BREAKING NEWS

රනිල්ගේ දේශද්‍රෝහී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැගී සිටිමු!

රනිල්ගේ දේශද්‍රෝහී බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැගී සිටිමු!

ගෞරවනීය ස්වාමීන්වහන්ස, ගෞරවනීය පූජකතුමනි, ආදරණීය මව්වරුනි, පියවරුනි, ප්‍රිය සහෝදරිය, සහෝදරය,

බටහිර අධිරාජ්‍යවාදී රටවල හා දෙමළ බෙදුම්වාදී කල්ලිවල උවමනාව අනුව යමින්, ශ්‍රී ලංකාව කැබැලිකරණය කිරීමේ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අගමැති රනිල් විසින් දැන් පාර්ලිමේන්තුව හමුවේ තබා ඇත.

කුමන වචන හරඹ දැක්වූව ද එම ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් සම්මත වුවහොත් උතුරු – නැඟෙනහිර ෆෙඩරල් ප්‍රාන්ත ආණ්ඩුව ඇති වීම වැළකිය නොහැක. නීති හැදීමේ බලය, පොලිස් බලය, ඉඩම් බලය, මෙතෙක් සමගාමී ලැයිස්තුව යටතේ මධ්‍යම රජයටත් පළාත් සභාවටත් පැවරී ඇති අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, කෘෂිකර්මාන්ත වැනි විෂයන්ට අදාළව ක්‍රියාත්මක වීමේ බලය පළාත් ආණ්ඩුවට පමණක් පැවරීම යනාදී සියල්ල පළාත් ආණ්ඩුව යටතට පත් කළ විට එය වෙනම ආණ්ඩුවක් මිස අන් යමක් නොවේ.

මේ දේශද්‍රෝහී ව්‍යවස්ථා මෙහෙයුම පරාජය කළ යුත්තේ ඒකීය ශ්‍රී ලංකාව අප රැක ගත යුතු නිසා ය.

බෙදුම්වාදී ජාතිවාදී කල්ලි උසිගන්වන මේ ව්‍යවස්ථා මෙහෙයුම ජය ගතහොත්. පරාජය වන්නේ, දිවි පුදා අතපය අහිමි කර ගෙන රටට සාමය දිනා දුන් රණවිරුවන්ගේ කැපවීම ය.

එබැවින්, අප මේ පාවා දීමට එරෙහිව නැගී සිටිය යුතු ය. මෙම ව්‍යවස්ථා මෙහෙයුමෙන් රටට සිදුවන්නට යන විපත අවබෝධකර ගත යුතු ය. එයට 2/3 ඡන්දය පාර්ලිමේන්තුවේදී නොලැබෙන මට්ටමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ යුතු ය. ඒ සියල්ල සඳහා දැනුම්වත් වීමට…

රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජයට එරෙහි
ජාතික සමුළුව
ඔක්. 14
සවස 3:00ට
කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී

පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ ඇතුළු නායකයෝ රැසක් ඔබ අමතති

රට හමුවේ වන අනතුර වටහා ගන්නෟ
ඔක්.14 සවස 3:00ට විහාරමහාදේවි එළිමහන් රංග පීඨයට ඔබත් පැමිණෙන්න.
තවතවත් අය දැනුම්වත් කරන්න.

ජාතික නිදහස් පෙරමුණ
342/1/4 ඊ. ඩබ්. පෙරේරා මාවත, කෝට්ටේ පාර, පිටකෝට්ටේ.
දුරකථන 0112 890670 / ෆැක්ස් 0112 890671
jnpsrilanka@slt.net.lk / www.jnpsrilanka.lk

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල්, දිනේෂ්ට මොකක්ද කිව්වා කියලා මල්වතු මහනායක හාමුදුරුවන්ට ඒකාබද්ධ විපක්ෂෙයි තව සමහරුයි බනින එක වැරදියි නේද?

    ඒකාබද්ධ විපක්ෂේ කොහොමද මල්වතු හාමුදුරුවන්ට බනින්නේ ඒ ගොල්ලෝ රනිල්ට ව්‍යවස්ථාව හදන්න ව්‍යවස්ථා සභාව ඇතුලේ ඉඳගෙන. මල්වතු හාමුදුරුවන්ට මහින්දටයි ඒකාබද්ධ විපක්ෂේටයි වඩා රට ගැන ආදරයක් තියෙනවා, ඒ මොකොද කිව්වා නම් මල්වතු හාමදුරුවෝ රට බෙදන ව්‍යවස්ථාව හදන කණ්ඩායමේ නැහැනේ දිනේෂ් වගේ.

    ඒ ගොල්ලෝ රනිල්ට රට බෙදන ව්‍යවස්ථාවට සහයෝගය දිදී අනිත් මිනිස්සුන්ගේ වැරදි හොයනවා. ඉස්සෙල්ල තමන් ව්‍යවස්ථා සභාවෙන් අයින් වෙලා ඉන්න එපැය. ඕනෙකම තියෙන්නේ තමන්ට බලය ලබා ගන්න පුළුවන් නම් රට බෙදුනත් කමක් නැහැ, ජනාධිපති බලතල ටික රනිල්ට අරන් දෙන්න. අනේ කතරගම දෙයියනේ රට බෙදන්න විනාශ කරන්න හිතන කිසි දෙයක් හරි යන්න දෙන්න එපා. තව ටික දවසක් ගිහාම මම කියනව එහෙම හිතන එවුන් මැරිලා හරි දෙයියනේ රට බේරලා දෙන්න කියලා.

  2. Champa Reply

    ගෝඨාභය නැතුව දැන් කවුද ඔයාගේ godfather ජනාධිපති තරඟෙට දාන්න යන්නේ, ශවේන්ද්‍ර සිල්වාද? ha ha haa… දිනයි කියලද ඒගොල්ලෝ හිතන්නේ? පව්! සරත් ෆොන්සේකාගෙන් මිනිස්සු පාඩමක් ඉගෙන ගෙන ඉවරයි. මිනිස්සු කවදාවත් හමුදාවේ කෙනෙක් ජනාධිපති කරන්න චන්දෙ දෙන්නේ නැහැ. දාමුද ඔට්ටුවක්?

  3. Champa Reply

    I saw the following in a newspaper. වාර්ගික means racist, but which වාමාංශික Party is this? Communist?

    තවද වාර්ගික හා වාමාංශික පදනමින් යුත් දේශපාලන කණ්ඩායම් පවා බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබාදීම සම්බන්ධයෙන් කිසියම් නම්‍යශීලී පිළිවෙතක් අනුගමනය කරමින් සිටී.

    We are heading for a secular state.

    This package is not only Ranil’s. Therefore it should name as “Separatist Ranil-Mahinda Constitutional Package.” Now I am so glad Mahinda didn’t become the Prime Minister in 2015. Everything happens for a reason. He or anyone in his clan will never get another chance to rule the country.

  4. Champa Reply

    හාමුදුරුවරුන්ට විරුද්ධව මම කතා කරන්නේ කලාතුරකින්. හැබැයි අපි හුඟක් බෞද්ධයෝ හුඟක් විශ්වාසේ තියපු, මෙච්චර කල් අලුත් ව්‍යවස්ථාවක් හෝ ඒකට වෙනස් කිරීමක් හෝ කරනවාට අකමැතියි කියපු අස්ගිරියේ මහනායක හාමුදුරුවෝ ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ව්‍යවස්ථා සභාවෙන් අයින් වෙන එක වැරදියි කියල කිව්වා කියලා “දිනමිණ” කියනව. මට නම් හරිම පුදුම හිතුන. මල්වතු හාමුදුරුවන්ගේ දේශපාලනය හැමෝම දන්නවා වුනාට, අස්ගිරියේ හාමුදුරුවන්ට දේශපාලනයක් නැහැ කියලයි මං මෙච්චර කල් හිතා හිටියේ. මහින්ද ව්‍යවස්ථා මණ්ඩලේ ඉන්නේ සම්පන්දන්ට දීපු පොරොන්දුවක් නිසා කියල අස්ගිරියේ හාමුරුදුවෝ දන්නේ නැහැ මම හිතන්නේ. මේකට දැන් කියන්න ඕනේ “රනිල්-මහින්ද-සම්පන්දන් බෙදුම්වාදී ව්‍යවස්ථාව” කියලා.

    ඒකීය භාවයත් රකිනවානම්, බුද්ධාගමටත් ප්‍රමුඛස්ථානය දෙනවා නම් ඒ දෙක වෙනස් කරන්නෙත් නැත්නම්, මොන මගුල් ගෙදරකටද තියෙන ව්‍යවස්ථාව වෙනස් කරන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. දැනට පළාත් සභා තියලත් උතුරු පළාත සභාවට මුකුත් කර ගන්න බැහැ. ව්‍යවස්ථාව වෙනස් කලහම වෙන්නේ උතුරු පළාත් සභාව ඉන්දියාවෙන් ආධාර අරගෙන අන්තිමට තනිකරම ඉන්දියන් කොලනියක් වෙන එක. එකත් එතනට රිංග ගන්නවා. ඊට පස්සේ වෙන රටක් ව්දියට වෙන කරගන්නවා විතරක් නෙමෙයි කාලෙකදී අපේ පැත්තත් එක්ක යුද්ධ කරලා බෝම්බ ගහල ලංකාවේ ඉතුරු ටිකත් අල්ල ගන්නවා එහෙන් නැත්නම් ඉන්දියාව සිංහල ත්‍රස්තවාදීන් ටිකක් හදනවා උතුරුත් එක්ක යුද්ධ කරන්න. ඊට පස්සේ දෙපැත්ත මරා ගන්න කොට වෙන්නේ මොකක්ද කියල ඕනේ කෙනෙකුට තේරෙනවා.

    අස්ගිරියේ හාමුදුරුවන්ගේ වෙනස් වීම ගැන හුඟක් හිත කලකිරුන. විමලුත් වෙනස් වෙනවද? එතකොට ඉතුරු වෙන්නේ විතරයි.

    සිංහල බෞද්ධයන්ව හැමදාම බෙදුවෙ අනික් ජාතීන් නෙමෙයි. සිංහල බෞද්ධයන්ට එකතු වෙන්න නොදී බෙදෙන්නේ තමන්මයි. සිංහල බෞද්ධයන්ගේ සමගිය, ඒ වෙනුවෙන් විශේෂයෙන් මහනායක හාමුදුරුවරු කරන සේවය ගැන මම මහා ඉහලින් සමහර තැන්වල ලිව්වා. මට ලැජ්ජයි විමල්. හුඟක් දුකත් එක්ක.

    ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට දාන එක නැවැත්තුවොත්, මට කෙලින්ම උදව කරන්න වෙනවා. එකක් මම කැමති නැහැ බෞද්ධයන් බෙදෙනවට. අනිත් එක මේ ව්‍යවස්ථාව ගේන්නේ රනිල් පාර්ලිමේන්තුවේ චන්දෙන් ඊළඟ ජනාධිපති වෙන්න. අවුරුදු පහළොවකට විස්සකට ඉස්සරත් අගමැති කාලේ ප්‍රභාකරන්ට උතුර දෙන්න හදපු මිනිහ ජනාධිපති වුනහම මොනවා නොකරයිද? මේකේ හංගලා තියෙන ලොකුම යෝජනාව ඒක. ව අයින් කරන්නයි රනිල් මහින්ද සම්පන්දන් තුන් දෙනටම ඕනේ, මොකොද බෙදුම්වාදීන්ගේ උවමනාකම්, එකේ ඉල්ලීම් කිසි දෙයක් කරගන්න බැරි ජනාධිපතිතුමා හරහට ඉන්න නිසා. ඇත්තමයි විමල් රටේ ගැලවුම්කාරයා මහින්ද කියලා මම කවිත් ලිව්වා. රාජපක්ෂලා දැන් හමුදා නිලධාරීන් තනි තනිව යුධ අපරාධ කළා කියලත් කියනව. මිනීමරු ත්‍රස්තවාදීන්ට සමරු පිළිම හදන්නත් හිටියා කියලා කියනව. ෆෙඩරල් ව්‍යවස්තාවටත් සහයෝගය දෙනවා. උතුරේ ඕනේ තැනක ඉඩමුත් දෙනවා කියනව. ඇත්තටම දැන් රටට ද්‍රෝහිකම් කරන්නේ මහින්ද මිසක් මෛත්‍රී නෙමෙයි.

    ඔයා මහින්ද ගැන හුඟක් හොඳ කිව්වා 2015. එතකොට මම දේශපාලනය ගැන දන්නේ ටිකයි. මම ඔයා කියපුවා ඔක්කොම විශ්වාස කළා. රාජපක්ෂලා කියන්නේ අන්තිම අවස්ථාවාදීන්, බලය ගන්න මේ විදියට රට ජාතිය වුනත් පාවලා දෙන මිනිස්සු කියලා ඇයි ඔයා හැංගුවේ? රාජපක්ෂලාගේ දේශප්‍රේමය තියෙන්නේ බලය ලබා ගැනීම වෙනුවෙන් විතරයි කියලා ඇයි ඔයා හැංගුවේ?

    මම ලේසියෙන් කලකිරෙන කෙනෙක් නෙමෙයි විමල්. ඒත් දිනමිණ පත්තරේ අස්ගිරියේ හාමුදුරුවන්ගෙ කතාවට හුඟක් හිත කැළඹුන. මේ ව්‍යවස්ථාවෙන් කාටවත් හොඳක් වෙන්නේ නැහැ. හාමුදුරුවන්ව විවේචනය කරන්න අදහසක් නැහැ.ඒත් මහනායක හිමිවරු ගැන තිබූන විශ්වාසේ කඩෙන තැනට වැඩ සිද්ධවෙන එක ගැන කණගාටුයි. හැබැයි මම කීයටවත් පටන් ගත්ත සටන අත අරින්නෙ නැහැ. මගේ කලකිරීම නැතිවෙන්න ටික දවසක් යයි. ලබන සතියේ මම ආපහු ලියන්න ගන්නවා. ඔක්කොම එකතු වෙලා හදන්නේ Presidentට ගහන්න. President ව වට්ටන්න. හැබැයි මේ රට මේ වෙනකම් හරි බේරිලා තියෙන්නේ President හින්දා. ඒ වෙනුවෙන් මුළු රටම President ට ණය ගැතියි. අඩු ගානේ මිනිස්සුන්ට කතා කරලා පහදලා දෙන්නවත් මිනිස්සුන්ට ඇහුම්කන් දෙන President කෙනෙක් පත් වෙච්ච එක රටේ වාසනාවට සිද්ධ වෙන්ච්ච දෙයක්. President කෙලින් ඉන්නවා නම් සමහර සුළු සුළු දේවල් අමතක කරලා සහයෝගය දෙන්න මම දෙපාරක් හිතන්නේ නැහැ. President ව වට්ටන්න මං ඉඩ දෙන්නේ නැහැ කීයටවත්. රටට අහිතකර මොනවා වෙන්න හැදුවත් මොකක් හරි වෙලා ඒක නවතිනවා.

    මේවා කරන්නේ මහින්ද අපාහු බලයට එයි කියල හිතලා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ හැබැයි රනිල් නම් තව අවුරුදු 10කට එහා බලයෙ ඉඳියි කිසිම චන්දයක් නැතුව, ඒ කොහොමද කිව්වා නම් පාර්ලිමේන්තුවෙ චන්දෙන් ජනාධිපති තෝරන තැනට ගියොත් මෛත්‍රීට චන්ද හම්බ වෙන්නේ නැහැ, එතකොට රනිල්ගේ නම යෝජනා වෙලා රනිල් ජනාධිපති වෙනවා, හැබැයි රනිල් ඒ තනතුරේ ඉන්නේ නැහැ, රනිල් ජනාධිපති තනතුර වෙනුවෙට කලින් කරන්න හිතපු විධායක අගමැති තනතුර ඇති කරල එයා ඒ තනතුරට පත් වෙනවා. රනිල්ගෙ ඇම කාල ජාතිය පාවලා දෙන මහින්දට මුකුත් ලැබෙන්නේ නැහැ. රාජපක්ෂලාට මොන විදියකටවත් ආයේ බලය ලැබෙන්නේ නැහැ. ඒක ස්ථිරයි.

    රනිල්ටයි මහින්දටයි දෙන්නටම ඕනේ ඊළඟ ජනාධිපතිවරණයක් තියන එක නවත්තන්න. ඒ මොකොද කිව්වා නම් දිනන්න බැරි හින්ද. රනිල්වත් රාජපක්ෂ කෙනෙක් වත් ජනාධිපතිවරණෙන් දිනන්නේ නැහැ. සම්පන්දන්ලත් කැමති රනිල් ඉන්නවා නම්, මොකොද රනිල් ලව්වා මහින්දව ඕනේ පාවා දීමකට කැමති කරවා ගන්න පුළුවන් නිසා අගමැති ඇම දීලා. රනිල්ටයි සම්පන්දන්ටයි තියෙන ප්‍රශ්නේ President ව කැමති කරවා ගන්න බැරි එක රටට අහිතකර දේවල් වලට.

    හුඟක් දිගට ලියලා. තවත් තියෙනවා ලියන්න. මගේ හිත රිදුනහම හුඟක් ලියවෙනවා. දැන් නවතිනවා. හෙට තියෙන සමුළුව හුඟක් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයාටත් මගේ රටටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා.

    විමල්, sweetheart, මීට වඩා රට හුඟක් අනතුරුදායක තැනක තිබුනේ කාලේ, LTTE හොඳටම බලවත් කාලේ, ඉතාම බලවත් ආණ්ඩුවක් තිබුන කාලේ, මීට වඩා භයානක දේවල් ඔයා නතර කරලා තියෙනවා. ඔයාට ඒ කාලෙත් දේශපාලන බලය තිබුනේ නැහැ. හැබැයි ඔයා බලගතු ආණ්ඩුවට විරුද්ධව සටන් කරලා රට බෙදන්න නොදී බේරා ගත්ත. අවුරුදු විස්සකට විතර පස්සේ ආයේ ඒ වගේ කාලයක් ඇවිල්ල. ඒ කාලේ මහින්දලා පලාතක හිටියේ නැහැ. රට ජාතිය ආගම වෙනුවෙන් කතා කලෙත් නැහැ. හැබැයි මුළු රට වෙනුවෙන්ම ඔයා හිටිය. රටට පණ වුනත් දෙන්න තරම් ආදරය කරන දේශපාලයෙක් විදියට ඔයා තනියම සටන් කලා. අදටත් ඔයා විතරක් ඉන්නවා. මම මෙහෙම ලිව්වේ ඇයි කියල ඔයාට තේරෙනවද?

    • Champa Reply

      I saw only now. In some places it is not clear, about who I am talking. I have forgotten to type the word “President” in some sentences.

  5. Champa Reply

    TGTE එකේ Rudrakumaran ඊලමකට ජනමත විචාරණයක් ඉල්ලන්න හදනවා උතුරේ (like Catalonia Referendum.) මේ වෙලාවේ මෙහෙම දෙයක් ආපු එක හොඳයි. මොකොද දැන් හුඟක් අයට තේරෙයි federal ව්‍යවස්ථාවක් දුන්නොත් මොන තරම් බරපතල දෙයක් සිද්ධ වෙන්න පුලුවන්ද කියලා. රට පාවලා දෙන්න හදන සමහර බලලෝභී බූරුවන්ට මොලේ පාදෙන්න සහ මුළු රටම එකට එකතු වෙන්න, හාස්කමක් වගේ මෙහෙම දෙයක් මේ වෙලාවේ ආපු එක හොඳයි. අඩු තරමේ දැන්වත් තේරෙයිනෙ විමල් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලෙන් අයින් වුනේ මොකොද කියල, විමල් මේ තරම් රටට කියන්නේ මොකක්ද කියලා, මේකට මෙච්චර විරුද්ධ මොකද කියලා.

    එකක් තියෙන්නේ විමල්, රටට මොනවා හරි නරක දෙයක් කරන්න හදන හැම වෙලාවෙම ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් වෙලා ඒක නවතිනවා. ලංකාව අදටත් නොබෙදී තියෙන්නේ විනාශ නොවී තියෙන්නේ මේ වගේ දේවල් සිද්ධ වෙන නිසා. I am super happy about the turn of events. There is an unseen powerful hand that protects my country.

  6. Champa Reply

    ඒකාබද්ධ විපක්ෂය කොච්චර බංකොලොත් වෙලාද කිව්වොත් JVP එකටත් එකතු වෙන්නලු. ගිය අවුරුද්ද මුල වෙනකම් 51ක තනි කණ්ඩායමක් වෙලා රටම හොල්ලන් හිටපු ඒකාබද්ධ විපක්ෂයට අද කෙලින් හිට ගන්න JVP වගේ පක්ෂයකුත් ඕනේ වෙලා. ලැජ්ජයි. මහ චන්දෙකදී මිනිස්සු ඔක්කොම ගෙදර යවයි.

Leave a Reply

*