BREAKING NEWS

යහපාලන ආණ්ඩුව විමල් වීරවංශ යටත් කරවීමට ගන්නා නිර්ලජ්ජිත උත්සාහය දැඩි සේ හෙළා දකිනවා

541630_418956564932557_6395443702261465790_nජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. මේ දින 100 ආණ්ඩුව බලයට පත්වූදා සිටම වහසිබස් දෙඩවූයේ මෙසේ ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගන්නා බවටය.

මේ දින 100 ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කළේ තම දේශපාලන ප‍්‍රතිවාදීන් යටත් කර ගැනුමටය. එසේ යටත් නොවූවන් දේශපාලන පලිගැනීම් තුළින් බිය වැද්දීම මෙම ආණ්ඩුවේ ක‍්‍රියා පිළිවෙත වී තිබේ. රටට පෙන්වන දින 100ක යහපාලන වැඩපිළිවෙළ සහ යටින් ගෙනයන දින 100ක බෙදුම්වාදී වැඩපිළිවෙළක්ද මෙම ආණ්ඩුවට තිබේ. එම බෙදුම්වාදී වැඩපිළිවෙළ හේතුවෙන් දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ශක්තිමත් වෙමින් පවතී.

‘යහපාලන’ ආණ්ඩුවට යටත් නොවී, මේ බව රට හමුවේ අභිතව පෙන්වා දීමට ඉදිරිපත්ව සිටින්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප‍්‍රමුඛ මේ රටේ ජාතිකවාදී, ප‍්‍රගතිශීලී බලවේගයන්ය. මෙම බෙදුම්වාදී වැඩපිළිවෙළ ඉදිරියට ගියහොත් දිනූ නිදහස අනතුරකට පත් වන බවත් එම තත්වයෙන් රට මුදවා ගැනීමට ජනතාව පෙළගැසිය යුතු බවත් ප‍්‍රබලව සමාජගත කරනු ලැබූවේද විමල් වීරවංශ මහතා ඇතුළු ජාතිකවාදී, ප‍්‍රගතිශීලී දේශපාලන නායකත්වයන් විසිනි.

‘දිනූ නිදහස අනතුරක, ජාතියේ අභියෝගය ජය ගැනීමට පෙළ ගැසෙමු’ යන තේමාව යටතේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් යළි දේශපාලන කරලියට රැුගෙන ඒමට නුගේගොඩ දී ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් රැුලියක් සංවිධානය කිරීමට පුරෝගාමී වැඩ කෙටසක් ඉටු කරනු ලැබුවේද විමල් වීරවංශ මහතා විසිනි.

නුගේගොඩ රැුලියේ අතිසාර්ථකත්වය හමුවේ පරල වූ ‘යහපාලන’ ආණ්ඩුව විමල් වීරවංශ මහතාට එරෙහිව සිය දේශපාලන පලිගැනීම් වඩාත් තීව‍්‍ර කර ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස නීතියට මුවාවී මෙසේ ශෂී වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

නීතියට මුවා වෙමින් යහපාලන ආණ්ඩුව දැඩි දේශපාලන පලිගැනීමක් සැලසුම් සහගතව සිදු කළ බව පැහැදිලිය. ශෂි වීරවංශ මහත්මිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (22) රාත‍්‍රී 11.00ට පමණ වන විටදී වුවත් ඇය අත්අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා විසින් රාජ්‍ය මාධ්‍ය මගින් ඒ බව ඊයේ 6.30 පමණ වන විට ප‍්‍රකාශ කිරිමෙන් ඒ බව වැඩිදුරටත් තහවුරුවේ.

නීතියට මුවා වී සිදුකරන මෙවැනි නිර්ලජ්ජිත දේශපාලන පලිගැනීම් මගින් විමල් වීරවංශ මහතාගේ සහ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන කටයුතු නතර කිරීමට ‘යහපාලන’ ආණ්ඩුව සිතන්නේනම් එය දැවැන්ත වැරදීමක් බවද අවධාරණය කරන්නෙමු.

පියසිරි විජේනායක
හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය,
දේශපාලන මණ්ඩල සභික,
ජාතික නිදහස් පෙරමුණ.
2015.02.23

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*