BREAKING NEWS

‘රතු පාටින් ඉඳගෙන කඩේ යාම’ – විමල් මාතලේ දී අලුත් කතාවක් කියයි

‘රතු පාටින් ඉඳගෙන කඩේ යාම’ – විමල් මාතලේ දී අලුත් කතාවක් කියයි

එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු!’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ(06) මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති ‘සල්ලාල අෘණ්ඩුව සහ කෙලෙසෙනා ලක්මව’ ජනතා සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

“පාර්ලිමේන්තුවේදී බොහොම සන්සුන්ව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක අගමැතිවරයාගෙන් අහනවා ‘පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතනය බලාත්මක කරන තුරු ජනාධිපතිතුමා සහ ඔබතුමා එකතු වෙලා යම්කිසි බලාධිකාරියක් හදලා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුයි නේද? කියා. හරි නම් ජවිපෙ අගමැතිගෙන් අහන්න ඕනෙ ‘කුණු ප්‍රශ්නය ඇති වුණේ, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා පළාත් පාලන ඡන්දය කල් දාපු නිසයි. ඒ නිසා වහාම ඡන්දය පවත්වනුෟ’ කියලයි. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ ඇහුවේ එහෙමයි. නමුත් දැන් ඔවුන් හිතන්නේ විෂය භාර ඇමතිවරුන්ගේ අතේ තිබෙන කුණු ප්‍රශ්නයට, අගමැති සහ ජනාධිපති අත ගැහුවොත් වැඬේ හරි කියලයි. මේ තමයි ජවිපෙ වත්මන් නායකත්වය ඇද වැටී ඇති තැන.

‘රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි’

පසුගියදා පැවැති ජවිපෙ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ රත්නායක මන්ත්‍රිතුමාගෙන් අහනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ අවස්ථාවේ සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව ජවිපෙ ස්ථාවරය කුමක්ද?’ කියා. එහිදී බිමල් රත්නායක තෙමේ පිළිතුරු දෙනවා ‘මහා නායක ස්වාමීන්වහන්සේලාට එහෙම මතයත් දරන්න අයිතිය තිබෙනවා. එහෙම වුණා කියලා ඒක අනිවාර්යෙන්ම බාරගත යුතු නැහැ. ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියා.

මේ තමයි අද රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය නිකම් නිවේදනයක් නොවෙයි. එය සංඝ ආඥාවක්. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය පිළිබඳ ‘අ’ යන්න, ‘ආ’ යන්න දන්නවා නම් කවදාවත් මේ විදියට ‘එම මතය පිළිගත යුතු නැත. කියා කියන්න යන්නේ නැහැ. එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘නැත, නැත මහා නායක හිමිවරු කෙසේ කීවද රනිලුනි, රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු! කියලයි කියන්නේ.

‘මේ ගහන්නේ කසාවතටයි’

මේ ආණ්ඩුවට බෞද්ධ සභ්‍යත්වය සමඟ උපන්ගෙයි අවුලක් තිබෙනවා. ඒකයි පිං කැටයටත් අත තිබ්බේ. බෞද්ධ සමාජයට අද මේ ආණ්ඩුව පණිවිඩයක් දෙන්න හදනවා ‘හාමුදුරුවරු කියන්නේ සල්ලි එකතු කර ගෙන. ආත්මාර්ථකාමීව භූක්ති විඳින අය’ කියා. මේ ගහන්නේ කසාවතට මේ ගහන්නේ මහා සංඝරත්නයත් මේ රටේ බෞද්ධ ජනතාවත් අතර පවතින මහා ඓතිහාසික බැදීමට, මේ ගහන්නේ මේ රටේ සභ්‍යත්වයේ මුදුන් මුලට.

අලුත්ගම කන්දේ විහාරයේ පිං කැට ටිකට සීල් තියලා මේ ආණ්ඩුව හදන ප්‍රවෘත්තිය තමයි ‘මේ විහාරයට පුදුමාකාර ආදායමක් ලැබේ’ කියන එක. ඒකෙන් හදන මතය තමයි ‘හාමුදුරුවන්ට දැන් සල්ලි තියෙනවා. දානේ දෙන්න ඕනෙ නැහැ. ඒ නිසා ගිහියාත් දැන් පන්සලෙන් කීයක් හරි ඉල්ලා ගත යුතුයි’ කියා. මේ රටේ තිබෙන බෞද්ධ සභ්‍යත්වය අන්‍ය ජාතිකයන්ගේ අනන්‍යතාව රැක්කා, ඔවුන් සහෝදරාත්මකව පිළි ගත්තා. එදා දළදා හාමුදුරුවන් වැඩ සිටින භූමිය ඉදිරියේ බි්‍රතාන්‍ය පාලකයන් පල්ලිය හැදුවා. නමුත් බි්‍රතාන්‍ය පාලකයන් ගියාට පසු ඒක කඩා දැමීමට කවුරුත් ගියේ නැහැ. ඒ තමයි මේ සභ්‍යත්වයේ තිබෙන වැදගත්කම. එය සියල්ල ඉවසා වදාරන සභ්‍යත්වයක්. ඒ මුදුන් මුලටයි මේ ගහන්නේ.

මේ පරගැති. සල්ලාල නිවට ආණ්ඩුව අද මේ රටේ මර්මස්ථානවලටයි පහර ගහන්නේ. ආර්ථිකය කෙලෙසනවා. රාජ්‍යයේ ඒකීයභාවය කෙලෙසනවා. රට දෙපලු කිරීමේ දිසාවට රැගෙන යනවා. ජාත්‍යන්තර බලවතුන්ගේ න්‍යාය පත්‍රය කරට අරන් ඉදිරියට ගෙන යනවා. මේ මව් පොළොව රක්නා සභ්‍යත්වයේ මුදුන් මුලට ගහනවා. ‘මේ සියල්ල ඉවසා ගෙන සිටිනවාද? නැතිනම් මේ පරගැති රූකඩ ආණ්ඩුව සතු බලය නිවැරදි ජනතා බලවේගයක් අතට පත් කරනවාද?’ කියන ප්‍රශ්නයයි අද අප ඉදිරියේ තිබෙන්නේ.

මෙම ජනතා සම්මන්ත්‍රණයේ මුලසුන ජාතික නිදහස් පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් නායක, හිටපු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සරත් විජේසිංහ මහතා විසින් දරනු ලැබීය. මෙහිදී ජානිපෙ නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක, මධ්‍යම පළාත් සභාවේ හිටපු අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-07-07

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    මොකක්ද ඒ පාර මං කරේ? දෙයියනේ කරපු නැති දේවලටත් තරහා පෙන්නනවා. නැති දේවල් ඇති කරලා පෙන්නනවා. එක මොහොතයි ගියේ. බලන්න කරපු හරිම කැත වැඩේ. අනේ මම කිව්වනේ මේ site එක අරින කොටම ඔය වගේ පාටවල් බලන්න බැහැ කියලා. Sequence එකත් වරද්දලා යට තිබ්බ පරණ කතාවක් ඇදලා අරන් ආපහු monkey colour shirt එක දැම්ම. කිසි අනුකම්පාවක් නැති රාක්ෂවංශ. දළ දෙක විතරයි අඩු. කන්දෙකෙනුත් දුන් පිටවෙනවා. අනේ මම හිතුව නිල් පාට shirt එක ඇන්දම තරහව ඉවරයි කියලා. දන්නවද ඔහොම දවස ගානේ තරහ වෙන්න අරන් මාව ලෙඩ වෙනවා. මැරෙන්න වුනත් පුළුවන්. මම මීට කලිනුත් කියලා තියෙනවා. මං දැන්නෑ ඔන්න ප්‍රාණඝාත අකුසලයකට හව් වෙන්න වුනත් පුළුවන්. මටත් මේ වගේ හැම දේටම තරහා වෙන්න දන්නේ නැහැනේ. කවදාවත් රණ්ඩු කරන්නේ නැති මාව දන්නේ නැති රණ්ඩු වලටත් ඇදලා ගන්නවා. චික්, මාවත් කුකුල් කේන්තිකාර රණ්ඩු කෙක්කක් වුනේ නැහැනේ මෙයා වගේ. පොර කුකුලා. වැරදි ඇහිඳ ඇහිඳ තරහා පෙන්වනවා.

  2. Champa Reply

    මොකක්ද අනේ මේක? කැත වැඩ. සති දෙකක් විතර තරහ වෙලා යන්තම් යාළු වුනා කියල හිතුව විතරයි, එක පැය දෙකයි හොඳට හිටියේ, ආයේ තරහ වෙලා මේක දැම්ම මගේ ඇස් වලට කටු අනින්න. මම බලා හිටියා හොඳ comment එකක් ලියන්න අර නිල් පාට ඇඳපු press briefing එක මෙතනට දානකම්. හොඳටම දන්නවා මම ඒක එනකම් බලා හිටියා කියලා. ඒක හින්දම තියෙන නපුරුකමට monkey brown shirt එක දැම්ම. දෙයියොනේ, පැටලුනත් පැටලුනේ නැහැ මේ වගේ කටු අත්තක් එක්ක.

    මොකොටද දැන් අළුතෙන් තරහා වුනේ? බය ගුල්ල කියපු එකටද? ඉකේ විමල්, මිනිස්සු ඔයාට හිනා වෙයි, මම දන්නේ නෑ. ෂිකේ මටත් වෙන්නේ අර Tom & Jerry ට වෙන වැඩ.

    දවස ගානෙ නැති දේවල් හද හදා රණ්ඩු වෙනවා. ඔයාට ලජ්ජා හිතෙන්නේ නැත්ද? මේ බලන්නකො මිනිස්සු හිතයි අපි දෙන්න ආණ්ඩුවයි GMOA එකයි කියලා.

    මොකක් හරි එකක් අල්ලන් තරහා වෙනවා, මාව පස්සෙන් ගෙන්න ගන්න. මේ, ඔයා රණ්ඩු වෙන්න ඔයා වගේ නපුරු කෙක්කක් හොයා ගන්න. කූඹියෙක් එක්ක සපත්තුවක් රණ්ඩු වෙනවා දැකලා තියෙනවද?

    එක පැත්තේ ඉන්න මම කැමති වුනේ fighter කෙනෙක් හින්දා. රට වෙනුවෙන් fight කරන හින්දා. මෙයා දැන් රට පැත්තකට දාලා මාත් එක්කනේ fight කරන්නේ. අන්න අරහේ පෝය දවසට liquor තහනම නවත්තන්න හදනවා. ලෝකේ හුඟක් රටවල, යුරෝපියන් රටවල, ඇමරිකාවේ හුඟක් ප්‍රාන්ත වලත් ඉරිදට liquor විකුනන්නේ නැහැ Sabbath Day කියලා. Supermarket වල liquor තියන කොටස වහලා ඉරිදට. ඒ කියන්නේ මාසෙට එක දවසක් නෙමෙයි දවස් 4ක් liquor විකුණන්නේ නැහැ. මේ බෞද්ධ රටේ එක පෝය දවසට තියෙන liquor තහනම අයින් කරන්න යනවා. ගිහිල්ල ඒවාට රණ්ඩු කරන්න.

    අනේ මේ, මේක නවත්තනවද විමල්, please? අරකටද තරහා වුනේ? බයගුල්ල, ඔන්න මම sorry කිව්වා හොඳද.

  3. Champa Reply

    Hey, how come, your shirt colour is not blue in the photos. But I distinctly remember seeing it blue in the video. Did you make it darker in the photo? Alright, let’s be even. I am not viewing this site anymore. Have fun!

  4. Champa Reply

    රාක්ෂවංශ, JO එකේ ප්‍රාණ ඇපකාරය, godfather ගෙ හිරකාරය, රුක්දෙවියා, ලී හදවත, බය ගුල්ල, පොර කුකුළා, කටු අත්ත, රණ්ඩු කෙක්ක, රාවණාගේ අවතාරෙ.

    මේ එකකටවත් sorry කියන්නේ නැහැ.

  5. Champa Reply

    Wimal, when is your next seminar?

    You need to continue with an added impetus against Federal Constitution and Chief Prelates and Buddhism being targets of calumny.

    The three forces who can stop Federal Constitution are the President, Three Chief Prelates and Wimal Weerawansa.

    Ranil is not someone whom anybody could trust. Look at 19th Amendment. I want to write somewhere for Chief Prelates to not to agree with electoral reforms too. UNP will never deviate from preferential voting system if they haven’t manipulated Redistribution (gerrymandering).

    And the other things is Three Prelates should not give an audience to separatist, racist TNA. What will happen is, Ranil will use it to pass the Amendments citing that Chief Prelates are having talks with TNA. This is a terrible mistake. They should refuse to meet the separatists.

    There is nothing to discuss, negotiate or even consider. Sinhalese are against any form of a constitutional changes.

  6. Champa Reply

    කෙක්ක පේන්න නැත්තේ මොකොද?

    Take care. Love you.

  7. Champa Reply

    Personal to Wimal.

    Wimal, something is bothering me. Something huge. Can’t figure out. Creepy. You were the only one I could share such, but you blocked me. I am not feeling well. I… Wimal, can you please not wear black or even similar. I can’t look at it. I fall sick.

Leave a Reply

*