BREAKING NEWS

වී කිලෝවක නාමික සහතික මිල පෙන්වමින් සහල් මාෆියාව සහල් කිලෝව හිතුමතේට ඉහළ දමා තිබෙනවා. – ජාතික නිදහස් පෙරමුණ

10952531_414805942014286_3527580681783106159_oවී කිලෝවක නාමික සහතික මිල රුපියල් 50 දක්වා වැඩිකර ඇතත් අද රට පුරා වී කිලෝව මිලදී ගැනෙන්නේ රුපියල් 28-32 අතර මිලකට බවත් ඉහත නාමික සහතික මිල හේතුවෙන් අද සහල් මාෆියාව සහල් කිලෝව රුපියල් 112 දක්වා ඉහළ දමා ඇති බවත් ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

මේ තත්වය හේතුවෙන් වී ගොවියා සහ මේ රටේ බත්කන ජනතාව දැඩි සේ අපහසුතාවට පත් වී ඇතැයි ද එම පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙයි.

අද(15) බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේනායක මහතා මෙසේද පැවසීය.

‘‘අතුරු අය-වැයෙන් පාන්පිටි මිල අඩු කළාම අද පාන්පිටි කිලෝව රුපියල් 72ක් වී තිබෙනවා. ඒ අතර අද සහල්පිටි කිලෝව රුපියල් 86ක් වී තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව සෑම විටම පාන්පිටි කිලෝව සහල්පිටි කිලෝවට වඩා රුපියල් 20කින් ඉහළ දමා තිබුණා. ඒ ආණ්ඩුව දේශීය ගොවියා සහ දේශීය සහල්පිටි නිෂ්පාදකයා ආරක්‍ෂා කිරීමටයි එසේ සිදු කළේ. නමුත් අද මේ ‘යහපාලන’ ආණ්ඩුව දේශීය ගොවියා හා දේශීය සහල්්පිටි නිෂ්පාදකයා අසරණ කරමින් ඇමෙරිකන් ගොවියාට සහන ලබාදී තිබෙනවා.

සහල් හා සහල්පිටි කිලෝව ඉදිරියේදී රුපියල් 112ක් දක්වා ඉහළ යාමට නියමිතයි. වී කිලෝවකට රුපියල් 50ක නාමික සහතික මිලක් ඇති කොට සහල් හා සහල්පිටි මිල ඉහළ යාමට සලස්වා පාන්පිටි මිල අඩු කොට ’පාන්පිටි ත‍්‍රස්තවාදයට’ යළි පණ දෙන්නයි රවී කරුණානායකලා අද සැරසෙන්නේ. තිරිගු පිටි ඇතුළු සහන මල්ලක් ලබා දී තිබෙනවා. නමුත් එමගින් දේශීය නිෂ්පාදනය මත පදනම් වූ කෘෂි ආර්ථිකය බිඳ වට්ටවා තිබෙනවා.

රවී කරුණානායක මහත්තයා ‘වළං කඬේට පැන්න ගොනා’ වාගේ තමයි අතුරු අය-වැය ඉදිරිපත් කළේ. එහෙටත් ඇන්නා, මෙහෙටත් ඇන්නා. පාන්පිටි මිල අඩු කරලා පිටරට නැව් දෙසට ඇස් යොමාගෙන සිටින තත්වයක් අද ඇති කරලා තියෙනවා. වී ගොවියාට සහ බත්කන ජනතාවට කොකා පෙන්වා තිබෙනවා.

මේ අය-වැයෙන්, සහල් වෙළඳාමෙන් අයුතු ලාභ ලබන අතරමැදියා හෙවත් සහල් මාෆියාවට හිතුමතේට සහල් මිල ඉහළ දැමීමට අවශ්‍ය ඉඩකඩ නිර්මාණය කර දී තිබෙනවා. වී කිලෝවට රුපියල් 50ක නාමික සහතික මිලක් ඇති කොට තිබෙනවා. අපි රවී කරුණානායක මහත්තයාට අභියෝග කරනවා රුපියල් 50ට වී කිලෝව මිලදී ගන්නා එක ස්ථානයක් පෙන්වන්න කියලා. අද රටා පුරා ගොයම් කැපෙනවා. වී කිලෝව රුපියල් 28ත් 32ත් අතර මිලකට තමයි අලෙවි වෙන්නේ. වී කිලෝවක නාමික සහතික මිල රුපියල් 50 කළාම සහල් මාෆියාවට පුළුවන් වී තිබෙනවා අද සහල් කිලෝව රුපියල් 112 දක්වා ඉහළ දැමීමට. වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා ආරක්‍ෂා කරන වැඩපිළිවෙළක් පසුගිය ආණ්ඩුවට තිබුණා. ඒ නිසා වී කිලෝවට සහතික මිලක් වගේම සහල් කිලෝවට පාලන මිලක් තිබුණා. වී ගොවියා රැකෙන්නේ එහෙම වැඩපිළිවෙළක් ඇතුළේ මිස පාන්පිටි ත‍්‍රස්තවාදයට පණ දෙන වැඩපිළිවෙළක් ඇතුළේ නොවෙයි. අද ඇමෙරිකාවේ තිරිගු පිටි ගොවියාට, තිරිගු පිටි විකුණන ‘ප‍්‍රීමා’ සමාගමට සහන ලැබී තිබෙනවා. වී ගොවියාට සහ සහල්පිටි නිෂ්පාදකයාට ‘යහපාලන පොලූ පහරක්’ ලැබී තිබෙනවා. ඒ අතරේ සහල් මාෆියාව බත්කන ජනතාවගේ ගෙල සිරිකර තිබෙනවා.

මේ තත්වයට කඩිනම් පිළියම් යෙදීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් මේ රටේ ජාතික ව්‍යාපාරය විදියට ‘පාන්පිටි ත‍්‍රස්තවාදයට’ සහ ‘සහල් මාෆියාවට’ එරෙහිව වී ගොවියා සහ සහල් පාරිභෝගිකයා පාරට බස්සන්න අපි සූදානම්.

අතුරු අය-වැයෙන් ‘අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල’ මිල අඩු කරන බව පැවසුවත් අඩු කළ මිලට ඒ භාණ්ඩ ලබාගන්න පරිභෝගික ජනතාවට හැකියාව ලැබී නැහැ. ඒ වෙනුවට වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ යාමක් දැක ගැනීමට පුළුවන්.

මෙතෙක් කලක් සහන මිලට ජනතාවට භාණ්ඩ ලබාදුන් සතොස අලෙවිසැල්වලද මේ වනවිට භාණ්ඩ මිල ඉහළ දමා තිබෙනවා. මේ ආණ්ඩුව ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ අමාත්‍යවරයකු පත් කොට සතොස භාරදී තිබෙනවා. ඒ අමාත්‍යවරයා ආහාර සුරක්‍ෂිතතාව ඇති කර තිබෙන අන්දම හරි අපූරුයි. ඔහුගේ නව පාලනය යටතේ සතොස බී ළුෑණු කිලෝව රුපියල් 65 සිට 80 දක්වා රුපියල් 15කින් වැඩි වී තිබෙනවා. රතු පරිප්පු කිලෝව රුපියල් 155 සිට 164 දක්වා රුපියල් 9කින් වැඩි වී තිබෙනවා. වියලි මිරිස් කිලෝව රුපියල් 245 සිට 265 දක්වා රුපියල් 20කින් වැඩි වී තිබෙනවා. මුං ඇට කිලෝව රුපියල් 260 සිට 285 දක්වා රුපියල් 25කින් වැඩි වී තිබෙනවා. උම්බලකඩ කිලෝව රුපියල් 1740 සිට 1800 දක්වා රුපියල් 60 කින් වැඩි වී තිබෙනවා. උදු කිලෝව රුපියල් 340 සිට 350 දක්වා රුපියල් 10කින් වැඩි වී තිබෙනවා. රතු නාඩු කිලෝව රුපියල් 77 සිට 85 දක්වා රුපියල් 8කින් වැඩි වී තිබෙනවා. අරලිය සම්බා කිලෝ 05 මල්ල, රුපියල් 385 සිට 430 දක්වා රුපියල් 45කින් වැඩි වී තිබෙනවා.

ලක් සතොස අලෙවිසැලකින්වත් පාලන මිලට භාණ්ඩ ලබා ගන්න බැරි වෙලා තිබෙනවා. අතුරු අය-වැයෙන් දුන් සහන පුස්සක් වී තිබෙනවා. ආහාර සුරක්‍ෂිතතා ඇමති යටතේ රටේ ආහාර සුරක්ෂිතතාව ‘බල්ලාට’ ගිහින් තියෙනවා. ආර්ථිකය බිඳ වට්ටන වැඩපිළිවෙළක් දියක් වෙනවා වාගේම මේ දින 38 තුළ රටේ සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. පාරවල්, පාලම්, පාසල් ගොඩනැගිලි මෙන්ම රෝහල් වාට්ටු ආදි සියලූ ඉදිකිරිම් නවතා දමා තිබෙනවා. යටිතල පහසුකම් සඳහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ අය-වැයෙන් වෙන් කළ මුදල් 50%කින් කපා දමලා මේ මායාකාර, ඇස්බැන්දුම් සහන ලබා දී තිබෙනවා. ඒත් ඒ සහන ජනතාවට සැබෑවටනම් ලැබෙන්නේ නැහැ.’’

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-02-15

About the Author

Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*