දිනන්න බැහැ. විශ්වාසභංගයට පක්ෂව ඡන්දෙ දීලා අමාරුවේ වැටෙන්න එපා!’ කියලා. මේ දිහා හොඳින් විමසා බලපුවාම පෙනෙන්නේ කුමක් ද? යළිත් වරක් රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ප්‍රාණය රැක දී ඔහුව බේරා ගත්තේ ජනාධිපතිවරයා බවයි.

‘දෙමළ සන්ධානය ඉදිරියේ යළිත් දණ ගැහුවා’

ඒ වගේම විශ්වාසභංගයෙන් දිනන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දෙමළ ජාතික සන්ධානය ඉදිරියේ යළි යළිත් දණ ගැහුවා. ජාතිවාදී ඉල්ලීම් දහයකට එක්ඟ වෙලයි ඒ ඡන්ද 16 විශ්වාසභංගයට විරුද්ධව ලබා ගත්තේ. මාස තුනෙන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම, උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත හා අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත අනුව යමින් කොටි අතුරුදහන් වූවන් පිළිබඳ නඩු විභාග කඩිනමින් ඇරඹීම ඒ අතර වෙනවා. මේවා 2013 සිංගප්පූරුවේ දී අර්ජුන් මහේන්ද්‍රන්ගේ නිවසේ දී දෙමළ ගෝලීය සංසදයේ නායකයන්ට මංගල සමරවීර දුන් පොරොන්දු.

‘විශ්වාසභංගය ජයග්‍රහණ රැසක ප්‍රසූතිය ගෙන දුන්නා’

විශ්වාසභංගය බැලූ බැල්මට අපි ලැබූ පරාජයක්. නමුත් එය ජයග්‍රහණ රැසක ප්‍රසුතියක්. අප එහිදී ලැබූ විශාල ජයග්‍රහණය තමයි මේ ආණ්ඩුවට මෙතෙක් පැවති තුනෙන් දෙකේ බලය අහෝසි කිරීමට හැකිවීම. එදා විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසමේ දී විශ්වාසභංගයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් 16 දෙනකු ඡන්දය පාවිච්චි කිරීමත් සමඟ තමයි, ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වුණේ. ඉදිරියේ දී මේ පිරිස් විපක්ෂයේ අසුන් ගනීවි. ඒ වගේම ඒ 16, තව කල් යන විට වැඩි වේවි, කියන සහතිකයත් අපට ලබා දීමට පුළුවන්. ‘රනිල් වික්‍රමසිංහ මහතා පැරදවිය යුතුය‘ කියන මතයේ සිටි රාජ්‍ය ඇමැති රංගේ බණ්ඩාර අවසානයේ දී විශ්වාසභංගයට ‘විරුද්ධයි’ කියා කීවා. මොනර කොළ නිසා නොවුණත් විජයදාස රාජපක්ෂ හිටපු අධිකරණ ඇමතිවරයාත් විශ්වාසභංගයට ඡන්දය විමසන අවස්ථාවේ දී ‘විරුද්ධයි’ කියා කීවා.

‘අපි ගාව හිටපු කෙනාට වෙච්ච දේ’

අර අපි ගාව ඉඳලා රනිල් පරද්දන්න, ‘මහින්ද – මෛත්‍රී එකතු කරන සිතියමකුත්’ අරගෙන මෛත්‍රී ගාවට ගියපු කෙනා විශ්වාසභංග දවසේ රනිල් පරද්දන්න පාර්ලිමේන්තුවට ආවේ නැහැ. එයා අතුරුදහන් වෙලා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අයට වගේම ‘එදාට පක්ෂව ඡන්දය දීමට සිටි, එහෙත් පාර්ලිමේන්තුවට නොපැමිණි අයටත්‘ මොනර කොළ කතා කරලා තිබුණා. (සභාවේ සිනා)

‘කුඹුරුවල සෝලා පැනල් ’

මේ ආණ්ඩුවට තිබෙන්නේ පරාභවයේ ගමනක්. දැන් බලන්න, මේ අය තමන්ගේ ‘ලන්සි පැපොල්’ ප්‍රතිපත්තිය අනුව වී ගොවිතැන නවත්තලා දැන් කුඹුරුවල ‘සෝලා පැනල් ’ ගහන්න හදනවා. ඒ වගේම මහ ලොකු ජයග්‍රහණයක් විදිහට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කොට්ඨාස ක්‍රමයක් හඳුන්වා දුන්නා. දැන් ඒක අවුල් ජාලාවක් වෙලා. ජවිපෙට හිතවත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් හදපු මේ ඡන්ද ක්‍රමය නිසා ඇප කැන්සල් වුණු අපේක්ෂකයන් පවා මන්ත්‍රීවරු වෙනවා. ඡන්ද සීයටත් මන්ත්‍රී ධුර ලැබෙනවා. කොට්ඨාස සියල්ල දිනුවත් බෝනස් මන්ත්‍රී ධුර දෙක නැහැ. කොට්ඨාස සියල්ල පැරදුණත් සියල්ල දිනූ කණ්ඩායමක් හා සමාන මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් සමානුපාතිකව ලැබෙනවා.

‘රටට ගැලපෙන මැතිවරණ ක්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක්’

දැන් රාජ්‍ය පරිපාලන ඇමති මේ වගේ ඡන්ද ක්‍රමයක් ගෙනාපු එක ගැන ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ජනාධිපතිවරයාත් දැන් අදාළ පනත සංශෝධනය කරන්න කටයුතු කරනවාලු. එදා මනාප ක්‍රමය යටතේ මන්ත්‍රීකම ගන්නයි මුදල් වියදම් කළේ. කොට්ඨාස ක්‍රමය යටතේ මනාපවලට වියදම් නොකර දිනුවත් සභාපතිකම ගන්න දැන් සල්ලි විසි කරන්න වෙලා තිබෙනවා. එදා පාර්ලිමේන්තුවේ දී දැකපු බල්ටි දැන් ප්‍රාදේශීය සභාව ඇතුළෙත් දැකගන්න පුළුවන්. පළාත් පාලන ආයතන තුළ ස්ථාවර පාලනයක් ගෙන යාම බරපතළ ගැටලුවක් වෙලා තිබෙනවා. මේක අද රටට උවමනා මැතිවරණ ක්‍රමයක් හදාගන්න බැරි ආණ්ඩුවක් බවට පත් වී තිබෙනවා.

‘ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් වෙනම රජයක්’

ඒ වගේම අද ‘අතුරුදහන් කිරීම කියන යුද අපරාධය හෙවත් මානව අපරාධය ශ්‍රි ලංකා ආරක්ෂක හමුදාවන් විසින් සිදු කර ඇත’ කියන මිථ්‍යාව සනාථ කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය මේ ආණ්ඩුව බටහිර බලවතුන්ට හදා දී අවසන්. අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවලා, අතුරුදහන් කිරීම්වලින් වැළැක්වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අපේ රටේ නීතියට ඇතුළත් කරලා ආණ්ඩුව ඒ ද්‍රෝහීකම සිදු කරලා ඉවරයි. යම් රටක යම් ජන කොට්ඨාසයක් මානව අපරාධයකට ගොදුරු වී ඇත්නම් ඒ ජන කොට්ඨාසයට වෙනම රාජ්‍යයක් පිහිටුවීමට අවශ්‍ය ඉඩකඩ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ඉල්ලා සිටින්න පුළුවන්. දැන් මේ හදන්නේ ‘අතුරුදහන් කිරීම‘ යන මානව අපරාධයට අපේ රණවිරුවන් පිරිසක් හිරේ දමලා, වරදකරුවන් කරලා ජාත්‍යන්තර නීතියේ පිහිටෙන් උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් හදා ගන්න.

‘අපේ කඳවුරේ තක්කඩියෝ’

දැන් අපේ කඳවුරේ ඉඳගෙන බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රයට උඩගෙඩි දෙන දේශද්‍රා්හී තක්කඩියෝ කියනවා ‘අගමැති රනිල්ට එරෙහිව විශ්වාසභංග හෝ වෙනත් ක්‍රියාමාර්ග ගේන්න ඕනේ නැහැ. රනිල් පැරැද්දුවාම මෛත්‍රී ශක්තිමත් වෙනවා’ කියලා. සිරිසේන ජනාධිපතිවරයා අමුතුවෙන් ශක්තිමත් කරන්න පුළුවන් කෙනෙක් ද? පළාත් පාලන ඡන්දයෙන් එයා ගත්තු 13%න්, 10%ක් නිකම්ම ඊළඟ ඡන්දයේ දී අපේ පැත්තට ගැලවිලා ඒවි. එයාට දැන් නම් විධායක බලය තිබෙන නිසා සී මැදුරු කවුළුවට වී බලා සිටිය හැකියි. රට බෙදීමේ ව්‍යවස්ථාව සම්මත කර ගැනීම, එට්කා ගිවිසුම ගැසීම, ජාතික සම්පත් විකිණීම ඇතුළු බටහිර – ඉන්දීය න්‍යාය පත්‍රය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අතෙයි. ඒ නිසා ඒ පරගැති න්‍යාය පත්‍රය අතේ තිබෙන කෙනා බල රහිත කිරීම කියන්නේ සිරිසේන මහත්තයා ශක්තිමත් කිරීමක් නොවෙයි. ඒක මේ රටේ දේශමාමක බලවේග ශක්තිමත් කිරීමක්.

‘ඇමරිකන් – ඉන්දියන් විසුරේලා’

ඇමෙරිකාවට සහ ඉන්දියාවටට රනිල් තියාගන්න ඕනේ තමන්ගේ න්‍යාය පත්‍රය ඔහු ලවා දිගේලි කර ගන්නයි. ‘ඒ රටට හතුරු සියල්ල සිදු වුණාට පස්සේ හෝ අපට බලය ආවාට කමක් නැහැ’ කියන නරුම මතයක් සමහරුන්ට තිබෙනවා. මේ සියල්ල නිවැරදිව දකින්න ඔබට හැකි විය යුතුයි. ‘කොටියට ඕනෑ නැගිටින යුගයක් – ඒකට ඕනෑ මෛත්‍රී යුගයක්’ කියා අපි ඒ දවස්වල කීවේ මේ සියල්ල විනිවිඳ දකිමින්. එවිට සමහරු කීවා අපි ‘වතුර බේසමේ කිඹුල්ලු දකිනවා’ කියලා. නමුත් අද සිදු වෙමින් පවතින්නේ අපි කී දේ නොවෙයි ද?

ඇමෙරිකන් සහ ඉන්දීයන් තානාපතිවරුන් දෙදෙනා දැන් හරියට වැඩ කරන්නේ ‘විසුරේලා’ දෙදෙනෙක් වගෙයි. දැන් රනිල් – මෛත්‍රී ජෝඩුවට එකට ඉඳලා ඇති වෙලා තිබෙන්නේ. ඒත් මේ විසුරේලා දෙන්නා කියනවා, ‘අපේ න්‍යාය පත්‍රය සම්පූර්ණයෙන් ඉටු කරලා දෙනකන් තමුසෙලාට ඩිවෝස් වෙන්න බැහැ. කාමර දෙකක හරි ඉඳලා අපේ වැඬේ හරියට කරපල්ලා’ කියලා. මේ විධායක ජනාධිපති හා අගමැති එකට තියාගෙන කරගන්න තව වැඩ තියෙනවානේ. ඒ ටික කරගන්නකම් මේ දෙන්නා එකට තියා ගන්නයි මේ ‘විසුරේලාට’ උවමනා.

ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවන තෙක් එනම් 2019 ඔක්තෝබර් තෙක් අපි ඉතාමත් අවදියෙන් සිටිය යුතුයි. මේ අනතුර හොඳින් වටහා ගත යුතුයි. ලක්ෂ ගණනින් පාරට බැහැලා හරි මේ ආණ්ඩුව ගෙදර යවන්න අවශ්‍ය වුණොත් එදාට එ් දෙය හෝ සිදු කරමු. එහෙම සූදානම් වී ඉදිරියට යමු.”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018/04/08

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අයියෝ හූඌඌඌඌඌ ඕගොල්ලන්ට. රනිල්ට විරුද්ධ විශ්වාස භංග යෝජනාව ගේන්නේ මෛත්‍රී එක්ක එකතු වෙලා කියලා ඒකාබද්ධ විපක්ෂේ නිකම් හරි රටට කිව්වා නම්, මිනිස්සු හූඌඌඌ කියලම ඕක නවත්වනවා.

    කවුද ඒකාබද්ධ විපක්ෂෙට කිව්වේ කඩදාසි රොකට් වලින් ගහල අලියෙක්ව වට්ටන්න පුළුවන් කියලා? මෛත්‍රීද? පොව් අනේ ඕගොල්ලෝ.

    ඒකාබද්ධ විපක්ෂයේ මේ ශෝකාලාපය මම කියැව්වේ නැහැ. ඒ වුනාට මගේ බලවත් ශෝකය. පොව් අනේ ඕගොල්ලෝ.

    මහින්දයි මහින්දගේ ගෝලයෝ රොත්තයි අන්ධයන්ට කණ්ණාඩි කුට්ටම් විකුණලා තට්ටයන්ට පනා වුනත් විකුණන්න පුළුවන් ජාතියේ මිනිස්සු කියලා හිතල 2015 පාර්ලිමේන්තුව යැව්වට මොකොද අන්තිමට කරලා තියෙන්නේ රනිල්ගෙයි මෛත්‍රීගෙයි ඇම කාල අන්ධයන්ට පනා විකුණලා තට්ටයන්ට කණ්ණාඩි කුට්ටම් විකුනපු එක. ඒකාබද්ධ විපක්ෂේ (ඔයා ගැන නෙමෙයි කියන්නේ. තරහ වෙන්න වැඩක් නැහැ. උම්ම්ම්ම.. එකක් ඔයාට) ඒකාබද්ධ විපක්ෂේ ප්‍රවීන අංශය කඩදාසි රොකට් ගහල අලියෙක්ව වට්ටන්න හැදුවට පස්සේ අන්න මං දැක්ක ඒකාබද්ධ විපක්ෂේ ළදරු අංශය අම්බිලිමාමව ඉල්ලලා අඬනවා.

  2. Champa Reply

    දැන්නේ මේක දැක්කේ “ජනාධිපතිවරණයට නාමයෝජනා කැදවන තෙක් එනම් 2019 ඔක්තෝබර් තෙක්…” Ok, I think I get the message. Thank you! මතකද විමල් ඔයාම ඉස්සර දවසක කිව්වා 2015 දී කිව්වා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෙවත් “මුදුන දුර්වල කරලා පරිධිය ශක්තිමත් කරන්න” හදනව කියලා.

    • Champa Reply

      අනේ පේනවද දැන් තමයි මට තේරෙන්නේ මගෙන් පලි අරන් තියෙන හැටි. හම්මෝ.. කතා පොතකවත් දැකලා නැහැ මෙහෙම නපුරුවංශ කෙනෙක්. නපුරුකම දෝරේ ගලා යනවා. ඔනෙකමින් සෑහෙන දේවල් කරල තියෙනවා. අනේ මං හිතුව නොහිතා කියලා. මොකොටද ඒ තරහ වුනේ? විශ්වාස භංග යෝජනාවට හිනා වුනාටද? පාර්ලිමේන්තුවේ කතා කරපු එක ගැන කියපු එකටද? හරි වැඩක් තමයි මේක. එයාට විතරයි ඔක්කොටම නිදහස. කතා කරන්න නිදහස, තරහ වෙන්න නිදහස, ඊට පස්සේ මම ලියපුවට දිගට දිගට පලි ගන්න නිදහස. ඔක්කොම නීති මට. මට කතා කරන්න නිදහසක් නැහැ. මෙතන තනිකරම ඒකාධිපති පාලනයක් තියෙන්නේ. මාව බය කරන් ආණ්ඩු කරන්න හදන්නේ. අහිංසකයන්ව අල්ලන් බය කරගන්න හදනව. ඉන්නකො ඔයාටත් මම return එක දෙන්න හව්වුනාම. අනේ මේ අනික. හරිම embarrassing අනේ. ඔන්න මේ පාර ඔයාට වැරදුනා හරිද. ඔයා කණාෂොට් ගහනව. මම දන්නෙත් නැහැ. මට මොකොද. නිකම් යන්න ඔයා. පොලොව පලන් යන්න හිතෙනව. මීට පස්සේ guessing game ගහන්න එපා ඔන්න හොඳද.

  3. Champa Reply

    මව්බිමේ cartoon එක දැක්කද, විමල්. 😀 😀 😀 😀 😀 😀 😀 😀

  4. Champa Reply

    විමල්, ඔයාවත් ඔයාගේ godfatherවත් තමන්ගේ හතුරා කව්ද කියලා හරියට අඳුරගෙන නැහැ. 2015 මිනිස්සු ඔයත් එක්ක එකතු වුනේ රනිල්ව එලවල මෛත්‍රී එක්ක ආණ්ඩු හදන්න නෙමෙයි. එහෙම නැත්නම් මෛත්‍රී කියන වෙලාවට එයාට ඕනේ විදියට රනිල්ව එලවල දෙන්නත් නෙමෙයි. එහෙම නැත්නම් බැසිල්ට ඕනේ ඕනේ විදියට රනිලුයි මෛත්‍රී එක්ක එක එක කාලෙට deal දාලා එයාගේ agenda එකට වැඩ කරන්නත් නෙමෙයි. අපි 2015 යහපාලනය කියල කිව්වේ රනිල් මෛත්‍රී දෙන්නටම කියන එක අමතක කරන්න එපා. යහපාලනයෙන් භාගයක් එලවල භාගයක් තියා ගන්න ඒකාබද්ධ විපක්ෂය හිතුවේ මොකොද මම දන්නේ නැහැ. ඒ හින්ද මේ වගේ වැඩ වලට ආයේ සම්මාදම් වෙන්න එපා. බැසිල්ව විශ්වාස කරන්න යන්න එපා. මම තාම කියනව මහින්දව දේශපාලනයෙන් අයින් කරන්න game එකක් යනව. එයා මම කියන දේ විශ්වාස කරන එකක් නැහැ. ඊළඟට ඔයා. ඒ කොටස මම පස්සේ කියන්නම්. විශ්වාස භංග යෝජනාව ගෙනල්ල පහලට දැම්මේ මහින්දව. පරදින බව දැන දැන මහින්ද චන්දෙකට ගියේ ඇයි මම නම් දන්නේ නැහැ. තමන්ගෙ පැත්තට සහයෝගය දුන් මිනිස්සු සහාවේ නැහැ කියල ලේසියෙන්ම චන්දෙ cancel කර ගන්න තිබ්බ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයා ආය ඕ වගේ දේවලට යන්න එපා. මෛත්‍රීගේ ධූර කාලය අවුරුදු 5යි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුව ඓතිහාසික තීන්දුවක්. එහෙම නොවුන නම් ජනාධිපතිවරණෙ 2019/2020 නැහැ. මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියල මට හොඳට පේනවා. UNP එක හිතන තරම් දුර්වල නැහැ. ඒගොල්ලන්ගේ පාර දැන් clear.. 2019/2020 ජනාධිපතිවරණෙට හිතනවට වඩා සාර්ථකව මුහුණ දෙන්න ඒගොල්ලන්ට ගැම්මක් ආවේ රනිල්ව එලවන්න මූලික වුනේ මෛත්‍රී බව දැනගත්ත නිසා කියලා මම හිතනවා.

    යහපාලනය ගෙදර යවන්න ඕනේ ඉතිහාසයට කළු පැල්ලමක් එකතු වෙන විදියට නෙමෙයි විමල්. පාට පක්ෂ භේද නැතුව ගම් දනව් නගර පුරා ඉන්න ජනතාව එකා වගේ එකට එකතු වෙලා පරගැති ආණ්ඩුව ගෙදර යැව්වා කියලා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන විදියට. කොහොමද එහෙම කරන්නේ කියන එක ගැන දැන් හිතන්න යන්න එපා. ඔයා ඉන්න තැන අනුව තමයි ලංකාවේ ඊළඟ නායකයා කවුද කියලා තීරණය වෙන්නේ. හිතනවාට වඩා හොඳිනුත් නොහිතන විදියටත් හැමදේම සිද්ධ වෙයි.

    අපි කොන්ද කෙලින් තියාගෙන අවුරුදු තුනක් ඉවසන් හිටිය. ඔයා හිරෙත් ගියා. 2015 පෙබරවාරි 18 පටන් ගත්ත සටන ඉවර වෙන්නේ අභිමානවත් ජයග්‍රහණයකින් මිසක් නිවටයන් වගේ එක එකාගේ පස්සේ ගිහින් නෙමෙයි. තව මාස 18ක් වගේ තියෙන්නේ. ඒ ටිකත් ඔය හිටිය වගේ ඉවසන් ඉන්න. රනිල් කරන්න ඕනේ හානි ඔක්කොම රටට කරලා ඉවරයි විමල්. තව මුකුත් ඉතුරු නැහැ. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙනාවොත් UNP එක එතනින් ඉවරයි කියලා රනිල් දන්නවා. ජනාධිපතිවරණ කාලේ වෙනකොට ඔයාගේ පැත්තේ දේශපාලකයන්ට ලෑස්ති වෙන්න හෝ කරන්න දේකුත් නැතිවෙයි. පලවෙනි වෙඩිල්ල ජනතාව පැත්තෙන් පත්තු වෙයි. වෙඩිල්ල කිව්වහම බය වෙයිද දන්නේ නැහැ. 😀

  5. Champa Reply

    ආණ්ඩුව ආපහු සල්ලි අච්චු ගහල බිලියන් 100ක්. ආණ්ඩුව ආපු ගමනුත් 2015 බිලියන් 100ක් අච්චු ගැහැව්වා. 2016, 2017 මට මතක නැහැ. බදුත් වැඩි කරලා. ඉස්සෙල්ල ගෙව්වට වඩා දෙගුණයක් කරලා හැම තැනම වගේ. පොලිය රුපියල් 125,000කට වඩා ලැබෙන ගිණුම් වලට 5% කරලා. ගිණුමේ මිලියන් 12.5ක් තියෙනවා නම්ලු. විශ්‍රාමිකයෝ ගාව එච්චර නැහැලු තැන්පතු වල. දැන් කවුද දන්නේ නැහැ කිව්වේ විශ්‍රාමිකයෝ ගැන. මේ බදු වලින් ගහල තියෙන්නේ මධ්‍යම පන්තියට. ඉපයන විට ගෙවීම් බද්ද ගත්තත්, මිනිස්සු එක රස්සාවක් මදි නිසා දෙක තුනක් කරනවා නම් දෙවෙනි තුන්වෙනි රස්සාවලින් එන ආදායම නිසා බදු වලට අහු වනවා නම්, ඒ මිනිස්සු දෙවෙනි රස්සාව එක්කෝ නොකර ඉන්න හෝ හොරට කරන්න ඉඩ තියෙනව. අපේ රට තාම මේ විදියේ වක්‍ර බද්දක් ගහන්න තරමට ඇවිල්ල නැහැ. ලෝකේ හුඟක් පොහොසත් රටවල් නම් සෘජු ආදායම් බදු වලින් තමයි වැඩි ආදායම හොයා ගන්නේ. නමුත් අපේ මිනිස්සු රස්සාවල් දෙකක් කරලා ආදායම් හොයන්නේ වියදම් වැඩි හින්දා. හරිම අසාධාරණයයි මේ අලුත් බදු. මම ලිව්වා tax ගැන තැනක. හැබැයි දෙවෙනි පාර කියව්වහම දැක්කේ ලියපු එක අසම්පූරණයි. හරියට තේරෙන්නේ නැහැ. බලන්න මම කියන්න ගියේ ඒක නෙමෙයි. සල්ලි අච්චුත් ගහනවා. බදුත් වැඩි කරනවා. හැබැයි සල්ලි වලට මොකොද වෙන්නේ? කොහෙද මේ සල්ලි යන්නේ කවුරුවත් දන්නේ නැහැ. වැඩක් කරන ආණ්ඩුවක් නම් මිනිස්සු මුකුත් කියන එකක් නැහැ බදු ගෙවයි. හැබැයි නිකම් කකා බිබී මහජන ධනය නහස්ති කරණ මෝඩ පාලකයන්ට මොකොට සල්ලි දෙනවද?

  6. Champa Reply

    I am going on New Year’s break Wimal. I will be back around 20th. I wish you and your family A Very Happy Sinhalese New Year.

    නිකම් මහන්සි වෙන්න එපා අනේ. දඟලල වැඩක් නැහැ. කතරගම දෙයියෝ වැඩ ඉන්නකම් රාජපක්ෂ කෙනෙක් ආයේ ජනාධිපති වෙන්නේ නැහැ. දැන් ඔයා අහයි එහෙම කියන්න ඇයි මොකොද ඔයා කතරගම දෙයියොද කියල. නැහැ. මම හිතන්නේ මම කතරගම දෙයියන්ගෙ මොණරා.:D

    ගිනි පුලිඟුන් වන් දිදුලන දෙනෙත් යොමා
    කල අවමන් ගැන සිතමින් උදේ හවා
    නිසි කෙනෙකුන් පුදසුන ළඟ දකින තුරා
    කඳ සුරිඳුන් කිසි ලෙසකින් නොදේ සමා

    Back off, Wimal!

    ඔයාට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා. Love you.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.