BREAKING NEWS

යහපාලනය දින 100ක් ඉක්ම යෑමට මත්තෙන් වහ පාලනයක් වෙලා. ඉතිරි දින 100 ඇතුළත මේ ආණ්ඩුව ජනතාව විසින් අනිවාර්යයෙන්ම වළලා දමනවා”

ඊයේ (10දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ලද මාධ්‍ය හමුව
මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියා සිටියේ රට බේරාගත් නායකයාගේ පාර්ශ්වයන්ට තහංචි දමන මෙම ආණ්ඩුව කොටි හිතවාදීන් පිනවීමට කටයුතු කිරීම බලවත් කනගාටුවට කරුණක් බවයි.
මේ රට බේරාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට අද පන්සලකටවත් යන්න දෙන්නේ නැහැ.

මේ යහපාලන ආණ්ඩුව පන්සල්වල දායක සභාව බිය ගන්නනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යන පන්සල්වල ශබ්ද විකාශන යන්ත්‍ර සීමාකර තිබෙනවා. සී.වී. ගුණරත්න මහතාගේ ගුණානුස්මරණ දේශනයට ගිය වේලාවේත් හිටපු ජනාධිපතිතුමාගේ කතාව ජනතාවට ඇසීම වැළැක්වීමට ශබ්ද විකාශන යන්ත්‍ර සීමා කරලා තිබුණා. හෙට (12දා) දින මාතර පැවැත්වෙන රැස්වීමට දැන් සිටම බාධා එල්ල වෙලා. ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීලා තියෙන්නේ ක්‍රීඩාංගණයේ ඇතුළට පමණයි. නමුත් පසුගිය ආණ්ඩුව කාලෙදි ශබ්ද විකාශන යන්ත්‍ර එදා විපක්‍ෂය ඉතා හොඳට භාවිත කළා. ඒවාට කිසිම බාධාවක් එදා කළේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටට අවශ්‍යයයි කියන පණිවුඩය මේ රටට යනවට යහපාලන ආණ්ඩුව මෙතරම් බය ඇයි? රට බේරාගත්තු නායකයට හා ඒ පාර්ශ්වයන්ට මෙසේ අසාධාරණ ලෙස බලපෑම් කරන මේ ආණ්ඩුව කොටි හිතවාදීන් පිනවීමට නම් කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ.

ගෝලීය දෙමළ සංසදයේ එම්මානුවෙල් පියතුමා, සුරේන් සුරේන්ද්‍රන්, සෝලහයිම්ලා ලන්ඩනයේදී මුණගැසෙන විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඔවුන්ගේ එපාකම් ඉටුකරනවා. මාතර රැලියට බයවෙලා ඒ රැලියට බාධාකරන්නේ මේ කුරුඳුපොලු හමුදාව භාර දේශපාලනඥයාද? ලක්‍ෂ ගණනක් මාතරට එන එක වළක්වන්න ඔය කුරුඳුපොලු හමුදාවට බැහැ.

ඊයේ (10දා) දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන ලද මාධ්‍ය හමුව
මෙම මාධ්‍ය හමුවට එක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා කියා සිටියේ රට බේරාගත් නායකයාගේ පාර්ශ්වයන්ට තහංචි දමන මෙම ආණ්ඩුව කොටි හිතවාදීන් පිනවීමට කටයුතු කිරීම බලවත් කනගාටුවට කරුණක් බවයි.
මේ රට බේරාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට අද පන්සලකටවත් යන්න දෙන්නේ නැහැ.

මේ යහපාලන ආණ්ඩුව පන්සල්වල දායක සභාව බිය ගන්නනවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා යන පන්සල්වල ශබ්ද විකාශන යන්ත්‍ර සීමාකර තිබෙනවා. සී.වී. ගුණරත්න මහතාගේ ගුණානුස්මරණ දේශනයට ගිය වේලාවේත් හිටපු ජනාධිපතිතුමාගේ කතාව ජනතාවට ඇසීම වැළැක්වීමට ශබ්ද විකාශන යන්ත්‍ර සීමා කරලා තිබුණා. හෙට (12දා) දින මාතර පැවැත්වෙන රැස්වීමට දැන් සිටම බාධා එල්ල වෙලා. ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීලා තියෙන්නේ ක්‍රීඩාංගණයේ ඇතුළට පමණයි. නමුත් පසුගිය ආණ්ඩුව කාලෙදි ශබ්ද විකාශන යන්ත්‍ර එදා විපක්‍ෂය ඉතා හොඳට භාවිත කළා. ඒවාට කිසිම බාධාවක් එදා කළේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටට අවශ්‍යයයි කියන පණිවුඩය මේ රටට යනවට යහපාලන ආණ්ඩුව මෙතරම් බය ඇයි? රට බේරාගත්තු නායකයට හා ඒ පාර්ශ්වයන්ට මෙසේ අසාධාරණ ලෙස බලපෑම් කරන මේ ආණ්ඩුව කොටි හිතවාදීන් පිනවීමට නම් කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ.

ගෝලීය දෙමළ සංසදයේ එම්මානුවෙල් පියතුමා, සුරේන් සුරේන්ද්‍රන්, සෝලහයිම්ලා ලන්ඩනයේදී මුණගැසෙන විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා ඔවුන්ගේ එපාකම් ඉටුකරනවා. මාතර රැලියට බයවෙලා ඒ රැලියට බාධාකරන්නේ මේ කුරුඳුපොලු හමුදාව භාර දේශපාලනඥයාද? ලක්‍ෂ ගණනක් මාතරට එන එක වළක්වන්න ඔය කුරුඳුපොලු හමුදාවට බැහැ. යහපාලනය දින 100ක් ඉක්ම යෑමට මත්තෙන් වහ පාලනයක් වෙලා. ඉතිරි දින 100 ඇතුළත මේ ආණ්ඩුව ජනතාව විසින් අනිවාර්යයෙන්ම වළලා දමනවා” යනුවෙන් ද විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

” යනුවෙන් ද විමල් වීරවංශ මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*