BREAKING NEWS

ව්‍යවස්ථා මර උගුල සහ ජාතියේ අවමංගුල දේශන මාලාව ඇරඹි වගයි….

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලබන ‘ව්‍යවස්ථා මර උගුල සහ ජාතියේ අවමංගුල‘ දේශන මාලාවේ පළමු වැන්න අද (14) සවස කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

ජාතික නිදහස් පෙරමුණේ ජාතික කමිටු සාමාජික බස්නාහිර පළත් සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා විසින් මෙහි මුලසුන දැරූ අතර පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම ජානිපෙ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී, ජයන්ත සමරවීර මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ද උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, කඩුවෙල නගර සභාෙව් හිටපු නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති, රුවන් ප්‍රබෝධ පීරිස්, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා, හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රිනී ප්‍රියංගා කොතලාවල, මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී හේමසිරි අමරසිංහ, සීතාවක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චන්දන ලියනගේ යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

එමෙන්ම සාාහිත්‍යසූරී ගුණදාස අමරසේකර, නීතිඥ කල්‍යානන්ද තිරාණගම අැතුළු විද්වත්හු සහ කලාකරුවෝ ඇතුළු විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

13669514_971623269622160_5159631729393303476_o

13692883_971623689622118_1854843716753570794_o

13698039_971623366288817_7960551555273993906_o 13730966_971623336288820_7359044599546432498_o

13735150_971624209622066_7134514383322479691_o

13737582_971623939622093_1333531932327949760_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*