BREAKING NEWS

‘යුරෝපා සංචාරය නිම කොට විමල් හෙට දිවයිනට’

    පුරා මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නිරතව සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා හෙට(29) රාත‍්‍රීයේදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

‘සුද්දන්ගේ උසාවිය සහ ජාතියේ අවනඩුව’ නම් වූ සිය දේශන මාලාව මගින් රට මුහුණ පා ඇති බරපතළ අවදානම පිළිබඳව යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් දැනුම්වත් කිරීම විමල් වීරවංශ මහතාගේ මෙම සංචාරයෙහි අරමුණ වී තිබිණි.

එක්සත් රාජධානියේ ලන්ඩන්, ප‍්‍රංශයේ පැරිස්, ජර්මනියේ බර්ලින්, ඉතාලියේ රෝමය, නාපොලි මිලානෝ යන ප‍්‍රධාන නගරවල පැවති දේශන අතිසාර්ථක වූ බවත් ඒවාට බලාපොරොත්තු වූවාට වඩා විශාල විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගී වීම හේතුවෙන් ශාලාවලින් පිටත සිට දේශනවලට සවන් දීමට බොහෝ පිරිසකට සිදු වූ බවත් සංවිධායකවරු පවසති.

එසේම එක්සත් රාජධානියේ ලිවර්පූල්, ස්ටෝක් ඔන් ටෙ‍්‍රන්ට්, ඉතාලියේ කතානියා, වැනීසිය හා වෙරෝනා, ජර්මනියේ ඩසල්දොෆ් යන නගරවල පැවති දේශන සඳහා ද විශාල ශ‍්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඊට අමතරව විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් වෙනුවන් යුරෝපයේ පවත්වාගෙන යන රූපවාහිනී නාලිකාවන්හි සජීවි වැඩසටහන් ගණනාවකට ද විමල් වීරවංශ මහතා සහභාගී විය.

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ පසුගිය 27 වැනිදා ඉතාලියේ රෝමය සහ නාපොලි යන නගරවල පැවති දේශනයන්හි අවස්ථා කිහිපයක්.

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015.12.28

Roma (2) Roma (3) Napoli (1) Napoli (3) Napoli (6) Napoli (9) Napoli (10) Napoli (11)

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*