BREAKING NEWS

විමල් වීරවංශයන්ගේ සුවදුක් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැගසින් බන්ධනාගාරයට යති!

විමල් වීරවංශයන්ගේ සුවදුක් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැගසින් බන්ධනාගාරයට යති!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අද(22) උදෑසන සිට මැගසින් බන්ධනාගාරයේ සිය සිර කුටියේ සිට අඛණ්ඩ උපවාසයක් අරඹා තිබේ. ආණ්ඩුව විසින් තමන්ට එරෙහිව අඛණ්ඩව සිදු කරන දේශපාලන පලිගැනීම හේතුවෙන් මෙවැනි උපවාසයක් සිදු කරන බව කථානායකවරයාට ලිපියක් පොදු යොමු කරමින් ඒ මහතා දැනුම් දී තිබේ. අද වන විට විමල් වීරවංශ මහතා ගෙවමින් සිටිනුයේ සිය සිරගත දිවියේ 73 වන දිනයයි. ඡායාරූපවලින් දැක්වෙන්නේ තම දේශපාලන සගයාගේ සුවදුක් විමසා බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි සිටි ආකාරයයි.

විදුර වික්‍රමනායක, සාලින්ද දිසානායක, වීරකුමාර දිසානායක, ලොහාන් රත්වත්තේ, රොෂාන් රණසිංහ, සිසිර ජයකොඩි, රංජිත් සොයිසා, උදයශාන්ත ගුණසේකර යන මහත්වරු මෙහි වෙති.

 

 

 

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    විමල්, ඔබේ ඇප අයදුම්පත් දෙකම ප්‍රතික්ෂේප වුනේ එක ළඟ. මම වගේම අනිත් මිනිස්සුන්ටත් පේන්න ඇති උසාවි දෙකේම නඩු වාර වල දින නියම කරන කොට පැහැදිලිවම පේන pattern එකක් තිබුන කියලා. අනිවාර්යයෙන්ම ඔබට ඇප නොදෙන්න බලපෑමක් කරලා තියෙනවා.

    විමල්, මම ගිය දෙසැම්බර් මාසේ ඉඳන් කියනවා වගේ, මම මොන විදියකින්වත් විශ්වාස කරන්නේ නැහැ, දේශපාලනිකව මොන තරම් විරුද්ධවාදීන් වුනත්, සිරිසේනටයි රනිල්ටයි ඔබෙන් මේ විදියට පන්න පන්නා පලි ගන්න තරම් දරුණු, අධර්මිෂ්ඨ, මෘග හිත් තියෙනවා කියලා. අඩු ගානේ අනුර කුමාරටවත් මේ තරම් දරුණු විදියට ඔබෙන් පලි ගන්න උවමනාවක් ඇතියි කියලා මම හිතන්නේ නැහැ. මේ කරන්නේ පෞද්ගලික දේශපාලන බල අරගලයක වෛරයක් පිරිමහ ගැනීමක්. කවදාවත් දුෂ්ඨයන්ට හරි යන්නේ නැහැ විමල්. ඔබව දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරනවා.

    ඔබ කෑම ගන්නේ නැතුව උපවාස කරන එක මට දරා ගන්න බැරි වේදනාවක් විමල්. ඔබේ හිත හුඟක් හයිය බව ඇත්ත. ඒත් රෑ කෑමත් නොකා දවස් 74ක් හිර ගෙදර දුක් විඳලා, ඔබට නොදැනුනාට දැනටමත් ශාරීරිකව දුර්වල වෙලා ඇති. මම හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කථානායකතුමා මැදිහත් වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඔබට හිමි වරප්‍රසාද මත ඔබ මුළු රටම වෙනුවෙන් කරපු සේවය නැවත කරන්න ඉඩ දෙයි කියලා.

    ඔබ පාර්ලිමේන්තුවට ආපු නැති එක ලොකු පාඩුවක් විමල්. රටට විරුද්ධව සිද්ධ වෙන දේවල් ගැන ඔබ වගේ පාර්ලිමේන්තුවේ කතා කරන්න වෙන කෙනෙක් නැහැ. අර හම්බන්තොට වරායත් 60% ආපහු දෙන්න යනවලු. එහෙන් UNHRC එක. ඉස්සර මම මේවට විරුද්ධව කොච්චර ලිව්වද? ඒත් මට දැන් ඒ එකකටවත් අනිත් කිසි දේකටවත් ලියන්න හිතක් නැහැ. මේ වෙලාවේ මුළු රටම ඔබෙන් වෙනද වගේ රට වෙනුවෙන් ලොකු සේවයක් බලාපොරොත්තු වෙනවා. ඔබ නැතුව වෙන කවුද ඉන්නේ රට වෙනුවෙන් කතා කරන්න? හීන් කෙඳිරිලි වලට පුලුවන්ද ඔබ රට වෙනුවෙන් නඟපු රණහඬ වගේ හඬක් නඟන්න? ඔබේ අතින් සිද්ධ වෙන තියෙන මෙහෙවර මේ විදියට වලකාලන එක මුළු රටටම කරන ද්‍රෝහීකමක්.

    මට LankaCNews එක දොර වැහුව නිසා, මම පහුගිය දවස්වල ඉඳහිට Ceylon Telegraph එකට(මගේ පරණ තැන) ලිව්වා. අදත් දයාන්ගේ article එකකට උත්තර දුන්නා. ඇත දිගෑරලා දුන්න. ඒත් මගේ comments වල වචන වැඩියි කියලා තිබුන නිසා මම ලියපු හොඳම කොටස් ගොඩක් අන්තිමට අඩු කළා. අපරාදේ. අන්තිමට එක comment එක කොටස් පහකට කඩලා දැම්ම. මේ පටන් ගත්ත විතරයි. 2020 වෙනකම්ම මම ලියනවා.

    විමල්ගේ අර ගමන ගැන කවිය මම කියැව්වා. අම්මෝ හරිම ගැඹුරු අර්ථයක්. මට හුගක් දුකෙන් ඉන්නකොට කවි ලියැවෙන්නේ නැහැ. ඒත් මේ කවිය දැක්කහම උත්තරයක් ලියන්න ආස හිතුනා. ඒ වුනාට හරිම අමාරුයි, ඒකට හරියන වචන එන්නේ නැහැ. මම ඉතින් කවි ලියන්නේ එක හුස්මටනේ කඩදාසිය ලිපේ දැම්ම වගේ. විමල්ට හොඳ අර්ථවත් කවි ලියන්න පුදුම හැකියාවක් තියෙන්නේ. මගේ හැකියාව දිය බින්දුවක් නම් ඔබේ හැකියාව හරියට මහා සාගරය වගේ. හැබැයි ඉතින් ඔයා තමයි මාව කවියෙක් කලේ. LCN එකට ලියනකම් මම කවදාවත් දැනන් හිටියේ නැහැ මට කවි ලියන්න පුළුවන් කියලා.

    හැමදාම වගේ ඔබට ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා. Take care. Love you.

Leave a Reply

*