BREAKING NEWS

විමල් අප්‍රේල් 07 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට

විමල් අප්‍රේල් 07 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරයට
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වෙනුවෙන් අද (03) ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහි තීන්දුව ලබාදීම ලබන 07 වැනිදාට කල් තැබුවාය. ඒ අනුව විමල් වීරවංශ මහතා යළි අප්‍රේල් 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත විය.

කෙසේ නමුත් අද (03) උදෑසන, පසුගිය 24 වැනිදා මෝසමක් මගින් විමල් වීරවංශ මහතාගේ දියණියගේ අසනීප තත්වය සුවිශේෂ කරුණක් ලෙස දක්වා ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම පිළිබද තීන්දුව දෙමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද කොටුව මහේස්ත්‍රාත්වරිය කටයුතු කර තිබුණාය.

 

නිතීඥ කපිල ගමගේ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍ය වෙත දැක්වූ අදහස්


 
පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දැක්වූ අදහස්

 පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දැක්වූ අදහස්

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් විමල්ට සිංහල අළුත් අවුරුද්දට ඉස්සෙල්ල ගෙදර යන්න ලැබෙන්න කියලා පාට පක්ෂ පංති භේදයක් නැතුව විමල්ට ආදරය කරන, විමල් ගැන හිතන, විමල් ගැන කම්පා වෙන හැම ශ්‍රී ලාංකිකයෙකුගේම එකම ප්‍රාර්ථනාව!!!

  2. Champa Reply

    මේ කතාව මේ news එකට අදාළ නැහැ. මට ලියන්න නැතුව ඉන්න බැහැ.

    විමල්ගේ ඉදිරි ගමන නවත්තන්න විමල්ව හිරේ දාපු කුමන්ත්‍රණයට සම්බන්ධ deal එකේ දෙවෙනි කොටස දැන් පෙන්වනවා.

    විමල් හිරේ යන්න ඉස්සෙල්ල ජනවාරි මාසේ මුල කතාව තිබුනේ හම්බන්තොට වරාය චීනෙට දෙන එක විතරයි. දැන් වරායවල් 4ක් ඒකට ඈඳීලා. දැන් ලාභ ලබන කොළොඹ වාරයත් විකුනනව. කිසි කෙනෙක් කතාවක් නැහැ. මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි මෙලෝ සද්දක් නැහැ.

    විමල් හිරේ යන්න ඉස්සෙල්ල කතාව තිබුනේ චීනේ, ඉන්දියාව, ඇමරිකාව විතරයි. දැන් ජර්මනිය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ඕස්ට්‍රේලියාව, තායිලන්තය, තව මෙකී නොකී කෙල කෝටියක් රටවල් වලට රටේ සම්පත් ඔක්කොම කුණු කොල්ලෙට විකුණනවා. ඉඩම් විකුනනවා. මේ අන්තිම පොඩි projects, මීට කලින් ඕනේ ආණ්ඩුවක් තමන් විසින්ම කරපු ඉතා කුඩා projects පවා විදේශිකයන්ට දෙනවා. UNP ඇමතිවරු තරඟෙට එක එක රටවල නම් කියනවා.

    විමල් හිරේ දාපු එක මහින්දටයි ඒකාබද්ධ විපක්ෂයටයි දේශපාලන දඩයමක් නෙමෙයි කිව්වා. ඒකට විරෝධය පල කලොත් රටේ නීතියක් නැහැයි කියලා ලෝකෙට පේනවලු. විමල්ට කලින් හිටපු හැමෝටම දේශපාලන දඩයම. ඒ හැම එකකදීම ආණ්ඩුවට පහර දෙන්න මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි විමල්ව පාවිච්චි කළා. විමල්ව හිරේ දාපු ගමන් කතාව වෙනස් කළා. එකම හේතුව ඒකට තියෙන තම්න්ගේම සම්බන්ධය. විමල්ව පාවා දුන්නේ මෙහෙම.

    ඊට කලින් ගිය අවුරුද්දේ මහින්දයි බැසිලුයි ජන සටන පාවලා දුන්න. ඊට පස්සේ විමල්ව පාවලා දුන්න. දැන් විමල්ව හිරේ දමලා විමල්ට කතා කරන්න ඉඩ නොදී, රනිල්ට ඕනේ විදියට රටේ සම්පත් සියවස් ගණනකට විකුණන්න, අපේ ඉඩම් විදේශිකයන්ට, දෙමල diaspora වට අයිති කරගන්න, මානව හිමිකම් කොමිසමට ඕනේ විදියට රණවිරුවෝ පාවා දෙන බැඳීම් වලට එකඟ වෙන්න පුළුවන් විදියට පාර හදලා දුන්න. කොටින්ම කියනවා නම් මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි මුළු රටම පාවලා දුන්න. විමල් එළියේ හිටියා නම් කවදාවත් මේවා කරන්න දෙන්නේ නැහැ.

    ඒකාබද්ධ විපක්ෂයේ කවුද කියනවා මිනිස්සු ඒගොල්ලෝ 51දෙනා විතරක් ආණ්ඩුවට විරුද්ධව පාර්ලිමේන්තුව ඇතුලේ සටන් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපාලු. ජනතාවගේ පරමාර්ථ ඉෂ්ඨ කරන්න බැරි දේශපාලකයන්ව ආපහු පාර්ලිමේන්තු යවන්න මිනිස්සු කරදර වෙන්න ඕනේ නැහැ. විමල් නම් කවදාවත් එහෙම කිව්වේ නැහැ. විමල් බොහෝ අවස්ථාවල පාර්ලිමේන්තුව ඇතුලේ තනිවමත්, ජාතික නිදහස් පෙරමුනේ නායකයා විදියට මාධ්‍ය හමුවලිනුත්, සම්මන්ත්‍රණ සහ රැස්වීම් මගිනුත් මේ හැම දේටම සක්‍රීයව විරෝධය පල කළා. විමල් විරෝධය පල කරපු හැම දෙයක්ම නතර කරගන්න විමල්ට පුළුවන් වුනා.

    විමල් නැතුව ලංකාවේ දේශපාලන රඟබිම දිහෑ බලපුවහම දැන් තමයි හොඳටම තේරෙන්නේ ඇත්තටම නළුවෝ කවුද වීරයෝ කවුද කියල. විමල් මෙච්චර කල් කරලා තියෙන්නෙ තනි සටනක්. එහෙම නොවුනා නම් විමල් හිරේ ගියාම, මහින්දයි ඒකාබද්ධ විපක්ෂයයි විමල් පටන් ගත්ත සටන එතැන ඉඳන් ඉදිරියට ගෙනියන්න ඕනේ. අද එහෙම සිද්ධ වෙන්නේ නැහැ. දාල තියෙන deal එකේ හැටියට එහෙම කරන්න බැහැ. 2020 ට රනිලුයි මල් පක්ෂෙයි එකට තරඟ කලොත් මම නම් පුදුම වෙන්නේ නැහැ. එහෙම නොකොළොත් තමයි පුදුම වෙන්න ඕනේ. ශ්‍රීලනිපය දෙකඩ කරලා මල් පක්ෂේ හදලා කලෙත්, විමල්ව හිරේ දමලා ආණ්ඩුවේ රට විනාශ කරන, වටිනා සම්පත් විකුනන, ඉඩම් විකුණන, රණවිරුවන් පාවා දෙන ක්‍රියාදාමයට එරෙහි විමල්ගේ සටන අඩපන කරන්නෙත් රනිල්ට ඕනේ විදියට රට විනාශ කරගෙන යන්න ඉඩදෙන්න. දෙකම එකම කාසියේ දෙපැත්ත.

    මර්දනය තාවකාලිකයි. හරිම තාවකාලිකයි. ඊට පස්සේ මර්දනයේ ප්‍රතිවිපාක, ඒක කරපු මිනිහටම දකින්න ලැබෙනවා. තාම පාඩම් ඉගෙන ගෙන නැහැ. හිරේ දැම්මට පස්සේ තමයි හැමෝටම විප්ලවදියෙකුගේ අගය තේරෙන්නේ. 9 වෙනි දවසටත් නවත්තපු නැති විමල්ගේ උපවාසේ නතර කරන්න රෝහලට වැඩම කරපු ලංකාවේ නමගිය හාමුදුරුවරු ටික දැක්කහම තේරෙනවා විමල්ගේ අගය තේරුම් අරන් තියෙන බව.

    විමල් කියන්නේ මර්දනයට ලක්වූ දේශපාලකයෙක් නෙමෙයි, මර්දනයට ලක්වූ විප්ලවවාදියෙක්. ජාතිකත්වවාදියෙක්. වාමාංශික දේශපාලන නායකයෙක්. මර්දනයට ලක්වූ සාමාන්‍ය දේශපාලකයෙකුත් විමල්ගේ අතරත් ලොකු වෙනසක් තියෙනවා. විප්ලවාදියෝ හිරේ දැම්මහම නිකම් ඉන්නේ නැහැ, පොත් ලියනවා, කවි ලියනවා, චිත්‍ර අඳිනවා, කෑගහනවා, සටන් කරනවා, උපවාස කරනවා, සමාජය අවදි කරනවා. හැම මර්දනයකටම පස්සේ මර්දනයට ලක්වූ විප්ලවාදිය හිටියට වඩා ශක්තිමත් වෙනවා. පිරිස් බලය වැඩි වෙනවා. ජනප්‍රිය වෙනවා. ලෝක ඉතිහාසය අරන් බැලුවොත් හිරේ දමපු හැම විප්ලවවදියාම ඊට පස්සේ හිටියටත් වඩා මිනිස්සුන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වෙලා තියෙනවා. Eg: Mahatma Gandhi, Fidel Castro, Nelson Mandela, Ayung San Kyi, etc. Godfather දන්නේ නැති වුනාට මේක තමයි ලෝක ඉතිහාසයේ ස්වභාවය. විමල්ට ඒක වෙනස් වෙන්නේ නැහැ. එක පිට එක ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප වෙලත්, දවස් 80කට කිට්ටු කාලයක් හිරගෙදර හිටියට පස්සෙත්, අධිකරණයට කරන දේශපාලන බලපෑමට එරෙහිව විමල් දවස් 9ක්-වේල් 27ක් 28ක් සම්පූරණයෙන්ම කෑම වර්ජනය කරලා තමන් කවුද කියලා ලංකාවටම පෙන්නුවා. හිරේ දමලා විමල්ව මානසිකව සහ ශාරීරිකව වට්ටන්න පුළුවන් කියලා හිතපු මිනිස්සුන්ගේ හොට බිම ඇනුනා. විමල්ට සමාන වෙනවා තියා, විමල් එක්ක හැරෙන්නවත් කෙනෙක් ලංකා දේශපාලනයේ නැහැ.

    2014 හැමෝම දාලා යත්දී විමල් මහින්ද එක්ක නොහිටින්න, මහින්දට ඔය හම්බ වෙච්ච ලක්ෂ 58න් භාගයක්වත් හම්බ වෙන්නේ නැහැ. 2015 අගෝස්තු UPFA එකට ලක්ෂ 48ක් ඡන්ද හම්බ වුනේ, පාරම්පරික විදියට, ඒ කියන්නේ ජාතික සංවිධායකයෙක් රට පුරා ගිහින්, සංවිධායකයන්ට කතා කරලා සල්ලි මිටි ගණන් දීලා, ඡන්දදායකයින්ට බෝතල් පත්තර කෑම බීම සිල් රෙදි අරක මේක බෙදලා නෙමෙයි. විමල්ගේ හයියට. UPFA අපේක්ෂකයෝ ප්‍රසිද්ධ කලේ තමන්ට හිමි number එක විතරයි. මම මේවා කියන්නේ මහින්දට නෙමෙයි. විමල්ටයි ජාතික නිදහස් පෙරමුණටයි!

  3. Champa Reply

    The country is falling apart, Wimal! I have nobody to tell other than you.

    The government itself is robbing the country and gifting everything what is ours to foreigners!

    We are going to lose Hambantota, Colombo and Trinco ports and two other small harbours.

    Many valuable lands are also to be sold for pittance.

    Ranil is about to sign ETCA.

    Didn’t the Buddhist monks promise to take your battle forward including protecting our precious assets? Well they all are silent, Wimal.

    I am so sad to lose everything you fiercely fought to protect.

    I am sorry, I even forgot to ask how you are doing? Hope you are out of danger. Get well soon.

    Is there any possibility for you to request the Maha Sangha to intervene to stop selling our assets and lands until you get well, at least? Please….? I can’t bear to lose them. Take care. Love you.

Leave a Reply

*