BREAKING NEWS

යහපාලකයිනි, සානුකම්පිතව බලන්න සේවකයින් සිය ගණනක් මහ මගට ඇද දමන්න එපා! – ජානිපෙ නායක, විමල් වීරවංශ

11044521_423230091171871_4167463674837701329_oදින 03ක් තිස්සේ තම රැකියා සුරක්‍ෂිතභාවය වෙනුවෙන් සෙත්සිරිපාය උඩුමහලේ දැඩි දුෂ්කරතා මැද උද්ඝෝෂණයක නිරත වන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක පිරිස දෙස සානුකම්පිතව බලා ඔවුන්ගේ ගැටළුවට විසදුම් ලබාදෙන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලයි.

අද(05) දින උදයේ මෙම උද්ඝෝෂණයේ නිරත වන ගර්භණී සේවිකාවන් කිහිප දෙනෙකුද ඇතුළත් සේවක පිරිසට ආහාර සහ ජලය පවා ලබාදීමට බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ‍්‍රයට ඇතුළුවීමට බලධාරීන් ඉඩ නොදෙන බව විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට දැන ගැනීමට ලැබිණි. ඒ බව දැනගත් මොහොතේ එම ස්ථානයට ගිය විමල් වීරවංශ මහතා ආරක්‍ෂක අංශවලින්ද අවසරය ලබාගෙන උද්ඝෝෂකයින්ට උදෑසන ආහාර රැගෙන ආ පිරිසේ කිහිප දෙනෙකුද සමග ඔවුන් රැදී සිටි සෙත්සිරිපාය පරිශ‍්‍රයේ ඉහළම මහලට පැමිණ ඒ පිරිස සමග ඔවුන්ගේ දුක්ගැනවිල්ලට ඇහුම්කන් දුන්නේය.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

‘‘මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත‍්‍රාත් පදනමින් සේවය කරන සේවකයන් සිය ගණනක් වර්තමාන යහපාලනය විසින් එළියට දාලා තියෙනවා. ඔවුන්ගේ රැකියා අහිමි කරලා අලූත් අමාත්‍යවරයාගේ පිරිසකට එම රැකියා අවස්ථා ලබා දීමේ ව්‍යාපාරයක් අද ක‍්‍රියාත්මක වෙනවා. රැකියා අහිමි වූ මේ දුප්පත් අම්මා, තාත්තාගේ දරුවෝ ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටීමේ වේදනාව අද මේ සෙත්සිරිපායේ ඉහළ මහලෙහි සිට උද්ඝෝෂණයක නියැලෙමින් මුදා හරිනු ලබනවා.

අපි ජනාධිපතිවරයා, අගමැතිවරයා ප‍්‍රමුඛ මේ අණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා, ‘දේශපාලන වශයෙන් පටු විදියට හිතන්නේ නැතිව මේ පිරිසට තමන් මාස ගණනක් තිස්සේ නියැලූණු රැුකියාව සුරක්‍ෂිත කරලා දෙන්න’ කියලා. මෙතැන ගැබිණි මව්වරු පවා ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ප‍්‍රශ්නය දිහා සානුකම්පිතව නොබැලූවොත් ඔවුන් මොන වගේ තත්ත්වයකට පත් වේවිද, කියලා කියන්න බැහැ.

ඊයෙත්(04) මේ අය ගිනි කාෂ්ටක අව්වේ පිච්චි පිච්චී, මහ වැස්සේ තෙමි තෙමී මේ ගොඩනැගිල්ලේ ඉහළම මාලයේ රැදී සිට තිබෙනවා. ඒ නිසා මේ ප‍්‍රශ්නය දෙස දඩබ්බර ලෙස බලන්නේ නැතිව, මානුෂික ලෙස බලලා එය විසදන්න කියලා අපි ඉල්ලා සිටිනවා.’’

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතාද එක්විය.

මාධ්‍ය ලේකම්: – 0714033978
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-03-05

11028405_423230151171865_5456461292020036391_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*