BREAKING NEWS

රටින් බැහැරව සිටියත් යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව රට මුහුණ පා ඇති අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම වෙනුවන් තම යුතුකම සහ වගකීම ඉටු කිරීමට සූදානමින් සිටිනවා – ජානිපෙ නායක, විමල් වීරවංශ

    රටින් බැහැරව සිටියත් යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික ප‍්‍රජාව රට මුහුණ පා ඇති අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම වෙනුවන් තම යුතුකම සහ වගකීම ඉටු කිරීමට සූදානමින් සිටින්නේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පුරා මසකට අධික කාලයක් යුරෝපයේ සංචාරයක නියැලී කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට යළි පැමිණි මොහොතේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

‘‘ලංකාව තුළ අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස දේශන මාලාවක් ආරම්භ කරනු ලැබුවා. එමගින් දෙමුහුන් උසාවිය පිළිබඳවත් රණවිරුවන් දංගෙඩියට දැක්කවීම හා රට බෙදී යාමේ දිශාවට ඇදගෙන යාම පිළිබඳවත් ජාතියට අනතුරු හැගවීමක් සිදු කරනු ලැබුවා.

යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීම පරිදි රටවල් 07කදී ඉහත කී දේශන 14කට අධික ප‍්‍රමාණයක් මේ කාලය තුළ පැවැත්වූවා. ඒවාට අතිවිශාල උද්යෝගීමත් සහභාගීත්වයක් දක්නට ලැබුණා. ඔවුන් ඉතාමත් උනන්දුවෙන් සිටිනවා, තම මව්බිම තුළ සිදු වන දේ තේරුම් ගන්න. ඒ වගේම ඔවුන් දැඩි අධිෂ්ඨානයක සිටිනවා, මේ අනතුරුදායක තත්ත්වය පරාජය කිරීම සඳහා රටින් බැහැරව සිටියත් තම යුතුකම හා වගකීම ඉටු කිරීමට.’’

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ද විමල් වීරවංශ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් බාල් නටන්න සූදානම් වෙනවා

ප‍්‍රශ්නය :- මේ ආණ්ඩුවේ වත්මන් ක‍්‍රියාකාරීත්වය පිළිබඳව ඔබට කීමට ඇත්තේ කුමක්ද?

පිළිතුර :- අල්පේච්ඡතාව සහ සරලකම ගැන කතා කරපු මේ ආණ්ඩුව, ජනවාරි 08 වැනිදා ‘ආප්ප විප්ලවය’ සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා. ඒකෙන්ම පෙනෙනවා මේ ආණ්ඩුවේ බංකොළොත්කම. රණවිරුවන් මාතෘභූමියට දිනා දුන් ජයග‍්‍රහණය සැමරීම නතර කරපු මේ ආණ්ඩුව ජනවාරි 08 වැනිදා සිදු කරනු ලැබූ ‘ආප්ප විප්ලවය’ සමරන්න විශාල ජනතා මුදල් ප‍්‍රමාණයක් විනාශ කරමින් සිටිනවා. ඒ වගේම ජනතාවගේ ඇස්වලට වැලි ගසමින් සුද්දන්ගේ උසාවිය සහ රණවිරුවන් දංගෙඩියට දැක්කවීම පිළිබඳ ජනතා අවධානය වෙනත් පැතිවලට හරවන්නත් මේ ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ මේ තරම් ජනතා අප‍්‍රසාදයට පත් වූ ආණ්ඩුවක් ලංකා ඉතිහාසය තුළ නිර්මාණය වී නැහැ.

ප‍්‍රශ්නය :- ඔබ ගුවන්තොටුපළට පැමිණීම ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට මෙහි බලධාරීන්ගෙන් යම් යම් බාධා කිරීම් සිදු වුණා. ඒ පිළිබඳව යමක් පැවසිය හැකිද?

පිළිතුර :- ඔව්! දැන් සමහර ඇමතිවරු ගුවන් තොටුපළට පැමිණෙන විට මාධ්‍යවේදීන්ට ප‍්‍රභූ පර්යන්තය අසලටම යන්න ඉඩ දෙනවා. නමුත් අපි එනකොට ඔබතුමන්ලාව පාරෙන් එළියේ තබනවා. ඒක තමයි දැන් තියෙන යහපාලනයේ අපූරුව, ඉස්තරම්භාවය’’

ගුවන්තොටුපළට පැමිණි විමල් වීරවංශ මහතා පිළිගැනීමට ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ, දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න, ගම්පහ දිස්ත‍්‍රික් නායක, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලලන්ත ගුණසේකර යන මහත්වරු ද පැමිණි සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
මාධ්‍ය ඒකකය,
ජාතික නිදහස් පෙරමුණ
2015.12.30

1 2 3 4 6 7 8

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*