BREAKING NEWS

”විමල්ට උපන් දිනයේ සිරබත් කවන ආණ්ඩුවේ වෑයම හරියයි”

මේ වන විට සිය සිරගත දිවියේ 55 වැනි දිනය ගෙවන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට 2017 මාර්තු 07 වැනිදාට යෙදෙන සිය 47 වැනි උපන්දිනය ගෙවීමට සිදුව ඇත්තේද මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ සිරමැදිරියකට වී බව දැන් පැහැදිලිය ඒ විමල් වීරවංශ මහතාට ඇප ඉල්ලා මහාධිකරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිශෙෘ්ධන ඇප අයදුම්පත විභාගයට ගැනීම ඇරඹෙන්නේද මාර්තු 8 වැනිදා නිසාය’

මෙම ඇප අයදුමට විරෝධතා දැක්වීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කල් ඉල්ලා තිබූ අතර මහාධිකරණය ඒ සඳහා ලබාදී තිබුණේ පසුගිය 27 වැනිදාය’ එහිදී එම විරෝධතා දැක්වීමෙන් අනතුරුව මහාධිකරණය ඇප අයදුම්පත සලකා බැලීම මාර්තු 08 දිනට නියමකර තිබුණි’
කෙසේ වෙතත් විමල් වීරවංශ මහතාගේ නීතිඥයන්ගේ ඉල්ලීම සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට පාර්ලිමේන්තුවේ ප්‍රධාන සැසිවාර සඳහා පමණක් නොව ආංශික කාරක සභා ඇතුඵ වෙනත් කාරක සභාවලට සහභාගී වීමේ අවස්ථාව සලසා දෙන ලෙස මැගසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගකර තිබුණි’
පසුගිය සතියේදී පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයක් අනුව කතානායකවරයා දැනුම් දී තිබුණේ විමල් වීරවංශ මහතා සමාජිකත්වය දරන කාරක සභාවලට පමණක් බන්ධනාගාරයේ සිට පැමිණිමට ඉඩකඩ සලසා දිය හැකි බව වුවද මෙම අධිකරණ නියෝගය අනුව විමල් වීරවංශ මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවේ සියලු කාරක සභා සඳහා සහභාගීවිමේ ඉඩකඩ ලැබී තිබේ’
“රටට ඕනෑ වම” නැමැති කෘතිය ලියා අවසන්ව තිබුණත් සිරගත දිවිය අවසන් වන තෙක් සිරගත දිවිය ගැන ලියැවෙන කෘතිය ලියමින් සිටින බව විමල් වීරවංශ මහතා පවසා සිටියේ තම සුවදුක් විමසීමට පැමිණි සිටි ඩලස් අලහප්පෙරුම” බන්දුල ගුණවර්ධන” වීරකුමාර දිසානායක හා මොහොමඞ් මුසම්මිල් යන මහත්වරුන්ටය’ එසේම ‘සිරගත සිතුවම්ි’ ප්‍රදර්ශනයට උවමනා චිත්‍ර ඇඳීමද මේ දිනවල සිදුකරන බව ඔහු පැවසීය’
“පාතාලය හිස ඔසවලා තිබෙන ආකාරයට විමල්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳවත් දැඩි අවධානමක් මතුව තිබෙනවා’ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදීත් අපි ඒ කරුණ මතු කළා’ ප්‍රමාණවත් පොලිස් ආරක්ෂාවක් ලබානොදී පාර්ලිමේන්තුවටත් අධිකරණයටත් රැගෙන යාම බරපතල ප්‍රශ්නයක්” ඩලස් අලහප්පෙරුම මහතා එහිදී සඳහන් කළේය’
“නිසි ආරක්ෂාවක් නොදුන්නට එජාප මාධ්‍ය සාකච්ඡාවලදී නම් මේ අය කියන්නේ ’විමල්ට බස්එක පුරවලා පොලිස් ආරක්ෂාව ලබාදෙනවා’ කියලා’ මේ විදියට පලිගන්න ගමන් තව බොරුත් කියනවා’” වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය’
මේ අතර “විමල් වීරවංශ වහා නිදහස් කරනු” යන තේමාව යටතේ පැවැත්වෙන පොදුජන විරෝධතා මාලාවේ තවත් විරෝධතා දෙකක් මේ සතියේ රත්නපුර සහ නාත්තන්ඩිය නගරවල පැවැත්විණි’ එසේම විමල් වීරවංශ මහතාගේ උපන් දිනය යෙදෙන මාර්තු 07 වැනිදා දිවයිනේ විහාරස්ථාන රැසක බොදු පූජා පින්කම් පැවැත්වීමටද කටයුතු යොදා තිබුණි.
-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*