BREAKING NEWS

රට බේරාගත් මහින්දට ‘හොරා’ කියන රට ලේ විලක් කරපු ප‍්‍රභාකරන්ට ‘මැතිතුමා’ කියන ‘වෙනසක්’ අපට ලැබී තිබෙනවා.- ජානිපෙ නායක, විමල් වීරවංශ

රට බේරාගත් නායකයාට ‘හොරා’ යැයි අමතන රට ලේ විලක් කළ මිනීමරු කොටි නයකයාට ‘මැතිතුමා’ යැයි අමතන ‘වෙනසක්’ වත්මන් යහපාලන ආණ්ඩුව විසින් ජනතාවට ලබාදී ඇති බවත් එම වෙනසට නැවතීමේ තිත තැබීමට අගෝස්තු 17 වැනිදා යොදා ගන්නා ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඉල්ලා සිටියි.

විමල් වීරවංශ මහතා මේ අදහස් පළ කළේ පසුගියදා නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ, වලපනේ ආසනයේ නිල්දණ්ඩාහින්න නගරයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති ජන රැලියේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘‘ යහපාලන ආණ්ඩුවේ කැබිනට් ප‍්‍රකාශක රාජිත සෙනාරත්න දත් දොස්තර මහත්තයා පසුගිය දවසක මිනිමරු කොටි නායක වේළුපිල්ලේ පිරබාහරන්ව හදුන්වනු ලැබුවේ ප‍්‍රභාකරන් මැතිතුමා කියලයි. දළදා හාමුදුරුවන්ට බෝම්බ ගහපු, ජයශ‍්‍රී මහා බෝධීන් වහන්සෙ අභියස සැදැහැවතුන්ව ඝාතනය කළා. කාත්තන්කුඩි මුස්ලිම් දෙවස්ථානය තුළ ඉස්ලාම් බැතිමතුන්ව කපා කොටා මරා දැමු ඒ පාපතර කොටි නායකයාව ප‍්‍රභාකරන් මැතිතුමා වශයෙන් හැදින්වීමට තරම් යහපාලන ආණ්ඩුව අද වන විට නිවට වී ඇති බව පෙනී යනවා. ජාතියට ජීවය ලබාදුන් මහින්ද රාජපක්ෂ මැතිතුමාව සිරගත කොට, සිරගතව සිටින පිරබාහරන්ගේ ගෝලබාලයන්ට ඇප ලබාදීමේ වෙනස යහපාලකයන් මේ වන විට දියත් කරමින් තිබෙනවා. රට බේරාගත් නායකයාට ‘හොරා’ යයි පවසමින් අවමන් කරන මෙ යහපාලන නඩය මිනිමරු කොටි නායකයාව ‘මැතිතුමා’ වශයෙන් ආමන්ත‍්‍රණය කරමින් ඒ පාපතරයාට ගෞරවයක් අත්කර දෙනු ලබනවා. ජනවාරි 8වැනිදා වෙනසක් අපේක්ෂාවෙන් හංසයාට ඡුන්දය ලබාදුන් පිරිසට අවසානයේදී හිමි වූ වෙනස වන්නේ එයයි.
අද වන විට රටේ ජාතික ආරක්ෂාව පවතින්නේ අනතුරුදායක තත්ත්වයක බව පැහැදිලියි. අවසන් සටනේදී අපේ දරුවෝ විසිහත්දාහක් ජීවිත පරිත්‍යාගයෙන් රටට හිමිකර දුන් ඒකීයභාවය වික‍්‍රමසිංහ මහත්තයා මේවන විට බිලිදී අවසානයි. මහ මැතිවරණ ප‍්‍රතිඵලය තමන්ට අවාසිදායක වන බව කල්තියාම දන්නා රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පවසන්නේ දෙමළ ජාතික සන්ධානයේ සහ රතු අලි පැටවුන්ගේ සහයෝගය ලබාගනිමින් ආණ්ඩුවක් හදන බවයි. රතුඅලිපැටියාගේ භූමිකාව ර`ග දක්වන අනුර කුමාර දිසානායක අද රනිල් වික‍්‍රමසිංහට සහතික වෙනවා ආණ්ඩුවක් හදන්න අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට. එක්සත් ජාතික පක්ෂයේ බටලන්ද වධකාගාරයේදී ජ.වි.පෙ වෙනුවෙන් ජිවිත දන් දුන් තරුණයන්ගේ ආත්මයට පවා අනුර කුමාරලා සිදුකරනු ලබන්නේ බලවත් අසාධාරණයක්. ජනතා විමුක්ති පෙරමුණ, ඉතිහාසයේ ප‍්‍රථම වරට ‘රාජ්‍යයේ ඒකීයභාවය සුරකිමු’ යන වාක්‍යය සිය මැතිවරණ ප‍්‍රකාශයෙන් ඉවත් කොට තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගය ලබාගනිමින් ජාතික ආණ්ඩුවක් හදන බව වික‍්‍රමසිංහ මහත්තයා ප‍්‍රකාශ කරන කොට දෙමළ ජාතික සන්ධානය සිය මැතිවරණ ප‍්‍රකාශනය තුළින් කියා සිටින්නේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන, දෙමළ නිජබිම් සංකල්පය පිළිගන්න, දෙමළ ජාතියේ වෙන්වීමේ අයිතිය පිළිගන්න හා පූර්ණ ස්වයංපාලන අයිතිය ලබාදෙන පාර්ශ්වයකට සිය සහයෝගය ලබාදෙන බවයි. දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදී බෙදුම්වාදී ඉල්ලීම් දිනවන ගමනකට රට රැුගෙන යාමට මේ හතුරු බලවේගයන් කටයුතු කරන බව ඒ අනුව පැහැදිලියි.
‘ජනතාවගේ බඩ කට පුරවනවා’ යයි පැවසූ එක්සත් ජාතික පක්ෂය අද ජනතාව මුලාකර තිබෙනවා. වීවලට දෙනවා යයි කියූ සහතික මිල වී ගොවියාට අහිමි කර තිබෙනවා වගේම තම මැතිවරණ ප‍්‍රකාශනය තුළ ගොවියාට ලබාදිය යුතු පොහොර සහනාධාරය ගැන කිසිදු සඳහනක් නොකිරීමට වික‍්‍රමසිංහ මහත්තයා වග බලාගෙන තිබෙනවා. මෙමගින් ගොවියාගේ පොහොර සහනාධාරය කප්පාදු කරලීමට එතුමා අපේක්ෂා කරන බව පැහැදිලි වෙනවා. ජනතාවගේ බඩ කට පුරවන ආර්ථිකයක් දින සීයය තුළ ගොඩනගන බවට වහසි බස් දෙඩවූ එක්සත් ජාතික පක්ෂය අද වන විට සිදුකර ඇත්තේ ජීවන වියදම ඉහළ දැමීමට කටයුතු කිරීමයි.
මහින්දගෙන් ‘අනාගතයට සහතිකයක්’
නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනය තුළින් ලබාදෙන්නේ අනාගතයට සහතිකයක් බව මනාව සදහන් පැහැදිලිි වෙනවා. අපේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළ ගොවි මහතුන්ට හිමි පොහොර සහනාධාරය අඛණ්ඩව ලබාදෙන බව පැහැදිලිව සදහන් කොට තිබෙනවා. ඒ වගේම ණය බරින් තොර ගොවියෙකු නිර්මාණය කිරීමේ අරමුණින් සහනදායී ගොවි ණය සදහා වූ ගොවිජන බැංකු ක‍්‍රමය යළි ආරම්භ කරනු ලබන බවද සඳහන් වෙනවා. එළවළු ගොවියාගේ එළවළු හා කිරි ගොවියාගේ කිරි ටික අලෙවි කරන තෙක් ඒවා ආරක්ෂාකර ගැනීම සඳහා ගමට ශීතාගාර ලබාදීමට කටයුතු කරන බවත් අපගේ මැතිවරණ ප‍්‍රකාශනය තුළ මනාව පෙන්වා දී තිබෙනවා. පරාජය කිරීමට නොහැකි යැයි පැවසූ කොටියාව පරාජය කළ, දියුණු කිරීමට නොහැකි යයි පැවසූ රට 7.43%ක ආර්ථික වර්ධන වේගයක් කරා රැගෙන ආ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණක් ගොවි ජනතාවගේ ඉතිරි අභියෝගත්් විස`දා දීමේ හැකියාව ඇති බව පැහැදිලියි. ඒ හැකියාව බොරුවෙන් ජනතාව රවටන, ‘පිනා චාන්ස් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට’ නැති බව ජනතාව අවබෝධ කර ගත යුතුයි
2005 වන විට හතරගාතයෙන් වැටී සිටි මේ පොළොවට පණ දුන් මහින්ද රාජපක්ෂ නම් අභීත නායකයා විධායක අගමැති පුටුවේ වාඩි කරවන්න ලබන අගෝස්තු මස 17 වැනිදා මේ රටේ ජනතාව කටයුතු කළ යුතුයි. යහපාලන නඩයේ බොරුවලට රැුවටී ජනවාරි 8 වැනිදා වරද්දා ගත්තු ජනතාව පවා, අගෝස්තු මස 17 වැනිදා කළ වරද නිවැරදිකර ගැනීමේ අපේක්ෂාවෙන් පසුවෙනවා. ඒ නිසා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්තයා සහභාගි වන රැුලිවලට වඩා අතිවිශාල ජනතාවක්් ගලා එන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගි වන ජනහමු සඳහායි.
මේ අවස්ථාවේදී රටට ආදරය කරන ජනතාවක් ලෙස අප කළ යුතුවන්නේ වසර 6ක කාලයක් ගතවීමටත් පෙර යුද ජයග‍්‍රහණය පාවා දෙන හතුරු බලවේගයන්ට, දෙමළ ජාතික සන්ධානයට සහ දෙමළ ඩයස්පෝරාවට පණ දෙන බලවේගයන්ට ඉදිරි මහ මැතිවරණයෙදී ජනතා වරම ලබානොදී සිටීමයි’’
(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*