BREAKING NEWS

විමල් රටට උවමනා වම ලියන්නේ ඇයි?

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිරගතව ලියූ ‘රටට උවමනා වම’ කෘතිය පසුගියදා සවස කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළිදැක්විණි. කෘතියෙහි මුල් පිටපත විමල් වීරවංශ මහතා විසින් මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව නාහිමියන්ට පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය කිරම විමලජෝති නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි ඇතුළු මහා සංඝරත්නය ද ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක, දිනේෂ් ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන මහින්ද යාපා අබේවර්ධන, ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා, මහාචාර්ය නලීන්ද සිල්වා, ආචාර්ය දයාන් ජයතිලක, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම ඇතුළු විද්වත්හු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක , නියෝජ්‍ය නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ජාතික සංවිධායක පියසිරි විජේනායක, ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, නීති උපදේශක, නීතිඥ කපිල ගමගේ යන මහත්ම මහත්මීහු වේදිකාවේ අසුන්ගෙන සිටියහ.

මෙහිදී මහාචාර්ය විලේගොඩ අරියදේව නාහිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ආරාධිත දෙසුම් පැවැත්වූහ.

“අධිරාජ්‍යවාදීන්ගේ බලවත් වටලෑමකට මේ රට ලක් වී තිබියදී වම කරන්නේ කුමක්ද? තුන් වේලටම ‘රාජපක්‍ෂ මුව හමට’ තඩි බෑම. ‘අධිරාජ්‍ය විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට’ ලෙස තම උපායමාර්ගික දැක්ම සකසා ගත් වම මේ මහා වටලෑමට විරුද්ධව කරන්නේ කුමක්ද? ඔවුන් අද තම උපායමාර්ගික දැක්ම ‘දූෂණ විරෝධී අරගලය ඔස්සේ සමාජවාදයට’ ලෙස වෙනස්කර ගෙන තිබෙනවා. ඒ නිසා මේ මහා අධිරාජ්‍යවාදී වටලෑමට විරුද්ධව සටන් වදිනවා වෙනුවට මේ ‘පුංචි මිනිස්සු’ එක අතකට ‘හොරු ඇල්ලීමේ සටනත්’ අනෙක් අතට ‘ETCA විරෝධි සටනත්’ අරගෙන පුංචි මානසික තෘප්තියක් ලබනවා.

අධිරාජ්‍යවාදයට ඉඩදී, සමාජවාදය ගොඩනැගීමේ සිහිනයක් දකිමින් රැය පහන් කිරීම වර්තමාන වමේ, භූමිකාව බවට පත්ව තිබෙනවා. අපට, ඔවුන්ට කීමට ඇත්තේ ‘GOOD NIGHT’ කියා පමණි. කනගාටුවට කරුණ තමයි මේ අය නින්දට යන්නේ ජාතියත් නින්දට රැගෙන වීම. ජාතිය නින්දට රැගෙන යාමට මේ තක්කඩීන්ට ඉඩදිය යුතු නැහැ. ඒ නිසා වම තමන්ගේ භූමිකාව නව ආකාරයකින් එළියට ගත යුතුයි. මේ කෘතිය මගින් අපි උත්සාහ කළේ ඒකට. බෞද්ධ සභ්‍යත්වයත් සමාජවාදී දැක්මත් අතර පවතින සමපාත වීම පෙන්වන්නේ අපි ඒකට. මේ පොළොව සමාජවාදී පැළය පැළ කරන්න සුදුසු පොළොවක් බව ඒත්තු ගන්වන්න හදන්නේ ඒකට.”

-අබර-

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*