BREAKING NEWS

රට බෙදන ව්‍යවස්ථාව 2/3 න් සම්මත කළහොත් එවැනි පාර්ලිමේන්තුවකට බෝම්බ වැස්සක් ඇද හෙළුවත් කමක් නැහැ

රට බෙදන ව්‍යවස්ථාව 2/3 න් සම්මත කළහොත් එවැනි පාර්ලිමේන්තුවකට
බෝම්බ වැස්සක් ඇද හෙළුවත් කමක් නැහැ
– ජාතික නිදහස් පෙරමුණ

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත් සභාවට ලබා දෙන, පළාත් ආණ්ඩුකාරවරයාගේ බලතල කප්පාදු කරන, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පළාත් සභා විසුරුවා හැරීමට ඇති බලය දුර්වල කෙරෙන, සමගාමී ලැයිස්තුව අහෝසි කරන, ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම ආණ්ඩුවෙන් උදුරා ගැනෙන ප්‍රතිපාදන ඇතුළත් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් 2/3 න් සම්මත කළහොත් එවැනි අපරාධයක් කළ පාර්ලිමේන්තුවකට ඉහළින් එක් බෝම්බයක් නොව බෝම්බ වැස්සක් ඇද හෙළුවත් වරදක් නැතැයි ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද (27) පිටකෝට්ටේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.

“අපේ රට දෙකඩ තෙකඩ වීම අබියස අද අපි ඉන්නේ. ඊනියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පතින් රටට සිදු වන අන්තරාය මැනවින් පිළිබිඹු වෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ මූලිකත්වයෙන් සැකසූ එම වාර්තාවෙන් පෙනී යනවා ‘බටහිර බලවතුන්ගේ, දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ මනඳොල පිනවීම සඳහා 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීමටයි මේ සැරසෙන්නේ’ කියලා. මේ අතුරු වාර්තා කෙටුම්පත හා එයට දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඇතැම් ජාතිවාදී බෙදුම්වාදී දේශපාලන පක්‍ෂ ඉදිරිපත් කර ඇති යෝජනා හොඳින් කියවා බලන්න. එම අතුරු වාර්තාවේ නිර්දේශ හා ඉහත පක්ෂවල යෝජනා අනුව නිර්මාණය වන නව ව්‍යවස්ථාවක් මගින් රටේ මධ්‍යම ආණ්ඩුව හා පාර්ලිමේන්තුව අර්ථශුන්‍ය, නිෂ්ක්‍රිය තැන් බවට පත්වීම අනිවාර්යයි.

හැදෙන්නෙ බෙදුම්වාදී ව්‍යවස්ථාවක්

ඉඩම්, පොලිස්, මුදල් බලතල සම්පූර්ණයෙන් පළාත් සභාවලට ලබා දෙන, අන්තවාදී ජාතිවාදී, රටට අහිතකර ප්‍රඥප්ති අනුමත නොකර සිටිමේ පළාත් අණ්ඩුකාරවරයා සතු අභිමතය ඉවත් කරන, සමගාමී ලැයිස්තුව ඉවත්කර එහි ඇති බොහෝ විෂයයන් පළාත් සභාවන්ට ලබා දෙන, වෙනම රාජ්‍යයක් ප්‍රකාශ කිරීම වැනි හදිස්සි අවස්ථාවක දී අදාළ පළාත් සභාව විසුරුවා හැර එහි බලතල පළාත් ආණ්ඩුකාරවරයා යටතට පත් කිරිමේ ජනාධිපතිවරයා සතු බලය දුර්වල කෙරෙන ෆෙඩරල් – බෙදුම්වාදී ව්‍යවස්ථාවක් තමයි මෙමගින් හැදෙන්නේ.

එදා සහ අද ජවිපෙ

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා ගෙන ඒමට ජයවර්ධන ආණ්ඩුව කටයුතු කළේ ඉන්දු – ලංකා ගිවිසුම අනුවයි. ඒ රට පාවා දීමේ ගිවිසුමට එරෙහිව තමයි ජවිපෙ දේශප්‍රේමී අරගලයක් ආරම්භ කළේ. ඒ දේශප්‍රේමී අරගලයට ශිෂ්‍යයන්ට ආරාධනා කළේ ‘පළමුව මව්බිම-දෙවනුව ඉගෙනුම’ කියලයි. වැඩ කරන ජනතාවට ඇරයුම් කළේ ‘පළමුව මව්බිම-දෙවනුව වැඩ බිම’ කියලයි. ඒ දේශප්‍රේමීන් සටන් වැදුනේ ‘මව්බිම නැත්තම් මරණය’ යන තේමා පාඨය යටතේ. එසේ ඉන්දියානු හමුදාවේ ආක්‍රමණයට, 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට, පළාත් සභා ක්‍රමයට විරුද්ධව සටන් වැදුනු ජවිපෙ අද භූමිකාව කවරාකාර ද? හදිසි අවස්ථාවක දී පළාත් සභා විසිරුවා හැරීමේ බලය විධායක ජනාධිපතිවරයා සතුවීම, සමගාමී ලැයිස්තුවක් මඟින් අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි විෂයයන් මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව යන දෙකටම අදාළ කිරීම, රටට හානිකර ප්‍රඥප්තිවලට අත්සන් කිරීමෙන් වැළකී සිටිමට පළාත් ආණ්ඩුකාරවරයාට අභිමතයක් තිබීම ආදිය ජේ. ආර් ජයවර්ධන, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රට බෙදී යාම වැළැක්වීමට එකතු කළ ප්‍රතිපාදනයි. ඒ වගේම එහිදී ඉඩම්, පොලිස් බලතල පළාත් සභා සඳහා ප්‍රායෝගිකව ලබා දීමක් ද සිදු වූයේ නෑ. එවැනි තත්වයක දී තමයි ජවිපෙ ‘මව්බිම නැත්නම් මරණය’ යන සටන් පාඨය යටතේ සටන් වැදුනේ.

ඒ ජවිපෙ අද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරන, රට බෙදී යාම වැළැක්වීමට ජේ.ආර් ජයවර්ධන එක් කළ ප්‍රතිපාදන ඉවත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හමුවේ නිහඩව සිටිනවා. මෑත ඉතිහාසයේ ජවිපෙ භුමිකාව සලකා බලන්න. 2002 පෙබරවාරි 22 වැනිදා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කොටි නායක ප්‍රභාකරන් සමඟ ‘සටන් විරාමයක්’ මුවාවෙන් රට පාවාදීමේ ගිවිසුමක් අත්සන් තැබුවා. පාර්ලිමේන්තුව පවා නොමඟ යවමින් තමයි ඒ පාවාදීමේ ගිවිසුම අත්සන් තැබුවේ. ඊට එරෙහිව පළමු වෙඩිමුරය තැබුවේ එදා අපත් ක්‍රියාධරයන් වූ ජවිපෙයි. ඊට එරෙහිව යෝධ පා ගමන් සංවිධානය කළේ කවුද? ජවිපෙයි. රනිල්ගේ රට පාවාදීමේ ගිවිසුම අහෝසි කිරීමට සටන් වදින දේශපාලන පෙරමුණ, සන්ධානය ගොඩනැගුවේ කවුද? ජවිපෙ යි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනැගුවා. 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට ගෙන ඒමට කැපවූවා. රට පාවාදීමේ ගිවිසුම හකුළා දැමුවා. පාර්ලිමේන්තුවට ජනතාවාදී මන්ත්‍රීවරු 39ක් යවන්නට හැකි වුණා. එහෙම කරලයි ඊනියා සටන් විරාමය ඔස්සේ රට බෙදීම වැළැක්වූයේ. 2005 දී සුනාමි සහන මණ්ඩලය ඔස්සේ චන්ද්‍රිකා කොටින්ට ‘අන්තර්වාර ස්වයං පාලනයක්’ දෙන්න හදනකොට ඊට එරෙහිව එජනිස ආණ්ඩුවෙන් එළියට ආවේ කවුද? ජවිපෙයි. උතුරු නැගෙනහිර පළාත් යළි වෙන් කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා ගැනීමට කැපවූයේ කවුද? ජවිපෙයි. මේ සියල්ල මගින් ජවිපෙ පෙන්වූයේ තම දේශප්‍රේමීත්වයයි. රට බෙදී යාම වැළැක්වීම තම න්‍යාය පත්‍රයේ අංක එක බවයි. 2007 පමණ වන විට රට බෙදීම වැළැක්වීම, බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පැරදවීම තම න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීමට ජවිපෙට රිංගා සිටි කුමන්ත්‍රණකාරී නායක අතලොස්සට හැකි වූවා.

ජානිපෙ භූමිකාව

ඒ අනුවයි, ජවිපෙන් ගිලිහුණු රට බෙදීම වැළැක්වීමේ ධජය අතට ගැනීමට අපි තීරණය කළේ. 2008 අප්‍රේල් 08 වැනිදා විමල් වීරවංශ මහතා ඇතුළු අපි ජවිපෙන් ඉවත් වුණේ ඒ සඳහායි. 2008 මැයි 14 වැනිදා ජානිපෙ බිහි කළෙත් යුද්ධයෙන් රට බෙදීමේ න්‍යාය පත්‍රය පැරදවීමටයි. ජවිපෙන් ඉවත් වීමේ අපේ තීරණය නිවැරදි බව රට හමුවේ තහවුරු වුණේ 2009 මැයි 19 වැනිදා මේ රටට ලැබුණු විජයග්‍රහණය සමඟයි. එදා 2009 අය-වැය පැරදවීමට ජවිපෙ කටයුතු කරද්දී අපිට එය තීරණාත්මකව පැරදවීමට හැකි වුණා. කොටි පැරදවීමේ සටනට මහින්ද රාජපක්‍ෂ පාලනය සමඟ එක්ව එයට මතවාදී නායකත්වය සැපයීමට විමල් වීරවංශ මහතා ඇතුළු අප පක්ෂයට හැකි වුණා.

පියසිරි අතින් සිදු වූයේ දේශපාලන අඩුවක්

මේ මොහොතේදීත් බෙදුම්වාදී ව්‍යවස්ථාවක් සැකසෙන විට අප පක්‍ෂයක් ලෙස එය රට හමුවේ වන කේන්ද්‍රීයම ප්‍රශ්නය බවත් එම ව්‍යවස්ථා ක්‍රියාදාමය පැරදවිය යුතු බවත් තීන්දු කළා. ඒ තීන්දු අනුව පක්‍ෂයේ දේශපාලන මන්ඩලය, මධ්‍යම කාරක සභාව නිරන්තරයෙන් රැස්වෙමින් ක්‍රියාමාර්ග තේරුවා. මේ බෙදුම්වාදී ව්‍යවස්ථා ක්‍රියාදාමයට එරෙහිව මහවැසි නොතකා විහාරමහාදේවී එළිමහන් රංග පීථයේදී ජාතික සමුළුවක් පැවැත්වූයේ ඒ අනුව. පත්‍රිකා දශලක්ෂයක් බෙදාහැරීම, පෝස්ටර් ව්‍යාපාරය දියත්වූයේ ඒ අනුව. නමුත් මේ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාදාමය ඇරඹෙන වකවානුව වන විටත් පියසිරි විජේනායක සහෝදරයා නිෂ්ක්‍රිය, උදාසීන තත්වයක සිටියේ. ජාතික සංවිධායක ධුරයට අදාළව ඔහුගේ වගකීම ඒ වන විටත් නිසි ලෙසින් ඉටු වූයේ නැහැ. එවැනි තත්වයක සිටයි, ඔහු විමල් වීරවංශ සහෝදරයා කළ ප්‍රකාශය විවේචනය කළේ. එය ඔහු අතින් සිදු වූ දේශපාලන අඩුවක් ලෙසයි අපි දකින්නේ. ඒ සම්බන්ධයෙන් අපි ඉදිරියේ දී ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඔහු 2008 අප්‍රේල් 08 වැනිදා සිට පක්‍ෂය වෙනුවෙන් කළ කැපකිරීම් අපට අමතක නැහැ.

මෙවැනි බෙදුම්වාදී ව්‍යවස්ථාවක් 2/3 න් සම්මත වීමට ඉඩ දෙන පාර්ලිමේන්තුවක් කුමට ද? එයට බෝම්බ එකක් නොව දහසක් හෙළුවත් කමක් නැහැ. එවැනි පාර්ලිමේන්තුවකට හෙණ ඉල්ලා සිටිය යුතුයි. අපි මෙවැනි ප්‍රකාශයක් කරන්නේ දේශපාලන හරයක් ඇතිවයි. එහෙම නැතිව අනුන්ගෙන් අහලා ගිරව් වගේ කතා කරන්නේ නැහැ. විමල් සහෝදරයා කීවේ මෙවැනි බෙදුම්වාදී ව්‍යවස්ථාවකට පක්‍ෂව අත ඔසවන පාර්ලිමේන්තුවකට බෝම්බයක් ගැසිය යුතුයි,
කියලයි. එහි කිසිම වරදක් නැහැ. ඒ කාරණයේ බරපතළකම රට හමුවේ අවධාරණය කිරීමටයි එසේ පැවසුවේ. මේ බෙදුම්වාදී ව්‍යවස්ථා කියාදාමයට එරෙහිව දිවිහිමියෙන් කටයුතු කිරීමට අපි සූදානම්. ඒ බව මේ ආණ්ඩුව දන්නවා. ඒකයි පක්‍ෂයේ නායකයන්ට සිරගෙවල් උරුම වුණේ. බොරු චෝදනා එල්ල වූයේ, පක්‍ෂය දෙකඩ කිරීමට සූදානම් වන්නේ. ඒ කිසිවකට අපේ ගමන නතර කිරීමට බැහැ. මේ රටේ දේශප්‍රේමී ජනතාව පමණක් නොවෙයි ත්‍රෛනිකායික මහා සඟරුවන මේ සටනේ දී අප සමඟ සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම් නීතිඥ කපිල ගමගේ යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-10-27

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    සිරිසේනයි රනිලුයි ජාතිද්‍රෝහියෝ කියල අපි දන්නේ 2015 දී මයි. හැබැයි ද්‍රෝහින්ගෙන් රට බේරා ගන්න කියලා පාර්ලිමේන්තුවට යවපු මහින්ද උන්ටත් වඩා ද්‍රෝහියෙක් වෙලා ද්‍රෝහීන් එක්ක එකතු වෙලා රට බෙදන ව්‍යවස්ථාවට පක්ෂ වෙලා රට පාවා දෙනව කියලා රටම දැන ගත්තේ යන්තම් අවුරුදු දෙක යනකොට. මහින්ද කියන්නේ මොකාද කියල දැන් රටටම තේරෙනවා. ඒකාබද්ධ විපක්ෂෙ පළාතක නැහැ, හැබැයි පත්තර/TV කාරයින්ට කියලා උද්ඝෝෂණය කරන්නේ උන් කියල පත්තරේ දාන්න කියල. මහින්ද කියන්නේ ද්‍රෝහියෙක් කියල රටම දැනගෙන ඉවරයි. සුද්දගේ කලෙත් ඔය වගේ එවුන් හිටිය. පාවා දුන් එවුන්ට සම්බුව ලැබුන.

    මහින්ද-රනිල්-සිරිසේන, තොපි තුන් දෙනාටම වැහි නැති හෙණ ගහන්න ඕනේ. හැඳි ගෑවිලා යන්න ඕනේ පවුල් පිටින්. අපේ ඇස් ඉදිරිපිටම අනතුරු වලට භාජනය වෙන්න ඕනේ, ලෙඩ වෙන්න ඕනේ. හොයා ගන්න බැරි අත්භූත ලෙඩ හැදෙන්න ඕනේ.

    ලංකාවේ මෙච්චර තැන් තියෙද්දී හරියටම තෝරලා බේරලා මැදමුලන වීරකැටියටම හෙණ ගැහැව්වා. තොපි වෙසිගේ පුතාල තුන්දෙනාටම දේව සාපය,දේව කෝපය වදින්න ඕනේ. කරන කිසි දෙයක් හරි යන්න එපා. සිහි විකල් වෙන්න ඕනේ. එක හීනෙන් එලි වෙන්න නැහැ. සමහර භීෂණ කාලවල් ඉවර වුනේ ඒ කාලේ හිටපු පාලකයෝ මැරිලා ගිය නිසා. මිනිස්සු උදේ හවා සාප කළා. මේකත් ඉවර වෙන්නේ එහෙම.

    රටට ද්‍රෝහී තොපි තුන්දෙනා ඉන්න කම් මේ රටට හරි යන්නේ නැහැ. රටේ දවස ගානේ මේ තරම් මිනිස්සු මැරෙන්නේ තොපේ කාලකන්නි කමට. තොපෙන් පස්සෙ රට වෙනස් වෙලා හරි පාරට වැටිලා අතීතයේ වගේ රට සශ්‍රීක වෙනවා. මිනිස්සුන්ට හොඳ අනාගතයක් උදාවෙනවා. රටට හොඳ කාලයක් උදා වෙනවා. ආපහු ලංකාවේ ඉතිහාසයටම මේ වගේ මූසල කාලයක් එන්නේ නැහැ.

    රටට ද්‍රෝහී තොපි තුන් දෙනයි තොපේ පවුල් වල එවුනුයි ඇර, රටට ආදරය කරන රටේ අනිත් මිනිස්සුන්ව කතරගම දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ. රට වෙනුවෙන් කැපවෙන හැමෝම සහ මහා සංඝ රත්නය දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරන්න ඕනේ. ද්‍රෝහින්ගෙන් රට බේරා ගන්න ශක්තිය දෙන්න ඕනේ.

  2. Champa Reply

    මොන දහන්ගැට ගැහැව්වත් රනිල්ගේ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව හරි යන්නේ නැහැ. මිනිස්සුන්ට නවත්තන්න බැරි දේවල් ස්වභාව ධර්මය නවත්තලා දීපු අවස්ථාවල් ඕනේ හැටියේ අපේ ඉතිහාසයේ පෙන්වලා දීලා තියෙනව. මිනිස්සුන්ගේ සාපෙම ඇති.

    උද්ඝෝෂණයට ආව මහා සංඝ රත්නය ඇතුළු දේශප්‍රේමින් හැමෝටම මගේ ගෞරව ප්‍රණාමය. එක හීනෙන් එලි වෙන්නේ නැහැ. ආණ්ඩුව මාධ්‍ය ඔක්කොම වහල. බයගුල්ලෝ. බොරු news දානවා ඒකාබද්ද විපක්ෂයේ උද්ඝෝෂනයක්ලු. රටෙත් නැති ඒකාබද්ධ විපක්ෂයේ නායකයා බංකොලොත්. නායකයෝ බංකොලොත් වුනහම ඔහොම බාල දේවල් කරනවා. ඇත්ත වහල බොරුව පෙන්වනවා. News දාන කොට පාට වෙනස් කරලා පෙන්වනවා. නිල් පාට කළු පාට කරලා පෙන්වනවා. බංකොලොත් වෙනකොට ලාමක ගති උඩට එනවා.

    රනිලුයි සිරිසෙනයි ආපහු 2015 විදිය වෙනකොට, මිනිස්සුන්ටත් ඒ විදිය වෙන්න වෙනවා. ජනතාවත් ජනාධිපති අගමැති ඉන්න උත්සව ඔක්කොම වර්ජනය කරන්න ඕනේ. මොකොද රටට ද්‍රෝහී වෙච්ච පාලකයන්ගේ හුළඟ වත් වදින්න යන්න හොඳ නැහැ. දෙන්නවම boycott කරන්න ඕනේ. හැමෝම එකම මතයේ වෙනස් නොවී ඉන්න ඕනේ. ඊළඟට එන හැම චන්දෙකින්ම අනිවාර්යයෙන්ම පරද්දන්න ඕනේ. අපිටත් අවස්ථාවක් ආවහම අපිත් කරන්නේ මෙහෙම කියල පෙන්වන්න ඕනේ. 2019 අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණෙ ඉල්ලලා පාරට බහින්න ඕනේ. මේ ව්‍යවස්ථාවේ කොටසක් තියෙනව ඔය මැතිවරණෙ නැති කරන. ඒවා හරි යන්නේ නැහැ. අද නැති වුනාට එදාට ඕනේ තරම් අළුත් මූණු එයි. අපිට ඉදිරපත් කරන්න කෙනෙක් නැති වුනොත් හාමුදුරු කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ ජනාධිපතිවරණෙට. ඒ මොකොද අනිවාර්යයෙන්ම බෞද්ධයෝ සමගි වෙලා සියලු බෞද්ධ චන්ද දෙන්නේ ඕනේ එක් කෙනෙකුට නිසා.

    ෆෙඩරල් ව්‍යවස්ථාවට එදා ඉදන්ම විරුද්ධව සටන් කරන විමල් ඇතුළු ජාතික නිදහස් පෙරමුණ හැර මේ දේශපාලකයන් ඔක්කොම ගෙදර යවන්න ඕනේ. කිසි සමාවක් දෙන්න හොඳ නැහැ. ආයේ කිසි දවසක පාර්ලිමේන්තුව පැත්ත පළාතක එන්න දෙන්න හොඳ නැහැ. ඊලඟට විමල්, අනිත් දේශප්‍රේමින්, මහා සංඝ රත්නය එකතුවෙලා තෝරන්න ඕනේ පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කවුද කියලා. ඒවා සංවිධානය කරන්න පුළුවන් ඒ වෙනකොට. අද අපිට නැති රාජ්‍ය බලය එදාට අතට අරගෙන මේ කරපුව ඔක්කොම ආපහු හරවන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඊළඟ පාර්ලිමේන්තුව සම්පූරනයෙන්ම අලුත් මුහුණු ඉන්න ඕනේ. ඔක්කොම පරණ මූණු ගෙදර යවන්න ඕනේ. We should not spare anybody. They all should go home. Two stage-speeches will be more than enough to guide people what to do in 2019/2020 and to whom they should vote. We must definitely refresh the Parliament and the Executive with new faces. People will receive the necessary leadership to do this at the right time.

    • Champa Reply

      මහින්දට පල දුන්න අපේ ඇස් පනාපිටම.

      දැක්කද? එයාට ලොකු සහයෝගයක් දෙන සද්දම හාමුදුරුවරු දෙන්නගෙන් එක්කෙනෙක් ප්‍රසිද්ධියේ කිව්වා “සියලු ජාතීන්ගේ එකඟතාවයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් දැකියහැකි එකම නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා” කියලා. කතාවට මං එකඟ නැහැ. රටේ මිනිස්සු එකඟත් නැහැ. හැබැයි මහින්දව replace කරලා සිරිසේනව එතනට දාපු වේගෙට මට හිනා යනවා. “හම්බ වෙන්න ගිය වෙලාවෙ හොඳ ඉවසීමෙන් සියලු දේ අහගෙන හිටියා කිව්වා. ඉවසීම පුරුදු වුනේ කොහෙන්ද ඇහැව්වා.” වැඩක් නැහැ කියලා, මාර kudos. හිතන්න පුළුවන් හැම මිනිහටම තේරෙනව මහින්ද කරන පාවාදීම. රනිල්ට කවදාවත් ඔය ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාවක් ගැන හිතන්නවත් බැහැ මහින්දයි ඒකාබද්ධ විපක්ෂෙයි (විමල්/ජාතික නිදහස් පෙරමුණ නැතුව) දුන්නු සහයෝගය නොවෙන්න.

      ඕනේ ඔට්ටුවක් දානවා මහින්දගේ අනිත් සද්ද හාමුදුරුවොත් ඕකම කියනව වැඩි දවසක් යන්න ඉස්සෙල්ල. ඒ මොකොද කිව්වා නම් දැන් පහල වෙනවා මම 2016 ඉඳන් කියපු නුවණ.

      මෙහෙම වෙන්නේ මොකොද දන්නවද විමල්, රටේ ඊළඟ නායකත්වයට පාර හැදෙන්න. ඊළඟ ලොකු චන්දෙදි රාජපක්ෂලා අභියෝගයක් වෙන එක නවත්තන්න ඊට කලින් ඒගොල්ලන්ව දුර්වල කරනවා. මිනිස්සුන්ට එපා කරවනවා. හැබැයි 2015 වගේ නිවිච්ච ඇල් වතුර ජනාධිපති කෙනෙක් 2020ට ගැලපෙන්නේ නැහැ. ඒ කාලෙට ගැලපෙන්නේ කොන්ද පණ තියෙන කෙලින් තීරණ ගන්න මිනිහෙක්. පොහොසතාට වඩා දිළින්දා ගැන හිතන කෙනෙක්. සල්ලි, දේපල අරක මේක වැඩක් නැති ඒවා පොදි ගහන්නැති කෙනෙක්. 1948 ඉඳන් 1988 දක්වා ලංකාවේ හිටපු පාලකයො ඒ වගේ. දේශපාලනයට ආවේ සල්ලි හම්බ කරන්න නෙමෙයි. කතරගම දෙයියො ලංකාවෙ වැඩ ඉන්නකම් ආයෙ කිසි දවසක රාජපක්ෂ කෙනෙක්ට බලයට එන්න ඉඩ තියන්නෙ නැහැ. ඒගොල්ලො මාත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ, මං මක්කොරන්නද? මං කතරගම දෙයියො නෙමේනෙ.

  3. Champa Reply

    විමල් දෙරණෙ ඔයාගේ video clip එකක title එක වෙනස් කරලා, ඔයාට attack එකක් විදියට. “Wimal hits out at speaker’s letter” කියලා. මට හරියටම වචන මතක නැති වුනත් කලින් තිබ්බේ ඔය title එක නෙමෙයි නේද? Something about the bombing, isn’t it? දැන් මේ විදියට කියනව. බලන්න දෙරණට හුඟක් ප්‍රශ්න ආපු 2015 සහ ඊට පස්සේ තව එකකට 2016, අපි හුඟක් සහයෝගය දුන්න නේද? මතකද විමල්? මේ ඒවාට සලකන හැටි තමයි.

    මාධ්‍ය නිදහස ඉල්ලලා මහා ඉහලින් කතා කරනවා, හැබැයි රට වෙනුවෙන් කතා කරන, රටම ආදරය කරන දේශප්‍රේමී දේශපාලකයෙකුට කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, සාධාරණ විවේචනයක් කිරීමේ නිදහස දෙන්නේ නැහැ. ව්‍යංගාර්ථයෙන් කියන්නේ විමල්ට විරුද්ධව action ගන්න කියලා මේක උඩ. මාධ්‍ය දේශපාලකයන්ගේ අතකොළු වුනාම සදාචාරය අමතක වෙනවා, තමන් කරන දේ හරි නැති බව දැන දැනම ඒක කරනවා. මාධ්‍ය විසින් රටේ නායකයෝ බිහි කරපු කාලේ, රටේ මතවාද හදපු කාලේ ඉවරයි. ඒක දැන් ජනතාව අතට අරන් ඉවරයි. රටෙන් 95%ක් ඉන්නේ සාමාන්‍ය ජනතාව. ජනගහනයෙන් 82%ක් ඉන්නේ ගම්බද ආශ්‍රිතව. ජනතාව රටේ ඊළඟ නායකයා විදියට තෝරන්නේ තමන්ගේ පංතියේ කෙනෙක්. 2015 වගේ ආවට ගියාට නෙමෙයි, හොඳට හිතලා බලල ගන්න තීරණයක්.

  4. Champa Reply

    මට විරුද්ධව දේශපාලන පලි ගැනීමක් යනව. 😀 😀 😀 සමහර අද පත්තර මට විරුද්ධව බය කරලා. Comments දාන්නේ නැහැ. එන්න ඇති බලපෑමක් නැත්නම් බිලියනක් විතර වීසි කරන්න ඇති. මොකෝ ඉතින් තමන් හම්බ කරපුව කියලය? ලියන comments වලට මෙහෙම බය වෙනවා නම්, මම කතා කරොත් කොච්චර බය වෙයිද? පව් අප්පා! මම ලියන එක නවත්තන්න, මගෙන් පන්න පන්න පලි ගන්න තමයි මාව මර්දනය කලේ සහ කරන්න හදන්නේ. හැබැයි, වුනේ මාව අයින් වෙච්ච එක නෙමෙයි, ඒගොල්ලන්ව දේශපාලනයෙන් අයින් කරලා සාමාන්‍ය ජනතාව අතට රටේ බලය අරන් දෙන්න මට අධිෂ්ඨානයක් ඇති වුනු එක. කලින් තිබුණු නැති ශක්තියක් ලැබුණු එක. මාව මර්දනය කරන්න මගේ කට වහන්න රාජපක්ෂලා මාව LankaCNews එකෙන් අයින් කළා. දැක්කනේ දැන් වෙලා තියෙන දේ. මම ලියන කාලේ ඒක බලන මිනිස්සුගෙන් 80-89% ක් ලංකාවේ මිනිස්සු. දැන් 48.9% යි. කෑවා LCN එක. විමල්ව හිරේ දැම්මෙත් මගෙන් පලි ගන්න. මට රිද්දන්න. අනිවාර්යයෙන්ම මම කතා කරන දවසට රටටම කියනව මාව මර්දනය කරන්න හදපු හැටි. මම මිනිස්සුන්ව බය කරනවා බලය නැතුව මෙහෙම නම්, බලයට ආවොත් කොහොමද කියල. බලය නැතුවත් නිකම් comment එකක් ලියන කෙනෙක්ගෙන් මෙහෙම පලි ගන්නවා නම්, ආපහු බලයට ආවොත් දේශපාලන විරුද්ධවාදීන් ගෙන් මොන තරම් පලි ගනියිද කියලා. අනිවාර්යයෙන්ම මාව නම් අතුරුදහන් කරනවා. දැන්මම අතුරුදහන් list එකට නම දාල තියන්න ඕනේ.

    හලෝ බැසිල්, හොඳට මතක තියා ගන්නවා, මම විමල් වගේ නෙමෙයි, මට කරපු කිසි දෙයක් අමතක වෙන්නේ නැහැ. අමතක කරන්නෙත් නැහැ. අනිවාර්යයෙන්ම return එක දෙනවා.

  5. Champa Reply

    No worries. I take Black as the New Blue. Thanks.

  6. Champa Reply

    අන්න විමල්, ඔයා President ව හම්බ වෙච්ච දවසේ කියපු එක – සියලු පක්ෂ සමඟ කතිකාවත – කරන්න කතා කරනවා.

    හරි නම් ඕකයි ඉස්සෙල්ල කරන්න තිබුනේ. ඒ වුනාට කලේ අනිත් පැත්ත. පස්සේ කරන්න තිබුන එක මුලින් කලේ දෙමළු බෙදුම්වාදීන්ට ඕනේ විදියට කෙටුම්පත හදා ගන්න. අනු කමිටු වල ඉන්නේ සිද්ධාර්ථන් වගේ ත්‍රස්තවාදීන්. උන්ට නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි, දෙමල ඊලම ගන්න බැරි වෙච්ච එක ගැන. මෙච්චර රටේ උගත්තු වියත්තු ඉන්දැද්දී, මම කියන්නේ දෙමල වියත්තු ඉන්නවනේ මධ්‍යස්ථ. ඒ කිසි කෙනෙක් නැතුව කෙටුම්පත හදන්න උපතින්ම ෆෙඩරල් එවුන්, ප්‍රසිද්ධ බෙදුම්වාදීන්, NGO වලින් යැපෙන ගැත්තන්, ත්‍රස්තවාදීන්වම තෝරා ගන්න ඕනෙද? එහෙම කරලා කියනව රටේ වැරදි මතයක් තියෙනවාලු රට බෙදනවා, ජාතිය පාවා දෙනව කියලා.

    NGO කාරයන්ගෙන් පඩි කන, ඩොලර් වලින් යැපෙන, UN එකෙන් පඩි ගෙවන, අවුරුද්දෙන් වැඩි කාලයක් පිටරට ජීවත් වෙන, ජාත්‍යන්තරයේ කොන්ත්‍රාත් වලට වැඩ කරන, සුද්දන්ගේ සපත්තු ලෙවකන, රටේ කිසි පිළිගැනීමක් නැති, එහෙන් මෙහෙන් අහුලා ගත්තු, උපතින්ම ෆෙඩරල් වාදීන් වුනු දෙතුන් දෙනෙක්, PLOTE සංවිධානයේ හිටපු ත්‍රස්තවාදීන්, LTTE එකේ proxy එක TNA බෙදුම්වාදීන් එකතු කරන් කිසි කතාවක් නැතුව උන්ට ඕනේ විදිය ව්‍යවස්ථා කෙටුම්පතක් හදලා ඉවර වෙලා දැන් අනිත් මිනිස්සුන්ට කියනව ප්‍රශ්න අවුල් කරනවලු.

    එවුන් හදපු කෙටුම්පතක් පිළිගන්න සිංහලයන් බැඳිලා නැහැ.

    1978 ව්‍යවස්ථාව හැදුවේ J. R. Jayewardene තනියම. පොඩි කාලේ අහලා තියෙනවා 1970 වේ පැරදුන දවසේ ඉඳන්, 1977 වෙනකම්, J. R. ව්‍යවස්ථාව හැදුවා කියලා අවුරුදු 7ක් තිස්සේ.

    අපේ රටේ ව්‍යවස්ථාව හදන්න ඕනේ අපේ මිනිස්සු, අපේ උගත්තු, අපේ වියත්තු, අපේ ආචාර්ය, මහාචාර්ය හාමුදුරුවරු. එහෙම නැතුව NGO කාරයෝ, ඇමරිකන් කාරයෝ, UN එක, ද්විත්ව පුරවැසියන් නෙමෙයි. අපේ මිනිස්සුන්ට ඒක කරන්න දුන්නේ නැහැ. ඒ මොකොද එතකොට දෙමළුන්ට අවශ්‍ය දේ දෙන්න බැරි වෙන නිසා. ඇත්තටම ප්‍රශ්න විසඳන්න ඕනේ නම් කරන්නේ එහෙම. එහෙම නොකළේ කෙටුම්පත ඒකපාර්ශ්වීය-දෙමල පාර්ශවීය කරගන්න ඕනේ නිසා.

    උතුරේ දෙමල බෙදුම්වාදීන්ට පුළුවන් නම් දෙමල චන්ද ලක්ෂ 5ක් දීල රටක ව්‍යවස්ථාව වෙනස් කරගන්න, චන්දෙ දීපු අනිත් මිලියන් 11ක චන්ද මීට පස්සේ දෙන්න වැඩක් නැහැ. ඒ කියන්නේ රටේ බහුතර මතය කියන්නේ චන්ද ලක්ෂ 5. ඒක අපිට පිලිගන්නලු. මොකොට කියනවද?

  7. Champa Reply

    Wimal, මේ පලවෙනි comment එක මමද එව්වේ? කිසිම මතකයක් නැහැ. මට තරහ යන බව ඇත්ත. එතකොට අරක මේක කියනව. වෙඩි තියනව කියන්නත් පුළුවන්. හැබැයි ඔය තරම් දිගට දිගට ලියන්න? ලියපු මටවත් කියවන්න බැහැනෙ. මම උන විකාරෙන්ද කොහෙද ලියල තියෙන්නේ. ඇත්තටම ම හොඳටම උන දවස් දෙකක ඉඳන්. අද තමයි තේරුනේ උන බව. අර පහුගිය දවස් දෙකේ මිනිස්සු මැරෙන ඒවා ගොඩක් ගියා නේ. මට හරිම අමාරුයි ඒවා දැක්කහම. මම සාමාන්‍යයෙන් title එක විතරයි කියවන්නේ. හුඟක් එහෙම මරණ තියෙන හින්ද එක පිට එක, මම හිතුව මුළු විස්තරේම බලනව කියල. ඒ වුනාට ඒවායේ පින්තූර දාල තිබුන වහන්නේ නැතුව. බලපු ගමන් තිබ්බේ ලේ තියෙන පින්තූරයක්. මට උන හැදුනේ ඊට පස්සෙද කොහෙද. ඇත්තමයි මේ පත්තර කරන මිනිස්සු හිතන්නේ නැහැ මේවා පොඩි ළමයින්ගේ පටන් තරුණ වයසක වැඩිහිටියෝ හැමෝම බලනව කියල. සමහරුන්ට ඕනේ පින්තූරයක් බලන්න පුළුවන්. සමහරුන්ට එහෙම බැහැ. එහෙම පින්තූරයක් දකින්න මම බලාපොරොත්තු වුනේ නැහැ. එකපාරට මට නිකම්. මම වෙන තැනකත් කිව්වේ මට ඔක්තෝබර් මාසේ හරිම අමාරු මාසයක්. තව ලියන්න තියෙනව. පස්සේ ලියනවා.

    If you can please remove that comment. I feel bad.

    • Champa Reply

      පේනවද, තියෙන මුරණ්ඩුකම. අර පලවෙනි comment එක අයින් කරලා නැහැ කියලත්. මොකක් හරි කරන්න කිව්වොත් කරන්නෙම නැහැ. එපා කිව්වොත් නම් ඒකම කරනවා. අර කලින් එකේ ලියපු මාගල අයින් කරන්න කිව්වා, ඒක කරෙත් නැහැ. මහ මුරණ්ඩු කෙක්කක්. දැක්කයින් දැක්කේ නැහැ මෙහෙම දඩබ්බර පිරිමියෙක්. වෙන මිනිස්සු මම මොකක් හරි කියන්නේ කොයි වෙලාවෙද කියල බලා ඉන්නවා කරලා දෙන්න.

      මම ඇත්තමයි කියන්නේ මට උණ. අර ලේ තියෙන පින්තූරෙයි තව මොනාදයි දැක්කට පස්සේ. මං හිතන්නේ මට කඩවරයා ගැහුවා. ඒකයි උණ ගත්තේ. මම ඊයෙනෙ ඕක ලිව්වේ නේද? උණ විකාරේ. නැත්නම් මට ඔහොම ඒවා ලියන්න බැහැ. ලියපු මටවත් ඒක කියවන්න බැහැනේ දෙයියනේ. අනේ ඒක අයින් කරන්න සුදු විමල්, හොඳ බබා වගේ.

  8. Champa Reply

    Wimal, stay there. I want you to read one of my comments before others read it. Still typing. Hold a press conference tomorrow for this.

  9. Champa Reply

    Wimal, I am sending the following comment to CT. I want you to hold a press conference and say the same – “recall the EU Ambassador” tomorrow. Let’s show them that we are a sovereign nation and that he deals with “Sinhalese” who are not ready to bow down to pressure or tolerate undue criticism of our legitimate right to take our own decisions and that we are not cowards like Sirisena and Ranil who lick the boots of para-sudda.

    Quote:

    “EU should RECALL its Ambassador to Sri Lanka, Tung-Laï Margue for his speech at the HOPE Exhibition!!!!!

    His speech is a DIRECT INTERFERENCE and A VIOLATION of the Civil and Political Rights of Sri Lankans.

    How dare he to use the word “short-sighted” to describe the Opposition who are against the Federal Constitution???

    EU Ambassador should understand;
    1. The Constitution is the most crucial document which is the foundation that legitimizes the rule of any country.
    2. It is the Constitution that limits the powers of a government that determines the relationship between state and citizens.
    3. IT IS THE BLUEPRINT OF GOVERNANCE which shows the direction to the government whose duty is to follow that path.

    If the Sri Lankan Government introduces a new Constitution that converts the Unitary, Single State into a United, Federal State, Sri Lankan citizens and political parties have a LEGITIMATE RIGHT to oppose, as it ratifies the country being divided according to territorial rights, aerospace rights, naval rights not to mention conferring separate sovereign rights, legislature rights and judicial rights to 9 individual Federal Provincial States. How could EU Ambassador say opposing such Proposals which divide a Unitary Country is SHORT-SIGHTED????

    EU Ambassador, Tung-Laï Margue has NO RIGHT WHATSOEVER to criticise individual decisions of people, or the Opposition, for listening to majority voters who oppose the Federal Constitution.

    EU, being the vanguard of human rights and the most vociferous organ in protecting people’s rights, should TEACH THEIR AMBASSADOR TO “RESPECT SRI LANKAN CITIZENS’ RIGHT TO TAKE THEIR OWN DECISIONS” WITHOUT BEING SUBJECT TO EU’s UNDUE MANIPULATION, INFLUENCE AND INTIMIDATION.

    Furthermore, he has no right to talk about politics of the host country let alone criticize the Opposition. This is a gross violation of the Vienna Convention.
    .
    I repeat, EU should recall its Ambassador to Sri Lanka, FORTHWITH.” Unquote.

    Good luck! Love you.

  10. Champa Reply

    I don’t know, if possible, do it now! Is 8.30 p.m. too late? The earlier the better.

  11. Champa Reply

    If you hold the press briefing now, we can attract international attention which is beneficial for our fight against the Federal Constitution

  12. Champa Reply

    Wimal, do you watch cartoons? There is a cartoon character called Bug’s Bunny who does silly things sometimes. He does so many stupi things, repent but never learn. I am watching a video right now. So funny.

    • Champa Reply

      These are called “travel cartoons”. When you travel, it is the best.

  13. Champa Reply

    This is a song, I picked up, on my way. It was sung by one of the cartoon characters while dancing, but I forgot the name. Enjoy.

    Forget and erase
    Do not check the path
    Heaven helps me
    Oh, stupidity at its best

    Be the gentleman you are
    Silliness goes too far
    Technology is a nightmare
    Fool’s paradise is where

    Hey, come, let us party
    Life is super short
    Get back to your life
    Worry free and nice!!!

  14. Champa Reply

    දැක්කද, ආණ්ඩුවට පරණ සෙල්ලමට බැහැලා. මිනිස්සුන්ට වැදගත්ම දේ අමතක කරවන්න, ඊට වඩා දෙයක් ඇදලා ඉස්සරහට දාන එක. ව්‍යවස්ථාවට තියෙන අවධානය අඩු කරන්න තියෙන හොඳම ඇම චන්දයක්. දැන් ඒකාබද්ධ විපක්ෂයට පුළුවන් බොරුවට ඔලුව නැතුව දුවන නයි වගේ හතර අතේ දුව දුව මාධ්‍ය වලට කතා කර කර මිනිස්සුන්ගේ අවධානය චන්දෙ පැත්තට ඇදලා ගන්න. මෙච්චර දවසක් නොතබපු පලාත්පාලන චන්දේ දැන් හදිසියේ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව ඇතුලේ කතා කරන අතරේ තියනව. හැබැයි චන්දෙකට මම හිතන්නේ නැහැ මිනිස්සුන්ට mood එකක් තියෙනව කියලා, හරිම උදාසීනයි.

Leave a Reply

*