BREAKING NEWS

වීරවංශ නිදහස් කර ගැනීමේ ජාතික සටන පමණක් නොවෙයි මේ ආණ්ඩුව ගෙදර යවන පළමු වෙඩිමුරයයි අද අපි තැබුවේ

වීරවංශ නිදහස් කර ගැනීමේ ජාතික සටන පමණක් නොවෙයි මේ ආණ්ඩුව ගෙදර යවන පළමු වෙඩිමුරයයි අද අපි තැබුවේ

– විමල් වීවංශ නිදහස් කර ගැනීමේ ජාතික විරෝධතා ව්‍යාපාරයේ කැදවුම්කරු
වීරකුමාර දිසානායක මහතා

විමල් වීරවංශ මහතා නිදහස් ගැනීමේ ජාතික සටන පමණක් නොව ආණ්ඩුව ගෙදර යැවීමේ පළමු වෙඩිමුරයද අද ආනුරාධපුරයේදී ආරම්භ කරනු ලැබූ බව ‘විමල් වීරවංශ නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ’ කැදවුම්කරු, ජානිපෙ නියෝජ්‍ය නායක, වීරකුමාර දිසානායක මහතා පවසයි.
ඊයේ(16) අනුරාධපුර නගරයේදී පැවැති ජාතික විරෝධතා ව්‍යාපාරය අවසානයේ අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර මහතා මෙසේද සදහන් කළේය.

“රනිල් වික්‍රමසිංහ අපේ පක්ෂයේ නායක, විමල් වීරවංශ මහතා හිරේ දමලා අදට දින 40ක් වෙනවා. ‘වීරවංශ හිරේ දාලා මේ රට බෙදන ව්‍යවස්ථාවක් ගෙන එන්න හදනවානම් ඒකට අපි ඉඩ තියන්නේ නැහැ’ කියන පණිවිඩය මේ රූකඩ ආණ්ඩුවට ලබා දෙන්නයි අපේ මේ ජාතික විරෝධතාවය පැවැත්වූයේ, ආණ්ඩු විරෝධී සටනේ ප්‍රමුඛතම සෙන්පතියා වුණු විමල් වීරවංශ හිරේ දාලා අනෙකුත් නායකයන් බිය වැද්දවීමට මේ ආණ්ඩුව හිතනවානම් අපි කියනවා, ‘මහත්වරුනි, නුඹලාට වැරදිලා කියලා’

මහරගමින් – කළුතරට, කළුතරන්- කටුනායකට, කටුනායකින්- නුවරඑළියට, නුවරඑළියෙන් – බත්තරමුල්ලට අපි ආවේ ‘විමල් වීරවංශ වහා නිදහස් කරනු’ කියන සටනත් සමගින්. ඒ සටන දිනෙන් දින බලවත් වෙනවා. අද(16) අපි අනුරාධපුර නගරයේ අරඹුනු ලැබුවේ ජාතික විරෝධතා ව්‍යාපාරයක්. මේ ජාතික විරෝධතා ව්‍යාපාරය අපි මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට පුරා ගෙන යන්න සූදානම් වෙනවා. මේ සටන නතර කරන්නේ විමල් වීරවංශයන් නිදහස්කර ගෙන පමණක් නෙවෛයි මේ පරගැති පාලනයෙන් මේ රට නිදහස් කරගෙනයි.

මෙම ජාතික විරෝධතා ව්‍යාපාරය දැවැන්ත පෙළපාලියකින් හා විරෝධතා රැලියකින් සමන්විත වූ අතර අනුරාධපුරය නගරය පුරා, කළුකොඩි ඔසවා තිබිණි. මෙම ජාතික විරෝධතාවට ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් නායක, එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් සභාවේ සභාපති, ටී.එම්.ආර්. සිරිපාල, ඇතුළු මහජන නියෝජතියන් රැසක් එක්ව සිටියහ. එසේම ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා ඇතුළු පක්ෂයේ නායකයෝ පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ
2017-02-17

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*