BREAKING NEWS

රටට සාමය දිනා දුන් රණවිරුවන් අමුඅමුවේ පාවා දෙන ප්‍රකාශ කිරීමට ධෛර්ය එන්නේ සරත් ෆොන්සේකාගේ සහ අාණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසයි

රටට සාමය දිනා දුන් රණවිරුවන් අමුඅමුවේ පාවා දෙන ප්‍රකාශ කිරීමට ධෛර්ය එන්නේ සරත් ෆොන්සේකාගේ සහ අාණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසයි
– ජානිපෙ නායක විමල් වීරවංශ

‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ සිදු කර ඇත. ඒ සම්බන්ධයෙන් සිදු කරන පරික්‍ෂණයකදී සාක්ෂි දීමට සූදානම්’ වැනි රටට සාමය දිනා දුන් රණවිරුවන් අමුඅමුවේ පාවා දෙන ප්‍රකාශ කිරීමට ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිවරයාට ධෛර්ය එන්නේ ඔහුගේ මානසිකත්වය හා අාණ්ඩුවේ මානසිකත්වය එකක් වන නිසා බවත් සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප්‍රාණ ඇපයට ලක් වූ මේ ආණ්ඩුවෙන් සහ එහි ඇමතිවරුන්, අගමැති හා ජනාධිපතිවරයාගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

අද(03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“කිලිනොච්චියේ ප්‍රධාන රණවිරු ස්මාරකය ඉවත් කිරීමට එහි දිසාපතිවරයා, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව වාර්තා වී තිබුණා. එදා කුරුණෑගල තිබූ රණවිරු ස්මාරකය ගැලවේවා. රණවිරු ස්මාරක ගලවන යුගයකට මේ රට අවතීර්ණ වී තිබෙනවා. රණවිරු ස්මාරක ගැලවෙන විට කොටි ස්මාරක නිර්මාණය වෙමින් තිබෙනවා. තිලීපන්ගේ ස්මාරක නිර්මාණය වෙන්නේ ඒ අනුවයි. අද කොටින්ගේ සොහොන් කොත්වල වීර කාව්‍ය රචනා වෙන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම ‘දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ බුද්ධි අංශය’ යැයි කියා ගත් සංවිධානයක් ‘දෙමළ කාන්තාවන් සිංහල මිනිසුන් සමඟ ඇසුරු නොකළ යුතුයි’ යන්න ඇතුළු තර්ජන ගණනාවක් ඇතුළත් පත්‍රිකාවක් දෙමළ ජනතාව අතර බෙදාහැර තිබෙනවා.

‘ජනාධිපතිතුමා කියන ලෝකයට…’

අද ඒ විදියට රණවිරු ස්මාරක ගැලවෙද්දී කොටින්ගේ දේශපාලන භාවිතාවට පණ එන්න පටන් අරන් තිබෙනවා. ඔබ දන්නවා, හිටපු යුද හමුදාපතිවරයකු වූ ජෙනරාල් ජගත් ජයසූරීය මැතිතුමන් ලතින් ඇමෙරිකානු රටවල් කිහිපයක තානාපති ධුරය දරලා නිල කාලය අවසන් වූ පසු මෙරටට එන්න සූදානම් වන විට එම රටවල අධිකරණවල ඔහුට විරුද්ධව නඩු පවරා තිබෙන බව. ජනාධිපතිතුමා නම් නිතරම පවසනවා ‘අපි ලෝකය ජයගෙන තිබෙන්නේ’ කියා. අපි දන්නේ නැහැ, ඉහත කී ලතින් ඇමෙරිකානු රටවල් කිහිපය එතුමා කියන ඒ ජයගත්තු ලෝකයට අයත් නැද්ද, කියා. නමුත් මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත් කරන විට මේ ලතින් ඇමෙරිකානු රටවල් අපට සහාය දුන් බවත් අප වෙනුවෙන් පෙනී සිටි බවත් මතක් කරන්න ඕනෙ. එදා ශ්‍රී ලංකාව දිහා හතුරු ආකල්පයකින් නොබලපු ඒ රටවල් තුළින් අද ජෙනරාල් ජගත් ජයසූරියට අභූත චෝදනා එල්ල වෙනවා.

‘රජ කාලයේ මේ විදියේ ප්‍රකාශයක් කළා නම්…’

එවැනි අභූත චෝදනා එල්ල වෙද්දී, එදා ජෙනරාල් ජගත් ජයසූරියට නායකත්වය දීපු හිටපු යුද හමුදාපති, වර්තමාන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියනවා ‘ජෙනරාල් ජගත් ජයසූරිය යුද අපරාධ කළා. පරීක්‍ෂණ ආවොත් මම සාක්‍ෂි දෙන්න සූදානම්’ කියලා. යුද හමුදාපතිවරයකු ලෙස හිටපු කෙනෙකුට මෙහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? තමන් යටතේ සේවය කරපු නිලධාරීන් මේ විදියට අමුඅමුවේ පාවා දෙන්න පුළුවන් කුමන ආකාරයේ මනසක් තිබෙන පුද්ගලයකුටද? රජ කාලයේ මේ විදියේ රාජද්‍රෝහී ප්‍රකාශයක් කළා නම් උල තියනවා.

‘ලෝකයටම එකයි…’

ජෙනරාල් ජගත් ජයසූරියට විරුද්ධව මේ විදියේ ප්‍රකාශයක් කරපු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා හෙට දිනයේදී ‘මේ අය යුද අපරාධ කළා. මා ගාව සාක්‍ෂි තිබෙනවා. මම ඒවා ඉදිරිපත් කරන්න සූදානම්’ කියලා චාගී ගාල්ලගේ, ෂවේන්ද්‍ර සිල්වා වැනි ඔහු යටතේ සේවය කරපු කීර්තිමත් රණවිරුවන් ද පාවා දීමට පුළුවන්. එයා කියන විදියට මේ රටේ රණවිරුවන් සියලු දෙනා යුද අපරාධ කරලා තිබෙනවා. එයා විතරයි ‘ශාන්ත දාන්න තීන්ත කූඩුව’ වගේ ඉඳලා තිබෙන්නේ. තමන් හදාගත්තු කෝන්තරය නිසා වෛරයෙන් පෙළෙන, තමන් උපන් රටෙනුත් පලිගන්න මේ විදියේ චරිතයක් නම් අපේ රටේ ඉතිහාසයෙන් සොයා ගන්න බැහැ. ලෝක ඉතිහාසය දිහා බැලුවත් තමන් යටතේ සේවය කළ නිලධාරීන් මේ විදියට පාවා දීපු හමුදාපතිවරයකු, ෆීල්ඞ් මාර්ෂල්වරයකු සොයා ගන්න බැහැ. ලෝකයටම එකයි – ඒ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා.

මේ මානසිකත්වය සරත් ෆොන්සේකාගේ පමණක් නොවෙයි, මේ ද්‍රෝහී ආණ්ඩුවේ මානසිකත්වයයි. රණවිරුවන් යුද්ධ කළේ යම් දේශපාලන පක්‍ෂයකට ගැතිව නොවෙයි. ඔවුන් යුද්ධ කළේ මේ රටට සාමය උදා කරලා දෙන්න. රටට සාමය උදා කරලා දීපු රණවිරුවන්ගෙන් ආණ්ඩුවක් මාරු වුණා කියලා මේ විදියට පලිගන්න හදනවා නම් ඒක කුමන ආකාරයේ ආණ්ඩුවක්ද? ඒක දේශද්‍රෝහී ආණ්ඩුවක්. මේ රටට ගැලපෙන ආණ්ඩුවක් නොවෙයි. හොඳින් මතක තියා ගන්න, සරත් ෆොන්සේකාට මෙවැනි ප්‍රකාශ කිරීමට ධෛර්ය එන්නේ මේ ආණ්ඩුවේ මානසිකත්වය සහ ඔහුගේ මානසිකත්වය එකක් වන නිසයි. මේ විදියට රටට සාමය දිනා දීපු ජෙනරාල්වරුන්, හිටපු ආරක්‍ෂක ලේකම් හා හිටපු සේනාධිනායක පාවා දෙන්න හදනවා නම් අපට හිතන්න වෙන්නේ ‘අද අපට ඇමතිවරු, අගමැති හා ජනාධිපති කියලා කියන්න වෙන්නේ මොන තරම් දීන මානසිකත්වයක් තියෙන මිනිසුන්ටද?’ කියන එකයි.

‘ප්‍රාණ ඇපයට ලක් වූ ආණ්ඩුවක ලතෝනිය’

ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා, මේ ආකාරයේ දැවැන්ත පාවා දීමක් සිදු කරන ආණ්ඩුවක් තමයි අද බලයේ ඉන්නේ කියා. මේ ආණ්ඩුව සෑමවිටම පිනවන්න හදන්නේ සුළු ජාතික ජාතිවාදී කල්ලි – පහර දෙන්නේ රණවිරුවන්ට සහ ජාතික ආරක්‍ෂාවට. ගලවන්නේ රණවිරු ස්මාරක – හයි කරන්නේ කොටි ස්මාරක. මේක සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප්‍රාණ ඇපයට ලක් වූ ආණ්ඩුවක්. මේ සරත් ෆොන්සේකාගේ කටින් පිට වෙන්නේ ඒ ආකාරයට ප්‍රාණ ඇපයට ලක් වූ අාණ්ඩුවක ලතෝනිය මිස වෙන කිසිවක් නොවෙයි.

‘හොර ජනමත විචාරණයකටයි හොරගල් අහුලන්නේ’

මේ ආණ්ඩුව හදන්නේ පළාත් පාලන ඡන්දය හෝ පළාත් සභා ඡන්ද පැවැත්වීමට නොවෙයි. මේ අය උත්සාහ කරන්නේ බෙදුම්වාදී ව්‍යවස්ථාව ගෙනල්ලා ඒකට කොහොමහරි පාර්ලිමේන්තුවේ 2/3ක බලය අරගෙන, ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාව දිනවන ජනමත විචාරණ මංකොල්ලයකට යන්න. ඒක තමයි මේ ආණ්ඩුවේ සැබෑ උවමනාව. ආණ්ඩුව ‘හොරගල් අහුලන්නේ’ ඒ පියවරට යන්නේ කොයි මොහොතේදීද කියා තීරණය කර ගන්න බැරිවයි. තමන්ට කිසිදු ජනතා ප්‍රසාදයක් නැති බව ආණ්ඩුව දන්නා නිසයි මැතිවරණවලට යන්නේ නැත්තේ. ඒ නිසා මේ ආණ්ඩුව යන්න හදන්නේ කිසිම ඡන්දයකට නොවෙයි, මා ඉහත කී හොර ජනමත විචාරණයටයි. ප්‍රජාතන්ත්‍රවාදය වළලපු, මැතිවරණ සිතියම හකුළපු, ශිෂ්‍ය මර්දනකාරීත්වයට පණ දීපු, අන්තවාදයට පණ දීපු මේ අාණ්ඩුව බලයේ ඉන්න මොහොතක් පාසා මේ රට අස්ථාවර වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහි බලවත් ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙන්න පෙරට එන්න කියා අපි ජනතාවගෙන් ඉල්ලනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා ද එක්ව සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-09-03

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    Wimal, your godfather is a lucky fellow. I won’t have the chance to rake his wounds and scratch his heart for a long time. He deserves to feel the pain and be in misery. Too bad it has to end that soon. Someone said Lalith W and the other fellow (I don’t even know him) will be released by the Appeal Court.

    Nice drama was in place isn’t it? I made a comment somewhere else stating that it was too early to make a comment on the sentence as I saw only you were suffering in the jail. It is because your’s was not a drama but an inside job.

    How much more money they may have misused like this. 600 million for pieces of cloth. They should have used that money to “arrange surgical eye repair for blind war heroes.” I am angry because MR and his cohorts used the money as bribes for voters instead of using it for a better cause. That is pretty obvious. Anyway the election results showed people were fed up with such last minute “meritorious deeds” by the king. History will repeat.

  2. Champa Reply

    මේ පින්තූරේ නම් මූණ හරිම නිවිච්ච පාටයි. හරියට නිකම් පිංහාමිගෙ මූණ වගේ පින් පාට. ඔයාටත් සිල් රෙදි හම්බ වුනාද?

  3. Champa Reply

    බබා, අන්න තව ගඩොලක් ගැලවිලා. ආණ්ඩුවේ නෙමෙයි ඒකාබද්ධ විපක්ෂෙ. මෑන් ඒකාබද්ධ විපක්ෂෙට ගියොත් මන්ත්‍රීකමත් ගැලවෙනවා.

    දැන් ඒකාබද්ධ විපක්ෂෙ ගඩොල් තුනක් ගැලවුනා. 1. ප්‍රියංකර 2. විජේදාස 3. අරුන්දික 4. වෙන්න තිබ්බේ සුසිල්. හැබැයි මේක වෙන බව දැනගෙනද කොහෙද ඊයේ හරි පෙරේද හරි කිව්වා කවුරුවත් ඒකාබද්ධ විපක්ෂෙට යන්නේ නැහැ කියලා.

    මං දැක්ක ඔයා කියල තියෙනවා ගෝඨාභගෙ අර එළිය (කණමැදිරි එළිය) රටේ වෙනසක් කරන්න පුලුවන් විශාල පිරිසක් ඉන්න සංවිධානයක් කියලා. කණාමැදිරි ගොඩක් එකතු වෙලා දෙන්න පුළුවන් එළිය කොච්චරද කියනවද? කොළොඹ මිනිහෙක් ඇහැව්වා අර වියත් මඟට මොකොද වුනේ ඒක නොඑන ගමන sorry sorry මේ නොමඟ ගියාද කියලා. එහෙමත් නැත්නම් “කණමැදිරි එලිය” ගෙනාවේ “වියතුන්ට මඟ වැරදුනු” නිසාද කියල. අනිත් එක විමල් ඒක ගැන කතා කරන්නේ ඒකට සහභාගී වෙච්ච අය විතරනෙ. රටේ ඒ ගැන කිසිම කතිකාවතක් නැහැනෙ.

    හැබැයි ඔයාගේ පෙබරවාරි 18 ජන පවුර ගැනයි ඕගොල්ලෝ කරපු පාද යාත්‍රාව ගැනයි නම් ලංකාවම කතා කළා. අදටත් මතක් කරනවා. ඊට පස්සේ ඔක්තෝබර් මාසේ අතට ආපු කුරුල්ලව අතැරිය. ඒකාබද්ධ විපක්ෂෙට මඟ වැරදුනා. දෙපාරක් වැරදුනා. ඔයාව හිරේ දාලා තුන්වෙනි පාරත් වරද්ද ගත්ත. සමහර දඩයක්කාරයො විනෝදෙට කුරුල්ලන්ට වෙඩි තියනව. හැබැයි ඒ පියාඹන කොට විතරයි. අත්තේ වහලා ඉන්න කුරුල්ලන්ට දඩයක්කාරයො වෙඩි තියන්නේ නැහැ. මිනිස්සු මොන ගස් කැපුවත් බෝ ගස් කපන්නේ නැහැ. විමල් රට වෙනුවෙන් සහ ඒගොල්ලො වෙනුවෙන් කරපු දේවල් ඔක්කොම අමතක කළා. ඒ වෙන කොට කොයි තරම් දුරට අල්ලන් හිටියත් විමල්ව හිරේ දැම්මට පස්සෙ සහ ඊට පස්සේ හිරෙන් නිදහස් වෙන්න බැරි වෙන්න කරපු දේවල් සහ දඟලපු දැඟලිල්ල නිසා ඒකාබද්ධ විපක්ෂෙ ඒ වෙනකම් හරි තිබුන shine එක නැති වෙලා ගියා. ඔයාගෙ godfather සහ ඒකාබද්ධ විපක්ෂෙට ආයේ අවස්ථාවක් එන්නෙ නැහැ.

    මොකොට ගියාද ඔයා ලලිත් වීරතුංගව බලන්න. මාස තුනක් ඔයා හිරේ හිටිය, එයා ආවේ නැහැනෙ ඔයාව බලන්න. ඔයා මට මතකයි කරුණවත් බලන්න ගියා හිර ගෙදර, හැබැයි එයා ආවේ නැහැ ඔයාව බලන්න. මම සාමාන්‍යයෙන් පරණ දේවල් ඇදගෙන ඒවා ගැන කතා කරන කෙනෙක් නෙමෙයි විමල්. මම හුඟක් දේවල් අමතක කරනවා. හැබැයි ඔයාව හිරේ දාපු එක සහ ඇප ගන්න එක block කරපු හැටි කවදාවත් අමතක කරන්නෙ නැහැ.

    මම මේක කලිනුත් කිව්වා. 2020 දී ඔය ඒකාබද්ධ විපක්ෂෙ ඉන්න ඔක්කොම, SLFP හැමෝම මහින්දව අතඇරලා යනවා. රාජපක්ෂලා තමන් ගැන විතරක් හිතනවා වගේ අනිත් මිනිස්සුන්ටත් අයිතියක් තියෙනව තමන් ගැන හිතන්න. රාජපක්ෂලා ආයෙ බලයට එන්නේ නැහැ. හැබැයි ඒගොල්ලන්ට survive වෙන්න ක්‍රමයක් තියෙනවා. මම ඒක කවදාවත් කියලා දෙන්නේ නැහැ.

  4. Champa Reply

    Wimal, the name Rajapaksa or the war victory is not salable in 2020. People who are against the government is already vulnerable. It was you who gave the strength to Sinhalese to rise against the government. Don’t forget that. Are you going to let some others to steal them?

    Some hoodwinking is going on. I believe that JVP is trying to garner the support of masses who are vulnerable, in support of Ranil in 2020.

    Are you going to wait and see until Ranil become the President in 2020? Or are you ready to go for an alternative? Your position is not clear to me. But what you are trying to tell me in a different way is very clear. I am not an idiot. I get it. Only my pride don’t let me tell you how much it affects me. Anyway, forget about it, lets talk about our responsibilities and obligations towards our motherland. I can’t read you on that front. How about we meet and have a “man-to-man” talk? Not now, too early, next year, I mean. Yes??? Let’s weigh our options and go for a strategy. You have a choice, if you are not with me, I go for it alone, then you will repent.

Leave a Reply

*