BREAKING NEWS

‘‘යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩවන හැටි : අනාගත පෙරදැක්ම’’ එළි දකී

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොළඹ දිස්ත‍්‍රික්කයට අංක 20න් තරඟ වදින ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් රචිත ‘යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩ වන හැටි’ කෘතිය එළිදැක්වීම අද(02) සවස කොළඹ විහාර මහා දේවී එළිමහන් රංග පීඨයේදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගී විය.

මෙම කෘතිය එළිදැක්වීමට සමගාමීව නීතිඥ කපිල ගමගේ මහතා විසින් රචිත ‘නොගිය නුවණ’ කෘතිය විමල් වීරවංශ මහතාට පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමියෝ අනුශාසනාවක් සිදු කළ අතර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, ප‍්‍රවීණ දේශපාලන විචාරක ආචාර්ය දයාන් ජයතිලක යන මහත්වරු කෙටි දෙසුම් පැවැත්වූහ.

ආරාධිත දේශනය හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ද ප‍්‍රධාන දේශනය කෘතියේ රචක විමල් වීරවංශ මහතා විසින් ද සිදු කරන ලදී.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ආචාර්ය ගුණදාස අමරසේකර, ප‍්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, වෛද්‍ය වසන්ත බණ්ඩාර, මහාචාර්ය අතුල සුමතිපාල ඇතුළු විද්වත්හු රැසක් ද, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ද එක්ව සිටියහ.

11828757_488980804596799_2481842057200990987_n11825573_488980957930117_1978254393813866653_n11825014_488981757930037_2908334618558210454_n11822411_488981191263427_115209249814744763_n11800369_488981491263397_4148933897393187678_n11796284_488981177930095_6923683407504693047_n11781872_488981637930049_1747190230915814016_n11742661_488981217930091_6317211226925623620_n11237572_488980917930121_8112378066368904622_n11168564_488981317930081_3546420038377914399_n11137169_488980774596802_3241279766815118751_n11059345_488981761263370_5042006746451924526_n















11826063_488981731263373_6698145813427118145_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*