BREAKING NEWS

“රනිල්ට එරෙහි විශ්වාසභංගය හමුවේ මෛත්‍රී ඇතුළු ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය අපට ළඟදීම බලාගන්න පුළුවන් වේවි”

“රනිල්ට එරෙහි විශ්වාසභංගය හමුවේ මෛත්‍රී ඇතුළු ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය අපට ළඟදීම බලාගන්න පුළුවන් වේවි”
– ජානිපෙ නායක විමල් වීරවංශ

ඒකාබද්ධ විපක්‍ෂය විසින් බැඳුම්කර සොරකමට අදාළව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංගයේදී මේ සොරකමට කිසිදු සම්බන්ධයක් නැතැයි කියන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් ක්‍රියා කරන ආකාරය ඉදිරියේදී හොඳින් බලාගත හැකි බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

පසුගියදා ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“දින 100න් අලුත් රටක් හදනවා කියපු අය දින 100න් රොබරි 60ක් සිදු කරපු බවයි දැන් අනාවරණය වන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වෙලා දින 20කින් මේ රටේ මහ බැංකුව සුද්ද කළ ආකාරය පිළිබඳව දැන් ඕනෑවටත් වඩා කරුණු අනාවරණය වී තිබෙනවා.

‘බැඳුම්කර කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක’

පසුගියදා ජනාධිපතිවරයා තමන් විසින් පත් කරනු ලැබූ බැඳුම්කර කොමිසමේ වාර්තාව පිළිබඳ සිදු කළ ප්‍රකාශයෙන් අපට නම් පෙනෙන්නේ එතුමා බැඳුම්කර කොමිසමේ මාධ්‍ය ප්‍රකාශකගේ කාර්යභාරය ඉටු කරපු බවයි. රටක ජනාධිපතිවරයකු ඉන්නේ තමන් විසින් පත් කළ කොමිසමක වාර්තාවක් නිකුත් කළාම එහි අඩංගු කරුණු රටට කියන්න නොවෙයි. ඔහුගේ වගකීම කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ නිවැරදි නම් ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමයි.

මේ හොරකම පටන් ගත්තේ කොහොමද? පළමුව චිරාත් කාලයක් මුදල් අමාත්‍යවරයා යටතේ පැවැති මහ බැංකුව අගමැතිවරයා යටතට ගත්තේ ඇයි? සිංගප්පූරු ජාතිකයකු වූ අගමැතිවරයාගේ ගජ මිතුරා අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කළේ ඇයි? අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වූ අර්ජුන් ඇලෝසියස් සමග එක්වයි මේ මහා මූල්‍ය අපරාධය සිදු කළේ. මේ රටේ රජ කාලයේ, සුද්දගෙ කාලයේ සහ නිදහසින් පසුව යම් යම් හොරකම් සිදු වෙන්න ඇති. නමුත් මේ රටේ ජන ජීවිතයට මෙතරම් තදින් බලපෑ හොරකමක් ඒ මුළුමහත් ඉතිහාසය තුළ සිදුව නැහැ. බැංකුවකින් නිවාස ණයක් හෝ වෙනත් ණයක් ගත්තු ජනතාවට වැඩි පොලියක් ගෙවන්න සිදු වුණේ මේ මූල්‍ය චෞරයන්ගේ හොරකම හින්දයි. මේ හොරකම නිසා ආයෝජකයන් තම මුදල් මේ රටින් ආපසු රැගෙන ගියා. ඒ නිසාත් රුපියල අවප්‍රමාණය වුණා. ඒ නිසා ආනයනික භාණ්ඩ සඳහා වැඩි මිලක් ගෙවන්න සිදු වුණා. අවසානයේ පාරිභෝගිකයන්ට ඒ භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි මිලක් ගෙවන්න සිදු වුණා. පාරිභෝගිකයා ඒ ඉරණමට ඇද වැටුණේ මේ හොරකම නිසයි. ඒ නිසා මේ හොරකම ජනාධිපතිවරයාට නිර්දේශ ටිකක් කියවලා අත පිහදා ගන්න පුළුවන් හොරකමක් නොවෙයි.

‘ජනාධිපතිටත් වගකීමෙන් මිදෙන්න බැහැ’

මහ බැංකුව අගමැතිවරයා යටතට පත් කළ ගැසට් නිවේදනය නිකුත් කළේ කවුද? අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති බවට පත් කළ පත්වීම් ලිපියට අත්සන් කළේ කවුද? මේ හොරකම පිළිබඳ ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයාගේ සභාපතීත්වයෙන් පැවැති කෝප් කමිටුවේ වාර්තාව නිකුත් කිරීමට නියමිතව තිබූ දිනයට පෙර හදිස්සියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ කවුද? මේ ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු අනුව අපට පැහැදිලියි, ‘මේ මූල්‍ය අපරාධය පිළිබඳ වගකීමෙන් ජනාධිපතිවරයාටත් මිදෙන්න බැහැ’ කියලා. අගමැතිවරයා ඇතුළු චෞර කල්ලියට මහ බැංකුව මංකොල්ල කෑමට ඉඩ දීලා බලා සිටීමේ වගකීමෙන් මේ ආණ්ඩුවේ කිසිවකුටත් පලා යන්න බැහැ.

‘පළමුකොට වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන එන්න’

සුජීව සේනසිංහ ඇමතිවරයා පොත් ලියලා මේ මහා සොරකමට සුජාතභාවයක් දෙන්න හැදුවා. අජිත් පී. පෙරේරා ඇතුළු ‘ෆුට් නෝට් කල්ලිය’ තමන්ට ලැබුණු වරප්‍රසාද හමුවේ මේ චෞර රැලට සුදුහුණු ගාන්න පටන් ගත්තා. කෙසේ වුවත් අපට මෙතෙක් බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් කියවා බැලීමේ අවස්ථාව ලබා දී නැහැ. ජනාධිපතිවරයා සංක්‍ෂිප්තව ඒ පිළිබඳව ඉදිරිපත් කළ කරුණු පමණයි අප පවා දන්නේ. ඒ නිසා පළමුවෙන් මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙන ආ යුතුව තිබෙනවා. මූල්‍ය පාලනය පිළිබඳව වග කියන ආයතනය අන් කිසිවක් නොවෙයි මේ රටේ පාර්ලිමේන්තුවයි. ඒ වගේම අපි ඒකාබද්ධ විපක්‍ෂය විදියට ඉදිරියේදී මේ පිළිබඳව අනෙකුත් පක්‍ෂ නායකයන් සමග ද සාකච්ඡා කොට අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට වහාම විශ්වාසභංගයක් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බලාගන්න පුළුවන් ‘මේ හොරකමට සම්බන්ධ නැහැ කියලා පෙන්වන්න හදන ජනාධිපතිවරයා සහ එතුමා සමග සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොහොමද තීරණ ගන්නේ, හැසිරෙන්නේ?’ කියා බලාගන්න.

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කියනවා ‘බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවකුත් ආවා. දැන් අපට ඇඳුම් නැතිව තමයි ගමට යන්න වෙලා තියෙන්නේ’ කියලා. හරීන් ප්‍රනාන්දුගේ ඒ අඳෝනාවෙන් කියැවෙන්නේ මොකක්ද? ගමේ යූඇන්පී පාක්‍ෂිකයාගේ මනස. අද එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයකුට ‘මම යූඇන්පී කාරයෙක්’ කියලා කියා ගන්න ආත්ම ශක්තියක් නැහැ. එදා ඩී. ඇස්., ඩඞ්ලි ඇතුළු පැරණි එජාප නායකයන්ගේ කාලයේ ආඩම්බරයෙන් තමන් යූඇන්පී කාරයෙක් කියූ අයට අද එහෙම කියන්න හැකියාවක් නැහැ. මේ ආණ්ඩුව අවුරුදු තුනකට ආසන්න තම පාලන කාලය තුළ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකයාගේ ආත්ම ගෞරවය බිංදුවට බැස්සුවා. දැන් ගමේ කවුරුහරි තමන් යූඇන්පී කාරයෙක් කියලා කිව්වාම අනෙක් අය අහනවා ‘උඹට බැඳුම්කර ගනුදෙනුවෙන් කීයක් ලැබුණා ද?’ කියලා.

‘රවී තුන් කුලුඳුල් බිල්ල කරලා ගැලවෙන්න බැහැ’

‘හොරු අල්ලනවෝ’ කියලා බලයට ආපු මේ ආණ්ඩුව මේ රටේ ඉතිහාසයේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව සිදු කර තිබෙනවා. රවී කරුණානායක හිටපු ඇමතිවරයා ‘තුන් කුලුඳුල් බිල්ල’ බවට පත් කරලා මේ මහා මූල්‍ය වංචාවෙන් ගැලවෙන්න කිසිවකුටත් බැහැ. ‘අගමැතිතුමාට කොමිසම චෝදනා නඟා නැහැ’ කියා ස්වයං වින්දනයක් ලබලා හරි යන්නේ නැහැ. අගමැතිතුමා තමයි මේ සොරකමේ මහ මොළකරු. ජනාධිපතිතුමා ඊට අනුබල දීමේ චෝදනාවට ලක් වෙනවා.

කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ කියවලා පැත්තකට වෙලා ඉන්න ජනාධිපතිවරයාට බැහැ. මේ හොරකමේ මහ මොළකරුට විරුද්ධව පියවර ගත යුතුයි. මේ මහා මූල්‍ය වංචාව සිදු කරන්න කියලා මහ බැංකුවට ගිහින් උපදෙස් දීපු යූඇන්පී ඇමති කල්ලියක් ඉන්නවා. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් හා රවී කරුණානායක යන ඒ අයට විරුද්ධව පියවර ගත යුතුයි. මෙවැනි අගමැතිවරයකු අගමැති පුටුවේ තියා ගෙන ජනාධිපතිවරයාට ජනාධිපතිකම් කරන්න පුළුවන් ද? එහෙම පුළුවන් නම්, එයින් කියැවෙන්නේ ‘මේ දෙගොල්ලො අතරේ කිසිම වෙනසක් නැහැ’ කියන එක නොවෙයි ද?

අගමැතිවරයාට තවදුරටත් අගමැති තනතුරේ ඉන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා ඔහු ඉල්ලා අස්විය යුතුයි. එසේ නොමැති නම් ජනාධිපතිවරයා විසින් ඔහු ඉවත් කළ යුතුයි. ඒ වගේම මේ හොරකමට සම්බන්ධ සියලු ඇමතිවරුන් ඉල්ලා අස්විය යුතුයි. එසේ නොමැති නම් ඔවුන් ඒ තනතුරුවලින් ඉවත් කළ යුතුයි. එවැනි පියවර ගත්තොත් පමණයි අපට සෑහීමකට පත්විය හැක්කේ.

ජනාධිපතිවරයකු ඉන්නේ තමන්ට කොමිෂන් සභා වාර්තාවක් ලැබුණාම එහි සංක්‍ෂිප්තය රට හමුවේ කියැවීමට නොවෙයි, එහි නිර්දේශ නිවැරදි නම් ඒවා වහාම ක්‍රියාවට නැගීමටයි. නීතිපතිවරයාට කොමිෂන් සභා වාර්තාව යැවීමෙන් ද ඵලක් නැහැ. මීට ඉහතදී මේ පිළිබඳව යැවූ බොහෝ පැමිණිලි නීතිපතිවරයා සතුව තිබෙනවා. ඒත් ගත්තු පියවරක් නැහැ. නීතිපතිවරයාට ලිපිගොනු යැව්වාම ඒවාට පණ එන්නේ නැහැ. නීතිපතිවරයා කියන්නේ අගමැතිගේ සම්බන්ධය. ඒ නිසා නීතිපතිට උපදෙස් දුන්නා කියා ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

‘මේ හදන්නේ මහ මොළකරු බේරාගන්න’

මේ හොරකමින් සිදු වූ සම්පූර්ණ අලාභය ගණනය කරන්න බැහැ. ඒ නිසයි අපි කියන්නේ ‘මේක යට ගහන්න එපා!’ කියලා. දැන් බලන්න, ජනාධිපතිවරයා මේ වාර්තාවේ සංක්‍ෂිප්තය රටට ඉදිරිපත් කළාම එතුමාගේ පක්‍ෂයේ අය පසුවදා ‘මෙම වාර්තාවෙන් අගමැතිවරයාට චෝදනා නඟා නැත’ කියලා නරි නාවනවා. ඒ අනුව මේ හදන්නේ මේ හොරකමේ මහ මොළකරු බේරා ගන්නයි. ඒ තක්කඩිකමට මේ රටේ ජනතාව රැවටෙන්නේ නැහැ. විය යුත්තේ අගමැතිවරයා ඇතුළු මීට සම්බන්ධ ඇමති නඩය ඉවත් කිරීමයි. ඒ නිසා ජනාධිපතිවරයා තතන තතන නොඉඳ තමන් ළඟ තිබෙනවා යැයි කියන හොරකම්වලට එරෙහිව පාවිච්චි කරන ‘කඩුව හෝ පොරොව’ මේ හොර නඩයට එරෙහිව පාවිච්චි කළ යුතුයි. එහෙම කළොත් පමණයි අපට පිළිගත හැක්කේ, ‘ඔහු අවංක ක්‍රියාදාමයක නිරත වූවා’ කියා.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018-01-06

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අනිත් පැත්තේ තියෙන මාධ්‍ය හමුවෙ කරපු ජයන්තගෙ කතාව හොඳ කතාවක්.

    හැබැයි එකක් වැරදියි.

    ජයන්ත කියනව “රණවිරු දඩයම නැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන ව්‍යාපාරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව…..” එක සම්පූර්නයෙන්ම වැරදියි.

    හොටු පොහොට්ටුව හදපු බැසිල් උතුරට ගිහින් කිව්වා හමුදාව තනි තනි වශයෙන් යුධ අපරාධ කරන්න ඇති. ඒ හින්ද දඬුවම් දෙන්න ඕනේ කියලා. හෙන ගහන්න ඕනේ කතාවක්. හමුදාව යුද්ධ කලේ තනි තනිව නෙමෙයි. එක entity එකක් විදියට. හමුදා භටයන්ගේ හිත්වල දේශප්‍රේමය අවුස්සලා තමයි යුද්ධෙට යැව්වේ අවසන් ඉලක්කය කොටි ත්‍රස්තවාදය සහමුලින්ම නැති කිරීමයි කියල. එහෙම යවල පස්සේ උතුරට ගිහින් කියනව තනි තනිව යුධ අපරාධ කරන්න ඇති කියල. බැසිල් යුද්ධ කාලෙත් Robert Blakeට හමුදාව පාවලා දීපු මිනිහෙක්. Wikileaks කියලා තිබුන විස්තරේ. එහෙම මිනිහෙක් හදපු හොටු පොහොට්ටුව කවදාවත් අනාගතේ රණවිරුවෝ වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. වෙනත් තැන්වල රාජපක්ෂ ආණ්ඩුව කාලේ වෙච්ච අපරාධ වලට වග කියන්න ඕනේ රාජපක්ෂලා. රාජපක්ෂලා කවදාවත් රණවිරුවන් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ. පෙනී හිටියේ තමන්ගේ ගැලවීම වෙනුවෙන් විතරයි. බැසිල්ගේ කතාව තමයි හොඳම උදාහරණෙ. ගෝඨාභයව අත් අඩංගුවට ගන්නවා කියපු ගමන් මහනායක හාම්දුරුවරු හම්බවෙන්න යනව තමන් වෙනුවෙන්. හැබැයි කවදාවත් හිරේ දාපු රණවිරුවෝ වෙනුවෙන් මහනායක හාමුදුරුවරු හම්බ වෙන්න ගියේ නැහැ. කොතනද තිබුන හොටු පොහොට්ටු ආණ්ඩුවක් එනව කියල. ආවොත් රාජපක්ෂලා කරන්නේ රනිල් කරපු එකම තමයි, තමන්ගේ නම clear කරගන්න තෝර ගත්ත රණවිරුවෝ කිහිපදෙනෙක් හිරේ දානවා අනිවාර්යයෙන්ම.

  2. Champa Reply

    අර ඔතන ඉඳල NFF එක පාවල දුන්නු වීරකුමාර කියනව විමල් නොකරපු කැප්පෙටිපොළගේ භූමිකාව එයට කරන්න වුනාලු. කතාව ඇත්ත. කැප්පෙටිපොල මුලින් සුද්දන්ට කත් ඇදලා තාන්න මාන්න වලට රට පාවලා දුන්නු කොටස වීරකුමාර හරියට කළා. විමල් කවදාවත් නොකරපු කවදාවත් නොකරන කොටස.

  3. Champa Reply

    We will have to give a big fight late 2019 as the President is trying to stay until 2021 which is absolutely wrong. Look at that. The man who says he is not greedy for power is the first to seek extra year. Now he can’t find fault with Mahinda for trying to contest for 3rd time. Sirisena seems to be more greedier than Rajapaksa clan. He will lose support in no time.

  4. Champa Reply

    මෝඩ ජනාධිපති, එයා හිතනවා අවුරුද්දක් වැඩිපුර ඉන්න 2020ට පස්සේ. දාල තියෙන නම් එක දැක්කහම ලැබෙන තීරණ මොන වගේද කියලා ඕනේ කෙනෙකුට පේනවා. බලාගෙන ගියහම Rajapaksa clan එකටත් වඩා බලයට කෑදරනෙ. පාර්ලිමේන්තු චන්දෙ තිබ්බහම 2020දීම ජනාධිපති පුටුවත් නැති වෙලා පවුල් පිටින් හිරෙත් යන්නයි වෙන්නේ. එය හිතනවා එයා ජනාධිපති වෙලා හිටියොත් සහ ජනාධිපතිවරනෙට ඉස්සෙල්ල පාර්ලිමේන්තු මැතිවරණෙ තිබ්බොත් එයාට රාජපක්ෂලාව නවත්තන්න පුළුවන් කියල. ජනාධිපතිවරණෙකට යන්න කොන්ද පන නැහැ. ආත්ම විශ්වාසේ බින්දුවට බැහැල වගේ පෙන්නේ. මොන සෙල්ලම් දැම්මත් 2019/2020 මේ රටේ දේශපාලනයෙන් තොර අළුත් බලවේගයක් ගොඩ නැගෙනවා. ඒක නවත්තන්න බැහැ.

    ඔයාට ආපහු නඩුවක් නේද? කට ඇරියොත් නඩු. සිරිසේන රනිල් හිතනවා මිනිස්සුන්ව මර්දනය කරලා නඩු දාල පක්ෂ කඩලා හැමදාම බලයේ ඉන්න පුළුවන් කියලා. ඊළඟට දේශපාලන විරුද්ධවාදීන් මරන්නත් ගනියිද දන්නේ නැහැ අර සමහර රටවල කරා වගේ. මොකොද මේ වගේ පටන් ගත්ත පාලකයෝ ඊළඟට කලේ ඒක.

  5. Champa Reply

    දැන් ජනාධිපතිට/අගමැතිට තියෙන ලොකුම හිසරදය විමල්ද?

    මිනිස්සුන්ගේ ඇස් ඉදිරිපිටම ප්‍රකෝටි ගණන් වලින් හොරකම් කරපු රනිල්ව බේරලා විමල්ට නඩු දාන ආණ්ඩුව ගැන මොකොද හිතෙන්නේ?

    රනිල්ව විතරක්ද, මහේන්ද්‍රන්, ඇලෝසියස්, රවී ඔක්කොම බේරලා. ඇයි කිව්වොත් පටන් ගත්තොත් හරියට can of worms ඇරිය වගේ වෙන නිසාලු. 2015 ජනාධිපතිවරණ කාලේ දහම්ව ඩොලර් මල්ලක් එක්ක අහු වෙලා අතෑරලා දැම්ම. තව යහපාලනේ ඇමති හොරු කොච්චර ඉන්නවද? කට වහන ඉන්නේ නොදන්නා නිසා නෙමෙයි.

  6. Champa Reply

    හිනා යන වැඩේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිත් ඔක්කොම දේවල් වලංගුයි, ජනාධිපතිගේ බලතල අඩු කරපු එකත් වලංගුයි, හැබැයි ධූර කාලේ වෙනස් කරපු එක විතරක් වලංගු නැහැලු. මෛත්‍රී සිංහ නාද කළා නේද “මම මගේ ධූර කාලය අවුරුදු 5කට අඩු කළා” කියලා. පිටරටත් ගිහින් කිව්වා මම හිතන්නේ. අධිකරණය තනිකරම ආණ්ඩුව වෙනුවෙන් පාවිච්චි කරනවා. බලාගෙන ගිහාම මේ යකා රාජපක්ෂලටත් වඩා අන්ත ආත්මාර්ථකාමී බල ලෝභී මිනිහෙක්නේ. දේශපාලකයෝ මී වදේ බදා ගෙන කන්න ගත්තහම ලේසියෙන් අත් අරින්න කමති නැහැ කියලා මිනිස්සු කියන කතාව ඇත්ත. මේ ඊයේ පෙරේදත් කිව්වා දූෂනය නැති කරලම දානවා කියල. හරිනම් තමන් ආදර්ශයක් දීලා ඉන්න එපැය රට හදන්න ඉස්සෙල්ල. කවුරු හරි ලණුවක් දීලා. මෙහෙම ගියොත් මිනිස්සුන්ගේ රනිල්ට එරෙහි සටන මෛත්‍රීට එරෙහි සටනක් බවට පත් වෙයි.

  7. Champa Reply

    විමල්! ඉස්සර මගේ සමහර comments LankaCNews එකේ දාන්නෙ නැති වුණාම මම හුඟක් රණ්ඩු වුනා ඔයත් එක්ක. දැන් මම පසු තැවෙනවා.

    Presdient කියල තියෙනවා නිරපරාදේ මුහුදට ගලන වතුර හරවනවා කියල. මේක් මම එයාටම address කරලා එකට ලියපු එකක් කරන්න කියලා. ලිව්වේ නොවැම්බර් 2016 අර මම තරහ වෙච්ච කාලේ ඒකාබද්ධ විපක්ෂෙ රනිල්ව අයින් කරන්න මුකුත් කරන්නේ නැහැ කියල.

    ඊට පස්සේ ඔයා හිර ගෙදර ඉන්න කාලේ LCN එකේ දාල තිබුන පින්තූර ජනවාරි හරි පෙබරවාරි හරි 2017, මොරගහකන්ද ජලශේ 1 වෙනි කොටස හරි වයඹ වෙන මොකක් හරි ව්‍යාපෘතියක් හරි මට හරියට මතක නැහැ, එතැන මම ලිව්වා යල මහ කන්න දෙකට අස්වැන්න 2ක් නැතුව 4ක් ගන්න හැටි. කරන හැටිත් ලිව්වා. පත්තරේක news එකක් තියෙනවා President භූ විශේෂඥයින්ගේනුයි තව මොක්කුන්ගෙන්දැයි අහනවලු ඒ ගැන. ඒ දෙකම මගේ අදහස් විතරක් නෙමෙයි කරන හැටිත් කියල තිබුන එතනම. තව මම කියපුව හුඟක් දේවල් කරලා තියෙනව මම දැක්ක. තව සමහර දේවල් ඔයා දැම්මේ නැහැ. කොහොමද ඒවත් දැම්ම නම්. දැන් ඔයා මේක බලල මට හිනා වෙනවද? President ගැන මගෙ හිත කැඩුන. පලවෙනි එක ජාතික නිදහස් පෙරමුණ කඩන්න හොරට plan කරපු එක. අර වීරකුමාර දැන් ටික ටික කියන්නේ. විමල්ගේ නුගේගොඩ රැලිය හින්දා තමයි එයාව බේරුනේ. නැතනම් ඒ දවස්වලම ගෙදර යවල. රාජපක්ෂ clan එකට විතරක් නෙමෙයි රනිල් සිරිසේනටත් ඉන්න ලොකුම හතුරා වෙලා තියෙන්නේ දැන් ඔයාව. මට මේකට හරිම කේන්තියි. ඔයාගේ මේ අළුත් නඩුවත් කුමන්ත්‍රණයක්. ඒ ගැන විස්තර කරන්න අදහසක් නැහැ.

    මේක ලියන්න හිතුනේ news එකක් දැකල අර උඩ තියෙන වතුර හරවන එකයි යල සහ මහා අස්වැන්න ගැනයි කියලා තියෙන එක දැකල. ඒවා මට ඉස්සෙල්ල කිසි කෙනෙක් කියලා තිබුනේ නැහැ මෙච්චර කාලෙකට. මම ලියපු හුඟක් අදහස්, හුඟක් නෙමෙයි ලියපු හැම අදහසක්ම මීට කලින් වෙන කවුරුවත් කියපු ඒවා නෙමෙයි, මගේම අදහස්. නිකම් අදහස් විතරක් කිව්වේ නැහැ මම විස්තර කරලා ලිව්වා කරන හැටිත්. දැන් ඇයි මම මෙහෙමෙ ලියන්නේ දන්නවද? මට මේ දේශපාලනයයි දේශපාලකයොයි තිත්ත වෙලා තියෙන නිසා. ලංකාව මෙයින් මතු පාලන කරන්නේ ඕනේ මේ වගේ මිනිස්සු නෙමෙයි සම්පූරණයෙන්ම වෙඅන්ස් අදහස් තියෙන මිනිස්සු.

  8. Champa Reply

    දැන් ඔයා මට හිනා වෙනවා නේද මේවට? ආ? කෙක්ක මට හිනා වෙනවා නේද? මං මක් කරන්නද මං ඔයා වගේ රට කට්ටයෙක් නෙමෙයිනෙ. මට හිතෙන දේ ඒ විදියටම කියල දානවා හංගන්නතුව. දේශපාලකයො මේ වගේ කියල මම කොහොමද දන්නේ, මම දේශපාලනය කතා කරන්න ගත්තේ 2015 ඉඳන්නෙ. ඔයාට ගල් ආඳ, හරිම කට්ටය, අංකූර කිව්වට sorry කිව්වේ අපරාදෙ. ඔයා එහෙම තමයි. දැන් මෙතැන තියෙන ඔයාගෙ news දැක්කහමත් මට ඒක පේනවා. ලෝබය ඕවා මටත් ටිකක් ඉගැන්නුවා නම් නරකද? මට වැරදුනහම හිනා වෙන්න එන්න එපා හරිද? ඒ දවස්වල දිගට හරහට මගේ අදහස් ලිව්වේ රට වෙනුවෙන් මිසක් දේශපාලකයො වෙනුවෙන් නෙමෙයි. අර ඩෙංගු එන්නතත් මම කියපු එකක් ඉස්සෙල්ලම. තව ඕනෙනම් ලිස්ට් එකක් දෙන්න පුළුවන්. මට ඕනේ වුනේ දේශපාලකයො කවදාවත් නොහිතපු අදහස් දේශපාලනයට කිසි සම්බන්ධ නැති සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවා කියල පෙන්නන්න. දැන් ඒ අදහස් චන්ද කාලේදී තමන්ව promote කරන්න උපයෝගී කරගන්න හදන කොට මට ඉහිලුම් නැති වෙනවා. මගේ කේන්තිය පිට කරගන්න විදියක් හොයනවා මම. කෙක්ක, දන්නවද, ඔයා රණ්ඩුවක් ඇද ගන්න මාත් එක්ක. එතකොට මගෙ කේන්තිය ඔයා පිටින් යවන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් ඔයා තමයි මම ලියන ඒවායෙ වගකීම බාර ගන්න ඕනේ. ඔයා තමයි මාව writer කෙනෙක් කලේ, කවිත් ලියැව්වේ, මට මේ වගේ අදහස් තියෙනවා කියල මෙච්චර කාලෙකට මමවත් දැනගෙන හිටියෙ නැහැ ඔයා 2015 නුගේගොඩ කතාව කරලා මාව මං හිටපු ගොළුබෙලි කට්ට ඇතුලෙන් එලියට ගන්නකම්. ඒ හින්ද මම දේශපාලකයෝ ගැන හිතපු විදිය වරදුනහම ඒකෙ වගකීම් ගන්න ඕනේ ඔයා. බලන්න, යන එන ගමන් කේන්තියට බිත්ති වලට පයින් ගහල දැන් මගෙ ගෙදරත් කඩා වැටෙයි. ඔන්න මම දන්නේ නැහැ විමල් ඔයා තමයි මේවා ඔක්කොටම වග කියන්න ඕනේ.

  9. Champa Reply

    මොකක්ද මේ කාන්තාවෝ ගැනයි බාර් ගැනයි කියන කතාව? මේක මම දැක්කේ නැහැනේ.

  10. Champa Reply

    ඉන්න ඔයා ඔතැන ලොට ලොට. ජාතිකවාදී දේශප්‍රේමී දේශපාලන ව්‍යාපාරය විනාශ කරලා ආත්මාර්ථකාමී අවස්ථාවාදී ශ්‍රී ලංකා යූඑන්පී දේශපාලනය ආපහු උඩට ගන්නයි මේ මිශ්‍ර චන්ද ක්‍රමය ගෙනල්ල තියෙන්නේ. ඔයාට බැරි වුනා මිනිස්සුන්ට විකල්පයක් දෙන්න. බය ගුල්ල ඔයා බයයි godfatherට. Godfatherට කත් අදින එකෙන් වෙන්නේ බැසිල් රාජපක්ෂ වගේ රටටම එපා වෙච්ච මිනිස්සු ආපහු බලය අල්ල ගන්න එක. චිකේ මට බැරි වුනානේ තවම රාජපක්ෂලාට බය නැති හරි හමන් මිනිහෙක් හොයා ගන්න රාජපක්ෂලාට තරඟයක් දෙන්න. ඔයාට තේරෙන්නේ නැත්ද ඒගොල්ලන්ගේ දේශපාලනය මේ රටට ගැලපෙන්නේ නැහැ. බුරුතු පිටින් ණය අරන් ක්ෂණික ඇස්බැන්දුම් සංවර්ධනයක් කරන එක මහ වැඩක් නෙමෙයි. ඒක දක්ෂකමක් නෙමෙයි. දක්ෂකම කියන්නේ රටට තිබුන සම්පත් වැඩි දියුණු කරගෙන හිමින් වුනත් ස්ථාවර පදනමක් රට වෙනුවෙන් ගොඩ නඟන එක. එතකොට ඒක දේශපාලකයාගෙන් දේශපාලකයට, පක්ෂෙන් පක්ෂෙට වෙනස් වෙන්නේ නැහැ. දැන් ලංකාව ලෝකෙට ණය වෙලා ඉවරයි. තේරෙන්නේ නැත්ද ඔයාට දශක 7ක් දේශපාලකයෝ රට අරන් ගියපු මේ මාර්ගයේ තවත් අපිට යන්න බැහැ කියලා. මේ ගමන සම්පූරණයෙන් වෙනස් කරලා රටට ගැලපෙන අළුත් ගමනක් පටන් ගන්න ඕනේ. මට පුළුවන් කියල දෙන්න කරන්න ඕනේ මොකක්ද යන්න ඕනේ කොයි පාරේද කියන එක. හැබැයි මට ඒක කරව ගන්න හරි හමන් මිනිහෙක් නැහැනේ. ඉන්නකො ඔයා, 2020දීත් අපහු godfatherගෙ සාටකේම එල්ලුනොත් එහෙම මම ඔයාට හොඳ වැඩක් කරනවා. Godfatherටම හරියන රට කට්ටයෙක් ඔයා දන්නවද. ගල් ආඳ, I don’t like you.

  11. Champa Reply

    President අර කාන්තාවන්ට මත්පැන් විකුනන ගැසට් එක නවත්තල. ඇති යන්තම්. ඇත්තටම President දැනගෙන ඉඳල නැහැ මම හිතන්නේ. පත්තරෙන් වෙන්න ඇති දැක්කේ. ඉස්සර අපි ඕකට හරියට හිනා වෙනව. ඒ වුනාට අවුරුදු 2කකට පස්සේ තමයි තේරුනේ ඇත්තටම රනිල් කරපු හුඟ දේවල් දැනන් ඉඳල නැහැ කියල.

    මම දැක්ක ඔයාත් President’s Counsel කෙනෙක් දාල ඉන්නවා SC එකට අර President ගේ කාලය ගැන තීරණය දෙන. ඔයත් හැම එකටම මොකක් හරි කරනවා නේද. කොහෙන්ද ඔච්චර වෙලාව හොයා ගන්නේ?

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.