BREAKING NEWS

විමල් මේ සිරකුටියේ සිට ලියන්නේ සිය 06 වැනි ග්‍රන්ථයයි

ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ පසුගිය 10 වැනිදාය. එදා සවස සිටම ඔහුගේ සුවදුක් විමසීම පිණිස දේශපාලනඥයෝ, කලාකරුවෝ, විද්වත් වෘත්තිකයෝ ඇතුළු බොහෝ පිරිස් පැමිණෙමින් සිටිති. විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් බව දැනගත් වහාම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඒමට සූදානම් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මගදී දැන ගැනීමට ලැබුණේ විමල් වීරවංශ මහතා ජනවාරි 24 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බවය. ඒ අනුව වහාම නව මැගසින් බන්ධනාගාරය වෙත ගිය මහින්ද රාජපක්‍ෂ මහතා විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසා බැලීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් සියල්ලම පාහේ මේ දිනවල විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීමට ගොස් තිබිණි. එසේම ප්‍රවීණ කලාකරුවෝ වන සිරිල් වික්‍රමගේ, ලාල් කුලරත්න, නිලා වික්‍රමසිංහ, රොජර් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් පසුගිය අඟහරුවාදා විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීමට මැගසින් බන්ධනාගාරය වෙත පැමිණියහ. එසේම ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු ජාතික සංවිධාන එකමුතුවේ නායකයෝද පසුගිය බ්‍රහස්පතින්දා විමල් වීරවංශ මහතා බැලීමට පැමිණ සිටියහ.

මේ පිරිසට අමතරව විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සඳහා පැමිණි අය අතර රාජ්‍ය අමාත්‍යවරයකු සහ රාජ්‍ය අමාත්‍යවරියක්ද විය. ඒ ඩුලිප් විජේසේකර මහතා සහ සුමේධා ජී. ජයසේන මහත්මියයි. එසේම පසුගිය කාලය පුරා තම දේශපාලන හිතවතුන් සිරගත වුවද ඒ කිසිවකුත් බැලීමට නොපැමිණි එක්තරා විද්වත් වෘත්තිකයකුද විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසා බැලීමට පැමිණ තිබිණි. ඒ අන් කිසිවකු නොව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාය. මේ පිළිබඳව ඔහුගේ හිතවතකු විමසා තිබුණි.

“මම විමල් මන්ත්‍රීවරයාට විරුද්ධව සිදුකර ඇති විමර්ශන වාර්තා, චෝදනා ආදිය අධ්‍යයනය කළා. මෙතැනදී විමල් කිසිම වරදක් කරලා නැහැ, කියා පෙනෙනවා ඒකයි මම විමල් බලන්න ගියේ’ හිටපු අගවිනිසුරුවරයා පිළිතුරු දී තිබුණේ එසේය.

“විමල්ගේ පක්‍ෂයේ අයට වාහන අවභාවිතයක් සිදු වුණා කියලා චෝදනා එල්ල වෙලා තිබුණාට අවභාවිතයක් සිදු වුණා කියලා ඔප්පු වෙලා නැහැනේ. එහෙමනම් විමල් තවමත් ඔප්පු වෙලා නැති අවභාවිතයකට අනුබල දුන්නා කියා අත්අඩංගුවට ගන්නේ, සිරගත කරන්නේ කොහොමද?” යන ප්‍රශ්නය පසුගියදා විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීමට යන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සේම නීතිඥවරුන්ද වන පිරිසක් සාකච්ඡා කරන ආකාරය දැකගත හැකි විය.

මේ අතර විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාර ගත වූ දා සිටම රැඳී සිටින්නේ සිර මැදිරියකය. පසුගිය දිනවල ඔහු පරීක්‍ෂාකර බැලූ බන්ධනාගාර වෛද්‍යවරුන් පැවසුවේ රුධිර පීඩන මට්ටම වැඩි වී ඇති නිසා රෝහල්ගත වන ලෙසය. එම ඉල්ලීම දැඩිව ප්‍රතික්ෂේප කළ විමල් වීරවංශ මහතා රෝගී තත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර පමණක් ඉල්ලා සිටියේය. ඒ අනුව ඔහු මේ දිනවල බෙහෙත් බොමින් සිර මැදිරිය තුළම කාලය ගෙවමින් සිටී. ඉහත අසනීප තත්වය හේතුවෙන් ඔහුගේ සුවදුක් විමසීමට පැමිණි ඇතමකුට ඒ අවස්ථාව අහිමිව ගොස් තිබිණි.

කෙසේ නමුත් දීර්ඝ කාලයකට පසුව තමන්ට ලැබුණු මේ විවේක කාලය වඩාත් අර්ථවත් ලෙස ගත කිරීමේ එක් පියවරක් ලෙස විමල් වීරවංශ මහතා මේ දිනවල පොතක් ලිවීමේ කටයුත්තකද නිරතව සිටී. ‘බටහිර බලය සහ ලංකාවේ ඉරණම’, ‘නැත්ත වෙනුවට ඇත්ත’, ‘ගරු කථානායකතුමනි’, ‘යුද්ධය නැති රට යහපාලනයෙන් දෙකඩ වන හැටි’ හා ‘වන්නිය, ජිනීවා හා නිව්යෝර්ක් : දෙමළ ඊළාම් මාර්ග සිතියම’ යන කෘතිවල කතුවරයාද වන විමල් මේ සිරකුටියේ සිට ලියන්නේ සිය 06 වැනි ග්‍රන්ථයයි.

-අබර

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*