BREAKING NEWS

‘විමල් වීරවංශ, සිරගත කරන ලද සිතුවිලි: යදමින් බැදි අක්‍ෂර’ ජනගත වූ වගයි!

‘විමල් වීරවංශ, සිරගත කරන ලද සිතුවිලි: යදමින් බැදි අක්‍ෂර’ ජනගත වූ වගයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිය දින 87ක සිරගත දිවියේදී රචනා කළ දෙවන කෘතිය අද(22) කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී පස්වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනගත කෙරිණි.

මෙම අවස්ථාවට හිටපු ආරක්‍ෂක ලේකම්, ගෝඨාභය රාජපක්‍ෂ, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ, සාලින්ද දිසානායක, දේශහිතෛෂි ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර, ජාතික නිදහස් පෙරමුණේ භාණ්ඩාගාරික දීපාල් ගුණසේකර, නියෝජ්‍ය ලේකම්, නීතිඥ කපිල ගමගේ, ලක්මව දියණියෝ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල, ලලන්ත ගුණසේකර, රොජර් සෙනවිරත්න යන පළාත් සභා මන්ත්‍රීවරු ද හිටපු නැගෙනහිර පළාත් අෘණ්ඩුකාර මොහාන් විජයවික්‍රම, හිටපු උතුරු පළාත් අාණ්ඩුකාර සී.ඒ. චන්ද්‍රසිරි, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සභාපතිනී මහාචාර්ය ක්‍ෂණිකා හිරිඹුරේගම, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති සිසිර සිරිබද්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණන්ද තීරාණගම, ප්‍රවිණ මාධ්‍යවේදී මොහාන් සමරනායක, ෆාස්ට් පබ්ලිෂින් අධිපති ප්‍රේම් දිසානායක, ශෂි වීරවංශ මහත්මිය සහ දියණිය ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.

රැස්ව සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවීම පූජ්‍ය කිරම විමලජෝති නාහිමි සිදු කළ අතර ප්‍රධාන දේශනය කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් සිදු කරන ලදී.
පිළිගැනීමේ කතාව නීතිඥ කපිල ගමගේ මහතා සිදු කළ අතර කෘතියේ කතුවර විමල් වීරවංශ මහතා ද කෙටි දෙසුමක් හා පැමිණි සැමට ස්තූතිය පුද කිරීම සිදු කළේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*