BREAKING NEWS

විමල් අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්

විමල් අප්‍රේල් 03 දක්වා යළි රිමාන්ඩ්
මේ වන විට දින 70ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද(20) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී අප්‍රේල් 03 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.

කෙසේ වෙතත් විමල් වීරවංශ මහතාට මහාධිකරණයෙන් ඇප ඉල්ලා ඉදිරිපත් කොට ඇති ප්‍රතිශෝධන පෙත්සමට අදාළ තීන්දුව හෙට(21) කොළඹ මහාධිකරණයෙන් ලබා දීමට නියමිතය.

අද දිනයේ විමල් වීරවංශ මහතා අධිකරණයට රැගෙන ආ අවස්ථාව හා අධිකරණයට පැමිණ සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම්, ප්‍රියන්ජිත් විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායකවරුන් වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල්, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු හා ශෂී වීරවංශ මහත්මිය ඇතුළු පිරිස ඡායාරූපවලින් දැක්වේ.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල්ට කරන පලිගැනීම අන්තිම අසාධාරණයි. නින්දිතයි. දේශපාලන පලිගැනීමක් විතරක් නෙමෙයි ඊට යටින් පුද්ගලික පලි ගැනීමකුත් සිද්ධ වෙනවා. කවුරු විමල්ව හිරේ දැම්මත්, ඒ හින්ද අද TNA එකට field day එකක් ලැබිලා. කවදාවත් ඉල්ලපු නැති දේවල් ඉල්ලනවා. ICC එකේ Rome Statute එකටත් ලංකාවට ratify කරන්නලු. රනිල් ඒකත් කරයි. මංගල LTTE diaspora ව කියන කියන දේවල් Geneva ගිහින් කරනවා. ඒවාට විරුද්ධව කතා කරන්න අද කවුරුවත් නැහැ. කතා කලත් ප්‍රබල හඬක් නඟන්නේ නැහැ. විමල් කතා කලේ මුළු රටම වෙනුවෙන්. අද විමල් වෙනුවෙන් ඇත්තටම කතා කරන්නේ කීයෙන් කී දෙනාද? විමල්ගේ ඇප ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප කරලා. ලියන්න ගත්තට මට ලියා ගන්න බැහැ. ඉතුරු ටික පස්සේ ලියන්න හිතුවා.

  2. Champa Reply

    විමල් උදේ කෑම ප්‍රතික්ෂේප කළා කියලා දැක්කා. රෑ කෑමත් නොකා බඩගින්නේ ඉන්න විමල් උදේ කෑමත් එපා කියලා උපවාසේකට ලැහැස්ති වෙනවද කියලා හිතලා මගේ පපුව හෝස් ගාල පත්තු වුනා. ඒත් විමල්ට එහෙම කරන්න එපා කියලා කියන්න නම් විමල්ට නිදහස ලබා ගන්න වෙන මාර්ගයක් තියෙන්න ඕනේ. විමල්ට සාධාරණයක් පේන තෙක් මානෙක නැතිකොට තමන්ට කරන අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය සාධාරණය ඉල්ලලා විමල් මේ වගේ අපේ හිත් තවත් කම්පා වෙන තීරණයක් ගන්න පෙළඹෙන තැනට යන්න තරම් සිද්ධ වුනාට සිංහලයෝ විදියට අපි ලැජ්ජා වෙන්න ඕනේ.

    විමල් එක්ක මම අවුරුදු දෙකක් එක වගේම වෙනස් නොවී හිටියා.. අදටත් ඉන්නවා. විමල් මේ අවුරුදු දෙකට රට වෙනුවෙන් කරපු මෙහෙවර මම මගේ ඇස් දෙකෙන්ම දැක්ක. මම ලිව්වේ මම දැකපු දේ. මීට කලිනුත් කිව්වා වගේ මට විමල් ගැන ලියන්න නොදී මර්දනය කරනවා. ඇත්ත කතා කරන එක වහන්න හදනවා. මම ලියපු තැන්වල දොරවල් වැහුණු නිසා පහුගිය සතියේ ඈතකට ගිහින් හිටියා. දැනුයි මතක් වුනේ, යන්න ඉස්සෙල්ල කේන්තියට මම කවියක් දැම්ම. මගේ තරහ තිබුනේ විමල් එක්ක නෙමෙයි, ඒත් විමල්ට ඒකට හිත රිදුනද දන්නෙත් නැහැ. (If so, I most sincerely apologize, Wimal) ඒ ගැන කියන්න නෙමෙයි පටන් ගත්තේ. ලියන්න පටන් ගන්නේ කොතනින්ද කියලා මට අද හිතා ගන්න බැහැ. විමල් මාංචු දාලා සිර කරලා ඉන්නවා දකින කොට මගෙ පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා. විමල් නොකා ඉන්නවා කියලා දැන ගත්තහම ඒ වේදනාවට තවත් දරා ගන්න බැරි තරම් අලුත් වේදනාවකුත් එකතු වුනා.

    මට කියන්න හුඟක් දේවල් තියෙනවා. අද මම අග ඉඳන් මුලට ලියන්න හිතුවා. 21 වෙනිදා මහාධිකරණයෙන් සහ 20 වෙනිදා ප්‍රාථමික අධිකරණයෙන් විමල්ගේ ඇප ඉල්ලීම් දෙකම ප්‍රතික්ෂේප වුනා. මහාධිකරණයේ නඩුකාරයාගේ නමේ අගට “පිටිය” කියලා නැති නිසා මම දැන ගත්ත විමල්ට එතැනින් ඇප ලැබෙන්නේ නැහැ කියලා. ඒ මොකොද කිව්වා නම් FCID දඩයක්කාරයෝ “පිටිය” කෙනෙක් ඉන්න තැනට නඩුව දාන්නේ, තමන්ගේ ස්වාමිවරුන්ගේ සහ තමන්ගේ දුක සැප, එතනින් ගිහාම ගේදොර වියහියදම් ගැන බලන “චුදිතයන්ට” කෘතගුණ සලකන්න ඕනේ නිසා හෙවත් ඇප අරන් දෙන්න ඕනේ නිසා. දාපු ගමන් ඇප ලැබෙනවා. අනේ ඉතින් විමල්ට නැවුත් නැහැ, පාවෙන බඩුත් නැහැ, හෝටලුත් නැහැ, ස්විස් බැංකු ගිණුමුත් නැහැ, Panama Papers වල වත් නම නැහැ, අනිත් offshore banking කරන්නෙත් නැහැ, වීසි කරන්න සල්ලිත් නැහැ, ඒ හින්දා නඩු පිට නඩු විතරක් නෙමෙයි ඇපත් නැතුව, මූලික මිනිස් අයිතිවාසිකමුත් නැතුව දවස් 70ක් තිස්සේ හිරේ ඉන්නවා.

    දැන් FCID එක දිහා බැලුවොත්, විමල්ව හිරේ දැම්මත් හරි, FCID එකට යන පාරේ පාසි බැඳිලා. දොර අගුළු වල මලකඩ බැඳිලා. FCID එකේ මෙච්චර කල් අවුරුදු ගණන් එක එක case ගැන ප්‍රශ්ණ කරපු පොලිස් පඟර නැට්ටන්ගේ කටවල් වලත් මකුළු දැල් බැඳිලා. වැඩ නෑ. සමහරු පිටරට සවාරි වල. බිලියන් ගණන් වීසි කරන්න සල්ලි තියෙනවා නම් හරි, එහෙම නැත්නම් ආණ්ඩුවට කොක්කක් දාගෙන හිටියා නම් හරි, නඩුත් හාමුදුරුවන්ගෙ, බඩුත් හාමුදුරුවන්ගෙ. FCID එකත් හාමුදුරුවන්ගෙ. උසාවියත් හාමුදුරුවන්ගෙ.

    හංසයාගේ ජනප්‍රියම සටන් පාඨය වුනේ “හොරු අල්ලනවා” කියන එක. නිකම් නෙමෙයි මහා පරිමාණයේ වංචා දූෂණ අල්ලලා හොරකම් කරපු සල්ලි හොයා ගන්නවා කියන එක. දැන් මේ ඒකද කරන්නේ? ලක්ෂ හැට දෙකක් එතකොට ඡන්දේ දීලා තියෙන්නේ රට වෙනුවෙන් මේ තරම් සේවයක් කරපු විමල් වීරවංශව යකඩ ගොඩකට පටලවලා හිරේ දාන්නද? එහෙම නැත්නම් ඇත්තටම මිනිස්සු කියන විදියට හොරු අල්ලන්න කියලා ආපු ආණ්ඩුව හොරු විසින්ම අල්ල ගත්ත කියන එකද? ආණ්ඩුව හොරුන්ට අහුවුනා කියන එකද? නැත්නම් හොරු කොච්චර සල්ලි හොරකම් කරලා තියෙනවාද කියනවා නම්, ආණ්ඩුවක් වුනත් සල්ලි වලට ගන්න පුළුවන් කියන එකද?

    To be continued……

  3. Champa Reply

    විමල් ගිය පාර නඩු වාරෙදි තමන් වෙනුවෙන්ම කතා කරලා ඉල්ලුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට රට වෙනුවෙන් තමන්ට කරගෙන ආපු මෙහෙවර දිගටම කරගෙන යන්න ඇප අරන් දෙන්න කියලා. තමන්ට ඡන්දේ දීපු ඡන්දදායකයන් තමන්ගෙන් බලාපොරොත්තු වෙන සේවය ඉෂ්ඨ කරන්න ඉඩ දෙන්න කියලා. ඒක සුවිශේෂී කාරණයක් නෙමෙයි කියලා විනිසුරුවරිය කියල තිබුනා. එහෙමනම් හිරේ ඉන්න අනිත් නිලධාරීන්ටත් ඇප දෙන්න ඕනේ කියලා තිබුනා.

    මේ තීන්දුව මේ රටේ ජනතාවට පිළිගන්න පුළුවන් තීන්දුවක් නෙමෙයි. ඒ මොකොද කිව්වා නම් විමල් කියන්නේ ඇත්තටම සුවිශේෂී පුද්ගලයෙක් නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට රජයේ නිලධාරියෙක්ට වඩා විමල්ට අයිතිවාසිකම් සහ වරප්‍රසාද තියෙනවා. ඊටත් වඩා විමල් රටම දන්නා රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු දේශපාලන නායකයෙක්. Avant-Garde එකෙන් මහා පරමාණ වංචාවක් කළා කියලා නඩු දාපු (ගාන මට මතක නැහැ, මම ඒ දවස්වල ඒකට විරුද්ධව ලිව්වා) දැනට රජයේ සේවයෙත් නැති, සාමාන්‍ය පුරවැසියෙක් වුනු ගෝඨාභයට රටට කරපු සේවයට සලකලා මහාධිකරණය එදාම ඇප දුන්න. මොකක්ද කරපු සේවය? LTTE සංවිධානය පරාජය කරපු එක. එහෙම කලේ තනිවමද? නැහැ. ලක්ෂ ගණන් ත්‍රිවිධ හමුදා නිලධාරියෝ ඒ සේවය කරන්න උර දුන්න. හමුදා බුද්ධි අංශයේ අතිදක්ෂ කම නොවෙන්න ගෝඨාභයට ඔය සේවය කරන්න, LTTE එක පරාජය කරන්න බැහැ. (බුද්ධි අංශය කියන කොට මට කපිල හෙන්දවිතාරණ මතක් වෙලා කම්පාවක් ඇතිවුනා. මොන තරම් උසස් සේවයක් කරපු රට වෙනුවෙන් කරපු හමුදා නිලධාරියෙක්ද? එංගලන්තේ වගේ නම් Knight පදවියක් පිරිනමලා. ඇමරිකාවේ හිටියා නම් The Medal of Honour කියන හමුදා නිලධාරියෙකුට ලැබෙන ඉහලම ගෞරවය ලැබිලා. ඒත් අද අනුන්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වෙලා). නමුත් ගෝඨාභය වගේ නෙමෙයි ඊට හුඟක් කලින් ඉඳන් විමල් රට වෙනුවෙන් මහා මෙහෙවරක් කලේ තනිවම. කොළ කෑලිවල ලියලවත්, උසාවියේ තර්ක කරලාවත් ඔප්පු කරන්න දෙයක් නෙමෙයි, විමල් මේ රටට කරපු සේවය හුස්ම වැටෙන හැම මිනිහෙක්ගෙම හෘදය සාක්ෂිය දන්නා දෙයක්.

    අනිත් කාරණේ මහින්දටවත් ගෝඨාභයටවත් 2009 LTTE එක පරාජය කරලා මේ වගේ මිනිස්සුන්ගෙන් සැලකුම් ලැබෙන්නේ නැහැ විමල් 2007 දී මන්ත්‍රීවරු 39ක් හිටපු ප්‍රබල JVP කණ්ඩායමට නායකත්වය දෙමින්, අයවැය පරාද වෙලා වැටෙන්න ගිය ආණ්ඩුව බේරා ගත්තේ නැත්නම්. LTTE එක පරාජය කරන්න ආණ්ඩුවක් ඉතුරු කලේ විමල්. 2009 LTTE එක පරාද කලේ නැත්නම් මහින්ද පරදින්නේ 2010 දීමයි. 2010 මිනිස්සු ඡන්දේ දුන්නේ ඒ කෙලෙහිගුණ සලකලා. විමල් 2007 මහින්දගේ ආණ්ඩුව බේරා ගත්තේ නැත්නම් මොකොද වෙන්නේ? එහෙනම් මේ රටේ දේශීයත්වයට පණ දෙන, හැම අතින්ම ස්වයංපෝෂිත රටක් බිහි කරන JVP ආණ්ඩුවක් හැදෙන්න තිබුනා. (මට ලොකු සුසුමක් හෙලුනා). ඒ වුනත් විමල් කවදාවත් ආත්මාර්ථකාමී වත් බලලොභීවත් වුනේ නැහැ. විමල් එදා ඒ තීරණය ගත්තේ රට ගැන හිතලා, යුද්ධයෙන් නැතිවෙන ජීවිත ගැන හිතලා, යුද්ධ නැවතුනොත් සිංහල දෙමල මුස්ලිම් හැමදෙනාටම වෙන යහපත ගැන හිතලා. අද මොකක්ද වෙලා තියෙන්නේ? රටේ තීරණාත්මකම අවස්ථාවක රට බේරලා දුන්නු විමල් හිරබත් කනවා. දුක් විඳිනව.

    දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙක් විදියට විමල්ට මේ විදියට දිගින් දිගටම ඇප නොදී සිරගත කරලා තියෙන එක වැරදියි. විමල් එයාගේ කතාවේ කිව්වේ නැහැ විමල්ට විශේෂයක් කරන්න කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට විමල් කරපු ඉල්ලීම සාධාරණයි. විමල්ගේ නඩුවට කෙලින්ම සම්බන්ධ ආශු මාරසිංහත් අලගියවන්නත් රාජිතත් පාර්ලිමේන්තුවේ ඉන්දැද්දී සහ අවුරුදු දෙකක් තිස්සේ උපදේශකයෝ 60කට වාහන විතරක් නෙමෙයි, වැටුප් සහ වෙනත් දීමනා වරප්‍රසාද දීපු කිරිඇල්ලත්, තව ඒ විදියට වාහන පාවිච්චි කරපු කලින් ආණ්ඩුවේ ඇමැතිවරුත් මේ ආණ්ඩුවේ ඇමැතිවරුත් පාර්ලිමේන්තු වරප්‍රසාද බුක්ති විඳිද්දී, “තවමත් විමර්ශන ඉවර නැති” වාහන අවභාවිතයකට අනුබල දුන්න කියලා විමල්ව මේ විදියට ඇප නොදී සිරගත කරලා ඉන්න එක අසාධාරණයි, අගතිගාමීයි.

    මම හිතන්නේ විමල්, උසාවියේ පැයකුත් විනාඩි විස්සක් කරපු ප්‍රකාශය කථානායකතුමාට ඉදිරිපත් කරලා තමන්ට ඇප ලබා දෙන්න මැදිහත් වෙන්න කියලා ලිඛිත ඉල්ලීමක් කෙරුවා නම් හොඳයි කියලා. (මේක ලියලා ඉවර වුණාම දැන් දැක්කේ විමල් මෙහෙම ලියුමක් ලියලා තියෙනවා. ලියුම ඉවර වෙනකම් කියවා ගන්න බැරිවුනා). දිනේෂ් විමල්ගේ නම නොකියා ඒ ගැන පොදු ප්‍රකාශයක් කරලා තිබුන මම දැක්ක. දිනේෂ් මේ වතාවේ විතරක් නෙමෙයි කිහිප වතාවක්ම විමල් වෙනුවෙන් ඉදිරිපත් වෙලා මම කියන්නේ විදියට ඉදිරිපත් වෙලා විමල් ගැන කතා කරලා තියෙනවා. ඒ ගැන දිනේෂ්ට මුළු රටේම ගෞරවය ආදරය හිමි වෙන්න ඕනේ.

    අන්තිම කොටස විමල්ට. මම ඉස්සෙල්ල වෙන තැනක පොඩි පණිවුඩේකුත් තිබ්බ. ඒකේ ගත යුත්තක් නැහැ. මම කියන එක විමල් අහයිද කියලා මම දන්නේ නැහැ. ඒත් අවුරුදු දෙකක් තිස්සේ කවදාවත් වෙනස් නොවී ඔබත් එක්ක හිටපු ඔබට හුඟක් ආදරේ කරන කෙනෙක් විදියට මට හැඟීම්බර ඉල්ලීමක් කරන්න තියෙනවා. ඔබ හුඟක් tough කෙනෙක් කියලා මම දන්නවා. එහෙම නොවුනා නම් ඔය ඉන්න ඉඳිල්ල වෙන කාටවත් ඉන්න බැහැ. ඔබට එන ආවේගය කාටවත් නතර කරන්නත් බැහැ කියලා මම දන්නවා. මම කියන්න හදපු එක කියන්න දැන් පරක්කු වැඩියි. මම දැන් දැක්ක විමල අඛණ්ඩ උපවාසයක් පටන් අරන් කියලා දැනටම. රෑට කන්නෙත් නැතුව ඉඳල දවස් 70කටත් වඩා හිරේ දුක් විඳගෙනත් ඉඳලා දැනටමත් ශාරීරිකව දුර්වල වෙලා ඉන්න හින්දා, උපවාසෙකට යන්න එපා කියලා ඉල්ලන්නයි හැදුවේ. ඒත් ඒකට පරක්කු වැඩියි. උපවාසේ පටන් ගත්තට පස්සේ විමල්ව නවත්තන්න කාටවත් බැහැ. මට කියන්න බැරි තරම් දුකක් දැනෙනවා විමල්.

Leave a Reply

*