BREAKING NEWS

විමල් වීරවංශයන් වෙනුවෙන් පැවති අධිෂ්ථාන පූජාව සහ සත්‍යක්‍රියාව

විමල් වීරවංශයන් වෙනුවෙන් පැවති අධිෂ්ථාන පූජාව සහ සත්‍යක්‍රියාව

මෙි වනවිට මැගසින් බන්ධනාගාරයේ අඛණ්ඩ උපවාසයක නිරතවී සිටින තම පක්ෂ නායක විමල් වීරවංශ මහතා වෙනුවෙන් එම බන්ධනාගාරය ඉදිරියේ අධිෂ්ථාන පූජාවක් සහ සත්‍යක්‍රියාවක් පැවැත්වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබිණි.

මෙම අධිෂ්ථාන පූජාව සහ සත්‍ය ක්‍රියාව මෙහෙයවීම, සෙත් පිරිත් සජ්ඤායනය පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් සිදු කළහ.

මෙම අවස්ථාවට ජානිපෙ නියෝජ්‍ය නායකවරු වන වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, දේශපාලන මණ්ඩල සභික උදයශාන්ත ගුණසේකර ඇතුළු සෙසු පක්ෂ නායකයෝ , මහජන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

කෙසේ වෙතත් අද(26) උදෑසන 9.00 පමණ විමල් වීරවංශ මහතාගේ අයහපත් සෞඛය තත්වය හේතුවෙන් බන්ධනාගාර බලධාරීහු ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත්කර තිබිණි.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    බුදුන් තුන් වරක් වැඩියලු
    බැලු බැලු අත බුදු පිළිමලු
    බෞද්ධකම මහ ඉහළලු
    මනුස්සකම බලු වටීලු

    සිරි දළදා වැඩ සිටීලු
    ශ්‍රී මහ බෝධිය අපේලු
    දන් පින් වල නිමක් නැතිලු
    පලි ගන්නට උපන් රටලු

    ඉතිහාසය හරි පරණලු
    පම්පෝරිය ඉවර නැතිලු
    කැලේ ගහක් නසන්න නම්
    සිංහලයට පළමු තැනලු

    සිංහලකම කට පුරාලු
    වෛරය නහරෙත් දුවයිලු
    නිදි වරමින් තලු මරමින්
    පලි ගන්නා හැටි හිතයිලු

    ඉතිහාසයෙ හැටි මෙහෙමලු
    ගුණමකුකම ඇඟ පුරාලු
    බල ලෝභය ඉහට ගසා
    මිතුරත් හතුරා වෙලාලු

    අයුක්තියට උපන් රටලු
    යුක්තිය ගැන අහල නැතිලු
    උසාවියේ තරාදියේ
    එක පැත්තක් ඇල වෙලාලු

    අවනීතිය රජයනවලු
    උන්ගේ උන්ට ඇප දෙනවලු
    විමල් හිරේ දැමු සතුටට
    තල් අරඹට තිරුමානාලු

    රට වනසන හැටි දුටුවලු
    සිංහලයට තරු පෙනුනලු
    කොඳු ඇට පෙළ ඔසව ගන්න
    බැරුව වැටුණු තැන හිටියලු

    ඉතිහාසය පුරා ඇහුණු
    “රණහඬ” ආයෙත් ඇහුනලු
    රට වෙනුවෙන් බැඳුනු පෙමින්
    ජාතියකට පණ දුන්නලු

    උගුරට ලේ රස එනතුරු
    වේදිකාවේ කෑගැසුවලු
    විමල් නොඉන්නට රජ-මැති
    බහුතරයක් හිර ගෙදරලු

    යුක්තියෙ මිල හරි ඉහළලු
    වෙන කිසිවක් වරම් නැතිලු
    නැග්ගට පසු මුල අමතක,
    රාත්තලම මස් ඕනෙලු

    “සුළගෙන්” සවි අරගත්තලු
    පාර හදාගෙන ඉවරලු
    විමල්ට කල ද්‍රෝහීකමට
    මහ පොළොවත් සෙලවුනාලු!

    නාලාගිරි අජාසත්ත
    දේවදත්ත පරපුරේලු
    මගෙ මව්බිම යලි කිසිදින
    උන්ගෙ අතට යන්නෙ නෑලු!

    දේව සාපයක් වැදුනලු
    පුටුවෙන් බිමටම දැම්මලු
    කඳ සුරිඳුට බාරයි රට
    සැකයක් නෑ රැක ගනීලු

  2. Champa Reply

    අනේ විමල්, ඔබ රෝහලට ඇතුලත් කළා කියල දැන ගත්ත. ඔබ නිරාහාරව උපවාසයේ ඉන්නවා අහලා අහල ආව කම්පාවට ඔබේ දුව විමශාත් රෝහලේ.

    ආදරණීය විමල් ඔබටත්, ඔබේ පවුලේ හැමදෙනාටමත් මහානුභාවසම්පන්න ශ්‍රී දළදා සමිඳු පිහිටත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, ඔබටත්, ඔබේ දරුවටත් කරන මේ අහස පොලොව නුහුලන අපරාධයට මුහුණ දෙන්න යෝධ බල යෝධ වීර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ශ්‍රී ලංකා ඉතිහාසයේ නින්දිතම සහ ම්ලේච්ඡම පලි ගැනීම දකින්න තරම් මේ රටේ ජනතාව අවසනාවන්ත වුනා. විමල්ගෙන් විතරක් නෙමෙයි, විමල්ගේ අර අහිංසක දරුවගෙනුත් පලි ගන්නවා.

    විමල්ගෙ දුවගෙ මානසික තත්වය ගැන කියලා විමල්ට ඇප ඉල්ලුවහම, ඒකෙ තීන්දුව දෙන්න අප්‍රේල් 3 වෙනිදා වෙනකම් කල් දැම්මලු. දවස් 10ක්. මට අදහා ගන්නත් බැරි වුනා. මිනිස්සුන්ට මේ තරම් කුරිරු වෙන්න පුලුවන්ද? “මේ දරුවා මේ වගේ හිත කම්පා වෙන දේකට මුහුණ දෙන දෙවෙනි වතාව”. විමල්ගේ නීතිඥයන් මේ කතාව උසාවියට කිව්වද? අනිවාර්යයෙන්ම විමල්ගේ දුවගේ මානසික තත්වය තමන්ගේ තාත්තා නැති දුකෙන් අඬන වෙනත් දරුවෙකුගේ තත්වයට වඩා වෙනස්.

    මුලින් වතාවේ අවුරුදු 7, 8දී තමන්ගේ තාත්ත කරන දේ බරපතලකම නොත්රුනාට විමශාට දැන් තේරෙනවා විමල් කරන අඛණ්ඩ උපවාසය නිසා විමල්ගේ ජීවිතය නැති වෙන්න පුළුවන් කියලා. වැඩිහිටියෙක්ට වුණත් එකපාරට මේ වගේ දෙකින් කම්පා වෙලා nervous breakdown එකක් වෙන්න පුළුවන්. එතකොට අවුරුදු 14ක 15ක මේ අහිංසක දරුවාට එහෙම දෙයක් වුනොත් දරුවා සාමාන්‍ය තත්වෙට පත් කරන්න අධිකරණයට පුලුවන්ද?

    තීන්දුව දෙන්න දවස් දහයක් අරගෙන? දවස් 10ක් යනකොට මේ දරුවාගේ තත්වේ බරපතල වෙන්න නැත්ද? තමන්ගේ දරුවා තමන් නිසා රෝහලේ කියලා දැනගත්තහම විමල්ව වුණත් බරපතල මානසික වැටීමකට ලක් වෙන්නේ නැත්ද?

    විමල්ව හිරේ දමපු වෙසිගේ පුතාලගේ මනුස්සකම ගැන අහලා වැඩක් නැහැ. ඒ “මනුස්සකම” මම හොඳට දැක්ක දවස් දෙකකට කලින් “අද දෙරණ” ප්‍රවෘත්තියක.

    හැබැයි අධිකරණයේ සමානාත්මතාවය, යුක්තිය සහ සාධාරණත්වය මේ අහිංසක දරුවාට අහිමි කලේ කොහොමද?

    මේකද යකෝ මේ ආණ්ඩුවේ මහලොකු ස්වාධීන අධිකරණය? අනිත් හැමෝටම එක විදියකටත් විමල්ටත් විමල්ගේ දරුවාටත් වෙනස් විදියකට සලකන තොපේ මේ අධිකරණයේ තියෙන අපක්ෂපාතීකම මේකද?

    යකෝ අර ජාත්‍යන්තර යුධ අපරාධ අධිකරණයවත් මේ වගේ අමානුෂික තීන්දු දෙන්නේ නැහැනේ. කිරි දරුවෙකුටවත් යුක්තිය ඉෂ්ඨ නොකරන මුන්ගේ අධිකරණය හරියට මස් වැද්දෙක්ගෙ ම්ලේච්ඡ කැළෑ උසාවියකටත් අන්තනේ.

    හොඳටම තේරෙනවා කාගේ හරි පෞද්ගලික පලි ගැනීමකට මේක කරන්නේ කියලා. 2015 විමල් රට වෙනුවෙන් ජන ගඟක් ගොඩ නොනඟන්න, හිරේ ඉන්නේ විමල් නෙමෙයි, මහින්දයි ගෝඨාභයයි බැසිලුයි.

    සාගලයි, විජේදාසයි, රනිලුයි එක්ක එකතු වෙලා හමුදාවේ බුද්ධි අංශය හිරේ දම්මවනවා. පාවා දෙනවා. හරියටම කොහොමද නැතනම් පොලීසිය දන්නේ මේ බුද්ධි අංශ නිලධාරීන්ව? නැත්නම් මේ තරම් ලේසියෙන් කොයි රටේද ඔත්තු සේවයේ නිලධාරීන්ව අල්ලන්නේ? මට මේක ඉස්සරත් හිතුනා. තමන් කරපු අපරාධ වහ ගන්න බුද්ධි අංශ නිලධාරීන් ගැන ආණ්ඩුවට ඔත්තු දෙනවා. ආණ්ඩුවට නෙමෙයි මුන්ට හෙන ගහනවා රට බේරගත්ත අපේම හමුදාවට විරුද්ධව මේ කරන අපරාධ වලට. පාවා දීම් වලට. විමල් ගොඩ නගපු ජනපවුරම පාවිච්චි කරලා ආණ්ඩුව පෙරලනවා කියලා රනිල්වයි ආණ්ඩුවයි blackmail කරගෙන හිරේ නොගිහින් ඉන්නවා. මෝඩ රනිල්, රාජපක්ෂලාට ඇති බලයක් නැහැ. බලය තියෙන්නේ ජනතාව අතේ. ජනතාව හසුරුවන බලය තියෙන්නේ විමල් අතේ. මහින්දගේ රැස්වීමකට “ස්වේච්චාවෙන්” එන්න කිව්වොත් එක දාහක් එන්නේ නැහැ. මිනිස්සුන්ට ස්වාධීනව නැගී හිටලා අදටත් ආණ්ඩුවට එරෙහි වෙන්න ශක්තිය, ගැම්ම දුන්නේ විමල් මිසක් මහින්ද නෙමෙයි. විමල් හිරේ ඉඳලා හරි නැතුව හරි අපි ආපහු සංවිධානය වෙනවා. මොකොටද කියලා පස්සේ තේරෙයි.

    හමුදා බුද්ධි අංශ ගැන ඔත්තු දීල හිරේ දම්මවලා, ඊළඟට දේශපාලන ඉරිසියාවට විමල්ව හිරේ දැම්මෙව්වා, ඇප නොදී විමල්ව දිගින් දිගටම හිරේ තියලා එක්කෝ සදාකාලික ලෙඩෙක් කරලා, එහෙම නැත්නම් මානසික ලෙඩෙක් කරලා දේශපාලනයෙන් අයින් කරවන්න. “ජාතියේ අප්පච්චි” මෙහෙම තමයි, ගෙදර ගිහින් ඊළඟට හිරේ යන්න හිටපු තමන්ව ආපහු බලයට ගෙන්න දිවා රෑ නොබලා උගුර ලේ රහ වනතුරු වේදිකාවල කෑ ගහපු විමල්ට කෙලෙහිගුණ සැලකුවේ. විමල්ගෙන් විතරක් නෙමෙයි අර අහිංසක දරුවගෙනුත් පලිගන්නවට නම් අනිවාර්යයෙන්ම පල දෙනවා.

  3. Champa Reply

    තමන්ගේ දුක වේදනාව හිතේ තද කරගෙන, විමල් වෙනුවෙන් අධිෂ්ඨාන පූජාවක් සූදානම් කරපු, විමල් ලඟින්ම එදා වගේම අදත් ඉන්න ජාතික නිදහස් පෙරමුණේ හැමදෙනාටම මගේ ගෞරවය පුද කරනවා.

    පුළුවන් නම් විමල්ට කියන්න මම එයා වෙනුවෙන් හැමදාම ඉන්නවා කිව්වා කියලා. කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා. කාටවත් මාව අයින් කරන්න බැහැ කියලා. හිතේ ශක්තිය අඩු කරගන්නේ නැතුව ඉන්න කියන්න. එච්චරයි මට ඕනේ.

    2015 දී මානසිකව කඩා වැටිලා හිටපු ජාතියක් නැගිටුවලා, දෙකඩ වෙන්න ගිය රටත් බේරාගෙන, හිරේ දාන්න හිටපු මහින්දවත් බේරාගෙන, දංගෙඩියට ගෙනියන්න ගිය රණවිරුවොත් බේරා ගත්ත විමල්ට අද තමන්ට යුක්තිය ඉල්ලලා උපවාසයක් කරන්න වෙලා.

    විමල් නිරාහාරව යුක්තිය වෙනුවෙන් සටන් කරනවා. විමල්ගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට ආපු මහින්දගේ අකෘතඥකම කොයිතරම්ද කිව්වොත් අද වෙනකම්එක වචනයකින් වත් බලපෑමක් කරලා නැහැ ආණ්ඩුවට විමල්ව නිදහස් කරන්න කියලා. විමල්ව හිරේ දාපු එකාගෙන් එහෙම කියවා ගන්න මට අවශ්‍යත් නැහැ. ඒ වුනාට මේ රටේ මිනිස්සු දැන ගන්න ඕනේ මහින්ද විමල්ට කරපු ද්‍රෝහිකම.

    විමල් මොනතරම් වේදිකාවල්, පාර්ලිමේන්තු සභාවල් දෙවනත් කලාද 2015, 2016 අවුරුදු දෙකේ මහින්ද වෙනුවෙන්? කමක් නැහැ. මහින්ද වෙනුවෙන් මමත් 2015 පෙබරවාරි ඉඳන් අගෝස්තු වෙනකම් comments ලිව්වා. ඒ අතරේ හුඟක් දවස් තියෙනවා මම මුළු රෑම නිදියන්නේ නැතුව මහින්ද වෙනුවෙන් ලියපු. ඊට පස්සෙත් 2015 දෙසැම්බර් වෙනකුත් 2016 ඔක්තෝබර් වෙනකනුත් මම ලියලා තියෙනවා. මහින්දගේ කඩා වැටිච්ච ප්‍රතිරූපේ ආපහු ගොඩ නගන්න අපි හුඟක් දුක් වින්දා 2015දී. සිරිසේනට රනිල්ට සාප කළා. මම මෙච්චර කල් උදව් කරලා තියෙන්නේ මොන තරම් දුෂ්ඨ කුරිරු මිනිහෙකුටද කියලා මට තේරුනේ දේශපාලන ඉරිසියාව සහ කුහකකම නිසා තමන්ට මේ තරම් උදව් කරපු විමල්වත් හිරේ දැම්මට පස්සේ.

    අපේ ගමන අපි යනවා. විමල්ව පාවා දීපු එවුන් උන්ගේ ගමන යයි. හැබැයි අපේ ගමන වගේ නෙමෙයි උන්ගෙ ඒ ගමන ඉවර වෙන තැනක් තියෙනවා. විමල්ට කරපු දේට ප්‍රතිඋපකාර සලකන්න, මම ඒ ගමන ඉවර කරන්න උදව් කරනවා කිසි ලෝභ කමක් නැතුව. මේ දවස්වල මම ඒ උදව්ව කරනවා Ceylon Telegraph එකේ. තාම හරියට පටන් ගත්තේ නැහැ.

  4. Champa Reply

    This my reply to an article appeared in “Daily Mirror – Opinion Section” dated 25 March, 2017 under the caption “Don’t turn justice into a fast-moving comedy”

    This is the link to the article. http://www.dailymirror.lk/article/Don-t-turn-justice-into-a-fast-moving-comedy-126193.html

    (My two line comment to DM was not published).

    This article about Wimal Weerawansa’s case is totally bias. The Daily Mirror promotes political witch-hunt and hatred.

    There are no words to describe how sickeningly inhuman some humans, like this writer, can be! Disgusting!!!

    According to the writer, in order to “restore Sri Lanka’s image and relationships for more trade and aid”, the Government should imprison an Opposition Parliamentarian and a vociferous revolutionary like Wimal Weerawansa, as his voice is so ear-splitting, no country offer trade deals or aid! When his voice is suppressed, the restoration of the independence of the judiciary, the police and the rule of law are visible and his voice is inaudible to the international players and national jokers.

    Then the writer laments that the above “drama of the government” is undermined by certain parties.

    Then the writer has given a description of Wimal’s exaggerated 90 Million metal aka vehicle case which I am lazy to repeat. However, I get hyperactive when I remember two other accused for fraud from the previous regime and four other accused of the present regime.

    As it appears to me that the writer has conveniently forgotten to (in his own words) “giving publicity to more important matters that are taken up in such cases”, I wish to remind him about these cases in CAPITAL LETTERS.

    1. Gotabhaya Rajapaksa is accused of a fraud related to MIG Jet Fighters and thereby causing a massive loss amounting to Rs. 1500 Million which is still “under investigation” by the FCID same as Wimal’s.

    The writer’s Judiciary, Police and the Rule of Law, all three are so “independent and impartial”, Gotabhaya was NOT arrested and remanded like Wimal.

    2. In another case, Gotabhaya was charged for corruption with regard to Avant-Garde and thereby causing $75 Million (Rs. 11.38 Billion) to the government. Being an ordinary citizen, he was bailed out on the same day while Wimal, even by being a Parliamentarian for 17 years didn’t enjoy such luxury due to “selective independence” of the Judiciary. The Police didn’t bother to wake up the Attorney General who was in deep slumber to oppose Gotabhaya being bailed out. Interestingly, he was fully awake and super active at Wimal’s bail hearing at the High Courts.

    3. Basil Rajapaksa was charged under Money Laundering Act for co-owning a 16 acre land in Malwana with a Villa which is valued at Rs. 208 Million. Yet, the writer’s “unbiased” Judiciary bailed him out without sending him to remand prison like Wimal. This “independent” Judiciary’s generosity towards an ordinary citizen like Basil is unbelievable. How do you explain these cases Dear Opinion Writer other than “a tragic truth of the selective independence of the Judiciary” ?

    4. In Wimal Weerawansa’s case, who is accused for aiding and abetting to misuse vehicles, there are two other Parliamentarians directly involved in misuse of vehicles namely; ASHU Marasinghe and LASANTHA Alagiyawenna who were NOT questioned, let alone arrested and remanded like Wimal.

    5. And Wimal’s then predecessor veteran Minister Rajitha Senaratne, whose guidelines on the use of Ministerial vehicles have been followed by Wimal as a rookie Minister, was not even questioned so far. Is this justice? I must announce the world that Sri Lanka’s Judiciary is selective, bias, prejudicial, preferential and unequitable!!!

    6. Arjun Mahendran, the former Governor of the Central Bank who caused over Rs. Trillion losses to the government is scot free. Can anybody dispute me if I say Sri Lanka’s Judiciary, the Police and the Rule of Law are brazenly selective?

    Therefore, Wimal has very correctly alleged that his arrest and remand are acts of political revenge. As the writer alleged, Wimal is not after publicity. Any fool can see that what Wimal tried to point out about the injustice in his case is true and fair. Wimal is the only Parliamentarian who need not bother about publicity. Wherever he goes, limelight follows him.

    The writer says “Earlier this month, Mr. Weerawansa walked into parliament ‘proudly’ displaying his handcuffs”. What the heck man, are you all even jealous of Wimal’s handcuffs in addition to his popularity?

    As the writer says, Wimal didn’t arrange any “ceremony” to “mark” his Birthday. The two words used by the writer “ceremony” and “mark” made me laugh. In my opinion it was a simple, brief function organized by his fellow Parliamentarians to celebrate his Birthday.

    The mentioning about Wimal’s request to be considered as an independent party in the Parliament is rubbish and not relevant at all.

    Wimal went on a hunger strike against obvious political witch-hunt and selective verdicts of his bail applications.

    I have explained under 1, 2, 3, 4, 5 & 6 where any ordinary citizen will question the independence and impartiality of the Judiciary.

    The Justice Minister, Wijedasa Rajapaksa should explain as to how the Judiciary let go of Gotabhaya, Basil on bail who were charged for massive corruption and failed to summon Ashu, Alagiyawenna and Rajitha to Courts in Wimal’s Case.

    Gotabhaya, Mahinda and Basil are accused for killings, torture, abductions and colossal corruption. While the formers are on bail, the latter was not even questioned. Is the Metal aka Vehicles more valuable to the Police and the Judiciary, than billions of currency and human lives?

    Arjun Mahendran who caused a loss to the government in trillions is still scot free. While He was not even questioned even though investigations are still ongoing Wimal was arrested and remanded for 77 days.

    As an ordinary citizen I am unable to grasp the meaning of “impartiality and independence” of Wijedasa’s Judiciary. As a Parliamentarian for 17 years, Wimal Weerawansa deserve justice, impartiality, fairness and equity in his case. I now understand as to why the UNHRC stresses the point that Sri Lanka’s Judiciary has a questionable reputation for injustices and political influence. This is why I enjoy writing in English.

    I want to question the writer whether the selective judgments for bail and non-charges of above cases display the independence of the police, judiciary and the rule of law that are the “pillars of democracy that provide the checks and balances for the democratic process to work well”???

    Then I saw the most inhuman, savageous and brutality side of Sri Lanka’s Judiciary by denying justice, euity and equality of the law to a seriously depressed child.

    After Wimal started a hunger strike seeking justice, Wimal daughter fell ill. Her mental agony is serious as this is the second time; first at the age of 7 or 8 and then at the age of 15 she is seeing her father fighting in a life and death hunger strike. Her devastation cannot be compared to any other ordinary child’s situation. This is the second time. The Court should have taken the child’s situation as exceptional. Instead, the Judiciary POSTPONED the verdict of the bail application based on the child’s situation for 10 days (until April 3).

    The Judiciary wanted Wimal Weerawansa’s severely depressed, devastated child to suffer 10 days. If the child gets a mental breakdown during this period, will the Judiciary be able to recover her? And she is getting ready to sit for O/L at the end of the year. Although the other accused of Wimal’s case was released by the Courts immediately, at the submission of a Doctor’s Report over his 12 year old child’s mental situation, Wimal Weerawansa’s child was asked to suffer the mental agony for 10 days! It is shocking to see Sri Lanka’s Judiciary denying equality of the law, fairness and justness to a devastated child.

    Such brutality of Sri Lanka’s wretched Judiciary towards an innocent child who is severely depressed and devastated due to her to father’s hunger strike is appalling.

    I demand justice for Wimal Weerawansa on his behalf and his daughter’s behalf. Will Sri Lanka’s Judiciary at least now bring upon justice to Wimal without being bias, prejudicial, preferential and discriminatory in his case???

    This is the tragic truth of the selective Judicial impartiality in Sri Lanka.

  5. Champa Reply

    මාසෙකට හමාරකට ඉස්සෙල්ල විමල් වෙනුවෙන් ලියපු මේ කවිය මම LCN එකේ දැම්ම. මතක හැටියට පස්සේ දවසක මේකේ කොටසක් විමල්ගේ FB එකටත් එව්වා.

    “නිල් මැණිකට” මිලක් දෙන්න
    තිරුවානා අතර ඉන්න
    ලක් මෑණිට සම කරන්න
    ඔබ හා සම නමක් දෙන්න

    ඉතිහාසය පුරා ඇසුණ
    “රණහඬ” අදටත් ඇහෙන්න
    රටේ පිනට ඔබ උපන්න
    හේතුව මගෙ රට රකින්න

    රට වෙනුවෙන් දිවි පුදන්න
    සිර ගතවී දුක් විඳින්න
    මහ මෙර මෙන් නොසැලි ඉන්න
    වීර හදට පෙම් කරන්න

    ජාතියටම පණක් දුන්න
    ඔබ නැති රට කුමක් වැන්න
    කෑලි කැඩී බිඳුණු රටක්
    නොවුනෙ ඔබට පින් ලැබෙන්න

    තර්ජනයක් රටට එන්න
    ගිය හැම විට පෙරට එන්න
    ඔබ රටටම නායකයෙක්
    ඔටුනු නැතත් රට හදන්න

    හඬ තැලුවත් හිවල් ගොන්න
    පණ තිබුනේ නෑ කරන්න
    ඔබ පසුකර රණවිරුවන්
    දංගෙඩියට අරන් යන්න

    යුධ සමයේ ඔබ කළ දෑ
    දැන ගත්තා මා නොදන්න
    ඔබ ගැන ඔබ කිසි දවසක
    කතා නොකලෙ ඇයි කියන්න

    උතුර නැගෙනහිර වෙන්කර
    රට වෙනුවෙන් නඩු කිව්වලු
    කී දහසක් දැන සිටියද
    ඉතිහාසය මම නොදන්න

    යුතුකම් ගැන නොහිතන හැටි
    සිංහලයන් බලා ඉන්න
    සිරගතවී දුක් විඳිනා
    ඔහු නොපෙනෙද මට කියන්න

    සිංහ කොඩිය රැක ගන්නට
    ඔහු කල මෙහෙවර හිතන්න
    මොහොතක් නිහඬව සිට ඔබෙ
    හද ගැස්මට සවන් දෙන්න

    නිවට රැලට ඔහු පෙලන්න
    නැති වරදට සිර කරන්න
    මුළු රටක්ම කොඳු පණ නැති
    ඉඩ දුන්නට ලැජ්ජ වෙන්න!

    ලක් මෑණිට පණ හා සම
    ජාතියටම පණක් දුන්න
    හුස්ම වැටෙන සිංහලයෙනි
    ඔහු වෙනුවෙන් පෙරට එන්න

  6. Champa Reply

    සිංහල අපිට හඬක් වෙච්ච, මුළු රටටම ශක්තියක් වෙච්ච, විමල් අද නිරාහාරව උපවාසයක යෙදෙනවා, තමන්ට ඇප නොදී දිගින් දිගටම සිරගත කරලා තැබීමට එරෙහිව, යුක්තිය ඉල්ලලා.

    විමල්ට මේ තරම් දුරට යන්න වුනාට සිංහලයෝ විදියට අපි ලැජ්ජා වෙන්න ඕනේ. විමල් රට වෙනුවෙන් කල යුතුකම ගැන නොසලකා හැරලා දවස් 75ක් තිස්සේ විමල්ට හිරේ දුක් විඳින්න වුනාට හෘද සාක්ෂියක් තියෙන හැමෝටම වරදකාරී හැඟීමක් එනවා. මම විමල් වෙනුවෙන් හුඟක් ලිව්වා විමල් අත් අඩංගුවට ගන්න ඉස්සෙල්ල සහ පස්සේ. විමල්ව හිරේ දමපු වේ……… බලපෑම් කරලා ඒවා පල කරන එක නතර කළා.

    අද විමල් ඉන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක. විමල්ට හුඟක් අසාධ්‍යයි කියලා දැන ගත්ත. විමල්වම තෝරා ගෙන මේ කරන පලි ගැනීම නවත්තලා විමල්ට යුක්තිය ඉෂ්ඨ කරන්න, විමල්ව නිදහස් කරන්න කියල ප්‍රබල හඬක් නඟන්න කලගුණ දන්න සිංහලයන් ඉදිරිපත් වෙන්න ඕනේ.

  7. Champa Reply

    සිංහ කොඩිය අත දරාන
    සිංහ එඩිය හිත දරාන
    “සිංහලයේ සිංහ හදට”
    පණ දෙන්න වරෙව්!

    දෑත දෙපා දන් දුන්නා
    ජීවිත සහසක් පිදුවා
    රණවිරුවන් රැකදුන් ඔහු
    රැක ගන්න වරෙව්

    දිනා දුන්නු මේ මව්බිම
    රැක දුන් එඩිතර “රණහඬ”
    රට වෙනුවෙන් කල යුතුකම
    සිහි කරන් වරෙව්!

    මර නින්දේ තොපි හිටියා
    ඔහු සිර ගෙයි දුක් වින්දා
    යුක්තිය ඉල්ලන ශක්තිය
    ඇස් ඇරන් බලව්!

    හුස්ම පොවා ලක් මෑණිට
    හුස්ම තියෙන තුරු රැකගත්
    හුස්ම ඔහුගේ රැක ගන්නට
    දැන් ඉතින් වරෙව්!

  8. Champa Reply

    විමල්ට හුඟක් අසාධ්‍යයි. ඒත් විමල් උපවාසය නවත්තන්නේ නැහැ. තමන්ගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 29 පුරාම වගේම, අදත් විමල් සටන් කරන්නේ යුක්තිය වෙනුවෙන්. තමන්ට වුනු අසාධාරණය, අයුක්තිය වෙන කෙනෙකුට සිද්ධ වෙන්න ඉඩ නොදෙන්න විමල් අධිෂ්ඨානය කරගෙන ඉන්නවා. රටේ අවාසනාවට විමල් ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය පූජා කරන්න යනවා.

    විමල් ගැන දන්නා ඕනෑම කෙනෙකුට, විමල්ට ආදරේ කරන ඕනෑම කෙනෙකුට විමල් කරන දේ බරපතලකම, විමල්ගේ උතුම් චේතනාව වටහා ගන්න අමාරු නැහැ.

    විමල් ජීවිත පූජාවෙන් සටන් කරන්නේ, දේශපාලන බලපෑමට යටත් කරලා තියෙන පොලීසිය, නීතිපති දෙපාර්තුමේන්තුව සහ අධිකරණය දේශපාලන බලපෑමෙන් මුදවා ගෙන මේ රටේ හැම දෙනාටම, නීතියේ සාධාරණත්වය, සමානාත්මතාවය සහ අපක්ෂපාතිත්වය එක සමාන ලෙස ක්‍රියාවේ යොදවන්න බල කරන්න.

    විමල්ගේ උපවාසය අධිකරණය එරෙහිව නෙමෙයි අධිකරණය වෙනුවෙන් කරන උපවාසයක්.

    තමන්ගේ නඩුවේදී පමණක් නෙමෙයි, බොරු චෝදනා ඉල්ලා කරලා දේශපාලන හේතු මත සිරගත කරලා තියෙන රණවිරුවන්ට, රජයේ නිලධාරීන්ට සහ අනිකුත් දේශපාලකයන්ට යුක්තිය ඉෂ්ඨ කරන්න බැරි විදියට දේශපාලන බලපෑමට යටත් කරලා තියෙන විනිශ්චයකරුවන් එයින් මුදා ගෙන, අපක්ෂපාතී, සාධාරණ, ස්වාධීන තීන්දු දෙන්න ඔවුන්ට තියෙන බලපෑම අයින් කරන්නයි විමල් ජීවිතයත් මරණයත් අතර උපවාසයක් කරන්නේ.

    විමල් අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය වෙනුවෙන් තම ජීවිතය වුනත් පූජා කරන්න උපවාසයක යෙදිලා ඉන්න බව මේ රටේ ජනතාව දැන ගත යුතුයි.

    විමල්ගේ ජීවිතේට මොන යම් ආකාරයක කරදරයක් හරි වුනොත්, ඒකට කෙලින්ම වග කියන්න ඕනේ දේශපාලන කුමන්ත්‍රණයක යෙදිලා විමල් හිරේ දැමූ, විමල්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරවපු සහ විමල්ගේ දුවගේ මානසිකත්වය උඩ විමල් ඉල්ලූ ඇප අයදුම්පතත් කල් දම්මපු මහින්ද සහ ඒකාබද්ධ විපක්ෂය කියන එක මේ රටේ ජනතාව දැන ගන්න ඕනේ.

    මම දැක්ක තැනක තියෙනවා මහින්ද ජනාධිපති, අගමැතිගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කියල විමල් ගැන. එච්චර කරදර වෙන්නේ මොකටද සාගල සහ රනිල් මාර්ගයෙන් පොලීසියට සහ අධිකරණයට කරපු බලපෑම අයින් කරන්න විතරයි තියෙන්නේ.

  9. Champa Reply

    I wish to reproduce a comment made by me at LankaCNews on February 25, 2017 with regard to a news item on the retirement of former Chief Justice Sripawan.

    Quote:
    “The Chief Justice is a Tamil gentleman. But we never saw any difference. Our issues were always with the Judges who were failed to maintain the independence of the Judiciary. Then again, honestly speaking, we can’t fault them, too. The tragic truth is some of the controversial verdicts were given due to political pressure.

    The Supreme Court is so far above the political influence and managed to maintain the independence.

    I am failed to understand, why should our Judiciary give into political influence? The Judges are protected by the Constitution. They have the immunity from prosecution for carrying out their duties or any acts within their judicial function. If they are threatened by the government to suppress their promotions in order to influence their rulings, they can always “seek justice”.

    An independent Judiciary is one of the cornerstones of the democracy.
    The citizens of this country should have the confidence that the Judge dealing with their case is not influenced by the government politicians, not unduly lenient to the government or any outside party or most importantly by the Judge’s own personal interests, such as a fear of being suppressed for promotion, transfer or any other legitimate rights they enjoy.

    The only basis of the rulings and the decisions of the Judges should be the facts of the case, judicial discretion and the law.

    Unquote:

    • Champa Reply

      Our Judges should take an example from the American Judiciary.

      A Federal Judge gave an independent ruling against American President’s discriminatory travel ban on Muslims.

      It is imperative that the new Chief Justice who is not a political appointee, taking action to make Sri Lanka’s Judiciary independent from political influence. He should instruct Judges to notify him if they are under political influence.

      It is highly unlikely politicians take action to make the Judiciary independent and impartial. The action should come from the Chief Justice who is the supreme authority.

Leave a Reply

*