BREAKING NEWS

රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජයට එරෙහි සටන අතට නොගන්නා දේශපාලන සගයන් ගැන විශ්වාසය තබා ගෙන ඉන්න අපට උවමනා නැහැ

රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජයට එරෙහි සටන අතට නොගන්නා දේශපාලන සගයන් ගැන විශ්වාසය තබා ගෙන ඉන්න අපට උවමනා නැහැ

– ජානිපෙ නායක, විමල් වීරවංශ

රනිල්ගේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජයට එරෙහි සටන අතට නොගන්නා දේශපාලන සගයන් පිළිබඳ තවදුරටත් විශ්වාසය තබා ගෙන සිටීමට ජාතික නිදහස් පෙරමුණට උවමනා නැති බවත් තම පක්‍ෂය දිවිහිමියෙන් මෙම සටනට උර දෙන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

ඊයේ (14) කොළඹ විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැති ජානිපෙ ජාතික සමුළුව අමතමින් ඒ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“එදා ක්‍රි.පූ. 1-2 සියවස්වල එළාර මේ රට පාලනය කරන කොට දුටුගැමුණු කුමාරයාට ඉඩ තිබුණා එළාරට එහෙම කර ගෙන යන්න දීලා දකුණට සීමා වෙලා තමන්ගෙ පාලනයක් රැගෙන යන්න. නමුත් දුටුගැමුණු කුමාරයා සටන් කළා. ඒ සටන් කළේ නූතන පරම්පරාවට රටක් උරුම කරලා දෙන්න. මේ රට ආරක්‍ෂා කරපු සභ්‍යත්වය රකින්න. ඇතැම් පාලකයන් පරදේශක්කාරයන් සමඟ ගිවිසුම් ගහලා පාවාදීම් සිදු කර තිබුණත් අපේ ඉතිහාසයේ විශාල පදාසයක් පිරී තිබෙන්නේ ලක්මාතාව ආරක්‍ෂා කළ නරපතීන්ගෙන්.

‘ඉන්දු ලංකා ගිවිසුම ආපු හැටි’

ඉන්දියාව අපේ ගුවන් සීමාව ආක්‍රමණය කරලා හිටපු පාලකයාව යටත් කරලා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළා. ඒ ගිවිසුම අනුව අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වැනි සංශෝධනය රැගෙන ආවා. ඒ යටතේ පළාත් සභා ක්‍රමය හැදුවා. මේ සියල්ල කළේ ශ්‍රී ලංකාවේ උවමනාවට නොවෙයි ඉන්දියාවේ උවමනාවට. ඉන්දියාවේ උවමනාවට පමණක් නොවෙයි ඔවුන්ගේ දැඩි බලපෑමට. ඒක අපි දැක්කා අපේ ජීවිත කාලය තුළ. මැතිවරණ සිතියම හකුළමින් ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා, දේශපාලන පක්‍ෂ තහනම් කරමින් මේ රටේ මහා ලේවැකි ධවල භීෂණයක් නිර්මාණය කරමින් යන අතරේ තමයි ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව ඉන්දියාවේ බලපෑමට මේ මහා අපරාධය සිදු කළේ.

ඒ වගේම අපේ ජීවිත කාලය තුළ සිංහ කොඩියෙන් වහපු, දේහය වෙනුවට කෙසෙල් කොටයක් දමාපු තමන්ගේ පුතාගේ මිනී පෙට්ටිය බදා ගෙන දුක් වන අම්මාවරුන්ගේ කඳුළු අපි දැක්කා. ඒ විතරක් නොවෙයි, අපි අපේ ජීවිත කාලය තුළ ඒ විදිහට මිනී පෙට්ටි එවාපු බෙදුම්වාදී ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගත්තු හැටිත් දැක්කා. මේ රටේ රණවිරුවෝ මේ රටේ ඒකීයභාවයට ලේවලින් පණ පොවපු හැටි අපි අපේ ඇස්වලින් දැක්කා. 2009 මැයි 19 වැනිදා මේ රටේ අම්මලා, තාත්තලා, දූ දරුවෝ සිංහ කොඩිය අතට අරගෙන, ශ්‍රී ලංකා, යූඑන්පී, ජවිපෙ පක්‍ෂ භේදවලින් තොරව, තමන් ලංකා මාතාවගේ සූජාත දරුවන් ලෙස හිතලා කැවුම්, කිරිබත් කාලා සතුටු වන ජවනිකා අපි අපේ ඇස්වලින් දුටුවා.

අපි හිතුවේ ඒ ජවනිකා දකින්න අපි වාසනාවන්ත වුණා කියලයි. නමුත් ඒ යුදමය වශයෙන් පරදවපු සතුරා දැන් දේශපාලනමය වශයෙන් ප්‍රහාරාත්මක පියවරකට අවතීර්ණය වෙලා තිබෙනවා. යුද්ධ කරලා බෙදන්න බැරි වුණු අපේ මේ මව් පොළොව ව්‍යවස්ථාවකින්, නීති කෙටුම්පතිවලින් බෙදන ඉරණමට අරන් යන්න පටන් ගෙන තිබෙනවා. දෙමළ බෙදුම්වාදයේ මාර්ග සිතියම හරියට කියවලා බැලුවොත් මොනවාද පෙනෙන්නේ? ඔවුන් ටිකෙන් ටික තමන්ගේ ඉලක්කයට ගමන් කරමින් සිටින බවයි.

‘නැඟෙනහිර පළාත් සිතියම වෙනස් කළ හැටි’

ජේ. ආර්. ජයවර්ධන පාලනය සමයේ හිටියා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් ආපු මන්ත්‍රීවරයෙක් දේවනායගම් කියලා. ඔහු ස්වදේශ කටයුතු ඇමතිවරයා හැටියට පත් කළා. ඔහු සිය ඇමති බලතල යටතේ පළාත් සිතියම් නිර්මාණය කරන විට නැඟෙනහිර පළාත් සිතියම තම බෙදුම්වාදී උවමනාව අනුව වෙනස් කළා. එහිදී තමයි එතෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් වෙලා තිබුණු පුල්මුඬේ ප්‍රදේශය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට ඈඳුවේ. ඒ විදියට දෙමළ ඊළාම් සිතියමට උවමනා විදියට නැඟෙනහිර පළාත් මායිම් නිර්මාණය සිදු කොට ගැසට් නිවේදනයක් මගින් එය නීතිගත කරන්න දේවනායගම් ඇමතිවරයා එදා කටයුතු කළා. එදා කාටවත් නොතේරුණත් ජේ. ආර්.ගේ ආණ්ඩුව ඇතුළේ දේවනායගම් ඉටු කළේ දෙමළ බෙදුම්වාදී ගමනේ මූලෝපායික අවශ්‍යතාවක්. ලොව අනගිතම ඛනිජ වැලි තිබෙන පුල්මුඬේ උතුරු නැඟෙනහිරට අයත් කර ගැනීම, ලංකාව වටා මුහුදෙන් 1/3ක් උතුරු – නැඟෙනහිර පළාත්වලට අයත් කර ගැනීම, ඉතාමත් සූක්‍ෂ්ම ලෙස ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ලබා ගත්තු දේවනායගම් සිදු කර දුන්නා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි, දෙමළ, ජාතිවාදී බෙදුම්වාදය පියවරෙන් පියවරයි ඉදිරියට අඩිය තැබුවේ කියා. ගෙඩිය පිටින් කිසිවක් ගත්තේ නැහැ. ප්‍රභාකරන් නම් ආවා ගෙඩිය පිටින් ගන්න. එහෙම ආවොත් නම් බේරා ගන්න ලේසියි. ඒක තමයි 2009 මැයි 19 වැනිදා අපේ රටේ සූජාත දූ පුතුන් ඔප්පු කරලා පෙන්වූයේ.

‘අනුරගේ ගජ මිතුරා – රනිල්ගේ සුරතලා’

‘13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් පළාත් සභා ක්‍රමයත් මේ රාජ්‍යයේ ඒකීයභාවය අහිමි කළා’ කියන පදනමේ සිට රහසිගත දේශපාලන ව්‍යාපාරයක් ලෙස සිටියදී වුව ජනතා විමුක්ති පෙරමුණ එදා ඊට එරෙහි දේශප්‍රේමී අරගලයක් ඇරඹුවා. ‘ටිං-ටිං සිල්වා’ හිටියෙත් එදා ඒ ජේ.වී.පී. එකේ.

ඒ අරගලය තුළ ‘දේශද්‍රෝහීන්ට දඬුවම මරණය’ කියා කිව්වා. එදා පළාත් සභා මැතිවරණයට තරඟ කළ එක්සත් ජාතික පක්‍ෂයේ සහ එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජිතයන් දේශද්‍රෝහීන් ලෙස සලකා මරා දැමුණා. එදා ඒ මරා දැමීම සාධාරණීකරණය කළේ ‘නුඹලා ඉන්නේ බෙදුම්වාදය පැත්තේ. අපි ඉන්නේ රාජ්‍යයේ ඒකීයභාවය සුරැකිය යුතුයි කියන පැත්තේ. ඒ නිසා නුඹලා දේශද්‍රෝහීන්. අපි දේශප්‍රේමීන්’ කියලයි. එදා මිනීමරු යූ.එන්.පී. ආණ්ඩුව ඒ අරගලයට පණ පෙවූ දේශප්‍රේමීන් ඇතුළු මේ රටේ දූ පුතුන් 60,000ක් අමු අමුවේ මරා දැම්මා. අද ඒ මිනීමරු ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් මේ රටේ අගමැති. එහෙව් අගමැති අද ජවිපෙ නායක අනුර දිසානායක තමන්ගේ ගජ මිතුරකු බවට පත් කර ගෙන සිටිනවා. මේ ‘මිතුරුකම’ කොච්චර දුර දිග ගිහින් ද, කියනවා නම් දැන් රනිල් වික්‍රමසිංහගෙන් කවුරු හරි ඇහුවොත් තමන්ගේ ප්‍රියතම හුරතල් සතාගේ නම මොකක් ද කියලා, එයා කියන්නේ ‘අනුර’ කියලයි. (ජනතාවගේ සිනා)

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලය, පොලිස් බලය පළාත් සභාවලට ගියා. නීති හැදීමේ බලයෙන් කොටසක් ද පළාත් සභාවලට ගියා. පළාත් සභාවලට ප්‍රඥප්ති හදන්න පුළුවන් වුණා. එදා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළාම එවකට අග විනිසුරු එස්. ෂර්වානන්ද මැතිතුමා ඒ පිළිබඳ තමන්ගේ තීන්දුව ලියුවේ ‘ඒකීය රාජ්‍යයක මූලික ලක්‍ෂණය නීති හැදීම එක තැනකින් ක්‍රියාත්මක වීමයි. පළාත් සභා ප්‍රඥප්ති හැදුවාට ඒවා බල රහිත කරලා පාර්ලිමේන්තුවට 2/3ක ඡන්දයෙන් නීතියක් පනවන්න පුළුවන්. ඒක ප්‍රතික්ෂේප කරන්න පළාත් සභාවට බැහැ. ඒ නිසා නීති හැදීමේ අවසානාත්මක අයිතිය පාර්ලිමේන්තුව සතුව ආරක්‍ෂා වන නිසා තමයි ශ්‍රී ලංකාව ෆෙඩරල් නොවන්නේ, සන්ධීය නොවන්නේ, ඒකීය වන්නේ’ යනුවෙන්. ඒ අනුව පැහැදිලියි, ඒකීය රටක නීති හැදෙන්නේ, එක තැනකින්. තිබෙන්නේ එක පාර්ලිමේන්තුවයි. සන්ධීය රටක නීති හදන තැන් ගොඩයි, පාර්ලිමේන්තුත් ගොඩයි. ෂර්වානන්ද අග විනිසුරුතුමාගේ තීන්දුවෙන් පැහැදිලි වුණා ‘ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නූලෙන් රැකිලා තිබෙන්නේ, පළාත් සභා හදන ප්‍රඥප්ති බල රහිත කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයෙන් පුළුවන් නිසා’ කියලා.

‘මාමා ගහපු සක්ක ගල් ටික බෑනා ගලවන්න හදනවා’

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලය, පොලිස් බලය පළාත් සභාවලට දුන්නා. ප්‍රඥප්ති හැදීමේ බලයත් දුන්නා. සමගාමී ලැයිස්තුවක් කියා එකක් හඳුන්වා දුන්නා. එහි තිබුණේ අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාව යන දෙකටම නීති හැදිය හැකි විෂයයන්. එදා වර්ධරාජා පෙරුමාල් උතුරු – නැඟෙනහිර පළාත තුළ වෙනම රාජ්‍යයක් ප්‍රකාශ පත් කළ වහාම තමන් සතු විධායක බලතල පාවිච්චි කරලා එම පළාත් සභාව විසුරුවලා ආණ්ඩුකාරවරයකු යටතට එහි පාලනය පැවරීමට එවකට ජනාධිපතිවරයාට හැකි වුණා. ඒ නිසා ජේ. ආර්. ජයවර්ධන ඉන්දියාවේ උවමනාවට ගෙනාපු 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළේ මධ්‍යම ආණ්ඩුවේ බලය ආරක්‍ෂා වෙන්න අටවපු ‘සක්ක ගල්’ ටිකක් තිබෙනවා. පරිධියේ පාලනය, පළාත් ආණ්ඩුව, ප්‍රාන්ත ආණ්ඩුව ගැලවිලා යන එක වළක්වගන්න ගහපු ‘සක්ක ගල්’ ටිකක් තිබෙනවා. මාමා සක්ක ගල් ටිකක් ගැහුවා. බෑනා බලනවා කොහොම හරි ඒ සක්ක ගල් ටික ගලවන්න. මේ බෑනාත් එක්ක අද එකතු වෙලා ඉන්නවා, එදා මාමා සක්ක ගල් ටිකක් ගහලා හරි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එන කොට දිවිහිමියෙන් ඊට විරුද්ධව සටන් වැදුණු ජනතා විමුක්ති පෙරමුණේ නූතන නායකයන් රොත්ත, අද මේ සක්ක ටික ගලවලා රට බෙදිලා වෙන් වන තැනට ඇද දමන මෙහෙයුමේ සහායක ඩැනීලා වෙලා.

දැන් බලන්න මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් පඩි ගෙවනවා. උන් පඩි ගෙවලා හදන ව්‍යවස්ථාව උන්ට ඕනෙ ව්‍යවස්ථාවක් මිස රටට ඕනෙ ව්‍යවස්ථාවක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ඒකීයභාවය දිවිහිමියෙන් රැක දුන් රණවිරුවන්ගේ සොහොන් කොත් දෙස බලා ගෙන මදක් කල්පනා කර බලන්න. අවසානාත්මක ප්‍රතිසංස්කරණයත් කරලා, වචන තුනහතරක වෙට්ටු ටිකකින් ජේ. ආර්.ගේ ව්‍යවස්ථාවේ ගහලා තිබුණු ‘සක්ක ගල්’ දෙක තුනත් ගලවලා දාලා ජාත්‍යන්තර නීතිය යටතේ දෙමළ ඊළම හදන දිසාවටයි අද මේ රට ඇද ගෙන යමින් තිබෙන්නේ.

කවුද මේ ජයම්පති වික්‍රමරත්න ?

මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා බටහිර බලවතුන්ගේ උවමනාවට හදන ව්‍යවස්ථාව ගැන කියන කොට ඉස්සර සමසමාජ පක්‍ෂයේ හිටපු, දැන් එජාපයේ ඉන්න ජයම්පති වික්‍රමරත්න කියන නීතිඥයකුගේ නම කියවෙනවා. මේ හාදයා තමුන්ගේ නමට ඉස්සරහින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද’ කියන විශේෂණය දමා ගන්නවා. මෙයා හීනමානයෙන් පෙළෙන්නෙක්. නැත්තම් මේ වගේ විශේෂණ පද තමන්ගේ නමට ඉස්සරහින් දමා ගන්නේ නැහැ. මේ හාදයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන විට රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු සැපයීමේදී කොපි කරලා අහුවුණා. මේ සිදුවීමෙන් අනතුරුව ඔහුට විද්‍යා පීඨයෙන් විභාග තහනමක් පැනවූවා. විද්‍යාවේදී උපාධිය අහිමිව උපාධි අපෙක්ෂකයකු ලෙස පේරාදෙණිය සරසවියෙන් එළියට ගියා. එදා රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට හොරට ලියන කොට අහුනොවුණා නම් කොච්චර හොඳ ද? එහෙම නම් මේකා විද්‍යාවේදී උපාධිය අරන් ඒ පැත්තේ ජොබ් එකක් කරන් ඉන්නවා නේ. රටේ කරුමෙට විශ්වවිද්‍යාලයෙන් එළියට වැටුණු මේ හාදයා පසුව නීතිඥ වෘත්තියට ඇතුළු වුණා. මේ විදියේ හාදයෝ, ඩොලර් කාක්කෝ, එන්ජීඕ පිල්ලි එකතු වෙලයි මේ නව ව්‍යවස්ථාව හදන්නේ.

‘අපි ජනාධිපතිවරයා හමුවුණේ ඇයි ?’

අපි ජාතික නිදහස් පෙරමුණ ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට ගියා. අපි ගියේ එක කාරණයක් නිසා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තා කෙටුම්පතට සංශෝධන යෝජනා දීලා තිබෙනවා ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලනිපය, ජවිපෙ යන සියල්ල විසින්. දීලා නැත්තේ කවුද? එක්සත් ජාතික පක්‍ෂයයි, මුස්ලිම් කොංග්‍රසයයි. ඒ අනුව අපට පෙනෙනවා මුස්ලිම් කොංග්‍රසයට කෙසේ වුවත් එජාපයට ඒ කෙටුම්පත ගැන අවුලක් නැහැ කියලා. අවුලක් නැති නිසයි සංශෝධන දීලා නැත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සංශෝධන ඉදිරිපත් කරලා මේ කෙටුම්පත ගෙඩිය පිටින් පිළිගන්නේ නැති නිසයි අපි මේකෙ අනතුර ජනාධිපතිතුමන්ට කියලා දෙන්න ගියේ. මහජන ආරක්‍ෂක ආඥා පනතේ ඇතැම් වගන්ති අනුව හදිසි අවස්ථාවකදී ජනාධිපතිවරයාට පළාත් සභාවක් විසුරුවා හැරීමට පුළුවන්. ආණ්ඩුකාරවරයා යටතට පත් කිරීමට පුළුවන්. වර්ධරාජා පෙරුමාල් ඊළාම් කොඩිය ඔසවන විට එදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා කළේ ඒක.

නමුත් මේ අතුරු වාර්තා කෙටුම්පතේ තිබෙනවා. ‘එසේ පළාත් සභාවක් විසුරුවා හරින විට ජනාධිපතිවරයා එයට හේතු දැක්විය යුතුයි. පළාත් සභාවට එම අවස්ථාවේදී අලුතින් පිහිටුවනු ලබන ව්‍යවස්ථා අධිකරණයේ පිහිට පැතීමට පුළුවන්’ කියලා. ඒ අධිකරණයෙන් කියුවොත් ‘ජනාධිපතිවරයාගේ විසුරුවා හැරීම බල රහිතයි’ කියලා ජනාධිපතිවරයාගේ පළාත් සභාව විසුරුවා හැරීම වලංගු නැහැ. රනිල් වික්‍රමසිංහ NGO උසාවියක් හදලා ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන්නයි හදන්නේ.

‘ජේ. ආර්.ගේ සක්ක ගල් හිරවුණේ මෙහෙමයි’

ජේ. ආර්. ජයවර්ධන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකීයභාවය රැක ගන්න අටවපු එක සක්ක ගලක් තමයි සමගාමී ලැයිස්තුව ඇතුළත් කිරීම. ඊළඟට ගහපු සක්ක ගල තමයි ආණ්ඩුකාර බලය. දැන් ආණ්ඩුකාර බලයත් නැති කරනවා. හදිසි අවස්ථාවකදී පළාත් සභාවක් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලයත් බෙලහීන කරලා ශ්‍රී ලංකා රාජ්‍යයේ මුදුන දුර්වල කරනවා. සමගාමී ලැයිස්තුව ඉවත් කළාම ගෙඩිය පිටින් පළාත් සභාවට බලය යනවා. දැන් පළාත් සභාවක් රටට හානිකර යම් ප්‍රඥප්තියක් සම්මත කළොත් ආණ්ඩුකාරවරයාට පුළුවන් එයට අත්සන් නොකර ඉන්න. ආණ්ඩුකාරවරයා අත්සන් කරන තෙක් පළාත් සභාවක් සම්මත කරන ප්‍රඥප්තියක් නීතියක් බවට පත් වන්නේ නැහැ. ඒක තමයි එතැන දී ජේ. ආර්. ගහපු සක්ක ගල. පරමාධිපත්‍ය බලය බෙදුවාම මොකද වෙන්නේ ? නැඟෙනහිර තිමෝරයේ ප්‍රාන්ත පාලනයට පරමාධිපත්‍ය බලය හිමි බව ඉන්දුනීසියානු මධ්‍යම රජය පිළිගෙන තිබුණා. නැඟෙනහිර තිමෝරයට පරමාධිපත්‍ය බලය තිබූ නිසයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය එය වෙනම රටක් ලෙස පිළිගත්තේ. වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් සහ 2/3ක බලයක් අවශ්‍ය ලැයිස්තුවෙන් වත්මන් ව්‍යවස්ථාවේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කිරීම ගැන කියැවෙන 4 වැනි වගන්තිය ඉවත් කරලා, එය වෙනස් කිරීමට 2/3ක බලයක් පමණක් අවශ්‍ය ලැයිස්තුවට දැමීමට එදා දේවනායගම් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කටයුතු කළේ නිකම් නොවෙයි, දුරදිග කල්පනා කරලයි.

‘ශිවා පසුපති කොටි නීතිපති වුණු හැටි’

දැන් සමහරු කියනවා, ‘ජනමත විචාරණයක් එනවා නෙ අපි එතැන දී මේ ව්‍යවස්ථා කෙටුම්පත පරදවමු’ කියලා. කොහොමද කියන්නේ ජනමත විචාරණයක් එයි කියලා ? ජනතාවගේ පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක වීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04 වැනි වගන්තිය වෙනස් කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. ඒක වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයක් ප්‍රමාණවත් නිසා අපට මෙහිදී කියන්න බැහැ අනිවාර්යෙන් ජනමත විචාරණයක් ඒවි කියලා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ජනමත විචාරණයකට යාමට අවශ්‍ය නොවන විදියට පොඩි වචන වෙට්ටුවක් දාලා ඒක පාර්ලිමේන්තුවේ 2/3න් සම්මත කර ගැනීමට මුල් වුණේ එවකට නීතිපති ශිවා පසුපති. පසුව ඒ කළ සේවය අගයලා ප්‍රභාකරන් එයා ඊනියා දෙමළ ඊළාම් සිහින රාජ්‍යයේ නීතිපති බවටත් පත් කළා. එදා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සිය තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 04ක් කීවා, ‘එය ඒකීයභාවයට හානියක් නැහැ’ කියලා. 04ක් කීවා ‘ඒකීයභාවයට හානියක්’ කියලා. එක් විනිසුරුතුමෙක් කීවා ‘මේ විදියට වෙනස් කළොත් ඒකීයභාවය හානියක් නැහැ’ කියලා. එක් විනිසුරුතුමෙක් කීවා, ‘මේ විදියට වෙනස් කළොත් ඒකීයභාවයට හානියක් නැහැ’ කියලා. ඒ නිසා නීතිපතිවරයා ඒ කියන විදියට වෙනස් කරන්නම් කියා ආණ්ඩුව වෙනුවෙන් කරුණු දක්වලා, ජනමත විචාරණයකට නොයා 13 වැනි සංශෝධනය 2/3න් සම්මත කිරීමට කටයුතු සම්පාදනය කළා.

එහෙම කරපු ජේ. ආර්ගේ බෑනා තමයි අද මේ බෙදුම්වාදී ව්‍යවස්ථාවක් කර තියා ගෙන එන්නේ. ජනමත විචාරණයට නොගිහින් පරමාධිපත්‍ය බලය බෙදන්න පුළුවන් නම්, සමගාමී ලැයිස්තුවේ බලතල දෙකට බෙදන්න පුළුවන් නම්, ආණ්ඩුකාරවරයාගේ බලතල බෙලහීන කරන්න පුළුවන් නම් නව ව්‍යවස්ථාව සම්මත කර ගන්න ජනමත විචාරණ එන්නේ නැහැ. ජනමත විචාරණයකට එයි කියලා කවුරුහරි කැහැපොට ගහගෙන බලා ඉන්නවා නම් ඒක මුළාවක්.

‘මේ සටනට නොබසින සගයන් ගැන විශ්වාසය තබා ගන්න අපට උවමනා නැහැ’

අපි සටන් කරන්න සූදානම් නම් මුලදී මුණගැසෙන සටනට මුහුණ දිය යුතුයි. ඒ සටන සතුරා ජයගතහොත් පමණයි සටනේ දෙවන අදියර පටන් ගන්නේ. අපි ඉදිරියේ තිබෙන්නේ සටනේ පළමු අදියරයි. ඒ සටන තමයි මේ අතුරු වාර්තාවට අනුව හැදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ 2/3ක් ලැබීම නතර කිරීමේ සටන. බුලත් කොළයෙන් ඡන්දය ඉල්ලලා දැන් ඇමති කටුවක් සූප්පු කරන අයියලා 2/3 හදන්න ඡන්දය නොදෙන තැනට, ඔවුන්ගේ කකුල් වෙව්ලන තරමේ බලවත් ජනතා විරෝධයක් හදන එකයි අපේ සටනේ මුල් අදියර. ඒ වගේම මේ මොහොතේ අපි ඉදිරියේ තිබෙන සටන එයයි. ඒ නිසා අපි මේ මහා වැසි නොතකා පැමිණි ජනතාව ඉදිරියේ සපථ කරනවා, ‘රනිල්ගේ ව්‍යවස්ථා පැකේජයට එරෙහි සටන අතට නොගන්නා, මේ සටනට නොබසින සගයන් ගැන විශ්වාසය තබා ගෙන ඉන්න අපට ඕනේ වෙන්නේ නැහැ’ කියා. ජනමත විචාරණයකින් නොවෙයි අපි මේ නව ව්‍යවස්ථා කෙටුම්පත පැරදවිය යුත්තේ, එය පාර්ලිමේන්තුවට එන එක වැළැක්වීමෙනුයි.

මේක තමයි අද තිබෙන කේන්ද්‍රීය සටන, මූලික සටන. මේ සටන තිබියදී වෙන වෙන සටන් කර තබා ගෙන නටලා වැඩක් නැහැ. මේ සටන තීව්‍ර කරන විට ‘උමාඔයේ ලීක් එක’ වැඩි වෙනවා. විද්‍යාරත්න බාස්උන්නැහේ සටනට එනවා. ‘ගනු කඩුව එනු සටනට’ කියනවා. පොලිසිය උසාවි නියෝග පෙන්නුවත් විප්ලවවාදියා ඒවා නොතකා විරෝධතාවයේ නිරත වෙනවා. පොලිසිය ගල්ගැසී බලා සිටිනවා. ඒවා තමයි අපට ඉදිරියේදී බලන්න වෙන ජවනිකා. නාමල් රාජපක්‍ෂ, ඩී. වී. චානක, ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමන්ලාට එරෙහිව ‘උසාවි නියෝග කැඩීමේ බරපතළ චෝදනාවට’ අදාළව ක්‍රියාත්මක වූ හම්බන්තොට පොලිසියේ මයිල් කෙළින් වන නීතිය, උද්ඝෝෂකයකුගේ කන පළන නීතිය, කන පළා ගෙදර ළඟට මාරුවීමක් ලබා ගැනීමේ නීතිය සමන්ත විද්‍යාරත්නට එරෙහිව ක්‍රියාත්මක වන්නේ නැහැ. පූජිත – රනිල් පොලිසිය අනුව ‘කනට ගහන්නෝ – ගේ ළඟටම එන්නෝ’ වෙලා තිබෙනවා. ඒකාබද්ධ විපක්‍ෂයට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන නීතිය අනුබද්ධ විපක්‍ෂයට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ අය දැන් ආණ්ඩුවේ අනියම් බිරිඳ වෙලා කියා ස්වාමීන්වහන්සේ නමක් ද පවසා තිබුණා. දවල්ට පොඩි පොඩි රණ්ඩු තිබුණාට රෑට මේ දෙන්නම නිදන්නේ එක ඇදේ. ඕක තමයි ඇත්ත.

‘ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ගෞරවනීය ඇරයුමක්!’

සයිටම් සටන හරි. අපි ඒකට වරදක් කියන්නේ නැහැ. හැබැයි අපි ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට ගෞරවයෙන් ඇරයුම් කරනවා, ‘රනිල්ගේ මේ ව්‍යවස්ථා පැකේජය මේ රටේ මූලික නීතිය වුණොත් නිදහස් අධ්‍යාපනය බේරා ගන්න තමුන්නාන්සේලාට හැකි වෙන්නේ නැහැ. හැදෙන පළාත් අටේ අධ්‍යාපන ක්‍රම 08යි. පෙළ පොත් වර්ග 8යි. විෂය නිර්දේශ, ප්‍රශ්න පත්‍ර ගොඩයි. එක පළාතක නිදහස් අධ්‍යාපනය නැහැ. දරුවන්ගෙන් සල්ලි ගන්නවා. ඉදිරියේදී මේ වගේ තැනකට මේ රට ඇදගෙන යනවා. ඒ නිසා සයිටම් සටන වගේම නිදහස් අධ්‍යාපනය සදාකාලිකවම බිල්ලට දෙන මේ බෙදුම්වාදී ව්‍යවස්ථා පැකේජයට එරෙහි සටනත් අතට ගන්න’ කියලා.

‘අද ජවිපෙ යන්නේ බෝපගේ ගිය පාරේ’

දෙසැම්බරයේදී එට්කා ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කරාවි. ඇය-වැයෙන් ටොෆි-චොක්ලට් ටිකක මිල අඩු කරාවි. මේ ඝෝෂාවත් සමඟ තමයි මේ ව්‍යවස්ථා පැකේජයත් ගෙන එන්නේ. මේ වගේ බරපතළ අපරාධයක් රටට කරන්න සුදුසුම කාලය විදියට තමයි මේ ඝෝෂාකාරී කාලය තෝරා ගෙන තිබෙන්නේ. ඒ හින්දා අවදියෙන් ඉන්න, වචන පස්සේ විතරක් එල්ලෙන්න එපා. හැබැයි මම කිව්වේ අර ජවිපෙ ‘ටිං – ටිං සිල්වා’ කිව්ව කතාව නොවෙයි. ‘ටිං – ටිං සිල්වා’ කිව්වා නෙ, ‘ඒකීය – සන්ධීය කියන ඔය වචනවල එල්ලිලා වැඩක් නැහැ’ කියලා. අම්මපා ‘ටිං – ටිං ගේ මේ මොළය’ රෝහණ විජේවීර සහෝදරයාට තිබුණා නම් අර තරුණ තරුණියෝ 60,000 තවම ජීවත් වෙනවා. (ජනතාවගේ හූ හඩ) ඔය ‘මොළය’ විජේවීර සහෝදරයාට තිබුණා නම් 13ට විරුද්ධව පාරට බහින්නේ නැහැ. ජේ. ආර්. ඇඳිරි නීතිය දමන්නෙත් නැහැ. එහෙම වුණා නම් විජේවීර සහෝදරයාත් තවම ඉන්නවා. හැබැයි ටිං – ටිංට ප්‍රධාන ලේකම් තනතුර ලැබෙන එකක් නැහැ. එහෙම නම් පක්‍ෂ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ යන්නෙත් නැහැ. බෝපගේ ගියේ ටිං – ටිං කියන ඔය ඒකීය – සන්ධීය ස්ථාවර අතර ගැටුම නිසයි. අපි ටිං – ටිං සිල්වා මහත්තයාට කියනවා ‘ඔයගොල්ලෝ අද යන්නේ රෝහණ විජේවීර සහෝදරයා ගිය පාරේ නොවෙයි, ලයනල් බෝපගේ ගිය පාරේ. ඒ නිසා ඔයාලගේ පක්‍ෂ මූලස්ථානයේ උඩින් රෝහණ විජේවීර සහෝදරයාගේ පින්තුරය වෙනුවට ලයනල් බෝපගේගේ පින්තුරය ගහගන්න’ කියලා. සටන ඕනෑ වෙලාවට සිය භූමිකාව දිවිහිමියෙන් ඉටු කළ ඒ පක්‍ෂය අද මේ කාලකන්නි රොත්ත එකතු වෙලා නැති භංගස්ථාන කර දැම්මා. විජේවීර සහෝදරයා මේ රටේ ජාතික ගැටළුව ගැන ලියපු තිසිසයේ එක අකුරක් පිළිගන්නේ නැති රොත්තක්, කොහොමද,‘ඉල් මහා විරු සමරුව’ පවත්වන්නේ? ඒ නිසා අද වෙන කිසිවෙක් නැහැ මේ ජාතික සටන අතට ගන්න. මේ ජාතික සටන අතට ගන්න කියා මව්බිම ඔබගෙන් ඒ යුතුකම ඉල්ලනවා. මව්බිම වෙනුවෙන් ඉදිරියට එන දෑ හිතකාමී දරුවනි, සටනට අවතීර්ණ වව්! රටත් ජාතියත් ශාසනයත් රකින සටන අතට ගනිව්!”

මෙම ජාතික සමුළුවේ මුලසුන ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා දැරූ අතර, පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පිළිගැනීමේ කතාව සිදු කළේය. නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර යන මහත්වරු ඇතුළු දේශපාලන මණ්ඩලය ද දිස්ත්‍රික් නායකයෝ ද වේදිකාවේ අසුන් ගෙන සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-10-15

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ප්‍රියතම මන්ත්‍රීතුමා, 2015න් පස්සේ ලංකාවේ ඉතිහාසය වෙනස් කරපු ඔබේ කතා දෙකක් මම දැක්ක, ඇහුව. එකක් 2015 පෙබරවාරි 18 නුගේගොඩ. දෙවෙනි එක ඔක්තෝබර් 14 විහාරමහා දේවි එළමහන් රංග පීඨය. දෙවෙනි කතාව පලවෙනි එකටත් වඩා විනාශ වෙන්න යන රට, අපිට නැති වෙන්න යන රට, අන්තිම මොහෙතේදී බේරගත්තා කියන තරමටම ඉතිහාසගත වෙන කතාවක්.

    විමල්ගේ “ඔරුමිත්ත” ගැන කියපු ටිකයි “කැටලෝනියා” ගැන කියපු ටිකයි, ලංකාව ඊළඟට උතුරු නැගෙනහිරට වෙනම රටක් විදියට බෙදිලා යන්නේ ජාත්‍යන්තර නීතිය හැටියටයි කිව්වට පස්සේ මම හිතනවා ලංකාවේ සිංහලයෝ හුඟ දෙනෙකුට දාඩිය දැම්ම කියලා. ඔය කතාව නොකරන්න මේ මැටි හරක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලනුව කාල උන් කියන විදියට ව්‍යවස්ථාවෙන් රටත් බෙදලා අපිම බන්දේසියේ තියලා උතුර නැගෙනහිර වෙනම රටක් විදියට බාර දෙනවා. හනේ ඇත්තමයි විමල්, ලංකාවෙත් පිලිපීන ජනාධිපති කෙනෙක් වගේ හිටිය නම්, රට පාවලා දුන්නා කියලා මේ ව්‍යවස්ථාවට සහයෝගය දීපු හැම එකාවම පේලියට හිටවලා බල්ලෝ වගේ වෙඩි තියලා මරලා දානවා. අර දැක්කනේ ISIS කාරයෝ දෙන්නෙක් මරලා දැම්ම. ලෝකෙම නිශ්ශබ්දයි. කිසි කතාවක් නැහැ. මෙහෙ හිරේ දමල ඉන්න ත්‍රස්තවාදියෝ නිදහස් කරන්න කියලා උද්ඝෝෂණ. මානව අයිතිවාසිකම් ගැන මහා ඉහලින් කතා කරන රටකවත් ත්‍රස්තවාදීන් ගැන කතා කලොත් අල්ලලා හිරේ දානවා. මෙහෙ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක දේශපාලන අංශය බාර පක්ෂේ නායකයාට රටේ විපක්ෂ නායකකම දීල.

    සිංහල ජාතියට කියන තවත් නමක් ඇහුවොත් විමල් වීරවංශ කියන තරමටම, ලංකාවට කියන තවත් නමක් ඇහුවොත් විමල් වීරවංශ කියන තරමටම රටයි ජාතියයි ඔබයි එකට බැඳිලා එක විදියටම වෙනස් නොවී දශක තුනකට විතර කිට්ටු කාලයක් තිස්සේ ඉන්නවා. අපි ලංකාවේ ඉපදුනේ අපේ වාසනාවට කියල කිව්වට ඔබ නම් ලංකාවේ ඉපදුනේ රටේ වාසනාවට. ඔබටත් මගේ රටටත් ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් යෝධ බල යෝධ වීර්යයයත් ප්‍රාර්ථනා කරනවා. Love you a lot.

    • Champa Reply

      විමල්,මට කලින් ලියන්න බැරිවුනා.

      ඔයා මේ කරපු කතාව මුළු රට වෙනුවෙන්ම කරපු කතාවක්. ඔයා කලින් කතාවල වගේ කාගැනවත් කිව්වේ නැහැ. උදාහරණයක් විදියට ඔයා අඩු ගානේ වෙනදා වගේ ආණ්ඩුවට කිව්වේ නැහැ මහනායක හාමුදුරුවරු කියන නිසා ෆෙඩරල් ව්‍යවස්ථාව නතර කරන්න කියලා. ඔයා ව්‍යවස්ථාවෙන් රට ජාත්‍යන්තර නීතිය අනුව බෙදෙන විදිය ගැන කාරණා, න්‍යායාත්මකව, විචාරාත්මකව, තර්කානුකූලව සහ උදාහරණ සහිතව පැහැදිලිව පෙන්නලා දීලා කිව්වා ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධ හේතුව. මේ තමයි විමල් රටට ඕනේ විදියට.

      විමල් ඔයා මෙයින් පස්සේ යන්න ඕනේ මේ පාරේ. මේක තමයි ඔයාටම ආවේනික ඔයාගේ පාර. ඔයාට කවදාවත් වෙන කාගෙවත් හයිය ඕනේ වුනේ නැහැ. ඔයා තමයි මුළු රටටම ශක්තියක් දුන්නේ. ඔයාගේ හයියෙන් තමයි මුළු රටම එකට නැගිට්ටේ. අනිත් හුඟක් අය අරින් සැරේ වෙනස් වෙනවා. එක වචනයක් නැහැ. මම රාජපක්ෂලා ගැන විතරක් නෙමෙයි කියන්නේ. ඔයා තමයි හැමදාම එක විදියට වෙනස් නොවී හිටියේ.

      මහින්දගේ ලිපියක් තිබුන. මම කියැව්වේ නැහැ. මොකොටද? තැනක light comment එකක් සහ general comment එකක් දැම්ම මට ලියන්න ආස හිතුනේ නැහැ. මිනිස්සුන්ව රවටන එකේ සීමාවක් තියෙන්න ඕනේ. ව්‍යවස්ථා දායක සභාවේ ඉඳගෙන ආණ්ඩුවට කියනව ෆෙඩරල් ව්‍යවස්ථාව අත ඇර ගන්නලු. ඉස්සෙල්ල තමන් අයින් වෙලා ඉන්න එපැය. එහෙම අයින් වෙන්නේ නැහැ, මොකොද TNA එකට පොරොන්දු වෙලා හින්දා. මම ඒක ගන කලින් ලිව්වා මම හිතන්නේ. මහින්දයි බැසිලුයි TNA එකේ පැත්ත අරගෙන ඉවරයි. ඉස්සරත් දවසක කිව්වා වගේ, රනිල්ටත් වඩා පෙඩරල් ව්‍යවස්ථාව ගේන්න ඕනෙකම තියෙන්නේ මහින්දට. එයා හිතනවා එයාකරන දේ අනිත් මිනිස්සුන්ට පෙන්නේ නැහැ කියලා. රට පාවලා දීලා, රණවිරුවෝ පාවලා දීලා හරි කමක් නැහැ තමන්ට බලයට එන්න ලැබෙනවා නම්. තව ටික දවසක් යනකොට ත්‍රස්තවාදීන් නිදහස් කරන්න ඕනේ කියල රාජපක්ෂලා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නැහැ. රාජපක්ෂලා ආයේ කවදාවත් බලයට එන්නේ නැහැ. එතැන හිඩැසක් හැදෙනවා නම්, ඒ තැන වෙලාවට පිරවෙයි.

      ඔයා 2014 හංසයා ගැන කියපුවා ඔක්කොම හරි. මෛත්‍රීට දෙමල චන්ද ලැබුනේ රණවිරුවෝ යුධ අධිකරණයට ගෙනියන්න, උතුර ෆෙඩරල් කරගන්න සහ ත්‍රස්තවාදීන්ව නිදහස් කරගන්න. දැන් ඒවා කරගන්න බැරිවුනා නිසා TNA එකතු වුනා ඒවා දෙන්න කැමති මහින්දත් එක්ක. යක්ෂයා සහ දෙවියා මාරුවෙච්ච හැටි දැක්කද? ඊළඟට රටේ ජනාධිපති වෙන්න ඕනේ රජෙක්, දෙවියෙක් හෝ යක්ෂයෙක් නොවෙන, සුළු ජාතික කොන්දේසි, බිය ගැන්වීම්, තර්ජන වලට බය නැති,මහ පොළොවේ පය ගහලා ඉන්න කොන්ද කෙලින් තියාගෙන තමන් සිංහල බෞද්ධයෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක්. ඊට පස්සෙ රට හැදෙයි.

  2. Champa Reply

    මම විමල් හිටපු “සලකුණ” කතාව ඒ වෙලාවෙම බැලුව හිරු TV එකේ.

    “සීමාවෙන් එහා දේශපාලනය” කියන්නේ රටට ඉතාම වැදගත් තීරණාත්මක කාරණාවක් ගැන ලස්සනට මුළු රටටම තේරෙන විදියට පැහැදිලි කර ගෙන එනකොට, රටේ ජනතාවගේ බුද්ධියට නිගා කරන, දෙකයි පනහේ බාල ඕපදූප කතාවක් ගැන අහලා අර කතාව කරගෙන යන්න ඉඩ නොදී වැළැක්වීම වෙන්න ඇති නේද? සුදේව මාතෘකාවට අදාලව ප්‍රශ්න අහද්දී, රටේ මිනිස්සුන්ට කිසි වැඩක් නැති, බාල ප්‍රශ්න සහ ඕපදූප මල්ලක් හෙවත් ලිඳ ළඟ සංගමය නියෝජනය කරන්න කාන්තාවො දෙන්නෙක්ම දාලා ඉන්නේ මොකොටද කියලා මට තේරුම් ගන්න අමාරුයි. අනිත් අයටත් මෙහෙම්මද? මම වෙන ඒවා බලන්නේ නැති නිසා දන්නේ නැහැ.

    අර “යදමින් බැඳි අක්ෂර” පොතේ පිට කවරේ හරීම නිර්මාණශීලියි. හරිම ලස්සනයි. හැබැයි මට ඒක බලන්න බැහැ.

    සමහර බන්ධනාගාර වල හිරකාරයෝ 50කටම washrooms දෙකක් තියෙන රටක, හිරකාරයන්ට 5න් පස්සේ සිර කුටිය ඇතුලේ attached toilet එකක් විදියට පාවිච්චි කරන්න මුට්ටියක් දෙන රටක, ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ ජාත්‍යන්තර මට්ටමට ඉන්න කියලා පිහිනුම් තටාක එක්ක හිර ගෙවල් විවෘත කරන වෙලාවක විමල්ගේ “යදමින් බැඳි අක්ෂර” එලි දැක්වීම හරිම වටිනවා.

  3. Champa Reply

    විමල් මේ බලන්න මම මේක දැක්කේ දිනපතා පත්තරේක. මේක මෙතන cut & paste කරලා තියන්න හිතුව කවදා හරි මේ ගැන පියවරක් ගන්න ඕනේ වෙයි කියලා. මෙතන තිබ්බේ මම මගේ හුඟක් comments save කරන්නේ නැති නිසා.

    Quote: “ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආහාර තාක්‍ෂණය, පැළෑටි ආශ්‍රිත වෛද්‍ය විද්‍යාව, මිනුම් විද්‍යාව, අභ්‍යවකාශ පර්යේෂණ හා යෙදවුම්, රොබෝ තාක්‍ෂණය සහ ස්‌වංයක්‍රීයකරණය, කාර්මික ඉලෙක්‌ට්‍රොaන විද්‍යාව සහ ජාතික වශයෙන් වැදගත් වන වෙනත් විෂය පරාසයන් පිළිබඳ ඉදිරියේදී පර්යේෂණ කිරීම සඳහා රෙට අතර තවත් අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කර ඇත.” Unquote:

    අනේ මෙහෙමත් අම්බරුවෝ, කොටයි රටේද දෙයියොනේ “පැළෑටි ආශ්‍රිත වෛද්‍ය විද්‍යාව” පිලිබඳ පර්යේෂණයකට ට වෙන රටක් අඬ ගහගන්නේ? ඊටත් වඩා ඉන්දියාව වගේ රටක්. ලෝකේ වෙන කොහෙවත් රටක නැති තරම් අපිටම ආවේනික පැලැටි තියෙනවා. එව්වා ගැන කිසිම රටකට පර්යේෂණ කරන්න දෙන්න හොඳ නැහැ අපේ රට ඇර. කොච්චර මැටි හරක්ද කිව්වොත් මුම්ම කියනව “ජාතික වශයෙන් වැදගත් වන වෙනත් විෂය පරාසයන්” කියලා. ජාතික වශයෙන් වැදගත් නම් ඉන්දියාවට අඬ ගහන්න හොඳද පර්යේෂණ කරන්න? මම මේක ගැන වෙන තැනක ලිව්වා වගේ මතකයි. This is the initial part of ETCA because at a future date, India can claim a certain job quota stating that they have professionals who are experts in Sri Lanka’s bio-engineering, food technology, etc., who can work as Consultants in these sectors.

    තව එකක් තිබුන පොලොව යට තියෙන දිය උල්පත් ගැන පර්යේෂණයක් කරන්න නෙදර්ලන්තෙන් එනවා කියලා, වෙන උවමනාවකට නෙමෙයි මුන්ට රුපියල් බිලියන 5.2ක් වගේ ණයක් මට මතක, ඒක ගන්න. අනේ දෙයියොනේ මේ යක්කුන්ට දන්නේ නැත්ද ඕනාවට වඩා දිය උල්පත් කෘත්‍රිම විදියට පාවිච්චි කරන්න ගත්තම ඒවා deplete වෙලා යනවා කියලා. අනේ මුන් පරිසරය විනාශ කරන හැටියට ලංකාව ගසුත් නැතුව වතුරත් නැතුව කාන්තාරයක් වෙයි මේ විදියට. විමල්, අනිත් මිනිස්සුන්ටත් මට වගේ මේවට දරා ගන්න බැරි තරම් හිත් වේදනාවක් එනවද, නැත්නම් මට මොකක් හරි ඔල්වේ අමාරුවක්ද?

    අනේ මන්දා විමල් ඔයා මේවා notice කරලා තියෙනවද කියලා ආණ්ඩුව හැම පුංචි එකටම ණය ගන්නවා, කිසි වැඩකට නැති බොරු ව්‍යපෘති. ඉස්සර නය ගත්තේ මුදල් අමාත්‍යංශය, දැන් එක එක අමාත්‍යංශ විතරක් නෙමෙයි, කුඩා ආයතන පවා නය ගන්නවා. දෙයියොනේ මුන් ඔක්කොම කොමිස් අරන් කවද හරි රටෙන් පැනලා යයි. කවදා හරි සිංහල මිනිස්සුන්ට කියලා කිසිම දෙයක් ඉතුරු වෙන එකක් නැහැ නයට හිලව් වෙලා, ඒ මොකොද කිව්වා නම්, නිකම් නය දෙන්නේ නැහැනේ, මොනව හරි collateral ඕනේ. එහෙම එකකට මාගම්පුර වරාය දුන්න. අනේ විමල්, වරාය වැඩේ ඉස්සරහට ගියේ නැහැ නේද? නතර වුනා වගේ. කවුද Presidentද නතර කලේ. මට හරිම happy. මට ලියන්නත් හිතෙනවා මෙතනම දෙයක්, ඒත් කමක් නැහැ, හිතේ තියෙන එක හොඳයි දැනට. අනේ කතරගම දෙයියොනේ මුන්ට නම් මේ රටට ආයේ අත තියන්න දෙන්න එපා.

  4. Champa Reply

    (This is not a comment)
    Personal to Wimal

    කොහොමද විමල් ඔයා පොතකුත් ලිව්වේ අච්චර වැඩ ගොඩකුත් කර කර. පහුගිය දවස් වල මාස ගානක්ම සතියෙන් සතියට සම්මන්ත්‍රණත් තිබුනනේ. මාධ්‍ය හමු, පාර්ලිමේන්තුව, පත්‍රිකා බෙදිලි, සම්මන්ත්‍රණ කරණ ගමන් පොතකුත් ලිව්වේ කොහොමද? නින්ද නම් අඩු ඇති. ඔය කන්න බොන්න තියෙන වෙලාවෙත් වැඩ කරනවද?

    ඔක්තෝබර් 14 කතාව ඔයා හුඟක් කරුණු හොයාගෙන අධ්‍යනය කරලා කරපු කතාවක්. ඔයා තරම් සරල භාෂාවෙන් ආචාර්ය උපාධියක් තියෙන කෙනෙකුටවත් ඔය තරම් ලස්සනට රට බෙදන ව්‍යවස්ථාව ගැන කියලා දෙන්න බැහැ. ව්‍යවස්ථාව කියන්නේ මොන තරම් බරපතල දෙයක්ද? හැබැයි ඔයාට පින් සිද්ධ වෙන්න ඒක ගමේ ගොඩේ මිනිහත් ගොවියාත් ගුරුවරයත් කාර්යාල වලත් ගෙදර සාලෙත් කතා කරන මාතෘකාවක් වෙලා. මිනිස්සු හිතනවා ඇති කවුරු නැතිවුනත් විමල් ඉන්නවානේ ඒ ඇති කියලා. ඔයා සීමාවක් නැතුව රට වෙනුවෙන්ම කැප වෙලා වැඩ කරන හැටි මම වගේම ලංකාවම දකිනවා. ඉස්සර වගේ නෙමෙයි මිනිස්සු හුඟක් රට ගැන හිතනවා. හරි වෙලාවට හරි විදියට ඒ මිනිස්සුන්ට මඟ පෙන්වන්න ඕනේ. ඔයාට විතරයි ඒක කරන්න පුළුවන්.

    ව්‍යවස්ථාව ගැන තියපු රැස්වීමේ කතා කරනකොට shirt එක දාඩියෙන් පෙඟිල තියෙන හැටි දැක්කහම මට දුක හිතෙනව. අනේ විමල්… ඔයා හුඟක් ආවේගෙන් කතා කරන කෙනෙක් නිසා හැම වචනයකටම ඇඟේ ශක්තිය වැය වෙනව. අනේ ඇත්තටම මම ඔයාගේ තමා ඉස්සෙල්ලම දැක්කේ ඔළුවට ඕ වගේ දාඩිය දාලා තියෙනව. මට කියන්න දෙයක් තියෙනව වචන එකතු කරගෙන කියන්න බැරුව ඉන්නවා. සමහර වෙලාවට ඔයා මාව බය කරනවා. ඇත්තමයි විමල්, සමහර වෙලාවට ඔයාගේ reaction හරිම intense. මටත් බය හිතෙනවා. මම හොඳට බලල තියෙනවා, මම කොච්චර හංගල කිව්වත්, ඔයාට කොහොම හරි දන්නවා. සමහර වෙලාවට ඔයාගේ reaction එක දැක්කහම මට පොලොවේ වලක් හාරලා ඔලුව හංග ගන්න හිතෙනව. හරිම අමාරු මහප්පරාන දේවල් මට ක්ෂණිකව තේරුනාට, පුංචි සරල දේවල් තේරුම් ගන්න හරිම අමාරුයි, හුඟක් වෙලත් යනව. I am a super idiot sometimes.

  5. Champa Reply

    මම අද දැක්ක විචාරකයෙක් කියල හිතන මිනිහෙක් ඔයා ගැන කියලා තියෙන දෙයක්. අනේ විමල් මම මේ වගේ ඒවා කවදාවත් බලන්නේ නැහැ. අද තමයි දැක්කේ මෙහෙම කෙනෙක්. ලංකාවේ දේශපාලන විචාරකයෝ කියන්නේ මේ වගේ මිනිස්සුන්ටද? මාර මැටි අප්පා. චැක්.

    මම අද දැක්ක විචාරකයෙක් කියල හිතන මිනිහෙක් ඔයා ගැන කියලා තියෙන දෙයක්. අනේ විමල් මම මේ වගේ ඒවා කවදාවත් බලන්නේ නැහැ. අද තමයි දැක්කේ මෙහෙම කෙනෙක්. ලංකාවේ දේශපාලන විචාරකයෝ කියන්නේ මේ වගේ මිනිස්සුන්ටද? මාර මැටි අප්පා. චැක්.

    මොකක් හරි තැනක මම ඔයාගෙ godfather ගෙ මූණ දැක්ක. Guilty look එකක්. ඔයාට මොකක් හරි අංචියක් ඇද්දද? නෑ නේද? එහෙම ඇහුවේ නිකම් මේ වගේ look එකක් තමයි ඔයාව හිරේ දැම්මට පස්සේ අර පලවෙනි දවසේ බලන්න ගිහාම තිබුනේ. ඒකයි ඇහුවේ. ඔයා හොඳින් නේද?

Leave a Reply

*