BREAKING NEWS

රනිල්ගේ ආශාව ගැන විමල් කියයි!

පසුගිය 02 වැනිදා උදෑසන මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නිවස වෙත පැමිණ දැනුම් දීමක් සිදුකර තිබිණි. මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයක් පිළිබඳ කරුණු දන්නා තැනැත්තියක් වශයෙන්  විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට මූල්‍ය අපරාධ කොට්ඨාසයට 04 වැනිදා උදේ 9.30ට ඇය පැමිණිය යුතු බව ඔවුන් එසේ දැනුම් දී තිබිණි.

එම දැනුම් දීම අනුව විමල් වීරවංශ මහතා 04 වැනිදා උදේ 9.30 වන විට සිය බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය හා නීතිඥ කපිල ගමගේ ඇතුළු නීතිඥ කණ්ඩායමත් සමග මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණියේය.

04 වැනිදා උදේ 9.30ට ශෂී වීරවංශ මහත්මියගෙන් ප‍්‍රශ්න කිරීම් ඇරඹුණු අතර දිවා විවේකයකින්ද තොරව සවස 3.30 තෙක් පුරා පැය 06ක් ප‍්‍රශ්න කෙරිණි. ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, බස්නාහිර පළත් සභා මන්ත‍්‍රී රොජර් සෙනෙවිරත්න, හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති රුවන් ප‍්‍රබෝධ පීරිස්, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් ඇතුළු මහජන නියෝජිතයෝ පිරිසක්ද මාධ්‍යවේදී මහත්ම මහත්මීහු සමග මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ප‍්‍රධාන දොරටුව අසල දිගටම රැදී සිටියහ.

ප‍්‍රශ්න කිරීම් අවසන් වූ පසු සිය බිරිඳ සහ නීතිඥ කණ්ඩායම සමග මූල්‍ය අපරාධ කොට්ඨාස ප‍්‍රධාන දොරටුව වෙත පැමිණි විමල් වීරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙසේය.

‘‘මම ඇමතිවරයකු ලෙස මුදල් උපයලා දේපළ එක් රැස් කරලා තියෙනවාද, ඉඩම් මිලදී ගෙන තියෙනවාද කියලා බලන්න මගේ බිරිඳට අද මේ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබුණා. අදාළ ඉඩම් මම ඇමතිවරයකු වීමට පෙර අරගත්තු ඒවා. මම ඇමතිවරයකු වීමට පෙර ගත්තු එකක් පදනම් කරගෙන අහනවා, ‘ඇමතිවරයකු වෙලා අයථා ධනය උපයලාද මේවා මිලදී ගත්තේ?’ කියලා. මේක තමයි ඇත්ත කතාව.

අද  ඕනේ මොකක් හරි පටලවලා කොහොමද අපි කොටු කරන්නේ කියලා බලන්න. ඒක තමයි වික‍්‍රමසිංහ මහත්තයාගේ ආශාව. ඒ ආශාව සන්තර්පණයකර දෙන්න බොහෝ දෙනා උත්සාහ කරනවා. අපි ඒවාට නොබියව මුහුණ දෙනවා. මේ පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ‘දූෂණ මර්දන කමිටුව’ කියලා අගමැතිතුමා පත් කරලා තිබෙන කමිටුවකින්. ඒ කමිටුවේ අනුර දිසානායක මහත්තයාගේ නියෝජිතයකුත් ඉන්නවා.’’

ජානිපෙ මහ මැතිවරණ සූදානම

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය පසුගිය බදාදා පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ සහ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි එහි ප‍්‍රධාන කාර්යාලයේදී රැස්විය.

එහිදී දේශපාලන මණ්ඩලයේ මූලික අවධානය යොමු වූයේ එළඹෙන මහ මැතිවරණය පිළිබඳවය.

‘‘මහ මැතිවරණය කවරදාක පැවැත් වූවත්, අපට කවර පෙරමුණක් යටතේ තරග වැඳීමට සිදු වූවත් අපි මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවානේ. අද ඒවා පිළිබඳව අවධානය යොමු කරමු’’ විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

‘‘අපට යාපනය හා වන්නි මැතිවරණ දිස්ත‍්‍රික්ක හැර අනෙකුත් සියලූ දිස්ත‍්‍රික්ක සඳහා තරග වැඳිමේ හැකියාව තිබෙනවා. අපේක්‍ෂකත්වය ඉල්ලා විශාල පිරිසක් ඉල්ලූම්පත‍්‍ර ගොනුකර තිබෙනවා. මේ නිසා අපි පළමුව, මැතිවරණ නාමයෝජනා තේරීම් කමිටුවක් පත් කළ යුතුයි.’’ ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පක්‍ෂයේ ‘මැතිවරණ නාමයෝජනා තේරීම් කමිටුව’ ලෙස ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය සභාපතිවරුන් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, ජාතික සංවිධායක ජයන්ත සමරවීර, නියෝජ්‍ය ලේකම්වරුන් වන නීතිඥ කපිල ගමගේ, සමන්සිරි හේරත් යන මහත්වරුන් ඒකමතිකව තෝරා ගනු ලැබීය.

‘‘කවර ආකාරයෙන් තරග වැදුනත් අපේ අපේක්‍ෂකයන්ගේ ජයග‍්‍රහණය තහවුරුවනසේ් ඔවුන් මෙහෙය විය හැකි ජාතික මට්ටමේ යාන්ත‍්‍රණයක් අවශ්‍යයි නේද?’’ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා විමසා සිටියේය.

‘‘ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුවක් ගොඩනගා එහි අධීක්‍ෂණය යටතේ සියලූ දිස්ත‍්‍රික්කවල මැතිවරණ මෙහෙයුම් දියත් කළ යුතුයි. එසේ වුවහොත් රට පුරා විධිමත් පුළුල් මැතිවරණ වැඩපිළිවෙලක් දියත් වේවි’’ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පේ‍්‍රමවංශ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව පක්‍ෂයේ ජාතික මැතිවරණ මෙහෙයුම් කමිටුව ලෙස එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, හිටපු සංස්කෘතික කටයුතු අමාත්‍ය පියසිරි විජේනායක, ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර, භාණ්ඩාගාරික, සබරගමුව පළාත් සභා මන්ත‍්‍රී, දීපල් ගුණසේකර, ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්වරුන් වන නීතිඥ කපිල ගමගේ, සමන්සිරි හේරත් හා ජයන්ත වන්නිආරච්චි යන මහත්වරුන්ද තෝරා ගනු ලැබීය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Rohan Pathirana Reply

    Unable to watch live telecast.

Leave a Reply

*