BREAKING NEWS

රනිල්ගේ ජාතික ආණ්ඩු සිහිනය කිසිදා සැබෑ වෙන්නේ නැහැ – ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ

19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙහි සඳහන් අර්ථ නිරූපණය අනුව ජාතික ආණ්ඩුවක් සෑදිය හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂයට බැවින් රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජාතික ආණ්ඩු සිහිනය කිසිදා සැබෑ වන්නක් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

එළඹෙන මහ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගන්නා දේශපාලන පක්‍ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානය බව මේ වන විට ඉර හඳ මෙන් තහවුරු වී ඇති හෙයින් රනිල් වික‍්‍රසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානය වැනි පක්‍ෂ සමග ජාතික ආණ්ඩුවක් සෑදීම සිහිනයක් පමණක් වනු ඇතැයි විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

විමල් වීරවංශ මහතා මේ අදහස් පැවසුවේ අද(09) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවේ සභාපති, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසුවේය.

‘‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙහි ජාතික ආණ්ඩුව කියන එක අර්ථ නිරූපණය කොට තිබෙනවා. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පිළිගත් දේශපාලන පක්‍ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට තමයි ජාතික ආණ්ඩුවක් සෑදිය හැක්කේ කියා, එහි පැහැදිලිව සඳහන් වෙනවා. එහෙම නැතිව වැඩිම ආසන සංඛ්‍යාවක් ලබාගත් පිළිගත් දේශපාලන පක්‍ෂය අතහැර දමලා, සුළුතර ආසන සංඛ්‍යාවක් ලබාගන්නා පක්‍ෂ 02 – 03ක් එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හදන්න බැහැ. කරුණාකර ඔබතුමන්ලා 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කියවන්න. එහි සඳහන් ජාතික ආණ්ඩුව පිළිබඳ අර්ථ නිරූපණය කියවන්න. ජාතික ආණ්ඩුවක් සෑදිය හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ගත් පිළිගත් දේශපාලනයට පමණයි. ඔවුන්ට පුළුවන් අනෙකුත් පක්‍ෂ සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් හදාගන්න.

ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජාතික ආණ්ඩුවක් හදන්න දතකට මැදගෙන හිටියාට ඒක හරියන්නේ නැහැ. අද මුළු රටම දන්නවා එක්සත් ජනතා නිදහස් සන්ධානය ගන්නා මන්ත‍්‍රී ධුර සංඛ්‍යාවට වඩා අඩු මන්ත‍්‍රී ධුර සංඛ්‍යාවක් තමයි එක්සත් ජාතික පක්‍ෂය ගන්නේ කියලා.’’

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, මහජන පක්‍ෂයේ උප සභාපති වයි. කරුණාපාල, නව සිහල උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර, ජාතික ලැයිස්තු අපේක්‍ෂකයන් වන මහාචාර්ය ජී. ඇල්. පීරිස්, තිස්ස අත්තනායක, මහාචාර්ය රජීව් විජේසිංහ, ටිරාන් අලස් යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

11866279_791404907643998_8060652432031260857_n

11228903_791404874310668_6736204131135387339_n

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*