BREAKING NEWS

රණවිරුවනි, ඔබලා සිටිය යුත්තේ රජගෙදර මිස සිරගෙදර නොවෙයි. නමුත් අද රජගෙදර සිටිනවුන් ඔබලා සිරගෙදරට ගෙන යනවා

“රණවිරුවනි, ඔබලා සිටිය යුත්තේ රජගෙදර මිස සිරගෙදර නොවෙයි. නමුත් අද රජගෙදර සිටිනවුන් ඔබලා සිරගෙදරට ගෙන යනවා”

– ජානිපෙ නායක විමල් වීරවංශ

මුළුමහත් ජාතියකට අභයදානය ලබා දුන් රණවිරුවන් සිටිය යුත්තේ රජගෙදර වුවත් අද රජගෙදර සිටිනවුත් එම රණවිරුවන්ට සිරගෙදර උරුම කර දී ඇති බවත් ඒ වරද කඩිනමින් නිවැරදි කිරීමට කළ හැකි සියල්ල සිදු කරන බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

අද (14) කොමදෝරු ඩී. කේ. පී දසනායක රණවිරුවා අත්අඩංගුවට ගෙන සිරගත කිරීම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවූ ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉතා ඉහළ මට්ටමේ වගකීම් හොබවපු මේ රට වෙනුවෙන් සුවිශේෂ කැපවීමක් සහ දායකත්වයක් සපයපු අනභිභවනීය රණවිරුවකු වූ කොමදෝරු ඩී. කේ. පී. දසනායක මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත කළ ප්‍රවෘත්තිය ඇසීමෙන් අප ඉමහත් කම්පනයට පත් වූවා. මේ ප්‍රවෘත්තිය, මාතෘභූමියට අබමල් රොනක හෝ ආදරයක් ඇති සෑම අයකුම දේශපාලන බේදයකින්, ජාති ආගම්, කුල, මල බේදයකින් තොරව සංවේගයට පත් විය යුතු ප්‍රවෘත්තියක්.

ඩී. ජී. කේ. දසනායක කියන්නේ ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසය තුළ අනන්‍ය සලකුණක් තැබූ විරුවෙක්. ත්‍රිකුණාමල ප්‍රදේශයේ ඉපිද, හැදී වැඩී පාසල් අධ්‍යාපනය නිමා කොට නාවික හමුදාවට එක් වූ දසනායක මහතා රණවික්‍රම පදක්කම හතර වතාවක්, රණශූර පදක්කම දෙවතාවක් දිනා ගෙන ඉමහත් සේවාවක් මේ රට වෙනුවෙන් ඉටුකොට තිබෙනවා. ඔහු ලුතිනන් ධුරයේ සිට ලුතිනන් කමාන්ඩර් ධුරය දක්වා ක්‍ෂේත්‍ර උසස්වීමක් ලබා තිබෙනවා. එසේම දෙවන වරටත් ක්‍ෂේත්‍ර උසස්වීමක් සඳහා නිර්දේශ වී තිබෙනවා. නාවික හමුදා ඉතිහාසය තුළ ක්‍ෂේත්‍ර උසස්වීම් ලැබූ නිලධාරීන් 08 දෙනයි සිටින්නේ. ඒ වගේම දෙවන වරටත් ක්‍ෂේත්‍ර උසස්වීමක් සඳහා නිර්දේශ ලැබූ අය දෙදෙනයි සිටින්නේ. මේ ඩී. ජී. කේ. දසනායක රණවිරුවා ඒ දෙදෙනාගෙන් එක් අයෙක්.

ඩී. පී. කේ. දසනායක රණවිරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදහන් කිරීම යන චෝදනාව යටතේයි. මේ පිළිබඳ පරීක්‍ෂණ ගෙවී ගිය වසර පුරාම සිදුව තිබෙනවා. ඊට අදාළව දැනටමත් නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සෙසු නිලධාරීන් 04 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. යුද සමයේදී ත්‍රිකුණාමලයේ සිට මාළු ලොරියක, අධිශීතකරණයක බෝම්බ පුරවා ගෙනවිත් කොළඹදී පුපුරුවා හැරීමේ සැලසුමක් නාවික හමුදා බුද්ධි අංශයට දැන ගැනීමට ලැබුණා. ඒ අනුව එම ලොරියත්, රියදුරු හා සහායකයත් අත්අඩංගුවට ගැනුණා. පසුව කළ විමර්ශනවලදී ඊට කොටි ත්‍රස්තවාදීන් 10 දෙනෙකු සම්බන්ධ බව අනාවරණය වුණා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ කොටි ත්‍රස්තවාදීන් 10 දෙනා තමයි මෙහිදී අතුරුදහන් වූ පුද්ගලයන් 10 දෙනා ලෙස සලකන්නේ.

‘කොටි නායකයන් මුහුදෙන් පලායාම වැළැක්වීමට නායකත්වය දුන්නා’

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන ඇතුළු සෙසු නායකයෝ මුහුදු යාත්‍රා මගින් පලා යෑමේ අවදානමක් යුද සමයේ අවසාන මාස තුන තුළ තිබුණා. ඒ නිසා නාවික හමුදාව සමුද්‍රාරක්‍ෂක වලල්ලක් සකසා තිබුණා. මාස තුනක් තිස්සේ කුඩා නාවික යාත්‍රාවකට වී බොහෝ දුක් ගැහැට විඳිමින් සෙසු කුඩා යාත්‍රා 100ක් සමඟ එම සමුද්‍රාරක්‍ෂක වලල්ලට නායකත්වය දුන්නේ කවුද? මේ දසනායක රණවිරුවා. මේ රට වෙනුවෙන් එසේ අපමණ සේවයක් කළ කොමදෝරු ඩී. පී. කේ. දසනායක විරුවා ඇතුළු නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් කොටි ත්‍රස්තවාදීන් 10 දෙනෙකු අතුරුදහන් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන හිරේ දමන්නේ මේ ආණ්ඩුවට අමු කැවිලාද, කියා මා අහන්න කැමතියි.

එදා ඒ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් ත්‍රිකුණාමලයේදී බෝම්බ පිරවූ මාළු ලොරිය අත්අඩංගුවට නොගත්තා නම්, එය කොළඹට ගෙන ඒමට කොටි ත්‍රස්තවාදීන්ට හැකි වුණා නම් ඒ බෝම්බවලට එදා, මේ රණවිරුවන් අත්අඩංගුවට ගත් සී. අයි. ඩී. නිලධාරීන් වගේම ඊට නියෝගය දුන් අගමැතිවරයාත් හසු වෙන්න තිබුණා. එහෙම අනතුරකින් ජාතිය ගලවා ගන්න අමිල මෙහෙවරක් කරපු කොමදෝරු ඩී. පි. කේ. දසනායක වැනි රණවිරුවන් අත්අඩංගුවට ගැනීමට ඉඩ දී අපට නිහඬව සිටිය හැකිද? එසේ නිහඬව බලා සිටිනවා නම් මේ ජාතිය මොන තරම් නිවට ජාතියක්ද? තමන්ගේ ජීවිතයට අභයදානය ලබා දුන්නු මිනිසුන්ව මේ විදියට කුදලාගෙන ගිහිල්ලා හිරේ දමනතුරු මේ රටේ මිනිස්සු නිහඬව බලා සිටිනවා නම් මේ රට පණ ඇති මිනිසුන්ගෙන් සමන්විත ජාතියක් වෙන්න බැහැ.

අපි මේ ද්‍රෝහී ආණ්ඩුවට බලකර කියා සිටිනවා ‘කරුණාකරලා කොමදෝරු ඩී. කේ. පී දසනායක ඇතුළු සියලුම බුද්ධි අංශ රණවිරුවන් නිදහස් කරන්න. මේ රණවිරු දඩයම වහා නවත්වන්න’ කියා. තවදුරටත් මේ ද්‍රෝහී ක්‍රියාව දෙස නිහඬව බලා සිටින මේ රටේ ජනතාවගෙන් අපි අහනවා ‘අද කොමදෝරු දසනායක අත්අඩංගුවට ගනී. යුද්ධයේදී නාවික හමුදාවට නායකත්වය දුන් රණවිරුවන්, මේ රට බේරාගැනීමට කැප වූ නායකයන් අත්අඩංගුවට ගන්නා තුරු ද, බලා සිටින්නේ’ කියා.

ඒ නිසා අපි දේශපාලන බේදයකින් තොරව සාමය භූක්ති විඳින සැම මිනිසකුසේම හෘද සාක්‍ෂිය පිරි මැද කියනවා ‘කරුණාකර මේ අපරාධය සිදු වීමට ඉඩ දී නිහඬව ඉන්න එපා!’කියලා. ඊට එරෙහිව පාරට බහිමු!’මේ ද්‍රෝහී ආණ්ඩුවට දැනෙන විරෝධතාවකට යමු. ඒ සඳහා ජාතික නිදහස් පෙරමුණේ අපි අවශ්‍ය නායකත්වය ලබා දෙනවා. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණ ලෙස අපි මේ රටේ නාවික හමුදා නිලධාරීන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමාව ඉල්ලනවා, මෙවැනි ඉරණමකට ඔවුන් පත්වීම සම්බන්ධයෙන්. ‘2015 ජනවාරි 08 වැනිදා මේ රටේ මිනිස්සු කළ වැරැද්දක් නිසයි ඔබලාට මෙවැනි ඉරණමක් අත් වුණේ. මල්මාලා දැමිය යුතු ඔබගේ ගෙලට අද තොණ්ඩුව වැටෙමින් තිබෙනවා. අපි ඒ වැරැද්දට 2015 ජනවාරි 08 දායක නොවුණත් ජාතිය වෙනුවෙන් අපි මෙසේ ඔබලාගෙන් සමාව ඉල්ලා සිටිනවා. ඔබලා තැබිය යුත්තේ සිරගෙදර නොවෙයි. රජගෙදර. නමුත් අද රජගෙදර ඉන්න එවුන් ඔබව අද ගෙන යන්නේ සිරගෙදරට. ඒ වැරැද්ද නිවැරදි කරන්න අපි කළ හැකි සියල්ල කරන බව මේ මොහොතේ සපථ කර සිටිනවා.”

මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-07-14

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මේ මොකක්ද මේ? Commodore දසනායකව arrest කළා? කවත්ද? එහෙම නඩුවක් තිබ්බද? මොකක්ද හේතුව? news බැලුවෙත් නැහැ. වෙලා තිබුනේ නැහැ. He was arrested when President was not in the country. Coincidence or design? Need to check.

    අර යකා, මහේෂුත් හමුදාව පාවලා දෙන්න යනව.

    හමුදාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න වෙනවා.

    අරුන්ව නම් ගන්න එපා. පාදඩ ඒකාබද්ධ විපක්ෂය.

    රනිල් එක්ක එකතු වෙලා OMP එක pass කරලා දුන්න. මොකොද එකෙන් රාජපක්ෂ ලාට හානියක් වෙන්නේ නැති නිසා. හමුදාවේ පොඩි මිනිස්සුන්ට තමයි ප්‍රශ්නෙ එන්නේ. හෙන ගහනවා. විමල් ආයේ එහෙම ඒ උගුල් වලට අහු වෙන්න එපා. ICPPED එකට විරුද්ධ වුන මොකොද තමන්ට සමහරවිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. රනිල් මෙහෙදී බේරුවට පිටරටකදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා. රාජපක්ෂලාට හමුදාව ගැන කැක්කුමක් නැහැ. තමන් ගැන විතරයි බලන්නේ. ඊළඟට දයා රත්නායක වෙන්න පුළුවන්. මුළු හමුදාවම පාවලා දෙනව. හමුදාවේ කිසි කෙනෙක් ආයේ එවුන්ට චන්දෙ දෙන්නේ නැහැ.

    I raise my voice for tri forces but never for them. Never. There is no way I forgive them for letting OMP passed.

    • Champa Reply

      කොටි දහයක් අතුරුදහන් කළා කියලා arrest කරලා? යකාගෙ වැඩක්නෙ කොටි ඉන්නේ අතුරුදහන් කරන්න තමයි. නැතුව ඉතින් ගෙදර ගෙනිහින් කිරි පොවන්නද? කොටි අතුරුදහන් නොකලා නම් තමයි නඩු දාන්න ඕනේ තමන්ගේ රාජකාරියයි රට වෙනුවෙන් කරන්න තියෙන යුතුකමයි නොකොලට.

  2. Champa Reply

    විමල් මට ඔයාගේ ලොකු වෙනසක් පේනවා. මේ දවස් දෙකට වගේ ඔයා නිකම් එක පාරට ඉස්සෙල්ලට වගේ දහ ගුණයක විතර personal impetus එකක් අරගෙන වගේ. මේ මුළු කාලෙටම ඔයා ජාතික නිදහස් පෙරමුණ මේ සටනට නායකත්වය දෙනවා වගේ දෙයක් කිව්වමයි. හොඳ පැත්තට හොඳ ගමනක්. රට යන්න ඕනේ පැත්තට. ඔයා නායකත්වය අරන් රට අරන් යන්න ඕනේ පැත්තට. ඒ කියන්නේ මට ඕනේ පැත්තට.

    හැබැයි මට නම් ඕක ඕනේ වුනේ ඔයා හිරගෙදරින් එලියට ආව දවසේමයි. ඊට පස්සේ දළදා හාමුදුරුවෝ වැඳපු දවසට පස්සෙත් මම බලා හිටියා. ඔයා මැයි පළවෙනිදා galle face ගිහින් JO stage එකට නැග්ග දවසේ මම ඇඬුව. ඊට පස්සේ අර පොත, “රටට උවමනා වම” ලිව්වට පස්සෙත් මම බලා හිටිය. කාව පෙරටු කරන්ද යන්න ඕනේ කියන එකත් මම ඒ දවස් වලම කිව්වා.

    ජාතික නිදහස් පෙරමුණට ජයවේවා! කියල අර ගම්පහ සම්මන්ත්‍රණයේදී ඔයා කිව්වා. මම එහෙම දෙයක් ඔයා කියනව වේදිකාවක මේ ඇහව්වමයි. මැයි දිනේ තමයි මට ඕක අහන්න ඕනේ වුනේ. මම ඒකට මොකක් හරි කවියක් ලිව්වා නේද?

    • Champa Reply

      අඳුරු අහස එලිය කරන්
      ඔබ පායා ආව වගයි
      රට නිදි කල නොනගතයට
      නැවතීමක් වැටුණු හැඩයි

      ඔබ නොසිටියෙ මාස තුනයි
      පරගැතියන් පිනුම් ගසයි
      රණවිරුවන් බිලි ගන්නට
      මැතිසබයට පනත් ගෙනෙයි

      පීනන්නට කාලේ හරියි
      මුහුදට ඔබ බැසිය යුතුයි
      තනි ගමනක් අරඹන්නට
      අඩිතාලම දැමිය යුතුයි

      නිසි දැක්මක් නැති පරපුර
      ඉතිහාසෙට දැමිය යුතුයි
      මතු පරපුර රැකගත් බව
      ඔබෙ අකුරින් ලිවිය යුතුයි!

      (April 7, 2017 – The day Wimal was released on bail after 3 months)

  3. Champa Reply

    මේ පින්තූරේ ඇස් දෙක නම් හරිම වෙනස්. රාවණාගේ ඇස් දෙක වගේ තව පොඩ්ඩක් කොන් දෙකින් දික් වුනා නම්. විමල්ගේ ඇස් වෙනස්. There is a strange look. හැම තිස්සෙම නෙමෙයි සමහරක් වෙලාවට අමුතු enigmatic look එකක් තියෙනව, as if you look through something. මට කතාවක් තියෙනවා කියන්න.

  4. Champa Reply

    මොනවාද අනේ කරන්නේ? මේවා හරිම කැත වැඩ. ඒ පාර වෙන මිනිස්සුන්ට monkey brown shirt අන්දලා මෙතන දාලා. මදිවට එයා වගේ රැවුලත් තියෙන. පේනවද තව පොඩ්ඩෙන් මම දැක්ක ගමන් බලන්නේ නැතුව වහනව. අර යට නිල් පාට shirt එක අහම්බෙන් දැක්කේ නැත්නම්. කෝ විමල්ගේ හම්බන්තොට seminar එකේ photo එක? මෙතනත් ඉන්න admin අතන වගේම මාව කන්න ආපු ගං කබරයෙක්. එක්කෝ ඒකමයි. මං යන යන තැන දුෂ්ඨයෝ. අපිව තරහා කරන්න හදනවා. කාගේද මේ site එක? විමල්ගේ නම් විමල්ව එපෑය දාන්න. අයිතිකාරයාගේ පින්තූරේ හලලා මං අඳුරන්නේ නැති මිනිස්සුන්ව දාලා. ඒ මදිවට මාත් එක්ක තරහ නැති මිනිස්සුන්ටත් monkey brown shirt අන්දවලා එක්කන් එනවා. මේ පිරිමින්ට අඳින්න වෙන පාටවල් නැත්ද ඇත්තටම? කෝ විමල්ගේ photo එක? මම බලන්න බලන් ඉන්න බව දන්නා නිසාම ඒක හැංගුවා. මෙතැන මට විරුද්ධව පැහැදිලි සංවිධානාත්මක අපරාදයක් සිද්ධ වෙනවා. කියනව විමල්ට මම. විමල්ට දන්නෙවත් නැතුව ඇති ගං කබරයො මට කරන දේවල්.

  5. Champa Reply

    රණවිරුවොයි රටයි පාවලා දෙන ඒකාබද්ධ විපක්ෂයෙයි godfatherගෙයි ප්‍රාණ ඇපකාරය. Whitewash කරන්න යනවා.

    ඕක නෙමෙයි ඔයාට භාර වෙලා තියෙන භූමිකාව. ඔයාට භාර වෙලා තියෙන භූමිකාව රට බේරා ගන්න එක මිසක් godfatherවයි ඒකාබද්ධ විපක්ෂයයි පැල් බැඳගෙන, කඳු නැගගෙන, මුහුද දෙබා කරගෙන, මකරු මරාගෙන ආරක්ෂා කරන එක නෙමෙයි.

    හොඳ වැඩක් වෙයි ඔයාට ඔන්න අපි දන්නෑ, මං නම් නෑ ඔන්න. අර ඕගොල්ලන්ගෙ පරම්පරාව යන්නේ දිගට, ඔය නමේ තියෙන title එක, කුවේණිගේ අප්පොච්චාව පහු කරගෙන රාවණා වෙනකම් යන, යක්ඛ clan එක, එවුන් ඇවිල්ල බය කරයි, ටොකු අනියි, කතා කරන කොට mic එකේ එල්ලිලා ඉඳියි, නිදාගන්න ගිහාම කන් දෙකේ එල්ලෙයි, නින්ද ගියාම කොන්ඩෙන් අදියි. මූණ බලපුවහම හැමෝටම පෙනෙයි නෑ යකෙක්ගෙන් ගුටි කාල කියල, කියන දේ නැහැව්වට.

  6. Champa Reply

    මම දන්නවා ඔයාට මරණීය තර්ජනයක් කරලා තියෙනවා කියලා, ඉස්සෙල්ල වගේ ආපහු හිරේ දානවා කියලා.

  7. Champa Reply

    මේ පාර මොනවා හරි කරන්න ආවොත්, …..ත් අමතක කරලා, මමම ගිහින් ගහනවා පොල් ගෙඩියක් සීනිගම දෙයියන්ට … ගෑවිලාම යන්න.

  8. Champa Reply

    අන්න බලන්න විමල්, දැන් පරසුද්දෝ තමයි අපේ හමුදාවට විරුද්ධව සාක්කි දෙන්නේ. එතැන හිටියලු.

    දැනුත් මෙහෙම නම් සුද්දන්ගෙ උසාවිය ආව නම් කොහොමද?

    Orders දීපු ලොකු එවුන් ඔක්කොම දැන් බේරෙනවා පහළ නිලධාරීන්ව පාවාල දීල.

    මේ බලු ආණ්ඩුව අයින් කරලා බලය අරන් දෙන්න හරි හමන් කෙනෙක් හිටියා නම්, මිනිස්සු මෙලහට පාරට බැහැලා මුන්ව එලවන්න. මට නම් හරිම කේන්තියි. ඇත්තමයි මිනිස්සුන්ට දැන් තියෙන ප්‍රශ්නේ විකල්පයක් නැති එක. රාජපක්ෂලා රනිල්ගේ ඇම කාල විහින් නැති වුනා. දැන් ඒගොල්ලෝ facebook වීරයෝ. FB ලක්ෂ හතළිහෙන් සියයට 30%ක් fake. එක මිනිහට accounts තුන හතර තියෙනව. කෘතීම ජනප්‍රියකම ලංකාවේ වගේ රටක චන්දෙ කට බලපාන්නේ නැහැ. කැමැත්තට වඩා අකමැත්ත වැඩියි. වැඩිම වුනොත් 20%ක් ලැබෙයි.

    කෙලින් වැඩ කරන, හොඳ විශ්වාසවන්ත, කොන්ද පණ තියෙන, අවංක නායකයෙක් හිටියා නම්, ආණ්ඩුවට මේවා කරන්න ඉඩ නොදී මිනිස්සු බල පෙරළියකට පාර හදනවා, අනිත් ඔක්කොම පැත්තකට දාල. දැන් ඉන්න දේශපාලකයෝ අපේ විස්වාශය බිඳලා දැම්ම නිසා, විකල්පයක් එනතුරු ඉන්න වෙනවා. විකල්පය අනිවාර්යයෙන්ම අළුත් කෙනෙක්. මම විතරක් නෙමෙයි හුඟක් මිනිස්සු දැන් හිතන්නේ පාර්ලිමේන්තුවෙන් වැඩක් නැහැ කියලා. මෝල්ලු කාටවත් ආයේ එන්න බැරිවෙයි.

    විමල්, හමුදාව වෙනුවෙන් හාමුදුරුවරු සහ මිනිස්සුන්ව කතා කරවන්න මොකක් හරි කරන්න බැරිද? Ranilගේ dealකාරයො නම් වැඩේට කටු ගහයි.

    දසනායක වගේ අය සමහර මිනිස්සු දන්නෙත් නැහැ. යුද්ධෙදි රට වෙනුවෙන් සැබෑ මෙහෙවරක් කරපු මිනිස්සුන්ව කවරුවත් දන්නේ නැහැ, මොකොද ඒ මිනිස්සුන්ට ප්‍රසිද්ධියක් දුන්නේ නැති නිසා. යුද්ධයේ සැබෑ වීරයෝ වෙන්න ඕනේ යුධ බිමේ සටන් කරපු මිනිස්සු මිසක් ප්‍රතිරූප නෙමෙයි.

Leave a Reply

*