BREAKING NEWS

‘වැඩි කළ බදු නවතන’ අතුරු තහනම් නියෝගය ලබාදීම ලබන 11වැනිදා සලකා බැලීමට නියමිතයි

13483269_958482914269529_8652334798191121014_oතමන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු ඉහළ දැමීමට අදාළ මූලික අයිතිවාසිකම් පොත්සම් විභාගයට ගැනීමටත් ඊට අදාළ අතුරු තහනම් නියෝගයක් ලබාදීම ලබන 11 වැනිදා සලකා බැලීමටත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

අද(22) දින මෙම ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමට තීරණය කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා මෙසේ පැවසීය

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද පැවසීය.

“මා විසින් සහ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු තවත් පාර්ශ්ව දෙකක් විසින් ඉදිරිපත්කර තිබූ වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද ඉහළ දැමීම නීත්‍යනුකූල නොවන බවට වූ පැමිණිලි විභාගයට ගැනීමට අද(22) ශ්‍රේෂ්ඨාදිකරණය තීරණයා කළා. ඒ වගේම දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන්ට දැනුම් දුන්නා ‘සතියක් ඇතුළත අතුරු තහනම් නියෝගයක් ලබා නොදිය යුත්තේ ඇයි? කියන කාරණය පිළිබඳ සීමිත විරෝධතා ඉදිරිපත් කරන්න’ කියලා. ඒ අනුව ජූලි මාසයේ 11 වැනිදාට අතුරු තහනම් නියෝගය ලබා දීම පිළිබඳව සලකා බැලීමට නියමිතයි.

ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව බදු අය කිරීමට දේශිය ආදායම් කොමසාරිස් ජනරාල්වරියට කිසිම අයිතියක් නැත.” යන නිරීක්‍ෂණය ද සටහන් කරනු ලැබූවා”

මෙම අවස්ථාවට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දිනේෂ් ගුණනර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, වීරකුමාර දිසානායක, පද්ම උදයශාන්ත ගුණවර්ධන හා මහාචාර්ය ජී.එල්.පීරිස්, පළාත් සභා මන්ත්‍රී ලලන්ත ගුණසේකර, කඩුවල හිටපු නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2016.06.22

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*