BREAKING NEWS

‘යහපාලනය ගැන අහලා මාව කූඩුවට දාන්නමද හදන්නේ?’

පසුගිය සඳුදා ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට පොලිස් පණිවිඩයක් ලැබිණි. ‘20 වැනි බදාදා උදෑසන 9.30ට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස එහි සඳහන් විය.

ඒ අනුව විමල් වීරවංශ මහතා බදාදා දැනුම් දී තිබුණු වේලාවට කොළඹ 01, නව මහලේකම් කාර්යාල පරිශ‍්‍රයේ පිහිිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. ඒ වන විට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, භාණ්ඩාගාරික, සබරගමු පළාත් සභා මන්ත‍්‍රී දීපාල් ගුණසේකර, ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර ඇතුළු නායකයෝ රැසක් ඒ ස්ථානයට පැමිණ සිටියහ.

එසේම බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග, පිවිතුරු හෙළ උරුමයේ නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල යන මහත්වරුන් ද පක්‍ෂ ක‍්‍රියාකාරීන් විශාල පිරිසක් ද එම ස්ථානයට පැමිණ සිටියේ විමල් වීරවංශ නැමති තම සහෘදයාට ශක්තියක් වන්නටය. ඒ සියලූ දෙනාට ආචාර කළ විමල් වීරවංශ මහතා සිය නීතිඥ කපිල ගමගේ මහතා සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පරිශ‍්‍රයට ඇතුළු විය.

ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව  විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිත බවට ද ඒ වන විට ආරංචි මාර්ග පැතිර ගොස් තිබිණි. කෙසේ වෙතත් පැය තුනකට අධික කාලයක් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගෙන එදිනට නියමිත විමර්ශන කටයුතු අවසන් කොට තිබිණි.

ඉන් අනතුරුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ප‍්‍රවේශ දොරටුව අසලට පැමිණි විමල් වීරවංශ තමන් එන තෙක් පැය 04කට ආසන්න කාලයක් බලා සිටි මාධ්‍යවේදීන් වෙත අදහස් දැක්වූයේ මෙසේය.

‘‘බිරිඳගේ විදේශ ගමන් බලපත‍්‍රය පිළිබඳව මගෙන් ප‍්‍රශ්න කිරීමට අවශ්‍ය යැයි කියා තමයි රහස් පොලීසියේ මහත්තුරු මේ ස්ථානයට එන්න කීවේ. ඔවුන් ඒ පිළිබඳව කරුණු විමසුවා. ඒ අනුව මා ලබාදුන් ප‍්‍රකාශය සටහන් කරගනු ලැබුවා. අදට එම කටයුතු අවසන් වූවා. ඉදිරියේදී ඔවුන් ගන්නා පියවර පිළිබඳව මා දන්නේ නැහැ.’’

‘‘යහපාලනය ගැන මොකද හිතන්නේ?’’ එහිදී විමල් වීරවංශ මහතාගෙන් මාධ්‍යවේදී මහතකු විමසා සිටියේය.

‘‘යහපාලනය ගැන අහලා මාව කූඩුවට දාන්නමද හදන්නේ?’’ එසේ කියමින් ඊට සිනහමුසු මුහුණින් විහිළුවකින් පළමුව ප‍්‍රතිචාර දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය..

‘‘මේ තමයි යහපාලනයේ හැටි.  මෙවැනි දේශපාලන දඩයමක් අප දන්නා ඉතිහාසය තුළ සිදුව නැහැ. පැහැදිලිවම අද අපරාධ විමර්ශන අංශයේ, පොලීසියේ පිරිස් බලවත් පීඩාවට පත් කරලා මේ දඩයමට පොළඹවනවා.  ෙමි කටයුතු හිතක් පපුවක් තියෙන මිනිස්සු විදිහට මේ නිලධාරීන් හිතලා, සිය කැමැත්තෙන් කරන දේවල් කියලා අපි හිතන්නේ නැහැ. නමුත් අද මේ ආයතනවලට විශාල දේශපාලන බලපෑමක් එල්ල වී තිබෙනවා. වැරදි වුවත් නිවැරදි වුවත් මේ නිලධාරීන්ට ඇතැම් ක‍්‍රියාමාර්ග ගැනීමට බලකෙරී තිබෙනවා. අපි හිතනවා මේ තත්ත්වය වෙනස් කරන්න මේ රටේ ජනතාව ඉතාම බලවත්ව පෙරට ආ යුතුයි කියලා.’’

මේ අතර ආණ්ඩුවේ ප‍්‍රබලයන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව විමල් වීරවංශ මහතා අත්අඩංගුවට නොගත යුතු බවට තීරණයක් ද ගෙන ඇති බවට ආරංචි පැතිර ගියේය.

‘‘ලැබෙන හොඳ, නරක සියලූ අවස්ථා වාසිදායක ලෙස යොදා ගන්න විමල් දන්නවා. එයාව අත්අඩංගුවට ගත්තොත් ඒකෙන් එයා තවත් ජනප‍්‍රිය වෙනවා. ඒකට අපි ඉඩ දෙන්න  ඕනෙ නැහැනේ’’ එම සාකච්ඡාවේදී ආණ්ඩුවේ ප‍්‍රබලයකු පවසා තිබිණි.

‘අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබෙයි!’

පසුගිය බ‍්‍රහස්පතින්දා උදෑසනින්ම විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ විවේකාගාරයට ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කාණ්ඩායම විශේෂ රැස්වීමක් සඳහා එක් වූහ. මහජන එක්සත් පෙරමුණේ නායක, දිනේෂ් ගුණවර්ධන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඩලස් අලහප්පෙරුම, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලූත්ගමගේ, එස්.එම් චන්ද්‍රසේන, නාමල් රාජපක්‍ෂ, ජාතික නිදහස් පෙරමුණේ වීරකුමාර දිසානායක ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු රැසක් ඊට සහභාගී වී සිටියහ.

‘‘අපි අදම රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගේ පොලිස් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් අත්සන් කිරීමට පටන් ගනිමු’’ මන්ත‍්‍රීවරු රැසක් එක හඩින් යෝජනා කළහ. එම යෝජනාව කාගේත් එකගතාවයෙන් සම්මත වූ අතර ඊට අත්සන් ලබා ගැනීම ඒ මොහොතේ සිටම ආරම්භ කෙරිණි.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*