BREAKING NEWS

රට පාවාදුන් ආණ්ඩුවේ බොරුව, වංචාව, මර්දනයට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනගන්න මෙවර කම්කරු දිනය යොදා ගන්නවා. – ජාතික නිදහස් පෙරමුණ

රට පාවාදුන් දින 100 ආණ්ඩුවේ බොරුව, වංචාව, මර්දනයට එරෙහිව දැවැන්ත ජනබලයක් ගොඩනැගීමට මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය යොදා ගන්නා බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

අද(29) ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය සභාපති, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

‘‘2015 මැයි දිනය එළෙඔන්නේ අපේ රට ඉතාමත් තීරණාත්මක අභියෝගයකට මුහුණ දී සිටින අවස්ථාවකයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක ජාතිය අමතමින් කීවා, ‘ශ‍්‍රී ලංකාව ලෝකය සමග එකතු කළා’ කියලා නමුත් ඇත්තෙන්ම සිදු වුණේ කුමක්ද? 2005 සිට 2015 ජනවාරි 08 දක්වා මේ රට පාලනය කළේ ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිරට යටත් නොවුණු නායකයෙක්. ඔහු බටහිර බලවතුන් හමුවේ දණ නොනමා, ඔවුන්ගේ කීමට යටත් නොවී බටහිර පිල්ලියක් වූ කොටි ත‍්‍රස්තවාදීන් පරාජය කළා. ඒ නිසා ඇමෙරිකා එක්සත් ජනපදය හා බටහිර බලවතුන් අප රට දෙස බැලූවේ වෛරී ආකල්පයකින්. ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිරට යටත් නොවී කටයුතු කළ නායකයන්ට අත් වූ ඉරණම අපි දන්නවා. මහින්ද රාජපක්‍ෂ මහතාට අත් වූ ඉරණමද බටහිර කුමන්ත‍්‍රණයක ප‍්‍රතිඵලයක්.

දැන් බටහිර බලවතුන් හා ඉන්දියාව ඉතා සතුටින් අපේ රටට එනවා යනවා. ඒ ඔවුන්ගේ කුමන්ත‍්‍රණය සාර්ථක වූ නිසයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියන පරිදි බටහිර බලවතුන් අද අපේ රට වටා එක් රොක් වෙලා ඉන්නවා. ඒ දැන් මේ රට ඔවුන්ට යටත් වී සිටින නිසයි. මෛත‍්‍රී-රනිල් ඇතුළු හත් හවුල අද මේ රට බටහිර සහ ඉන්දියාවේ කොලනියක් බවට පත්කර තිබෙනවා.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා ‘13න් එහා ගිය බලය බෙදීමක් දෙන්න’ කියා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළදීම පවසන්නේ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි 02 වැනිදා ලංකාවට එන්නේ මේ කුමන්ත‍්‍රණයේ ප‍්‍රතිඵල ලෙසයි.

දිනූ නිදහස අනතුරේ හෙළන මේ තත්ත්වය ආපසු හරවන ගමනක් අපි පසුගිය පෙබරවාරි 18දා නුගේගොඩින් ඇරඹුවා. දැන් මේ දින 100 ආණ්ඩුවේ සැබෑ තත්වය ජනතාවට වැටහී අවසානයි. ‘වෙනස මාරයි- රට හමාරයි’ කියා ජනතාව දන්නවා. නුගේගොඩින් ඇරඹි ගමනේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස තමයි අපි මෙවර මැයි දිනය සමරන්නේ. මේ රට ආපස්සට අදින වැඩපිළිවෙළට එරෙහි වැඩ කරන ජනතා බලවේග රැසක් අද ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයට එකතු වී සිටිනවා. වෘත්තීය සමිති 500කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලය සමග එක්ව ජාතියට නිසි මග කියන එක්සත් මැයි රැලියට සූදානම් වෙමින් සිටිනවා.

මෙම එක්සත් මැයි රැලියට මෛත‍්‍රී-රනිල් හත් හවුල් ආණ්ඩුවේ රට පාවාදෙන ගමනට එරෙහි දේශපාලන පක්‍ෂ සියල්ලටම අරයුම්කර තිබෙනවා. ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය, ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය, ඊ.පී.ඩි.පී. පක්‍ෂය එසේ ඇරයුම් ලබා තිබෙනවා. මේ සියලූ පක්‍ෂ පොළපාලිවලින් පැමණ කිරුළපොන ඇතුලත්මුදලි ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්සත් මැයි දින රැලියට සහභාගී වෙනවා. මේ රැුලියට ප‍්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගී වීමට නියමිතයි.

ජාතික නිදහස් පෙරමුණ ඉහත ඇරයුම පිළිගෙන මැයි දින පෙළපාලිය පොල්හේන්ගොඩ මහාමාත්‍ය විද්‍යාලය අසලින් ඇරඹිමට නියමිතයි. පක්‍ෂ නායක විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් සංවිධානය කෙරෙන මෙම මැයි දින පෙළපාලියේ තේමාව වී ඇත්තේ ‘රට පාවාදුන් ආණ්ඩුවේ බොරුව, වංචාව, මර්දනයට එරෙහිව ජනබලය ගොඩනගමු’ යන්නයි.

රට පාවාදුන් ආණ්ඩුවේ බොරුව, වංචාව, මර්දනයට එරෙහි ජනබලය ගොඩනගන්න මැයි 01 වැනිදා සවස 12.00ට පොල්හේන්ගොඩ මහාමාත්‍ය විද්‍යාලය අසලට පැමිණෙන ලෙස මේ රටේ සියලූ ප‍්‍රගතිශිලී ජන කොටස් වෙතින් ඉල්ලා සිටිනවා’’

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ දේශප්‍රේමී වැඩකරන ජනතා මධ්‍යස්ථානයේ ප‍්‍රධාන ලේකම් ජයන්ත වන්නිආරච්චි මහතාද සහභාගී විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-04-29

02

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*