BREAKING NEWS

විමල් වීරවංශයන්ගේ සුවදුක් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැගසින් බන්ධනාගාරයට යති!

විමල් වීරවංශයන්ගේ සුවදුක් විමසීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මැගසින් බන්ධනාගාරයට යති!
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා 22 උදෑසන සිට මැගසින් බන්ධනාගාරයේ සිය සිර කුටියේ සිට අඛණ්ඩ උපවාසයක් අරඹා ඇති අතර අද වන විට විමල් වීරවංශ මහතා ගෙවමින් සිටිනුයේ සිය සිරගත දිවියේ 74 වන දිනයයි. ඡායාරූපවලින් දැක්වෙන්නේ තම දේශපාලන සගයාගේ සුවදුක් විමසා බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණි සිටි ආකාරයයි.

විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා අද(23) දින මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි වෙත දැක්වූ අදහස් ,

 

 

 

විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා අද(23) දින මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි වෙත දැක්වූ අදහස් ,

විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා අද(23) දිනමැගසින් බන්ධනාගාරය වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් ,

විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා අද(23)දින මැගසින් බන්ධනාගාරය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී, මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස්

විමල් වීරවංශ මහතාගේ සුවදුක් විමසීම සදහා අද(23) දිනමැගසින් බන්ධනාගාරය වෙත පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත දැක්වූ අදහස් ,


About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    ලංකාවේ අධිකරණ ඇමතිකම කරන්නේ වසලයෙක්. විමල්ට නිර්දෝෂී කම ඔප්පු කරන්නලු. ඔය කතාව ආවේ කොහෙන්ද කියල දන්නවා. එතකොට අර අනිත් එවුන් ඇප දීලා ගෙදර යැව්වේ උනුත් නිර්දෝෂී කම ඔප්පු කලාද ඇප දෙන්න ඉස්සෙල්ල? ඒ හැම නඩුවක්ම කල් දදා තාම අහනවා.

    එතකොට සාමාන්‍ය පුරවැසියෙක් වෙච්ච ගෝඨාභය එක දවසින් ඇප දීලා ගෙදර යැව්වේ, එයත් නිර්දෝෂීකම ඔප්පු කළාද? බැසිල් අර මල්වානේ case එකට ඇප දීලා ගෙදර යැව්වේ එදාම, එයත් නිර්දෝෂී කම ඔප්පු කරලද ගියේ? තොපි ඔක්කොම එක හවුලේ කන්නේ. තව කී දෙනෙක් ඔය වගේ ඇප දීලා ගෙදර යැව්වද? විමල්ට එක නීතියක්, උන්ගේ එවුන්ට තව නීතියක්. හැබැයි කියන්නේ ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවලු. නීතිය කාටත් සමානලු. මහා පරිමාණයෙන් හොරකම් කලාම එක දවසෙන් ඇප දෙනවා. ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවා නම්, සරත් ෆොන්සේකාගේ ගිණුමේ තියෙන සල්ලි ගැන අහලා නඩු දාන්නේ නැත්තේ මොකොද?

    එතකොට ආශු මාරසිංහටයි, අලගියවන්නටයි, උන්ට නඩු දාන්නේ නැත්තෙත් පොලිස් කොමිසම ස්වාධීන හින්දද? විමල්ව විතරක් තෝරලා හිරේ දැම්ම. ඇප දෙන එකත් block කලා.

    විමල්ට නිර්දෝෂී කම ඔප්පු කරන්නලු. විමල් නිර්දෝෂීකම ඔප්පු කරයි නඩුව අහපු දවසට. නඩුව අහන්න තාම FCID විමර්ශනය කරනවා. ඉවර නැහැ. ඉවර කරන්නේ නැතුව අදිනවා, විමල්ට වද දීලා හිරිහැර කරන්න ඕනේ නිසා.

    විමල් උපවාසේ පටන් ගත්තේ විමල්ට එක විදියකටත් අනිත් එවුන්ට වෙනස් විදියකටත් නීතිය ක්‍රියාත්මක කරන හින්දා ඒකට විරෝධය පාලා. විමල්ගේ නඩුව තියෙන්නේ අවභාවිතාවකට අනුබල දුන්න කියල. එතකොට කෙලින්ම වැරදි කරපු එවුන්, අල්ලස් ගත්ත එවුන්ට ඇප හම්බ වුනේ කොහොමද? කෝ අර ඡනදේ කාලේ කියපු කම්බ හොරු, අර හොරු මේ හොරු, ඔය කියපු ස්වාධීන පොලිස් කොමිසම පගා ගහලද ඒවා හොයන්නේ නැත්තේ?

    විමල් එයාව නිදහස් කරන කම් උපවාසේ නවත්තන්නේ නැහැ.

    විමල්ගෙ මස් රාත්තලම ඉල්ලන තොපිට හෙන ගහනවා. තොපි ඔක්කොටමයි තොපිත් එක්ක deal දාපු එවුන්ටයි ඔක්කොටම හෙන ගහනවා. මොකොද හැමදාම ජීවත් වෙනවද? තොපිත් දවසක මැරෙනවා.

    ලංකාව සිංහලයන්ගේ රට නෙමෙයි කියපු අසිංහල අධිකරණ ඇමතියා, සිංහලයා වෙනුවෙන් රට වෙනුවෙන් සටන් කරපු විමල්ට සාධාරණයක් කරයිද?

    පාදඩ ආණ්ඩුව තනිකරම දුවන්නේ deal එකකට. විමල් හිරේ ගියේ රට වෙනුවෙන් කතා කරලා. රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉෂ්ඨ කරලා. එහෙම නොවෙන්න මේ රට මේ වෙනකොට බෙදලා. යුධ අධිකරණයක් මේ රටේම පිහිටුවලා. විමල් ජනප්‍රිය වෙනකොට, විමල්ට මිනිස්සු ආදරේ වෙනකොට බය වුනා විමල් ඉස්සරහට එයි කියල. ඒ හින්ද විමල්ව හිරේ දැම්ම, ඒක නතර කරන්න. ඇප නොදී ඇතුලෙම තියාගෙන ඉන්නේ ඒකයි.

    නිස්කාරනේ හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන්ව හිරේ දානවා, කරපු එවුන්ව බේරන්න ඕනේ නිසා. විමල්වයි බුද්ධි අංශෙ නිලධාරීන්වයි හිරේ දැම්මේ අනිත් එවුන්ව බේරන්න. ඕක නොතේරෙන්න මේ රටේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි.

    හොඳට මතක තියා ගනිල්ලා. හැමෝටම වාරයක් එනවා කියලා කතාවක් තියෙනවා. අපිටත් වාරයක් එනවා. විමල්ටත් වාරයක් එනවා. හැබැයි විමල්ගේ වාරේ එන්න ඉස්සෙල්ල අපි විමල්ට ඒක අරන් දෙනවා. හිතන්න එපා අපිත් නිකම් ඉඳියි කියලා. විමල්ට ආදරේ කරන මිනිස්සු ලක්ෂ ගානක් මේ රටේ ඉන්නවා. විමල් මේ වෙනකම් ඒ මිනිස්සුන්ව උසිගැන්නුවේ නැහැ.

  2. Champa Reply

    මගේ මේ comment එක NFF එකේ කවුරු හරි බලනවද? විමල්ට කියන්න hospital ගෙනියන්න හැදුවොත් බැහැ කියන්න කියලා. එයාට ඒකට අයිතියක් තියෙනවා. යන්න එපා කියන්න. බලමු කවුද, විමල්ව හිරේ දාපු එවුන්ද, අපිද දිනන්නේ කියලා. (මම විමල්ට හුඟක් ආදරෙයි කිව්වා කියල කියන්න).

  3. Champa Reply

    Wijedasa Rajapaksa says Wimal should prove his innocence before going on a hunger strike.

    That should apply to Gorabhaya and Basil too.

    In Wimal’s case, he will prove his innocence when a case is filed. There is no case against him. The allegation is not proved in the Courts as the FCID is still conducting their investigations. Even without a case Wimal is retained in the prison indefintely for 75 days.

    Gotabhaya has two cases already against him, one is about MIG Deal and the other about Avant-Garde. Unlike Wimal’s, both these cases involve massive frauds.

    I wish to repeat what Wijedasa says to Wimal. “Prove your innocence that you have never misused a single vehicle” ! The allegations involving MIG jet fighters said to have amounting to Rs. 1500 MILLION, yet Gotabhaya was bailed out misteriously on the same day of the Hearing, without proving his innocence.

    Even Basil has cases against him but he was bailed out too. He didn’t have to prove his innocence.

    Wijedasa Rajapaksa should explain as to how these two ordinary citizens were out on bail without proving their innocence while even being a Parliamentation Wimal is still in prison even before finalizing investigations.

    There are many others who were bailed out without any problem. Why Wimal is treated differently?

    This INJUSTICE is the reason for Wimal’s hunger strike. Wijedasa should take the full responsibility of this DUPLICITY in his “impartial” Judiciary.

    The Judiciary has bent the law for two ordinary citizens accused in collosal frauds while a senior Parliamentarian of 17 years was not granted bail and retained in the prison for 75 days without even a proper case. Wijedasa’s Judiciary is obviously selective in their judgements!

    I saw at a press conference, a question was fielded at Mahindananda about the lack of intervention (by the JO) to get Wimal released. He said that there is no point in doing anything as the government top-brass-duo take decisions (this is the question and answer to my mind). I wonder as to why this notion didn’t apply to Gotabhaya and Basil? Are they still above the law or what? The JO should be dissolved and Mahinda should retire without taking the masses a ride.

    • Champa Reply

      Oops… the 4th para is incomplete and should read as follows:-

      “I wish to repeat what Wijedasa says to Wimal. “Prove your innocence that you have never misused a single vehicle” ! The allegations involving MIG jet fighters said to have amounting to Rs. 1500 MILLION, is under investigation. Although charged with corruption to a tune of $75 MILLION with regard to Avant Garde, Gotabhaya was bailed out mysteriously on the same day of the Hearing, ‘without proving his innocence.”

  4. Champa Reply

    මේක මගේ පරණ කවියක්. විමල් හිරේ දමපු දවස්වලම ලියපු.

    මුහුණු සයක් ඇස් සොලොසක්
    අත් දොලොහක් තිබිල මොටද
    කදිර සුරිඳු මේ ටික මට
    කියල දුන්නේ නැත්තෙ මොකොද

    යගදාවක් අතට දෙන්න
    ඔබෙ ශක්තිය මට එවන්න
    බලකොටු සුණු විසුණු කරන
    මන්තරෙ මට කියල දෙන්න

    අඟේ ඉඳන් කණ කන හැටි
    දෙවියනි මට කියල දෙන්න
    පස්සෙන් හිටගෙන අනින්න
    නිරිච්චියක් මට එවන්න

    මුහුදට මට ආවඩන්න
    ගඟේ වතුර ටික එවන්න
    නැගගත්තට පසු ඉණිමඟ
    බිම වට්ටන හැටි කියන්න

    වඳින වඳින කොට ගහන්නෙ
    මොන රජාද මට කියන්න
    ගහන ගහන කොට වඳින්නෙ
    මෝඩයාද, නෑ කියන්න

    මහ ගලිවර් බිම දැම්මේ
    ලිලිපුට්ටොද මට කියන්න
    කැත වැඩ මට පුරුදුත් නෑ
    ඒ වුනාට කියල දෙන්න

    බෝ පැලේට ගිනි තිබ්බේ
    කොයි එකාද මට කියන්න
    ත්‍රී ශූලෙට ගිනි තිබ්බොත්
    දෙන දඬුවම කියල දෙන්න

    කපන කපන විටදී සුවඳ
    හමන ගහේ නම මොකක්ද
    යකාට බය නම් සොහොනේ
    ගෙවල් හදන්නේ කවත්ද

Leave a Reply

*