BREAKING NEWS

‘වික්‍රමසිංහ නමැති පිළිකාව’ මේ රටේ දේශපාලන පිටියෙන් කපා ඉවත් කිරීමට ජනපති මෛත්‍රී ගත් එඩිතර තීන්දුවට තුති පුදනවා’

‘වික්‍රමසිංහ නමැති පිළිකාව’ මේ රටේ දේශපාලන පිටියෙන් කපා ඉවත් කිරීමට ජනපති මෛත්‍රී ගත් එඩිතර තීන්දුවට තුති පුදනවා’
– ජානිපෙ නායක විමල් වීරවංශ

රටම වෙළාගත් වික්‍රමසිංහ නැමැති මාරාන්තික පිළිකාව මේ රටේ දේශපාලන පිටියෙන් සහ මුළුමහත් රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කිරීමට එඩිතර තීන්දුවක් ගත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ රටේ සුජාත දූ පුතුන් වෙනුවෙන් තුති පුදන බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පැවසීය.

ඊයේ (05) පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘රට රකින ජන මහිමය’ මහා ජන රැලිය අමතමින් ඒ මහතා මෙසේ පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ අද පාර්ලිමේන්තු වට රවුමට මේ ජන ගංගාව ආවේ මේ රටේ පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා – මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඇතුළු ‘මේ මහා ජන බලවේගයට’ බව ඔප්පු කරලා පෙන්වන්නයි. මේ රටේ මුළුමහත් රාජ්‍ය දේහය පිළිකාවකට ලක් වෙලයි තිබුණේ. ඒ පිළිකාව තමයි, රනිල් වික්‍රමසිංහ නමැති පිළිකාව. මේ රටේ සංස්කෘතිය, ඉතිහාසය නොදන්නා, මේ රටේ අනන්‍යතාවට ගරු නොකරන, ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය ගැන නොසිතන, විජාතිකයන් පමණක් පිනවන එයා මාරාන්තික පිළිකාවක්. ඒ මාරාන්තික පිළිකාව කපා ඉවත් කරන්න හැමෝටම බැහැ. ඒකට විශේෂඥ වෛද්‍යවරයකු අවශ්‍ය වෙනවා. මහජනතාව නැමැති විශේෂඥ වෛද්‍යවරයාට අවස්ථාව එනකම් බලා සිටියහොත් මේ මව් පොළොව ඇතුළු රාජ්‍ය දේහයම ඊට කලින් මියැදෙනවා.

‘වික්‍රමසිංහ පිළිකාව කපා ඉවත් කිරීම’

මේ රටේ ආර්ථිකය විජාතිකකරණය වීම, රාජ්‍ය සම්පත් කුණු කොල්ලෙට විකුණන් කෑම, රුපියල දවසින් දවස කඩා වැටෙන යුගය නවත්තන්න සහ ජාතික ආර්ථික දේහය ශක්තිමත් කරන්න, බැංකු පොලී අනුපාතය පහළ දමා බදු සහන දෙන, මේ රටේ ජනතාවගේ අතමිට සරු කරන යුගයක් ඇති කරන්න ඒ වික්‍රමසිංහ නමැති පිළිකාව කපා ඉවත් කිරීමේ ශල්‍යකර්මය කරන්නට ඕනෙ.

‘එක රටක සතුටින් ජීවත් වෙන්න…‘

ඒ විතරක් නෙවෙයි බුද්ධි අංශ නිලධාරීන් හිරේ දමන යුගය, රණවිරුවන් දඩයම් කරන යුගය නතර කරන්න, හමුදාව දුර්වල කරන යුගය නවතා ජාතික ආරක්ෂාවට පණ දෙන්න, උතුර අස්ථාවර කිරීම නවත්තන්න, සිංහල, දෙමළ, මුස්ලිම් අපි සැමට එක රටක සතුටින් සමගියෙන් ජීවත් විය හැකි යුගයක් හදන්න මේ වික්‍රමසිංහ නමැති පිළිකාව නසන්න ඕනේ. ඒ වගේම අපේ තරුණ පරම්පරාව ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම වළක්වන්න, පාතාල අපරාධ දිනෙන් දින වැඩිවීම නතර කරන්න, පුරාවිද්‍යා උරුමයන්, සංස්කෘතික උරුමයන් රකින්න මේ පිළිකාව නසන්න ඕනෙ. ඒ විතරක් ද, ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂාකර ගන්න, මැතිවරණ කල් දමලා මැතිවරණ සිතියම හකුළා තිබෙන තත්වය වෙනස්කර ගන්න වික්‍රමසිංහ නමැති පිළිකාව නසන්න ඕනෙ.

‘නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්’

ඔන්න මේ දවස්වල ‘නල්ලමලේ ප්‍රජාතන්ත්‍රවාදී සටන්කරුවන්’ ටිකක් එළියට බැහැලා. දැන් රතු අලි පැටියා කියනවා, ‘ප්‍රජාතන්ත්‍රවාදය රකින්න එන්න’ කියලා. පළාත් පාලන මැතිවරණය, පළාත් සභා මැතිවරණ කල් දමන කොට රතු අලි පැටියා සහ මේ එන්.ජී.ඕ බත් බැලයන් කීවා ද,‘ප්‍රජාතන්ත්‍රවාදය රකින්න නුගේගොඩට එන්න’ කියලා. මේ රතු අලි පැටියා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ කියන්නේ රනිල්ට. ‘ප්‍රජාතන්ත්‍රවාදය රකින්න එන්න’ කියන්නේ ‘රනිල් රකින්න එන්න’ කියන එකයි. අද මෙයාලා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ කියන වචනය ගණිකා වෘත්තියේ යොදවනවා.

‘රනිල් හාමු රකින සටන’

අරලියගහ මන්දිරයේ ලැගගෙන ඉන්න රනිල් වික්‍රමසිංහ කියනවා, ‘ප්‍රජාතන්ත්‍රවාදය රකින සටන ජවිපෙ නුගේගොඩින් පටන් ගත්තා’ කියලා. ඔන්න දැන් ඉතාම පැහැදිලියි, මේ ජවිපෙ බත්බැලයන් සහ එන්.ජී.ඕ පප්පලා නුගේගොඩින් ඇරඹුවේ ‘රනිල් හාමු රකින සටන’ කියලා. (ජනතාවගේ හූ හඬ) මේ විපත්තිදායක ගමන නවත්තන්න නම් වික්‍රමසිංහ නැමැති පිළිකාව ශල්‍යකර්මයක් කරලා ඉවත් කළ යුතුවම තිබුණා. ජන්දය එන තෙක් ඒ ශල්‍යකර්මය අපට, ඔබලාට කරන්න බැහැ. ඒ ශල්‍යකර්මය කළ හැකි එකම විශේෂඥ වෛද්‍යවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා බාරගත්තා ඒ ශල්‍යකර්මය සිදු කරන්න. පසුගිය 26 වැනිදා සවස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ මාරාන්තික පිළිකාව මේ රටේ දේශපාලන පිටියෙන්, රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කර දමනු ලැබුවා. (ජනතාවගේ අත්පොළසන්) විදේශ බලවතුන් පිනවූ, මේ රටට රැහැනි පිළිකාවයි එසේ ව්‍යවස්ථානුකූලව කපා ඉවත් කරනු ලැබුවේ.

‘කථානායක කරු – කම් කරු’

අපි පාර්ලිමේන්තු වටරවුමට එනකොට කථානායක කරු ජයසූරිය මහත්තයා එයාගේ බංගලාව දාලා ගිහිල්ලා. දැන් එයා කියනවා, ‘113 පෙන්වන තෙක් මට පිළිගැනීමට වන්නේ පැවති තත්වයයි’ කියලා. ව්‍යවස්ථාවේ කොතනද තියෙන්නේ, අගමැති පත් කිරීමේදී කතානායකට 113 පෙන්විය යුතුයි කියලා. රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර තිබෙනවා නම් යන්න ශ්‍රේෂ්ඨාධිකරණයට. ඇයි ශ්‍රේෂ්ඨාධිකරණයට නොයන්නේ ? එක් නීතීඥවරයකු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාරාවසන් කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. දැන් එහි තීන්දුව ලැබී තිබෙනවා. එමගින් කියැවෙන්නේ ‘පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් කිසිවකුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නැත’ කියලයි. ඒ නිසා ‘කථානායක කරුට’ තිබෙන්නේ ‘විල්සන් කරු’ වෙලා අන්තිමේදී ‘කම්-කරු’ නොවී ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් අහන්නයි ‘ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති ධුරයට පත්කිරීම ව්‍යවස්ථාවට පටහැනි ද? නැද්ද?’ කියලා. ඒක නොකර දැන් මේ කථානායක කරු හදන්නේ ‘රෝස වසන්තයකට’ මග පාදන්න.

‘රනිල් ගල් යුගය අවසන් වෙනවාට බයයි’

කථානායකවරයකු ස්වාධීන විය යුතුයි. මීට ඉහත දී කතා කළ විජමු ලොකුබණ්ඩාර හිටපු කථානායකතුමන් එදා පාර්ලිමේන්තුව තුළ මොනතරම් ගැටුම් පැනනැගුනත් ස්වාධීනව කටයුතු කළ ආකාරය අපට මතකයි. නමුත් මේ කරුට උවමනා විල්සන් කරු වෙලා හරි රනිල් වික්‍රමසිංහට අගමැති පට්ටම බේරලා දෙන්න. රනිල් වික්‍රමසිංහ මේ පට්ටම දාලා යන්න සූදානම් නැහැ. සමනල පැටව් ටිකත් වටකරගෙන පුටුවේ ඉන්නම තමයි හදන්නේ. රනිල් වික්‍රමසිංහ තමන්ගේ ඒ ‘ගල් යුගය’ අවසන් වෙනවාට බයයි.

‘මේ දේශපාලන කුපාඩිකමට ඉඩ දෙන්නේ නැහැ’

එදා මන්ත්‍රී ධුර 42ක් තිබුණු රනිල් වික්‍රමසිංහව අගමැති පුටුවට පත් කරනකොට කරු කොහෙද හිටියේ ? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 09 වැනිදා රනිල් අගමැති කළේ දි. මු. ජයරත්න මැතිතුමා අගමැති පුටුවේ සිටියදීමයි. එදා මේ කරු විතරක් නෙවෙයි, ජවිපෙ රතු අලි පැටියා, එන්.ජී.ඕ පප්පලා, බටහිර තානාපති කාර්යාල නිහඬයි. එදා ඒක නීත්‍යනුකූලයි. අද මේක ව්‍යවස්ථා විරෝධීයි. මේ හදන්නේ නීතිය කඩලා ගැටුමක් හදන්න. නමුත් හොඳට මතක තියාගන්න, ඒ දේශපාලන කුපාඩිකම කරන්න මේ රටේ ජනතාව ඉඩ නොදෙන බව. තානාපති කාර්යාලවලට මේ රටේ ඉරණම තීරණය කරන්න බැහැ. මේ රටේ ඉරණම තීරණය කරන්නේ පරමාධිපත්‍ය බලය හිමි මේ රටේ ජනතාවයි. ඒ නිසා මේ ගත්තු ජයග්‍රාහී තීරණය ඉදිරියේ විජයග්‍රහණයකින් කෙළවර වන බව ඉතා පැහැදිලියි. හෙට වන විට අපේ පිල 108 පනිනවා. අනිද්දා වන විට 113 පනිනවා. අවසානයේදී මේක 120 – 125 වෙලයි නතර වෙන්නේ. එතකොට ඉතින් කරු, කම්කරු වෙලා තියේවි.

‘තීන්දුවට පණ ලැබුණු හැටි’

අපි කරු ජයසූරිය කථානායකවරයාට කියනවා, ‘මේ රටේ මූලික නීතියට පිටුපා කටයුතුකර 
රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රණයක කොටස්කරුවකු වෙන්න එපාෟ. කියලා. මේ ජනාධිපතිවරයා ගත්තු එඩිතර තීන්දුවට පණ ලැබුණේ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ බලය එයට තිබෙන නිසයි. බටහිර තානාපති කාර්යාල කිහිපයක සහාය නැති වුණාට අපට ලක්ෂ සංඛ්‍යාත බහුතර ජනතාවගේ සහයෝගය තිබෙන බව කිසිවකුත් කිසිවිටකත් අමතක නොකළ යුතුයි.

‘ස්වදේශික ජනයාට යළි හිමි තැන’

කරු ජයසූරිය – සිරිකොතේ කතානායක, අපේ අගමැති මහින්ද රාජපක්ෂයන් පිළිනොගත්තාට, මේ රටේ මහා නායක ස්වාමින්වහන්සේලා, කාදිනල්තුමන්, අන්‍යාගමික පූජකතුමන්ලා, දසලක්ෂ සංඛ්‍යාත ජනතාව ‘අපේ අගමැති – රටේ අගමැති’ ලෙස පිළිගන්නවා. ඒ නිසා අපට ඉතා පැහැදිලියි, මේ රටේ දේශපාලන පරිවර්තනයකට මුලපුරා ඇති බව. තමන්ට අහිමි වෙමින් තිබූ ජාතික රාජ්‍යය, නැවත ස්වදේශික ජනතාව සතුකර දීමේ ගමනයි මේ ඇරඹෙන්නේ. ජාතික ආරක්ෂාව තහවුරු කළ නායකයා, අද මේ රටේ මුදල් ඇමතිවරයා වෙලා ඉන්නවා. ජනපති – අගමැති එකමුතුවෙන් මේ රටේ ජාතික ආර්ථිකයට යළි පණ එනවා. අසීමිත බදු බර ඉවත් වෙනවා. දේශීය නිෂ්පාදකයාට තැනක් ලැබෙනවා. ස්වදේශික ජනයාට මේ රට තුළ අහිමි කරන ලද ස්ථානය යළි ලබා දෙන කාලය එළඹෙනවා.

‘නොගැලපෙන කසාදය’

මට පුදුම හිතෙනවා, ‘මේ කුරුඳුවත්තේ ලන්සි පැපොල් ගෙඩිය එක්ක ජනාධිපතිතුමා අවුරුදු තුනහමාරක් කොහොම හිටියා ද?’ කියලා. අපි දැනගෙන හිටියා මේ කසාදය වැඩි කලක් තියෙන එකක් නොවෙයි කියලා. මේක හරියට ’පොලොන්නරුවේ සිරිසේන ජනාධිපතිතුමා, කුරුඳුවත්තෙන් කසාදයක් කර ගත්තා’ වගේ දෙයක්. එවැනි කසාද වැඩිකල් තියෙන්නේ නැහැ. ඒ නිසා ඉවත්වීමේ තීන්දුව ගන්න අවස්ථාව ආවා. අපි සුබ පතනවා, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අවුරුදු තුනහමාරකට පසුව හරි මේ එඩිතර තිීන්දුව ගත්තු එක ගැන. දැන් බලයි මේ එකමුතුව කඩන්න. නමුත් ඒක ලේසි වෙන්නේ නැහැ. අපි දැන් අමාරුම පිම්ම පැනලා ඉවරයි. දැන් තිබෙන්නේ ජාතික ආරක්ෂාව සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කරලා මේ රටේ සිංහල,දෙමළ, මුස්ලිම් ජනතාවට සමගියෙන් ජීවත් විය හැකියි යුගය අරඹන එක. ඒ සඳහා රොද බැඳ ගනිමු.

මාතෘභූමියට ජය වේවා! ජනපති – අගමැති සමගියට ජය වේවා!

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2018.11.06

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    කොන්දක් නැති බලලෝභී දේශප්‍රේමියා. ප්‍රජාතන්ත්‍රවාදයට ගහන්න පුළුවන් ලොකුම පහර ගහපු වුන්ට ලැජ්ජාවක් නැතුව හුරේ දානව. හිරිකිතයි බලා ඉන්න.

  2. Champa Reply

    මෛත්‍රී පාර්ලිමේන්තුව විසුරුවන්න යනවා කියලා අජිත් පෙරේරා කියනවා. එහෙම කලාට ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ඒක ලේසියෙන්ම බල රහිත කරන්න පුළුවන් දැනටම දීල තියෙන තීන්දුවක් උඩ. ඒ කියන්නේ මෛත්‍රිගේ ධූර කාලය 6 න් 5 ට අඩු කරලා ශ්‍රේෂ්ඨාධිකරණය දැනටම පිලි අරන් තියෙනව බල පැවැත්වෙන්නේ 19 වෙනි සංශෝධනය කියලා. 19 සංශෝධනයේ පාර්ලිමේන්තුව විසිරුවීම ගැන තියෙන කොන්දේසි හරිම පැහැදිලියි. මෛත්‍රිගේ ධූර කාලයටත් වඩා පැහැදිලියි. ඒකේ වෙන හිදැස් නැහැ. ඒ හින්ද මෛත්‍රී පාර්ලිමේන්තුව විසිරෙව්වත් ඒ නියෝගය බල රහිත වෙන තීන්දුවක් එනවා. මිනිහෙකුට මේ තරම් ඒකාධිපති බලයක් ගන්න පුළුවන් කියලා මම කවදාවත් හිතුවේ නැහැ. පාර්ලිමේන්තුවේ 2/3 නැති හින්ද වෙන්න ඕනේ කරන්න පුළුවන් උපරිමයෙන් බලය පාවිච්චි කරන්න හදන්නේ.Mahinda is in a quagmire now. රටක් වටින නායකයෙක්ව මෛත්‍රියි බැසිලුයි නැති කරලා දැම්ම.

  3. Champa Reply

    පාර්ලිමේන්තු මැතිවරණයකට ගියොත් පෙනෙයි සිද්ධ වෙන්නේ මම කියපු දේ කියලා. බලය යන්නේ බැසිල් අතට. ගෝඨාභය ජනාධිපතිවරණයට දැම්මත් වෙන දේමයි මෙතනත් වෙන්නේ. මහින්දව අහකට තල්ලු වෙනවා. ඊළඟට මහ්න්දට වෙන විකල්පයක් නැති වෙනවා විශ්‍රාම ගන්නවා අහර. මෛත්‍රීට ගෝඨාභය ඉස්සරහට ගන්න බැරි හින්ද දැන් බැසිල්ව හරි ඉස්සරහට අරන් මහින්ද පැත්තකට තල්ලු කරන්න යන්නේ. මහින්දට දැනටම say එකක් නැති වේගෙන යනවා කියලා ආරංචියි. පාර්ලිමේන්තු බහුතරය නැත්නම් නම්බු පිටින ඉල්ලලා අස් වෙන්න විතරයි තියෙන්නේ මහින්දට එරෙහිව ඇතුළෙන්ම යන කුමන්ත්‍රණය පරද්දන්න. මෛත්‍රී හිතන්න ඇති හතුරා එළියේ ඉන්න කොට ශක්තිමත් ඒ හින්ද තමන් යටතට අරන් දුර්වල කරනවා කියලා. මෛත්‍රී ඉන්න මොන සන්ධානයෙන් ඉල්ලුවත් මම ඒකට විරුද්ධව ලියනවා.

  4. Champa Reply

    දැන් ඔයාට රතු අලි පැටව කතාව කියන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් ඇයි ඕගොල්ලොත් දැන් අලි පැටව් සල්ලි වලට අර ගත්තනේ.
    මට පුදුම, කොන්ද තියෙනව කියලු හිතපු මහින්දයි විමලුයි දෙකට කොන්ද නමාගෙන වෙන්න පුළුවන් තරම් බාල්දු වෙවී චන්ද හොයන කොට, කොන්දක් නැහැයි කියලා මම හිතපු ජේවීපී එකයි ටීඑන්ඒ එකයි කොන්ද කෙලින් තියාගෙන බලය හෝ මුදල් වෙනුවෙන් ආත්මය පාවල නොදී තමන්ගේ ගෞරවය ආරක්ෂා කරගන්න හැටි.

  5. Champa Reply

    ඕගොල්ලෝ ජනවාරි ජනාධිපතිවරණෙ තියල මෛත්‍රීව චන්දෙට දැම්මොත් අනිත් පැත්තෙන් රනිල් ඉල්ලලා උඩින්ම දිනනවා. කවදාවත් ජනාධිපති වෙන්න බැරි වෙලා හිටපු රනිල්ට දැන් ජනාධිපති වෙන්න උඩින්ම පාර හදල දීල තියෙනවා. මේක deal එකක්ද?

    මහා මැතිවරණෙකට ගියත් වෙන්නේ ඕගොල්ලෝ හිතනැවට වඩා හුඟක් වෙනස් දෙයක්. වැලේ වැල් නැතුව මිනිස්සුන්ට එපා වෙලා හිටපු රනිල්ට දැන් ඉනිමඟක් හදල දීල තියෙනව

  6. Champa Reply

    හැමදාම කියනවා වගේ මම කවදාවත් මගේ හොඳම තුරුම්පු ලියන්නේ නැහැ. හන්ගන් ඉන්නවා. ඕගොල්ලෝ හිතන දේ වෙන්නේ නැහැ.

    In January we will see traitors vs. traitors.

  7. Champa Reply

    අනේ ඇත්තටම එකට මස් කටු ගන්න නම් ඕනේ කම තිබුනේ මේ වගේ හොර පාරෙන් යන්න ඕනෙද? ඔක්කොම් ගිහින් වැඩි වෙන්න තිබුනනේ ආණ්ඩුව පැත්තේ ඉස්සෙල්ලම. හරිම ලැජ්ජයි.

    • Champa Reply

      අනේ ඇත්තටම JO එකට මස් කටු ගන්න නම් ඕනේ කම තිබුනේ

  8. Champa Reply

    පාලිත කොහොනට Geneva දෙන්න වගේ නේද? මම දැක්ක සිරිසේන හොඳයි කියලා article එකක් තියෙනව. දයාන්ටත් Russia දෙන්න ඉස්සෙල්ල සිරිසේන ඔය වගේ essays ලියාව ගත්ත.

  9. Champa Reply

    දන්නවද ඔයා වැඩක්. මට මේ වැඩේ වැඩිය අල්ලන්නේ නැහැ. මම කියන්නේ බැසිල්ගෙයි මෛත්‍රිගෙයි කුමන්ත්‍රනේ. දන්නවද මේක 2015 ඉඳන් තිබ්බ එකක්. 2016මම ඕක LCN එකට ලිව්වා. මම කියන්න ගියේ ඕක නෙමෙයි. මෙහෙම් දෙයක් වෙන්න පුළුවන්. මහින්දව අයින් කරල ඊළඟට නිමල් සිරිපාලව අගමැති කරන්න. මම නම් අර දෙන්නව ශත පහකට විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලෝ කවදාවත් මහින්දට හොඳක් කරන්නේ නැහැ. ඒ මොකොද දෙන්නම ඒ තරමටම ආත්මාර්ථකාමියි. මහින්දව පාවිච්චි කරන එක විතරයි කරන්නේ.

  10. Champa Reply

    වැඩක් දෙන්න යන්නේ. මං කිව්වේ, දිව්රුම් දීමේ උත්සවයක් ලෑස්ති කරනවලු.

  11. Champa Reply

    එකක් තියෙන්නේ බැසිල්ගේ වැඩ අනේ හරිම පාරදෘශ්‍යයි. බලපු ගමන් තේරෙනව programme එක මොකක්ද කියලා.

  12. Champa Reply

    කතාව කියන්නද නිකම් plan එක මගේ වගේ? ඒ තරම්ම sure මේක දැන්නම්. හැබැයි පැහැදිලිවම කියන්න ඕනේ හිටපු ජනාධිපතිතුමාගේ මේකට කිසිම සම්බන්දයක් නැහැ කියලා එක. දෙකයි දෙකයි එකට තිබ්බම උත්තරේ ස්ථිරවම මහින්ද නෙමෙයි. ඉස්සෙල්ලම කියන්නම්කො ඇයි මට සැකයක් ආවේ කියලා. බැසිල් හදිසියේ ලංකාවට ආවේ මං මහින්දට programme එකක් ගැන ලිය ලිය ඉන්නකොට “අද” එකේ. Grassroot එකට කතා කරලා ලැස්ති වෙන්න කියලා මම කිව්වා පොහොට්ටුවෙන් නැතුව. ඒ මොකොද හේතුව මහින්දගේ grassroot එක දැන් පාලනය කරන්නේ බැසිල්. මහින්දට say එකක් නැහැ කියලා. හදිසියේ මැතිවරණයක් ආවොත් මෙහෙම කරල තිබ්බහම හොඳයි කියලා.
    ඒ අතරේ මහින්දව අගමැති කෙරුව. මට ඒක එච්චර ගානක් වුනේ නැහැ. අපි හැමෝටම ඕනේ වුනේ ඒක. ඊට පස්සේ මෛත්‍රී පාර්ලිමේන්තුව විසිරෙව්වහම මම බැලුව මොකොද කියලා. ඕනේ මෝඩයෙකුට එතකොට තේරෙනවා මහින්දට පාර්ලිමේන්තුවේ බහුතරය නැති නිසා කියල. ඊට පස්සේ ආපහු කැඳවන දවස නොවැම්බර් 16 වගේ ඈත දවසක් වුනහම මම හිතුව මෙතන වෙන මොකක් හරි තියෙනව කියලා මේ දවස ගැන. මම සෑහෙන්න ඒ ගැන හිතුව. එහෙම ඉන්නකොට ඔන්න කතාව යනව ලොකුවට මන්ත්‍රීවරු සල්ලි වලට ගන්නවා කියල. මිලියන් 300, 500, අරක මේක. මම බැලුව මේක හරිම අස්වාභාවික තත්වයක්. ඒ මොකොද කිව්වා නම් මේ වගේ වැඩක් කරනවා නම් කරන්නේ හොරෙන්. නමුත් මේක එළිපිට කෙරෙනවා. ඒ කියන්නේ කාට හරි ඕනේ වෙලා තියෙනව යමක් හංගන්න. ඒ හින්ද මේ මන්ත්‍රීවරු මුදලට ගන්නවා කියන දේට ලොකු ප්‍රචාරයක් දෙනවා ඕනේ කමින්. හේතු 2ක්. එකක් මිනිස්සුන්ගේ අවධානය වෙන අතකට යොමු කරන්න. අනික පාර්ලිමේන්තුවේ බහුතරය හොයන්න තමන් බැහැල වැඩ කරනවා කියලා නිකම් හරියට බැනර් දාල ලයිට් දාල මිනිස්සුන්ට පෙන්වන්න. මම හිතුව මේ වගේ scene අස්සේ මීට වඩා හුඟක් ලොකු දෙයක් තියෙනව කියලා.
    මම නිකම් ඉන්න ගමන් හිතුව මහින්දට එක පාරට අගමැති කම දුන්නේ මොකොද කියලා. එතකොට මට හිතුන බැසිල්ගේ game එක තියෙන්නේ මාත් එක්ක කියලා. ඒ මොකොද මම හැම තිස්සෙම කියනවනේ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි කියලා. බැසිල්ට පෙන්වන්න ඕනේ වෙලා තියෙනවා මට නැහැ ඊලඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් කියලා. මට හිනා ගියා වැඩේට ඒ මොකොද ඒක තමයි clue එක. ඒ එක්කම මට තේරුණා නොවැම්බර් 16ම අර ගත්තේ මොකොද කියල. මහින්දගේ උපන් දිනේ 18. මට මතක් වුන මහින්ද ඉස්සෙල්ලම දිව්රුම් දුන්නේ අයෙගේ උපන්දිනේ දවසේ කියලා. ඊට පස්සේ මට තේරුණා වැඩේ. පාර්ලිමේනතුව කැඳවනවා 16. එදාම හෝ පහුවෙනිදා මෛත්‍රී සෙට්ටපොච්චි වෙනවා. ඊට පස්සේ programme එකේ ඊළඟ කොටස. මොකොද කියන්නේ හරිම ස්වභාවික සංසිද්ධියක් වගේ නේද?
    ඊට පස්සේ කිව්වානේ ආපහු පාර්ලිමේන්තුව 5 කැඳවනවා ඊළඟට කිව්වා 7 කැඳවනවා. එතකොට මම හිතුව මගේ analysis එක වැරදියි. අර විදිහේ වැඩක් වෙන්න බැහැ.
    ඊට පස්සේ ආපහු දවස් වෙනස් වුන අර සතියටම. 14. මම හිතුව මෙතන ඇත්තටම මොකක් හරි තියෙනව කියලා. ඔහොම ඉන්න කොට මම දන ගත්ත (විධිහ කියන්න කැමති නැහැ) මෛත්‍රීට සම්බුව දෙන්න යනව කියලා ඊලඟ දවස් 8 ඇතුලත. මේ 8 කතාව මට හරියට තේරුනේ නැහැ. නමුත් හැරියට දන්නේ නැහැ කවුද කියලා හැබැයි වැටෙන්නේ LTTE එකවුන්ට් එකට කියලා. නන්නාඳුනන මිනිහෙක් තමයි වැඩේ කරන්නේඑළිමහනක. වැඩි සෙනඟ නැති තැනක. මොනව වුනාද කියලා කාටවත් හිත ගන්න බැරි විදිහට. Silent විදහට. මේක දැන ගත්තහම මට නිකම් ඉන්න බැහැනේ. මම ලිව්වා CT එකට. මොනවාද ලිව්වේ මතක නැහැ හැබැයි මම කිව්වා the weapon is something silent කියලා. ඊට පස්සේ මට කතාව අමතක වුන. අද ආයේ මතක් වුනා ඒ මොකොද රාජ සභා මණ්ඩපයක කතාවක් දැකල. මට තේරුණා උත්සවය කොයි වගේ එකක්ද කියලා. ඒ එක්කම අර කතාව මතක් වුන. Sniper කෙනෙක් තමයි දඩයක්කාරයා. හැබැයි මට ඒක හිතෙන්නත් හේතුවක් තියෙනවා. ඒක කියන්න අවශ්‍ය නැහැ.
    විමල්ට මතකද දන්නේ නැහැ. 2017 ජනවාරි 26 (මම කොහේ හරි ලිව්වා 2016 ඒක වැරදියි) මෛත්‍රී මැරෙනවා කියලා මිනිහෙක් දැක්ක වගේ කියන්න ගත්ත. සෙනසුර කොහෙද යනව එතකොට මැරෙනවා කියලා. උදේ හව කිව්වා. FB එකට කිව්වා. මං හිතුව හරිම අස්වාභාවිකයි මේක. කෙන්දරෙන් හරියටම මැරෙන දවස කියන්න බැහැ. වයස වගේ කියන්න පුළුවන්. නමුත් දවස කියන්න බැහැ. මට හිතුව කවුරු හරි මිනිහව දැම්මල මේක කියනවා කියලා. ඒ දවස කිට්ටු කරලා මම කිව්වා මෛත්‍රී ඔය දවසට මැරෙන්නේ නැහැ. ඕක බොරුවක්. හැබැයි ඔය අනාවැකිය පාවිච්චි කරලා කෙනෙක්ට පුළුවන් ඇත්තටම මෛත්‍රිව ඝාතනය කරන්න. එතකොට හැමෝම කතා කරන්නේ අනාවැකිය ගැන. ඒක ඇත්ත වෙච්ච එක ගැන. එතකොට කිසි සැකයක් නැහැ. ඇත්ත මිනීමරුවා යට යනව. ඊට පස්සේ මට තේරුණා වෙන්න යනදේ. මට සැක හිතෙන තව දේවල් දෙකක් ඒ ළඟ ළඟම වුන. එතකොට මම ලිව්වා LCN එකට මෛත්‍රීට එලියට යන්න එපා දොර ළඟ ඉන්නත් එපා ඔය කියන දවස 26 සහ කලින් දවසේ කියලා. හිනා යන වැඩේ ඊට පස්සේ අර මිනිහ නම මතක නැහැ කිව්වා මෛත්‍රී මැරෙන්නේ නැහැ සෙනසුරා detour කළා කියලා. එතකොට කවුද LCN එකට ලියල තිබුන මගේ කතාවෙන් පස්සේ සෙනසුරා බය වෙලා මාරු වුන කියලා.
    මම කියන්න ගියේ, බලන්න මට පුළුවන් මැරෙන්න යන මිනිස්සුන්ව මරණයෙන් බේරන්න. සමහර දේවල් වලට මගේ ඇස් යනව තදින්ම. ඊට පස්සේ මම නිදා ගන්නේ නැතුව ඒ ගැන කල්පනා කරනවා. වටේ තියෙන ඔක්කොම analyse කර කර බලනව. ඊට පස්සේ මට තේරෙනව වැඩේ. මේ පාරත් එහෙමයි. ඔය කරපු වැඩේ හරි යන්නේ නැහැ. ඒ මොකොද මෛත්‍රී මැරෙන්නේ නැහැ. හැබැයි ඒ වුනාට පරිස්සම් වෙන්න ඕනේ. එමොකොද කිව්වා නම් මම වැඩේ එලි කලාට මොකොද අර sniper දඩයක්කාරයා. මිනිහ මගේ comments කියවනවද දන්නේ නැහැනේ. හැබැයි අර දවස් 8ක් ඇතුලේ කියනවා කතාව මට තවම හරියට පැහැදිලි නැහැ. මම CT එකට ලිව්වේ කවදද. දැන් මතක නැහැ.
    මම කිව්වා දේ තමයි සිද්ධ වෙන්නේ. ලංකාවේ ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. මෛත්‍රීට ජීවිත ආශාව තියෙනව නම් මැතිවරණය කලින් තියන්නේ නැහැ. තියන්නේ හරියට නියමිත දිනට 2019 අග. බය ඊට පස්සේ වෙනදේ නම්, ඊට පස්සේ මුකුත් වෙන්නේ නැහැ.
    මං ආසයි මැරෙන්න යන මිනිසුන්ව මරණයෙන් බේරන්න. පොඩි කාලේ ඉඳන් එහෙමයි. වැස්සකට පස්සේ මගේ වැඩේ මිදුලේ වතුර වලවල් එකෙන් එකට ගිහින් වතුරට වැටිලා ඉන්න කූඹි දිමියෝ වගේ පොඩි සත්තු කොස් කොලයක් දාල හරි කෝට්ටක් දාල හරි ගොඩට ගන්න එක. Up side down වෙලා දඟලන කුරුමිණියෝ වත් කෝට්ටක් දාලා හොඳ පැත්තට හරවල යන්න අරිනවා. 🙂
    ආ තව පොඩ්ඩෙන් අනික කියන්න අමතක වෙනවනේ. කතානායක ගැන. මම හිතුව කතානායකට කරන බලපෑම හරිම වැඩියි. හරිම අස්වාභාවිකයි. බහුතරය තියෙනව නම් මෙච්චර දඟලන්න ඕනෙද? මෙතැන තිබ්බ plan එක මොකක් හරි නිසා වැරදුන. ඒ කියන්නේ කථානායකට කියපු මොකක් හරි වැරදි වැඩකට එයා අකමැති වෙලා තියෙනව. එක්කෝ මුලින් තේරුමක් නැති කමට කැමති වෙලා ඒ කියන්නේ හුඟක් බල කරන කොට එහෙම නැත්නම් වෙන එකකට හුවමාරුවක් විදිහට ඒ කියන්නේ පාර්ලිමේන්තුව කලින් කැඳවනවා නම් මේ දවසට මම ඔය වැඩේ ගැන බලන්නම් වගේ දෙයක්. හැබැයි දැන් අර කට්ටියක් ගිහින් තියෙනවනේ අල්ලස් එකට කතානායකට විරුද්ධව. තනිකරම බොරුවක්. මට හිතුන මෙතන මොකක් හරි තියෙනව හැබැයි. ඒක දකින්න ඉස්සෙල්ල මම indirectly ලිව්වා CT එකට කතානායකට නිකම් පරිස්සම් වෙන්න කියලා. හැබයි බොරු අල්ලස් චෝදනාව දැක්කහම මට කේන්ති ගියා. බලන්න තනිකරම තර්ජනයෙන් බය කිරීමෙන් එහෙම පුලුවන්ද තමන්ට ඕනේ දේ කරගන්න. මම කෙලින්ම කිව්වා කථානායක ගේ ගීවිතේ පරිස්සම් කරගන්න කියලා වාහන අනතුරු වලින්. තව ජීවිතයක් නැති වෙන්න තියෙනව නම් මට සතුටුයි බේරෙනවා දකින්න. හැබැයි ඉතින් ලබන අවුරුද්දේ ඕ ඔක්කොම මට කැරකිලා එන්න පුළුවන් මම support කරන මිනිහ රාජපක්ෂලා කියන මිනිහ නැතුව වෙන කෙනෙක් නම්. හැබැයි මම කාටවත් බය නැහැ. කැමති කෙනෙක්ට පුළුවන් හැප්පිලා බලන්න. රාජපක්ෂලා වගේ මම මුදු සුර දාගෙන නැහැ. මට ඒවා අඳින්න තරම් කවදවත් උවමනාවක් වෙලා නැහැ. මම විශ්වාස කරන්නේ මාව. හිටපු ජනාධිපතිතුමාට මම ඉස්සර වගේ හුඟක් ආදරෙයි. හැබැයි මට බැසිල්වයි ගෝඨාභයවයි පොඩ්ඩක්වත් දිරවන්නේ නැහැ. ඒ ගොල්ලෝ හිතනවා ලංකාවේ මිනිස්සු ඒගොල්ලන්ගේ යටත් වැසියෝ කියලා. මර්දනයෙන්, භීෂණයෙන් එහෙමත් නැත්නම් ජීවිත නැති කිරීමෙන් තමන්ට ඕනේ දේවල් කරගන්න හදන්නේ ඇත්තටම බය ගුල්ලෝ. ඒ දෙන්නම මහින්ද වගේ එඩිතර මිනිස්සු නෙමෙයි. මහ බයගුල්ලෝ දෙන්නෙක්. බලන්න පහුගිය දවස්වල හිටපු ජනාධිපතිතුමා කොච්චර ලස්සනට හිටියද. අද කොහොමද? අද ඉන්නේ මෛත්‍රීගේ පිහිටෙන්. යටත් වෙලා.

  13. Champa Reply

    ඕ මට අනික අමතක වුනානේ. අර නාමල් කුමාර මම මුල ඉඳලම හැම තනම් ලිව්වා වගේ ඒක තිර පිටපතක්. කොටස් වශයෙන් ගෙනිය කතාවක් කියලා. ඒ වගේ පඟර නට්ටේකුට. මිනිහව වේලාසන ඉඳන්ම දාල තිබුන වැඩේට. හැබැයි ඒක යටත් තිබුනේ අර කෙන්දරකාරයාගේ වගේ වැඩක්. හැබැයි කියන්න ඕනේ මේ මිනිස්සු දෙන්නම අහිංසකයෝ. මට සැක හිතුනේ මුල ඉඳලම උවමනාවක් තිබුන නිකම් මතයක් හදන්න හැදුව මෛත්‍රී මැරුනොත් ඒක කලේ රනිල් කියලා. ඊට පස්සේ අර මිනිහ SF ව ඇඳුව රටේ තත්වේ වෙනස් වෙන්න දවස් කීපෙකට ඉස්සෙල්ල. ඊට පස්සේ ගෙවල් මාරු කළා කියලා දැම්ම. ඊට පස්සේ showstopper එක දැම්ම රනිල් ඕක පිටිපැස්සේ ඉන්නවා කියලා. ඒකට නම් මට ඇත්තටම හිනා ගියා. කෝ මිනිහ දැන්? වෙනදට දවස් දෙකෙන් දෙකට කතා කළා නේද? දැන් මිනිහගේ වැඩේ ඉවරයි.

  14. Champa Reply

    අනේ බලන්න අර ගොල්ලන් මස් කට්ටක් ගන්න මොන තරම් හෙයිය්ම්මරුවක් කළාද කියලා. දැන් ඇමති මණ්ඩලය කීයද දන්නේ නැහැ නේද? 150ට උඩින් යයි නේද ඔහොම ගිහින් ඔක්කොම එකතු කලහම

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.