BREAKING NEWS

“ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන්මඟ නිවැරදිව තේරුම් ගනිමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට අදිටන් කරගැනීමට සුදුසුම මොහොත මෙයයි”

“ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන්මඟ නිවැරදිව තේරුම් ගනිමින් සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට අදිටන් කරගැනීමට සුදුසුම මොහොත මෙයයි”

ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධානතම අධ්‍යාත්මික උත්සවය වන රාමසාන් උත්සවය අදට (15) යෙදී තිබේ. රාමසාන්හි වැදගත්ම චාරිත්‍රය වන්නේ උදෑසන හිරු උදා වන මොහොතේ සිට සවස හිරු බැස යන තෙක් පුරා මසක් සුරකින උපවාස ශිලය බව දැක ගත හැක. උපවාස ශීලය රැකීම තුළින් සමාජයේ වෙසෙන අන්‍යයන්ගේ කුසගින්න සහ පැවැත්ම පිළිබඳව මෙනෙහි කරමින් පුළුල් ජීවනාබෝධයක් ලබා ගනිමින් අසරණ වූවන්ට පිහිට වීමට ඉස්ලාම් බැතිමතුන් පෙළඹෙන බව පැහැදිලි ය.

මේ අනුව පෙනී යන්නේ රාමසාන් උපවාසයෙහි යෙදෙමින් ඉස්ලාම් බැතිමතුන් මෙම මසක කාලය තුළ සහෝදරත්වය, සහජීවනය, පරිත්‍යාගය, ඉවසීම වැනි උසස් ජීවන ගුණාංගයන් මැනවින් වර්ධනයකර ගන්නා බව ය.

මේ උතුම් දිනයේදී ඉහත කී උසස් ජීවන ගුණාංග අනුව යමින්, ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගමන් මඟ නිවැරදිව තේරුම් ගනිමින් සමගියෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට මෙරට ඉස්ලාම් බැතිමතුන් අදිටන්කර ගත යුතුව තිබේ.

විමල් වීරවංශ (පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ.
2018.06.15

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    දන්නවද විමල්, මම හිතනවා American Ambassador මහින්දව ඇන්දුව ලස්සනට. මහින්දත් ලණුව කෑව. ටිකක් හිතුවොත් ඔයාට තේරෙයි. ඉතුරු ටික පස්සේ ලියන්නම්. හෙට උදේට බලන්න.

    • Champa Reply

      ඒ විතරක් නෙමෙයි ලංකාවම ඇන්දුව, man.

  2. Champa Reply

    There are several places I want to post comments but I don’t feel like. It is not something about my energy. But it is like, I don’t know. My pride is fragile you know.

    • Champa Reply

      Oh, just ignore the above. Sometimes I think loud you know. Writing is my passion. There is no way I lose interest.

  3. Champa Reply

    Wimal,oh, before writing about what I was going to say, I wish to assure you that I got your message and that I will make a few adjustments accordingly. In any case, I am a ruthlessly ambitious person. It is high time I stop being disoriented and focus on my responsibilities and obligations towards the country. Yeah, I think I have an obligation to fulfill. It is time to work on that. See, now I forgot what I tried to say earlier. Let me come back when I remember it.

  4. Champa Reply

    Hurt to the core. But thank you. I am unbreakable. I have the mental strength of 10 men.
    I still couldn’t memorize what I wanted to say earlier.

  5. Champa Reply

    I am at boiling point. I sent a matching reply to a “Desperate Ponnaya” (his own words) on CT. But they didn’t publish it. මට ඇර එම රටේ හැම මිනිහටම තියෙනවා කතා කරන්න නිදහස. උත්තර දෙන්න නිදහස.

    ඒක ලියත්දී මතක් වුන මම ඊයේ කියන්න හිටපු එක. අනුර කුමාර 20A ගැන කියන හැම වෙලාවෙම මහින්දගේ නම කියනවා. මේක සැලසුම් සහගතව කරනවා මම හිතන්නේ. ඈත ගම්වල මිනිස්සු මම දන්නේ නැහැ 20 ගැන දන්නවද කියල හැබැයි මේ කතාව මිනිස්සුන්ව නොමඟ යැවීමක්. මම දන්නේ නැහැ මහින්දට මේගැන තේරෙනවද කියල. මේක මම හිතන විදියට හානිකරයි. එක්කෝ මහින්ද කියන්න ඕනේ අනුර කුමාරට එයාගේ නම අවභාවිතා කරන එක නවත්තන්න කියලා එහෙම නැත්නම් කියන්න ඕනේ තමන්ගේ නම කිව්වට 20A ට එයාගේ කිසිම සම්බන්දයක් නැහැ කියලා.

    ඇත්තටම මහින්දටයි JO එකටයි මොකොද වෙලා තියෙන්නේ? ඕගොල්ලෝ ඔක්කොම disoriented අනාථ පිල හින්ද. මං කිව්වා ඕක සැලසුමක් කියලා. හොටු පොහොට්ටුවත් ආණ්ඩුවට support එකට දවස ගානේ අළුත් අළුත් ඒවා ඇදලා ගන්නවා. ආණ්ඩුවට විරුද්ධව කිසි දෙයක් නොකියවන්න. නැත්නම් අර වගේ කතා මහින්ද ඊළඟ නොවැම්බර් වල ශ්‍රීලනිපෙන් අයින් වෙලා හොටු පොහොට්ටුවේ නායකත්වය ගන්නවා කියලා වගේ විහිළු කතා. එහෙම කරන්න නම් මහින්ද පාර්ලිමේන්තු ආසනේ නැති කරගන්න වෙන්ව එහෙම වෙනවද කියලා අහන්න කවුරුවත් එතැන නැහැ.

    කෝ ඕගොල්ලන්ගේ fighting spirits? බින්දුවට බැහැල දැන්. ලැජ්ජයි. අන්න තව පනත් වගයක් ගෙනල්ල. ත්‍රස්තවාදීන්ට වන්දි ගෙවපු රටක් ලෝකේ තවත් තියෙනවද කියල අහන්න එක දේශපාලකයෙක් නැහැ. බලමුකෝ දැන් ඔයාගේ අනාථ පිල ඕකට විරුද්ධව චන්දෙ දෙනවද කියලා.

  6. Champa Reply

    ගොළු හදවත විවර කරන්න
    නොඉඳ හිතේ තද කරන්
    මට කියන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න
    කඳුළු සලන්න ඉඩ නොතබන්න

    තනියම දුක් උහුලන්න
    බැරි බව තේරුම් ගන්න
    ගොළුවට වුනත් දවසක
    වෙනවලු කට හොලවන්න

    ඉක්මන් තීරණ ගන්න
    මම හපනෙකි දැන ගන්න
    හැරුණත් යන්නම යන්න
    හිතුනලු හැරිලා බලන්න

    ඔය කළු පොල් බෑ මූණ
    ගුලියකි කොහැල්ල පිරුණ
    බැලුවත් ඈතින් හිටගෙන
    ඇලෙනවා දන්නෙම නැතුව

  7. Champa Reply

    මං ඔයාට හුඟක් ආදරෙයි විමල්. ඉවසන් ඉන්න හොඳද. මිනිස්සුන්ට තියෙන එකම බලාපොරොත්තුව ඔයයි මහින්දයි. අනිත් අය කැඩිලා ගියාට කමක් නැහැ. තව ටික දුරයි, තව ටික කාලයයි තියෙන්නේ. ඉවසන් ඉන්න හොඳද. ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කරන එක නවත්තන්න. ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙකුත් නෙමෙයි. එන්නේ හොටු පොහොට්ටුවෙනුත් නෙමෙයි. මිනිහෙකුට ලැබෙන්න තියෙනවනම් ඒ තනතුර කවුරැ මොන කලත් නවත්තන්න බැහැ. අනිත් එක සමහර මිනිස්සුන්ට දේවල් ලැබෙන්න හුඟක් මහන්සි වෙන්නේ ඕනේ කරදර වෙන්න ඕනේ. හැබැයි තව සමහරුන්ට කිසි මහන්සියක් නොවී ලැබෙන්න තියෙනදේ දෙපතුල ළඟටම කඩා වැටෙනවා. ඒ හින්දා ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කරන එක නවත්තන්න. සමහර වෙලාවට එකබ්ධ විපක්ෂේ ඕකට බෙදිලා වාද කරගන්න හැටි දකින කොට හරිම ලැජ්ජයි ඒ වගේම හරිම annoying. ඒ හින්ද දැන් රටේ මේ තියෙන ප්‍රශ්න ගැන අවධානය යොමු කරන්න.

  8. Champa Reply

    අන්න අර වැරදිකාරයෙක් වෙලා ජීවිතාන්තය දක්වා හිරදඬුවම් විඳින ආනන්දන් සුදාකරන් ව “මානුෂීය හේතු” මත නිදහස් කරන්න කියල විග්නේශ්වරන් ඉල්ලලා ජනාධිපතිගෙන්. එතකොට මානුෂික මෙහෙයුමකට සහභාගී වෙලා ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ හමුදාව “සැකපිට” හිරේ. ඒ මිනිස්සු නිදහස් කරන්න බල්ලෙක්වත් නැහැ. එහෙන් මහජන මුදල් කෝටි ගණන් කොටින්ට ගෙවන්න යනවා. අනිත් පැත්තෙන් බදු වැඩි කරන ගමන්. ඕගොල්ලෝ මොකක් හරි පෙළපාලියක් කරනවද? මේක පුදුම අසාධාරණයක් නේ විමල්. ලබන අවුරුද්ද වෙනකම් ඉන්න බැරි තරමට වැඩ සිද්ධ වෙන්න යන්නේ. රටම අරන් පාරට බහින්න වෙයි වගේ. මම තාම ඒකට එච්චර උනන්දුවක් නැත්තේ හදිසියෙන්වත් මොකක් හරි කරල මුල් පෙලේ නායකයෝ අල්ලලා හිරේ දැම්මොත්, “අන්තිම සටනට” මොකද වෙන්නේ කියලා හිතෙන නිසා. මෙච්චර කල් ආපු එකේ. පාරට බහිනවා නම් come or go කියලා වෙන්න ඕනේ. ආණ්ඩුව ගෙදර පලම කියලා. මට නම් ඉතින් ඉවසීම බිංදුවයිනේ. ජාත්‍යන්තර headlines වලත් වැටිලා තමයි ඔක්කොමල හිරේ වැටෙන්නේ.

    • Champa Reply

      අමතක වුනා ලියන්න ආනන්දන් සුදාකරන් කියන්නේ මිනීමරු ත්‍රස්තවාදියෙක්. දැන් ඉතින් සිල් අරන් වගේ ඉන්නවා.

  9. Champa Reply

    ලංකාවේ නීති සම්පූරණයෙන්ම වෙනස් වෙන්න ඕනේ. පරයො දෙන්නෙක් අඩු වයසේ දරුවෙක් පැහැරගෙන ගිහින් අතවර කරපු නඩුවක් අහල තීන්දුව දෙන්න ලංකාවේ උසාවිය අවුරුදු 16ක් අරගෙන. එහෙම කරලත් දීල තියෙන්නේ බරපතල වැඩ ඇතුව අවුරුදු 10යි. ඥානසාර හාමුදුරුවෝ උසාවිය ළඟ ගෑනියෙක්ට නිකම් බැන්නට බරපතල වැඩ ඇතුව අවුරුදු 6ක්!!!!!!! වැඩිය බරපතල අපරාදේ මොකක් කියලද උසාවිය හිතන්නේ? රටේ සාමාන්‍ය නීතියට විරුද්ධ මුස්ලිම් අඩු වයස් විවාහ නීතිය, තේසවලාමේ නීතිය පිළිගන්න ආණ්ඩුවට බැරිලු හිරගෙදරදී, උසාවියේදී නෙමෙයි, හිරගෙදරදී සංඝ නීතිය පිළිගන්න. මට නම් මේවට හරිම කේන්තියි. මම ඊළඟට හිතන්නේ මොකක් කියලද විමල් ඔයා හිතන්නේ? ලාකාවේ නීතිය හරිම පක්ෂග්‍රාහීයි. එක එක පාර්ශව වලට වෙනස් විදියට සලකනවා. තමන්ට ඕනේ ඕනේ අතට හරවනවා.

    • Champa Reply

      මේක මේ typo එකක් ඥානසාර හාමුදුරුවෝ අවුරුදු 6ක් නෙමෙයි මාස 6ක් වෙන්න ඕනේ. දෙපාරක් කියවන පුරුද්ද අඩු හින්ද හරිම embarrassing සමහර වෙලාවට. වෙන තැනකත් මේක හදන්න වුනා.

  10. Champa Reply

    බැසිල්ගේ මෝඩ චන්ද විග්‍රහයක් මම දැක්ක. පළාත් පාලන චන්දෙදි ලක්ෂ 52ක් ගත්තලු. යුඑන්පී එක ඇත්තේ ලක්ෂ 26ලු. ශ්‍රී ලංකා එක ලක්ෂ 12ලු. මහින්දගේ පැත්ත දිනන්න තව ලක්ෂ 5ලු ඕනේ. මේ වගේ වඳුරු න්‍යාය නිසා තමයි මහින්ද 2015 පැරදුනේ. ඇත්ත තත්වය පෙනී පෙනී බොරු විග්‍රහ කරලා.
    ඇත්ත මොකක්ද? පොහොට්ටුව චන්ද ලක්ෂ 50ක් අරන් තියෙනව ප්‍රතිඵල අනුව. ස්වාධීන අපේක්ෂකයන්ගේ චන්ද ඔක්කොම තමන්ට ලැබුන කියලා උපකල්පනය කරන්න බැහැ. ඒ මොකොද කිව්වා නම් පක්ෂ එපා වෙච්ච මිනිස්සුත් ස්වාධීන අපේක්ෂකයන්ට විරුද්ධව චන්දෙ දුන්නු නිසා. අනිත් එක පොහොට්ටුවට විරුද්ධව තරඟ කල පක්ෂ ඔක්කොම අනාගතේ නැවත එකතු නොවෙයි කියලා හිතන්න තරම් සාධක නැහැ. ඊළඟට LG චන්දෙදි ලැබුණු චන්ද වුනත් මහින්දගේ අපේක්ෂකයාට ඒ විදියටම කිසි අඩුවක් නැතුව ලැබෙයි කියලා උපකල්පනය කරන්නත් බැහැ. විරුද්ධව ලැබුණු ඔක්කොම චන්ද එකතු කලොත් දැනටම 61.86. (UNP-ලක්ෂ 36.42 + SLFP-ලක්ෂ 14.97 +JVP-ලක්ෂ 7.10 + TNA-ලක්ෂ 3.37) පැහැදිලිවම ජනාධිපතිවරණයකදී චන්දදායකය පක්ෂ අනුව හැසිරෙයි කියලා උපකල්පනය කරන්න බැහැ. අනිත් මැතිවරණ වලදී වගේ නෙමෙයි චන්දදායකයට නිදහස ලැබෙනවා තමන්ට කැමති මිනිහට චන්දෙ දෙන්න. කලින් චන්ද වලදී වගේ නැතුව ස්වාධීන අපේක්ෂකයෝ ඉදිරපත් වුනොත් කැඩෙන්නේ යහපාලන චන්ද නෙමෙයි මහින්දගේ පැත්තේ චන්ද. අනිත් අතින් රනිල් හොර චන්ද දාන්න රුසිය. මම කීයටවත් හිතන්නේ නැහැ මොන වාද විවාද තිබුනත් යහපාලනය පැත්තෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ කීප දෙනෙක් තරඟ කරයි කියලා. හදිසියෙන්වත් පරදින බව දැනදැනම මෛත්‍රී ඉල්ලුවොත් ඒ කියන්නේ මෛත්‍රී එන්නේ මහින්දගේ පැත්තේ චන්ද කඩන්න කියන එක. මේ කිසි දෙයක් ගැන කතා නොකර වඳුරු න්‍යායක් ඉදිරිපත් කිරීමෙන් පේන්නේ කලින් ජනාධිපතිවරණෙදී වගේම මේ පාරත් බැසිල් මහින්දව අන්දවනවා කියන එක. මම 2016 දීම කිව්වා බැසිල් රනිල්ගේ ඉත්තෙක් කියලා. රනිල් බැසිල්ව දැම්මේ ඒකාබද්ධ විපක්ෂේ කඩන්න සහ මහින්දගේ චන්ද සටන හසුරුවන එක බැසිල් අතට දෙන්න. ඒකාබද්ධ විපක්ෂය ඇතුලෙම මහින්දට විරුද්ධ කල්ලියක් දැනටම ඉන්නවා. කවදාවත් හිතුවද එහෙම වෙයි කියලා? බලන්න මහින්දට පණ දෙන්න වගේ හිටපු රෝහිත, ප්‍රසන්න වගේ අයත් මහින්දගේ වචනෙට උඩින් ගිහින් බැසිල් කියපු විදියට වැඩ කරානම් අනිත් මිනිස්සු ගැන මොන කතාද? මෙහෙම ගියොත් එන ජනාධිපතිවරණෙත් ඉතා අඩු ගානකින් වෙන්න පුළුවන් නමුත් පරදිනවා. පැරදුනාම මහින්දගේ දේශපාලන ජීවිතේ ඉවර වෙනවා ඒ මොකොද ඊට පස්සේ පැරදිච්ච මහින්දගේ පැත්ත හසුරුවන්නේ බැසිල් නිසා. ඊළඟට මහින්ද වටේ හිටපු ඔක්කොම ගිහින් බැසිල් වටේ එකතු වෙනවා. ඒ මොකොද කිව්වා නම් එතකොට බැසිල් කියනව මහින්දට 2020 මහා මැතිවරණෙ දිනවන්න බැහැ කියලා. මම මේක වෙන තැනකත් කිව්වා. මහින්ද ජනාධිපතිවරණෙට කවුරු දැම්මත් බැසිල් චන්ද කඩනවා. බැසිල් ජනාධිපතිවරණෙ දිනවන්න වැඩ කරන්නේ නැහැ. ඒ හින්ද මහින්දගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝර ගන්න ඕනේ හරිම කල්පනාවෙන්. ජනප්‍රිය වෙච්ච පලියට චන්ද ලැබෙන්නේ නැහැ කියලා මහින්ද 2015 පැරදිච්ච එකෙන් පෙනුන. ඒ තර්කය ගෝඨාභයටත් අදාලයි. ඊටත් වඩා ඒකාබද්ධ විපක්ෂයේ internal politics හින්ද එයාව පරද්දනවා. There should be a new strategy to win the Presidential Election.

    දැන්ම ඕනේ නැහැ විමල්, හැබැයි ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම යමක් කරන්න වෙනවා. අපිට ලොකු රට මිසක් පුද්ගලයන් නෙමෙයි.

  11. Champa Reply

    ඔයාගේ කතාව හොඳටම හොඳයි. මම ආසයි ඔයා ඔයි වගේ ඉස්සර වගේ කතා කරනවට. අනිත් එක ඔය කියන කතාව ඇත්ත. මෙලෝ සිහියක් තියෙන මිනිහෙක් කොටින්ට වන්දි ගෙවන්න යයිද? කොටි ආවේශ වෙලා නෙමෙයි කෙලින්ම ප්‍රභාකරන්ම තමයි ආවේශ වෙලා ඉන්නේ. අමු කැවිලා මුළු ආණ්ඩුවටම.

  12. Champa Reply

    I think you should remove this post, isn’t it? It was there since 16th.
    Look at me sometimes I forget what I said and write the rubbish I used to write without thinking. Being disoriented doesn’t do any good to me. Need to start writing to the topic.

  13. Champa Reply

    මම නිකමට ආයේ බැලුව 2015 ජනාධිපතිවරණ ප්‍රතිඵල, අගෝස්තු ප්‍රතිඵල සහ 2018 ප්‍රතිඵල දිහා. ආණ්ඩුව මේ තරම් රටට ද්‍රෝහිකම් කරලත්, බදු පිට බදු ගහලත්, කිසිම සංවර්ධන වැඩක් නොකරත්, රස්සාවල් නොදීත්, මෛත්‍රී 2015 ජනවාරි ගත්ත චන්ද ගානවත්, අඩු ගානේ, මහින්ද ගත්ත ගානවත් අවුරුදු 3කට පස්සෙත් ගන්න බැරි වුනේ ඇයි? UNP එකටත් එපා වෙලා ඉන්න ආණ්ඩුවට විරුද්ධ චන්ද දිනා ගන්න බැරිවුනේ ඇයි?

    උත්තරේ බොහොම පැහැදිලියි, විමල්. ඔයාට තේරෙනවද? නැත්ද? මම දේශපාලකයෙක් නොවෙන නිසා, ජනතාව පැත්තේ ඉඳන් ඉන්න නිසා මට පේනව මොකක්ද ප්‍රශ්නෙ කියල.

  14. Champa Reply

    මම දැන් තමයි බැලුවේ. අන්න ඥානසාර හාමුදුරුවන්ට ඇප ලැබිල. ඔයාලු ඉස්සෙල්ලම කිව්වේ ඥානසාර හාමුදුරුවන්ගේ සිවුරට අත තියෙන එක වැරදියි කියලා කියල වෙන තැනක තිබුන. ආණ්ඩුව හිතුවේ නැති තරම් ලොකු බලපෑමක් ආව හැම පැත්තෙන්ම.

    දන්නවද විමල්, සිංහලයව එකතු කරන්න අමාරු නැහැ. මිනිස්සු පාට පක්ෂ දේශපාලනය බලන්නේ නැතුව එකතු වෙනවා. වෙන දේවල් වලින් වැඩක් නැහැ.

    ඊළඟ ජනාධිපතිවරණෙ “අපි” දිනනවා. ඊළඟට එකතු වෙන්න ඕනේ එතැනදී. මට අපිට ඕනේ මිනිහෙක් විතරයි. ගෝඨාභයට මං විරුද්ධයි. අනිත් රාජපක්ෂ කෙනෙක්ටත් විරුද්ධයි. 2020 ලංකාව යන්නේ වෙනස් පාරක. ඔන්න අත දික් කරා එනවද?

  15. Champa Reply

    අර “Ada” එක වෙනස වෙලා. යවපු comments එකක්වත් නැහැ.

    අමානුෂික විදියට මරල දාපු දිවිය ගැන ලියපු comment එකත් නැහැ. වෙන ලියන්න තැනක් තිබුනෙත් නැහැ. දිවිය මිනිස්සුන්ට ගැහැව්වා කියලා එහෙම සත්තු මරන්න අයිතියක් නැහැ. තිරිසන්නු. අනේ මට හරිම දුකයි. මේ අවුරුද්දට මේ මැරිච්ච තුන්වෙනි දිවියද කොහෙද. අනේ හරිම පව් අනේ. අහිංසක සතා හුඟක් දුක් විඳින්න ඇති මැරෙන්න ඉස්සෙල්ල. මිනිස්සු කැලා එලි කරලා දිවියෝ ඉන්න පැත්තට ගිහින්.ඉතින් දිවිය ගමට එනවා. දිවිය මිනිස්සුන් දැක්කහම කඩා පනිනවා තමයි. ඒක ඒ සතාගේ හැටි. එහෙම වුනා කියලා මිනිස්සුත් දිවියෝ වගේ සතාව මරා ගන්න ඕනෙද? දිවිය කියන්නේ වඳවී යන සතෙක්. ආරක්ෂා කරගත යුතු සතෙක්. ඉස්සෙල්ලම තමන්ගේ රාජකාරිය පැහර හැරපු Rangersලව අත්අඩංගුවට ගන්න ඕනේ. ඊට පස්සේ අහිංසක සතාව අමානුෂික විදියට මරපු කකුල් දෙකේ සත්තුන්ව අත්අඩංගුවට අරන් මනුස්සයන් නැති තැනක හිරේ දාන්න ඕනේ.

    අර සිංහරාජේ අලි කතාවත් ඒක. සත්තුන්ව තමන්ට හුරු පුරුදු කැලෙන් අයින් කරන එක හරිම අමානුෂිකයි. සත්තුන්ටත් මිනිස්සුන්ට වගේම සාංකාව දැනෙනව. කරන්න ඕනේ මිනිස්සුන්ව සත්තුන්ගේ ජනාවාස වලින් අයින් කරන එක. මෝඩ ආණ්ඩුව. කිසි හිතක් පපුවක් නැහැ. මිනිස්සු ගැනත් එහෙමයි. සත්තු ගැනත් එහෙමයි.

  16. Champa Reply

    අන්න අරය අඬනව අනේ ආයෙ ණය ගෙවන්න අමාරුයි කියලා. මතකද මාගම්පුර වරාය විකුණන්න ඉස්සෙල්ලත් ඔහොම්මම ඇඬුව. මුළු ආණ්ඩුව හැම තිස්සෙම අඩෝඬවැඩියාව (මේක හරියට ලියන්න බැහැ 😀 ) ඇත්තමයි මේ ඇඩිඬල්ල (එකත් හරියට එන්නේ නැහැ 😀 😀 ) හරිම මූසලයි මේ අඩෝවැඩියාව. මම ලියන්න ගියේ ඒක නෙමෙයි. දැන් අඬල අඬල ඊළඟට විකුණන්න හදන්නේ මත්තලද දන්නේ නැහැ. මෙහෙම විකුණල විකුණල ඊළඟ ජනාධිපතිවරණෙදී සංඛ්‍යා ලේඛන පොත් පත් වෙද්කාවට ගෙනැල්ල පෙන්නයි, Hey මෙන්න බලන්න මම මහින්දගේ ණය ඔක්කොම ගෙව්වා කියලා.

  17. Champa Reply

    හූඌඌඌඌඌඌ කවුද Hitler කෑල්ල විතරක් එලියට අරන් ඒක විතරක් highlight කරලා news වල දැම්මේ? දෙරණ තමයි ගෝඨාභයට කරපු ලොකුම damage එක කලේ.

  18. Champa Reply

    “Forgive” and “forget” is not in my dictionary. I have a score to settle with those who imprisoned you. I swore I would do it. This is pay back time for GR.

  19. Champa Reply

    අවිචාර සමය පටන් ගත්තේ යහපාලනයෙන්. ඉවර වෙන්නේ යහපාලනය මරුපාලනය කියපු මිනිස්සුන්ටම බුදු දහමත් අමතක වෙලා වගේ.

    බුදුහාමුදුරුවෝ කිව්වනේ බුදු සසුන අවුරුදු 5000ක් තියෙනව කියල. ඒ 5000, අවුරුදු 1000 ගානේ කොටස් 5කට කැඩුව, විමුක්ති, සමාධි, ශීල, සූත්‍ර සහ දාන කියලා. අපි ඉන්නේ තුන්වෙනි කොටසේ ඒ කියන්නේ 3000 මැද. ශීල කියන තැන. මෙතනින් එහාට පරිහානිය. කියපු බණටත් ආපහු පැහැදිලි කරලා ඌනපූරණ දෙන තැනට ඇවිල්ල තියෙන්නේ ඒකයි.

  20. Champa Reply

    වෙඬරුවේ උපාලි හාමුදුරුවන්ගේ news item එකක් “අද” එකේ තිබුන. මම comment එකක් දැම්ම. ඒක ගියේ නැහැ. Block කරලද දන්නේ නැහැ. 😀 😀 😀 මට ගානක් නැහැ. මම ලෑස්තියි පාරට එන්න. මම comment එක මෙතැන දානවා. පස්සේ ආපහු යවන්න try කරන්න. මම අළුත් “Ada” එකට ආස නැහැ. හරිම boring. Old one was professional. මේකත් ලිව්වේ එක කොටසක් දැක්ක නිසා.
    ……………………………………………………………..
    Comment:
    ඔබවහන්සේ කියලා තියෙනව “තම තමන්ගේ දේශපාලන මත වලට අනුව ඔබවහන්සේගේ ප්‍රකාශය අර්ථ දැක්වීම තවදුරටත් නොකළ යුතු වරදක්” කියලා. දන්න දවසේ ඉඳන් බුදුදහමටයි හාමුදුරුවරුන්ටයි අපහාස කරන මංගලට අයිතියක් නැහැ ඒ වගේ ප්‍රකාශයක් කරන්න. නමුත් ඔබවහන්සේ කියපු දේ ගැන තමතමන්ගේ දේශපාලන අදහස් වලට අනුව අර්ථ දැක්වීම මිනිස්සු නොකළ යුතු වරදක් කියලා කියන එක වැරදියි. මිනිස්සු එහෙම නොකළ යුතු වරදක් කරන්න පෙළඹුවේ ඔබ වහන්සේ දේශපාලන ප්‍රකාශයක් කරපු නිසා. මිනිස්සු ඔබ වහන්සේගේ කතාවේ තිබුණු බුදුබන කොටස ගැන අදහස් ප්‍රකාශ කලේ නැහැ. අදහස් ප්‍රකාශ කලේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගැන ඔබ වහන්සේගේ ඉදිරිපත් කරපු මතය ගැන. ඒක දේශපාලන මතයක්. ඔබවහන්සේට තමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා වගේම රටේ අනිත් මිනිස්සුටත් ඒ ගැන තමන්ගේ මතය ප්‍රකාශ කරන්න අයිතියක් තියෙනවා. දේශපාලන අපේක්ෂකයන් ගැන මිනිස්සු නොයෙකුත් විදියට අර්ථ දක්වනවා. ඒ හින්ද ඒක ඉවසා වදාරන්න ඔබවහන්සේට පුළුවන් වෙන්න ඕනේ. පෘතග්ජනය සහ බුද්ධපුත්‍රයන් අතර වෙනස ඒක. අනිත් එක කතාවේ ඔය කොටස විරතක් මිනිස්සුන්ට උලුප්පල පෙන්නුවේ “දෙරණ.” ඒකේ වැරැද්ද බාර ගන්න ඕනේ “දෙරණ”.

  21. Champa Reply

    චන්දයක් ගැන කතා වෙනකොටම කොටි නැගිටින එකේ තේරුම මොකක්ද? හිතනවට වඩා භයානක තත්වයක් ලබන අවුරුද්දේ ඇතිවෙයි වගේ. එහෙම වුනහම කොටි පිටින් දාල පාතාලය වුනත් මිනී මරන්න ඉඩ තියෙනව. මෛත්‍රීට රනිල්ට මහින්දට ගෝඨාභයට ප්‍රශ්නයක් නැහැ ලොකු ආරක්ෂාවක් ලැබෙන නිසා. ඊළඟට ඉන්න නායකයො ඔයා, දිනේෂ් එහෙම පරිස්සම් වෙන්න හොඳද.

  22. Champa Reply

    මහින්ද TNA එකත් එක්ක එකතු වෙන්නද යන්නේ චන්දෙදි? රටයි හමුදාවයි පාවා දීපු එවුන් එක්ක? අනිත් එක දැන් TNA එක වැටීගෙන යන්නේ. දෙමළ මිනිස්සුන්ට එපාවීගෙන යන්නේ. එහින්ද හිතන තරම් චන්ද හම්බ වෙන්නේ නැහැ. නිකම් අපරාදේ සිංහල චන්දත් කැඩෙනවා. උතුරේ මිනිස්සු TNA එක කියන එක අහන්නේ නැහැ ඊළඟ චන්දෙදි? ඔන්න බලන්න. දෙමල මිනිස්සු අහන්නේ. අපි ලැස්ති වෙමු. මහින්ද, ගෝඨාභය හරි බැසිල්ව හරි දාල චන්දෙ පැරදුනොත් ඒගොල්ලන්ට නැතිවෙන්න දෙයක් නැහැ. හැබැයි රටට ජනතාවට නැතිවෙන්න දේවල් හුඟක් තියෙනව. මං දානවා ස්වාධීන මිනිහෙක්, අර දෙන්නගෙන් කවුරු හරි දැම්මොත්.

  23. Champa Reply

    මටත් එකඟ වෙන්න පුළුවන් කෙනෙක් මහින්ද දැම්මොත්, මම හිතනවා මට ….. ….. වලින් උතුරේ චන්ද 75,000ක් ලක්ෂයක් විතර අරන් දෙන්න පුළුවන් කියලා. තව මම හිතනවා තව එක ක්‍රමයකින්. ඒ ගැන පස්සේ කියන්නම්. මහින්දට උතුර සහ නැගෙනහිරින් 2015 දී චන්ද 202,573ක් ලැබිල තියෙනවා. දෙකෙන්ම ලක්ෂෙ ගානේ. මෛත්‍රීට 744,751ක් ලැබිල තියෙනවා උත්රින් ලක්ෂ 4ක් නැගෙනහිරින් ලක්ෂ 3ක්. නිකම් අපරාදේ TNA පස්සේ ගිහින් under obligation වෙන්න එපා කියන්න. සිංහල චන්දත් නැතිවෙන වැඩක්. මොකක්ද ඔච්චාර හදිස්සිය? ටිකක් ඉවසගෙන ඉන්න කියන්න.

    • Champa Reply

      Ooooops. Wimal මේක delete කරන්න please.

    • Champa Reply

      අනේ හලෝ ලී හදවත, මේක අයින් කලේ නැත්තේ මොකොද මෙච්චර කියලත්? දෙයියොනේ මෙතැන ගංකබරයෙකුත් ඉන්නවා නේද මේ වගේ වෙලාවට උදව් කරන්න? තේරෙන්නේ නැත්ද දැන් කවුරුහරි මාව සෙට්ටපොච්චි කරයි. ඔන්න මං දන්නේ නැහැ එතකොට නපුරුවංශට ශෝක හිතෙන්න වුනත් පුළුවන්.

  24. Champa Reply

    අනේ විමල් මේ අන්තිම comments තුන අරන් දාන්න.

  25. Champa Reply

    කොච්චර හොඳද විමල් ඔයාට ඉල්ලන්න පුළුවන් වුනා නම්? ඒ වුනාට ඔයාගේ ජීවිතේ ඊට වඩා වටිනවා.

  26. Champa Reply

    අන්න තව හාමුදුරු කෙනෙක් අර වගේම කතාවක් කියලා. යම ලෝකෙන් හරි කොහෙන් හරි මිනිහෙක් ගෙනැත් මේක ඉවර කරන්නලු. දැන් තියෙන්නේ තරඟයක්. මේ බුදුහාමුදුරුවන්ගේ බණ නෙමෙයි. මේවා දේශපාලන බණ. ගෝඨාභය දැම්මොත් පරදිනවා. මොකොද දැන් හැමෝම දන්නවා ආවොත් මොකොද වෙන්නේ කියලා. විකල්පයක් හදා ගන්න වෙයි. මතකනේ මම ඔයාට 2015දීත් ඕකම කිව්ව. ඔයා හැව්වේ නැහැ.

  27. Champa Reply

    කෝ ඔයාගේ පොසොන් card එක මට දැම්මේ නැහැ.

  28. Champa Reply

    හලෝ site ගංකබරයා මගේ අම්බලමට පොසොන් නැත්ද? අරයට මම හොඳ පාඩමක් උගන්වනවා මට නිසි තැන නොදෙනවට.

  29. Champa Reply

    ජාතික නිදහස් පෙරමුණ හෙවත් අනාථපිණ්ඩිකස්ස ආරාමේ වීරවංශ සිටාණෝ පව් හෝදනවා.

  30. Champa Reply

    අර කතාව දැක්කද? ඥානසාර හාමුදුරුවන්ගේ පන්සල මැදින් ගෝඨාභය විශාල ඇලක් කැපුව කියන්නේ? කොච්චර නරකද? අර හාමදුරුවෝ හිට්ලර් නැතුව වෙන නමක් කිව්වා නම් එහෙම නැත්නම් සමහරු හිට්ලර් කිව්වට එහෙම වෙන්න එපා කිව්වා නම් කතාව කොච්චර වෙනස් අර්ථයක්ද දෙන්නේ? ගමේ උපාසකම්මත් දන්නවා හිට්ලර් කියන්නේ කවුද කියල. දැන් මොන විදියට ඒක තේරුම් කරන්න හැදුවත් වැඩක් නැහැ. දැක්කද රනිල්ගේ කැත වැඩේ? මහින්ද ගැන කියන්නේ හිට්ලර්ගේ සහෝදරයා කියලා. අපරාදේ.

  31. Champa Reply

    විමල් “අනේපිඬු” වීරවංශ – මගේ අම්බලමට පොසොන් card එක දැම්මේ නැහැ. එන්නකෝ ඔයා.

  32. Champa Reply

    බැසිල් බය වෙලා නේද අනේපිඬු වැඩේට?

  33. Champa Reply

    අන්න බලන්න පින්වතුනි. විමල්ගේ අනේපිඬු සද්කාර්යය මොන තරම් ආනිසංශ ඵල සහිතද කිව්වා නම් කුණු ඇල මහ මුහුදට ගලනවා වෙනුවට මහ මුහුද කුණු ඇලට ගැලූ ආශ්චර්යමත් දර්ශනය. 😀 😀 😀 😀

  34. Champa Reply

    New York Times එකේ කතාවෙන් පේන්නේ ඇමරිකාවටයි ඉන්දියාවටයි තියෙන ප්‍රශ්නේ චීනෙ නෙමෙයි මහින්ද කියලා. ප්‍රශ්නේ චීනේ නම් රනිල් මාගම්පුර වරාය චීනෙට දෙනකම් නිකම් ඉන්න හේතුවක් නැහැ. ඕනේ හැටියේ රනිල්ව නවත්තන්න තිබුන.

  35. Champa Reply

    මහින්ද, ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කියල නම් කරන්න ඕනේ විශ්‍රාම යන්න බලාගෙන. ඒ මොකොද කිව්වා නම් එහෙම නම් කරපු ගමන් වටේ ඉන්න ඔක්කොම ගෝඨාභය පස්සේ යන්න ගන්නවා. අපේ රටේ හැටි එහෙමයි. අනිත් එක ඊට පස්සේ මහින්දට control එකකුත් නැහැ. ඊළඟට වෙන්න පුළුවන් මොකක්ද? මෛත්‍රී ගෝඨාභය එක්ක deal එකක් දාල වේලාසන ජනාධිපතිවරණෙකට යනවා. SLFP එක ගෝඨාභයට වැටෙනවා. දැන් 2015 ඉඳන් මෙච්චර කල් මහින්ද බලා හිටියේ මේකටද? හැබැයි කොච්චර කලත් ගෝඨාභය දිනන්නේ නැහැ. ඊළඟ ජනාධිපති රාජපක්ෂ කෙනෙක් නෙමෙයි. අනිත් එක චන්දෙ තියන්නේ සැප්තැම්බර් අග ඉඳන් හෝ ඔක්තෝබර් මුල ඉඳන් නොවැම්බර් අග අතර කාලේ. පොතේ හැටියට 2020 දී ලංකාවට ලැබෙන්නේ කිරි කිරි අළුත් මිනිහෙක්. අළුත් නායකයෙක්. ඒ මොකොද කිව්වා නම් 2020 ඉඳන් ලකාවේ ලොකු වෙනසක් වෙන්න තියෙන නිසා. මෙච්චර ස්ථිරව කියන්නේ කොහොමද? බය ගුල්ල මෙතැන road block එකක් දාල තිබුන නම් කියනවා.

  36. Champa Reply

    විමල්ට ඔච්චර හදිසියෙන් ජනාධිපති අපේක්ෂකයා කවුද කියල කියව ගන්න ඕනේ නම්, මහින්දට කරන්න තියෙන්නේ ජනාධිපති අපේක්ෂකයා විමල් කියලා කියන එක.
    අර දෙන්නගෙන් කාගේ නම කිව්වත් වටේ ඉන්න මිනිස්සු මහින්දව අතෑරලා යනව. දෙන්නගෙන් කාගේ නම කිව්වත් බෙදෙනවා. ඒ මොකොද කිව්වා නම් එක්කෙනෙක් අනිත් එක්කෙනාව පරද්දන්න වැඩ කරන නිසා. ඇයි විමල් ඔයාට ඔච්චර පොඩි දෙයක්වත් තේරෙන්නේ නැත්තේ? මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට?
    චමල් වගේ කෙනෙක්ට මිනිස්සු කැමති වෙයි කියලා හිතන්න බැහැ. මිනිස්සු චන්දෙ දාන්න යන්නේ නැතුව ගෙදර ඉඳියි.

  37. Champa Reply

    Now that you have made yourself very clear your support is for Gotabhaya, I will support any independent candidate that are acceptable to people. (both Ranil and Maithree are out).
    There is no way I support any attempt to go back to 2010-2015 era. Gotabhaya can never win the election. He will make all of you losers. You disappointed millions of those who were in 6.2 million category.

  38. Champa Reply

    ඇයි ඔයා ඔච්චර මහින්දව push කරන්නේ ගෝඨාභයව ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට නම් කරන්න කියල අවුරුදු 1 1/2 කට කලින්? මොකක්ද ඇත්තටම ඔයාට තියෙන ප්‍රශ්නේ? එයා පරදියි කියලා බයට දැම්මම චන්ද අරන් දෙන්න පටන් ගන්නද? වැඩක් වෙන්නේ නැහැ විමල්. වෙන එකම දේ ඕක කියපු ගමන් අවස්ථාවාදියෝ ඔක්කොම මහින්දව අතෑරලා අරය වටේ එල්ලෙන එක. දැනටම එළිපිට සහ හොරෙන් එහෙම කරනවා. මට මහින්ද එක්ක තරහ වෙන්න කාරනා තියෙනව. හැබැයි ඔය තරම් දරුණු දෙයක් වෙනව මට බලන් ඉන්න අමාරුයි. කොච්චර බැන්නත් අපි හැමෝම ආදරේ මහින්දට. ඒ වගේ ආදරයක් කවදාවත් ගෝඨාභය ගැන ඇති වෙන්නේ නැහැ.

  39. Champa Reply

    දැක්කද බැසිල්ගේ කතාව? Look at his high handedness even before coming to power!!! එහෙම කොහොමද එයා කියන්නේ? මොකෝ මේක රාජපක්ෂලාට ගිය රටද?

    මිනිස්සු හිතා ඉන්නේ කොයි රාජපක්ෂ දින්නත් රට ආණ්ඩුව කරන්නේ මහින්ද කියලා. මම කියපු එක තමා වෙන්නේ. මහින්දට වෙන්නේ retire වෙන්න.

  40. Champa Reply

    බැසිල් හමුදාව පාවල දීල දැන් මේ කී වෙනි වතාවටද? මම දාපු comments වල ඒක ලිව්වේ නැහැ කලින් highlight කරන්න හොඳ නැති හින්ද. දැන් අන්න දාල. ඉස්සෙල්ල Robert Blake. ඊට පස්සේ පළාත් පාලන චන්ද කාලේ උතුරට ගිහින් කිව්වා අපේ හමුදාව තනි තනිව මිනී මරන්න ඇති කියලා. මේ මිනිහට බලය ලැබුනොත් අනිවාර්යයෙන්ම අපේ හමුදාවේ කීප දෙනෙක් පෝරකේට යවනවා.
    කට වහගෙන ඉන්නේ නැතුව මේවට කතා කරන්න විමල්.
    බැසිල් කරන්නේ මහින්දගේ චන්ද කඩන එක.
    මම බැසිල් ගැන කිව්වේ ඔයාට 2016. බැසිල් ඒකාබද්ධ විපක්ෂෙට ආවේ කොන්ත්‍රාත් එකකට.

  41. Champa Reply

    දැන් තව මාස 6කට ආණ්ඩුවට දුවන්න දේවල් තියෙනවා. New York Times එකේ article එක. රනිල් යටින් කරන ඒවා මොකුත් පෙන්නේ නැහැ. Ignore කරන්න තිබුණු දෙයක්. දැන් ඉතින් කොටි වලිගයක් අල්ල ගත්ත වගේ. කෙනෙක් කියලා තිබුන රත්මලාන ගුවන් තොටුපොලත් චීනෙට බදු දීල කියලා. Source එක දන්නේ නැහැ. තව මොන දේවල් සිද්ධ වෙයිද දන්නේ නැහැ ඊළඟ මාස 18 වෙනකොට. ජනාධිපතිවරණෙ ගැන ආණ්ඩුවට ලොකු භීතියක් නැහැ. ඒකටත් හේතුවක් ඇති. රනිල් දන්නවා NYT article එක වගේ දෙයක් දැම්මහම මුළු ඒකාබද්ධෙම ඒක පස්සේ දුවනවා කියලා. මේවා හොඳට සැලසුම් කරපු වැඩ. දැන් හරි. රනිල් හිනා වෙනවා ඇති. රනිල් විතරක් නෙමෙයි ඒක ගැන අප්පච්චි මලෝ වගේ මිනිස්සුත් කිව්වනේ මහින්ද උත්තර දෙන්න ඕනේ කියලා. SLFP එකේ කවුරුවත් කතා කරන්නේ නැහැ උඩින් කියන්නේ නැතුව. දන්නවද විමල් පාර්ලිමේන්තුවට වැඩිපුර යන්න ඕනේ ස්වාධීන අපේක්ෂකයෝ. එතකොට අනිත් හැමෝම මේ වගේ එකක් පස්සේ දුවන කොට ඒ මිනිස්සුවත් රටේ අනිත් ප්‍රශ්න ගැන කතා කරයි.

  42. Champa Reply

    බයේ දාල පැනල ගිහින් එහෙම නැත්නම් ප්‍රශ්න තියෙන කොට පැත්තකට වෙලා ඉඳල පස්සේ ආපහු ආවහම රජකම දෙන්නද ඔය කියන්නේ? ලැජ්ජයි.

  43. Champa Reply

    අනේ යන්න නිකන් ගොට්ටා. ගොට්ට අල්ලනවා. ගොට්ටයි ගෝටයි දෙන්නම පරදිනවා.

  44. Champa Reply

    Hey ගොට්ටා, බබා, අර වාසු මොකක්ද කියන්නේ පුළුවන් නම් ජනාධිපතිවරණෙ නැති කරනවා කියලා? එතකොට 20A කියන්නේ මොකක්ද? මිනිස්සු ඕවට නේද බයිලා කියනව කියලා කියන්නේ.

  45. Champa Reply

    උම්මෝ………… හුඟ දවසකට පස්සේ මගේ විමල්ව දැක්ක ඔන්න පාර්ලිමේන්තුවේ. ඔයාට ummmmmmmma එකක් !

  46. Champa Reply

    මහින්දට NYT කතාව ආවේ එයා උදයංගට එන්න කිව්වා කිව්වට පස්සේ. ඕක පරණ කතාවක් නේ. දැන් ඇදල ගත්තේ ඇයි කියලා තේරෙනවද?

  47. Champa Reply

    MRට කියන්න New “Joke” Times එකට තවත් එල්ලිලා යන්න එපා කියල. මම රිවිරට එකක් දාලා ඇති කලින් සෙනසුරාදා මම හිතන්නේ යැව්වේ. අර statement එකට ඉස්සෙල්ල. මේක කොටි වල්ගයක් වගේ මහින්දව scene එකෙන් අයින් කරලා ඇමරිකන් ගැත්තට පාර හදල දෙන්න යන්නේ. ඒක ලිව්වේ එතනද වෙන තැනකද මතක නැහැ. ඕගොල්ලන්ට ආප්ප විප්ලවය 2 ට ලෑස්ති වෙන්න වෙන කියලා මම මෙතන දාල තියෙනව මීට කලින්. පස්සේ ලියන්නම් හොඳද. ලංකාවේ ඊළඟ නායකයා ගෝඨාභය නෙමෙයි.

  48. Champa Reply

    කොටි දෙන ලව්වා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරවන්න රනිල්ට බල කරන්න කොටිදෙන LTTE එකට පක්ෂ නැහැ කියල LTTE එක promote කරන්නේ නැහැ කියලා. මේක තමයි ඕකට හොඳ අවස්ථාව. මීට කලිනුත් ඔය වගේ දේවල් කියලා පස්සේ නැහැ කිව්වහම රනිල් නිකම් හිටිය.

    මහින්දගේ NYT කතාව වහල කොටි දෙනගේ කතාව ඉස්සරහට ගන්න. ආණ්ඩුව කලෙත් ඒ වගේ වැඩනෙ.

  49. Champa Reply

    ලංකාවයි ඉන්දියාවයි අතරේ ferry service එකක් දාන්න යනව. ඒකට ඉඩ දෙන්න එපා.

    ඉන්දියන් බඩු, අවි ආයුධ, මත්ද්‍රව්‍ය, ආහාර, ඇඳුම් පැළඳුම්, ලාබෙට ගණිකාවෝ, ලාබෙට කම්කරුවෝ, කෝකියෝ, තව අනිත් රක්ෂා කරන එවුන් ඔක්කොම ඇවිල්ල මේකේ පිරෙයි. ඇයි උදේ හවා යන්න වුනත් පුළුවන්නේ. අපේ දේශීය දේවල් වලට දැන් තියෙන තැනත් නැතිවෙයි. අනිත් එක විජයකලා එළිපිටම කොටින්ව ඉල්ලන වෙලාවේ මේ වගේ එකක භයානකකම අලුතින් කියන්න ඕනේ නැහැනේ. මේ කරන්න හදන්නේ අර 2015 හනුමාන් පාලම හදල කරන්න හදපු දේ වෙන විදියකට. අනේ විමල් ඔයා ඉස්සර වගේ media briefings තියලා මේවා කතා කරන්න විමල්. ඔයා නොහිට්න්න අපිට රටක් නැහැ. ඔයා ඉස්සර සතියෙන් සතියට සති දෙකෙන් දෙකට මේවා ගැන කතා කළා. ඔයාට දැන් ඔහොම ඉන්න අයිතියක් නැහැ.

  50. Champa Reply

    ඔයාටයි තව කාටදැයි අවවාද කරපු කතානායකට කොන්දක් තිබ්බේ නැහැ විජයකලාට අවවාද කරන්න. එහෙම කලාට කමක් නැත්ද කියලා නීතිපතිගෙන් අහල.

  51. Champa Reply

    ඕගොල්ලන්ගේ ඒකාබද්ධ විපක්ෂය අර කාවින්ද වගේ මිනිස්සු කියන කතා වලට rebuttal එකක් දෙන්න ඕනේ..හරියට කතා කරන්නේ ඒ ගොල්ලෝ රටට සාමය ගෙනාව වගේ. උතුරේ පාරවල් හැදුවලු. කොටි පුනරුත්ථාපනය කලාලු. විශාල වැඩ කොටසක් කලාලු උතුරේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න. LTTE එක තියෙන කාලේ යුඑන්පි ආණ්ඩුවක් තිබුන නම් ප්‍රභාකරන් තවම උතුර හොල්ලන් ඉන්නවා. ආණ්ඩුව බයේ හැංගිලා ඉන්නවා.

  52. Champa Reply

    ඔයා ඇයි අච්චර කතානයකතුමාට බැන්න කියන්නේ? පාර්ලිමේන්තුවේ ඔයාගේ කතාව සැර වුනාට කමක් නැහැ. හැබැයි කතානායකතුමාට කතා කරන කොට සැර අඩු කරල කතා කරන්න නේද. මේ වගේ දේකටත් කෙලින් කතා කරන්න බැරිනම් කථානායකතුමාගෙන් වැඩක් නැහැ තමයි. ඒ වුනාට අච්චර බනින්න එපා නේද.

  53. Champa Reply

    ෂ් ෂ් ෂ් ගොට්ස් ඔයා අතන හිටියේ නැහැනේ.

  54. Champa Reply

    ඇයි කවුරුවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එන කතා කරන්නේ නැත්තේ? ඒක අහෝසි කලාද? නැහැනේ.

  55. Champa Reply

    දැන් ඔගොල්ලන් අර කරන්න යනව කිව්ව ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණ වලට ගෝඨාභයත් එනවද? චැක්. මම බලාගෙන හිටියේ ඒවා තියනකම්. චැක්. දැන් මගේ උද්යෝගය බින්දුවටම බැස්ස.

  56. Champa Reply

    මිනිහෙක් තැනක ලියලා තිබුන ගෝඨාභය ආපු උත්සවයට එක කොන්ද පණ තියෙන මිනිහෙක්වත් ඇවිල්ල නැහැ කියල. එතකොට ගොට්ටො ඔයා මේ හැම තිස්සෙම කියන කතාව මොකක්ද? ඕගොල්ලෝ රඟපානවද අනේ?

  57. Champa Reply

    Wow විමල් නියම කතාව ආපහු. විජයකළාව පාර්ලිමේන්තුවෙන් අයින් කරනකම් නවත්තන්න එපා.
    මම මේ බැලුවේ විමල්. පාර්ලිමේන්තුවේ විපක්ෂය පැත්තට කතා කරන්න තියෙන්නේ හරිම සීමාසහිත ඉඩක් නේද? ඒකත් හරියට කතා කරන්න දෙන්නේ නැහැ. තව කාලය වැඩිපුර ඉල්ලුව නම් හොඳයි ඔයා. කිසි වැඩකට නැති TNA එකටයි JVP එකටයි හුගක් වෙලාව දීල තියෙනවා. ඒ වෙලාව ඒගොල්ලෝ පාවිච්චි කරන්නෙත් නැහැ. ඒ හින්ද වැඩිපුර කාලයක් ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලන්න. අනේ ඔන්න කතානායකතුමාව බය කරලා ගන්න හදන්න එපා හොඳද. ඔයා කතා කරන්න නැගිටින හැම වෙලාවෙම කතානයකතුමාටත් ආතතිය හැදෙනව කියලා මතක තියා ගන්න හොඳද.

    විමල් මම මේක කලිනුත් අහන්න හිටියේ. ඔයා කතා කරන හැම වෙලාවෙම මම දකිනව ඔයා වටේ ඔක්කොම seat හිස්. කොහේද මේ මන්ත්‍රීවරු? අනිත් පැත්තෙත් එහෙමද? Seat හිස්ද?

  58. Champa Reply

    විමල් මම “අද” පත්තරේ තිබුණු මේ කෑල්ල මෙතන paste කරනවා හොඳද. අනාගතේ කරන්න හිතෙන යමක් වෙනුවෙන්. ඔන්න ඔයා 2020 වෙනකම් මගෙත් එක්ක තරහ වෙන්න එපා හොඳද. මාව block කරන්න එපා ඔන්න. මම මෙතන මේ මගේ අම්බලමේ හුඟක් දේවල් ලියලා තියෙනව. අර ඔයාට දෙන්න ඉන්න මගේ කුරුටු ගී පොතෙත් මේක ලිව්වා. ඒ වුනාට වැඩි හොඳට මෙතනත් දැම්ම.
    —————————————————-
    “ADA”
    කඳ ඉහළින් තුන්පැත්තකට බෙදී ගස් 3ක ඵලදාවක් ලබා දෙන පොල් ගසක් සාලියවැව යාය හතේ ගෙවත්තක පිහිටා තිබේ.

    මෙම පොල් ගසට වයස අවුරු දු 20ක් පමණ වන බවත්, තනි පොල් ගසක් වූ එය වසර ගණනාවකට ඉහත දී මෙසේ කඳ බෙදී එම කදන්වල ද සරු ඵලදාවක් ලබා දෙන බවත් එහි හිමිකාරිය වන ඊ.එස්. සෝමාවතී මහත්මිය කීවාය.

    එසේම එම බෙදුණු එක් කඳක් නැවත බෙදීමකට ලක්වෙමින් පවතින බවත් ඇය කීවාය’

    කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි

  59. Champa Reply

    සජිත් කියනව ආණ්ඩුව දුන්නු නිදහසින් විපක්ෂය දේශපාලන වාසි ගන්නවලු. 😀 😀 😀 😀 😀 ඉතින් එහෙම ප්‍රයෝජන ගන්න නේද නිදහස දීල තියෙන්නේ? දුන්න කියන නිදහසින් විපක්ෂය උපරිම ප්‍රයෝජන ගන්න එකට ඉරිසියා කරලා වැඩක් නැහැ දැන්. මහින්ද දීපු නිදහසින් අයුතු ප්‍රයෝජන අරන් බලයට ආපු ආණ්ඩුව, ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල වෘත්තීය සමිති කරන උද්ඝෝෂණ ගැන අඬල වැඩක් නැහැ.

  60. Champa Reply

    ජනාධිපති ලේකම් කාර්යාලයට නම දාන්න ඕනේ “සයිබීරියාව” කියලා. ඒ මොකොද කිව්වා නම් එපා වෙන මිනිස්සු ඔක්කොමව transfer කරන්නේ එතෙන්ට.

    අවුරුදු 3ක් ඇතුලේ 3 වෙනි ජනාධිපති ලේකම්වත් පත් කරා. පව් අප්පා. කොහොමද ඉතින් වැඩක් කරන්නේ?

  61. Champa Reply

    ඔයාට දුක හිතුනද විමල්? ඔයාගේ අම්ම ජීවතුන් අතර නැහැ නේද? අර ඔයා 2010 උපවාස කරන කොට නේද අම්ම ලෙඩ වෙලා ඉස්පිරිතාලේ ගෙනිහින් නැතිවුනේ? අම්මට සිහිමඳ ගතියක් තිබ්බ කියලා ඔයා ඉස්සර කිව්වා මතකයි. එහෙම වුනේ ඔයා 88/89 කාලේ JVP එකට බැඳිලා හිටපු නිසා. ඔයාගේ ජීවිතේ ගැන හිත හිත අම්ම දුක් වෙච්ච නිසා. ඔයා කියලා තිබුන ඔයාගේ තාත්ත ඔයාගේ පින්තූරෙත් අරගෙන හැම තැනම ඇවිද්ද කියලා ඔයාව හොයන්න. කාව හරි මරල කියලා ආරංචි වෙච්ච හැම තැනටම ගිහින් බැලුවලු ඔයාද කියලා. මගේ උගුරත් හිරවෙනවා මේක ලියන කොට. මගේ ඇස් වලින් කඳුලුත් කඩා වැටෙනවා. මට මේ වගේ ඒවා දරා ගන්න හරිම අමාරුයි. මිනීමරුවෝ කියල හංවඩු ගහල තිබුණු JVP එක ගොඩ ආවේ ඔයා දිවා රෑ නොබලා ජීවිත පූජාවෙන් JVP එක වෙනුවෙන් වැඩ කරපු නිසා. හැබැයි ඔයාගේ අම්මටයි තාත්තටයි ඔයාව නැති වුනා. ඔයා ඔක්කොම කරට පස්සේ තමයි අනුර ඔයාට ලැබෙන්න තිබුණු පක්ෂ නායකකම එයා අර ගත්තේ. අනුර කුමාර කියන්නේ මොන තරම් කාලකන්නියෙක්ද කියලා තේරෙන්නම අර කතාව ඇති. අනුර කුමාරට හිතන්නවත් බැරි තැනකට ඔයා කවදහරි යනවා.

  62. Champa Reply

    MR මේ කියලා තියෙන එක වැරදියි නේද? “සමහරු අයවැය පරාජයට පත් කරලා ප්‍රභාකරන් බේර ගන්න හැදුව. එජාපය ජවිපෙ ඒ වෙලාවේ අයවැයට විරුද්ධව චන්දෙ දුන්න.” එජාපෙ විරුද්ධව චන්දෙ දුන්න. ජවිපෙ අයවැය තුන් වෙනි වර කියවීමේදී චන්දෙ දීමෙන් වැළකී හිටිය. ඒ හින්ද අයවැය දිනුව. නේද? පත්තර වල තිබුනේ මෙහෙම. The Sri Lanka government has won the vote for the third reading of the budget vote as a major opposition party (JVP) abstained from voting.

  63. Champa Reply

    මත්තල බේරා ගන්න මුකුත් කරන්නේ නැත්ද? ඔයාගේ මහින්ද මහත්තයට දැන් ටිකක් පණ ඇවිල්ල ඉන්න එකේ මත්තල බේරලා දෙන්න කියන්න. ඕගොල්ලන්ට බැරි වුන මාගම්පුර වරාය බේරලා දෙන්න. විරුද්ධව චන්දෙ දුන්නේ ඔයයි තව කී දෙනාද? මේ පාර නම් එහෙම කරන්න එපා. පාර්ලිමේන්තුවේ ඝෝෂා නොකර බැහැ. කරන වැඩ වලට. එහෙම නොකරන්න නම් රට පාවා නොදී ඉන්න කියන්න. හැබැයි අර වගේ අගමැතිතුමාට එන්න කියාපිය වගේ වචන කියන්න දෙන්න එපා. එංගලන්ත පාර්ලිමේන්තුවේත් කෑගහනව ඔයිට වඩා. හැබැයි පාවිච්චි කරන වචන සංයමයෙන් පාවිච්චි කරන්න.

  64. Champa Reply

    අනේ අර පින්තූරේ හරිම හරි ලස්සණයි. මම ඒක මගේ background එකට දැම්ම. කී දවසක් තියාගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කිචි කිචි ගාල හිනාවෙන්න ගන්නවනේ දැක්ක ගමන් හැමෝම.

  65. Champa Reply

    මේ පින්තූරෙට මං ආසයි. ඒ වුනාට මට මේක හන්ගන් ඉන්න වෙනවා. ඒ මොකොද කිව්වා නම් එක පාරක් හරිම හදිස්සි වැඩක් කරන්න document එකක් හොයන කොට එක පාරට විමල්ගේ පින්තූරයක් වැටුන. OMG drama queen කියලා ඔයාට හිනා වුනා බලන් හිටපු දෙන්න. ඊට පස්සේ තවත් හිනාව වැඩි වුනා ඒ මොකොද කිව්වා නම් මම විමල්ගේ පින්තූර ගොඩක් image gallery එකේ දාල තියෙන හින්ද ඒවා එක එක වැටෙන්න පටන් ගත්ත. මට එක පාරට ඒවා අයින් කරගන්නත් බැරි වුනා. අනේ හරිම embarrassing. ඒවුනාට මට හිනා වෙන එක හරිම අසාධාරණයි. ඒ මොකොද කිව්වා නම් අනිත් හැමෝම නළු නිලියන්ගේ ගායක ගායිකාවන්ගේ ක්‍රීඩකයන්ගේ පින්තූර දාන් ඉන්නකොට මම ඔයාගේ පින්තූරේ දැම්මහම මට හිනාවෙන එක හරි නෑ නේද? මේ දවස්වල ඔයාගේ පින්තූරයක් තිබ්බේ නැහැ. ගොට්ට වැඩේට තරහ ගිය හින්ද මම ඔයාව delete කරලා අලි රංචුවක් ඉන්න පින්තූරයක් දාල තිබ්බේ.

  66. Champa Reply

    අනේ සමහර ඒවට මට හිනා යනව. දෙරන. අර MR ඉන්න කතාවේ podium නෙළුම්මල් arrangement එක දැක්කද? මොකක්ද ඒ කියන්න හදන්නේ? නැත්නම් ඒ arrangement එක අහම්බයක්ද?

    ආ.. තව එකක්, MRගේ ඇස් යට eye bags හැදිලා තියෙනවා දැක්ක. මීට කලිනුත් දැක්ක. හරිම simple වැඩක් තියෙන්නේ. Cucumber slices අර කොළපාට හීනි දිග cucumber තියෙන්නේ ඒවා slices අරන් fridge එකේ ටිකක් වෙලා තියල හොඳට ශීතල වුනාට පස්සේ ඇස් උඩ විනාඩි 20ක් විතර තියන් හිටිය නම් ඕක බැහැල යනවා.

  67. Champa Reply

    මත්තල බේර ගන්න විමල්. චීනෙට දුන්න වගේ නෙමෙයි ඉන්දියාවට දුන්නොත්. දන්නවනේ. අනිත් එක අපේ රට ලඟම තියෙන ඉන්දියාව එක්ක අපේ අහස බෙදා ගන්න ගෙන එක තරම් මෝඩ කමක් තවත් තියෙනවද. මතකද ලඟදි දවසක අපේ ගුවන් ගමන් පැය කීයකටද නවත්තන්න කිව්වා ඉන්දියාව අපිට කිට්ටු තැනක ඉඳන් රොකට් එකක් යවනව කියලා. මේ දවස්වල NYT සෙල්ලම් චීන කතා ඔක්කොම දාන්නේ මත්තල විකුණන එක වහල කරන්න. බලන්න කවුරුවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. දැන් ඕගොල්ලන් හැම තැනම කියනවනේ 70ක් ඉන්නවා කියලා. Ferry service එකකුත් දාන්න යනව. ඒකටත් විරුද්ධව වෙන්න. බලන්න මම 2016 නොවැම්බර් ඕගොල්ලන්ට කිව්වා රනිල් දුර්වල වෙලා ආණ්ඩුව වැටෙන්න යන වෙලාවේ ඒකෙ ප්‍රයෝජනේ ගන්න කියල. මම කිව්වා ඒ වගේ අවස්ථාවක් ආයේ කවදාවත් එන්නේ නැහැ කියලා. කලේ නැහැ. දැන් කතා කරනවා එක එක මිනිහ පස්සේ ගිහින් බාල්දු වෙලා විපක්ෂ නායකකමයි අගමැතිකමයි ගන්න හැටි ගැන.

  68. Champa Reply

    අනුලන්ඝනීය වගකීමක්? මේ කියන්නේ මොකක්ද? මම මෙහෙම වචනයක් අහල නෑනේ කවදාවත්. කෝ මේ වචනේ දෙකට කැඩෙන්නේත් නැහැනෙ. අනුල්-උන්ඝනීය? පිස්සුවක් මේක. මහ ලොකු පණ්ඩිතය නම් මේ වචනේ පාවිච්චි කරලා තව වාක්‍යයක් කියන්න හොඳද පණ්ඩිතය. මේක ඔයා හදල කියුපු වචනයක්. හිතන්න එපා ඔයා විතරයි සිංහල දන්නේ කියල. මමත් දන්නවා.

  69. Champa Reply

    ප්‍රසන්න රණවීරව වරප්‍රසාද කමිටුව ඉස්සරහට කැඳවලාලු! විජයකලාට වගේම ආතතිය හැදුනු හින්ද නේද කෑගැහව්වේ? LTTE එක ආපහු ගේනව කිව්වහම ඕනේ කෙනෙකුට සන්ත්‍රාසයක් ඇති වෙනවනේ.
    විජයකලා ගැන තීන්දුව.ලබන සතියේ. අනිවාර්යයෙන්ම suspend කරන්න ඕනේ. සෙන්කෝලේට මෙහෙම නම් විජයකලාට කොහොම වෙන්න ඕනෙද? .

  70. Champa Reply

    හිතන්න එපා මම ඔයත් එක්ක යාළුයි කියලා. මගේ තරහ තව ඉවර නැහැ. අම්බලම වහල දානවා. ආයේ ලියන්නෙත් නැහැ.

  71. Champa Reply

    නව නිකාය කතිකාවතක් ගේනවලු විමල්. “බෞද්ධ විනය නීති සහ රාජ්‍ය නීති කඩකරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ පූර්ණ බලතල මහානායක හිමිවරුන්ට පවරනවා” කියලා ඒක ඉස්සරහට දාල අර පරණ විහාර දේවාලගම් වෙනස් කරන පනතයි තව මොකක්ද එකක් මතකද 2015 ගේන්න හැදුව මිනිස්සුන්ව පන්සලෙන් ඈත් කරලා තියන්න, මේ ඔක්කොම එකට දාල අර බලය පවරන කෑල්ල ඉස්සරහට දාල බුද්ධාගමට තියෙන තැන නැති කරන්න හදන්නේ. මේකට නම දාන්න ඕනේ “බෞද්ධ සංහාර පනත” කියලා. අනේ මං දන්නේ නැහැ. මේවා ගැන හරි විස්තර මහනායක හාමුදුරුවරුන්ට යනවද කියලා. ඒ මොකොද කිව්වා නම් මෛත්‍රීගේ එල්ලුම් ගහත් හොඳයි කිව්වා නේ. අපේ හාමුදුරුවරුන්ට තේරෙන්නේ නැහැ මෛත්‍රී රනිල් දෙන්නගෙම වැඩි වෙනසක් නැහැ. මේ කරන්නේ හාමුදුරුවරුන්වම පාවිච්චි කරලා බෞද්ධාගම ලංකාවෙන් නැති කරන්න හදන එක. හාමුදුරුවරු ලව්වම එල්ලුම් ගහ හොඳයි කියව ගත්තට පස්සේ තව මොකක්ද? එල්ලුම් ගහ ගෙනාවට පස්සේ කොහොමද පලවෙනි සිල් පදේ කියන්නේ සිරිසේන? ඒක පන්නල දෙවෙනි එකෙන් පටන් ගන්න වෙනවා හතර සිල් පද කියන්න.

    ඔයාට මේ ගැන බලල කලින් කියන්න පුලුවන්ද? මිනිස්සුන්ව දැනුවත් කරන්න පුලුවන්ද ජුලි 20ට ඉස්සෙල්ල?

  72. Champa Reply

    හොඳට හිටියි ඔහොම අකුලන් ඉන්න ගියොත්. පේනවා නේද ආණ්ඩුව සති දෙකින් දෙකට මාතෘකා වෙනස් කරලා මිනිස්සුන්ව හොල්මන් කරනවා. ඉස්සෙල්ල ගේනවා New York Times සති දෙකයි. ඒ එක්කම විජයකලාට ආතතිය හැදුන සති දෙකයි. තව ලබන සතියෙත් ඒක යයි. ඊළඟට තෙල් මිලට පිස්සුවක් හැදුව. හැබැයි ඒක හිටහ්පු තරම් දුර ගියේ නැහැ. ඊළඟට එල්ලුම් ගහ ගෙනාව. ඒක මම හිතන්නේ සති දෙකකට වඩා ඇදෙයි. පේනවනේ නේද President කරන දේ. මේ පාරත් ඒකමකළා රට යන්න ඉස්සෙල්ල. මාතෘකාවක් දීල ගිය. ගිය පාර රට යන කොට මාතෘකාව අනාථ පිල-16. මේ පාර එල්ලුම් ගහ. 20A ගැන ඔයාගේ සම්මන්ත්‍රණ නවත්තුවද? ඒක දිගටම ගෙනියන්න. ශත පහකට විශ්වාස කරන්න එපා සිරිසේනවයි රනිල්වයි. ඔයත් ඕකම කියලා තියෙනව. පෙන්නන්නේ එකක්. කරන්නේ ඊට හාත්පසින්ම වෙන එකක්. පහුගිය දවස්වල චීනෙට ගැහැව්වේ මත්තල නිසා මම හිතන්නේ. ඒ වැඩේ හීන් සැරේ යනවා. මේ අනිත් මාතෘකා වැඩක් නැහැ. ප්‍රධාන එක 20A අනික මත්තල. අර බෞද්ධ සංහාර පනත එකපාරට මේ වෙලාවේ ගේන්නේත් මිනිස්සුන්ව නොමඟ යවන්න.

  73. Champa Reply

    අර අලුත් නාඩගම දැක්කද? රනිල්ට එන්න කියන්න්තුව තියපු රැස්වීම. President හිතනවද දන්නේ නැහැ ම්නිස්සු මේවට ඇඳෙයි කියලා නේද? වැඩේ කියන්නේ සෙල්ලම් අලුත් වුනාට නළුවෝ පරණ හින්ද එන්නේ මොකටද කියල තේරෙනව. Presidentට රනිල්ව ආපහු යාලු කර ගන්න අමාරු නැහැ. අමාරු මහින්දව යාලු කරගන්න එක. ඒ කියන්නේ පුද්ගලයෙක් විදියට නෙමෙයි මහින්ද වටේ ඉන්න ජනතාව දිනා ගන්න එක. හිතන්න එපා President ගෝඨාභයට අකමැතියි කියලා. එයාට ඕනේ ගෝඨාභයව ගෙන්න. මහින්දව නවත්තන්න පුළුවන් ලේසිම විදිය ඒක. මතකද ශ්‍රී ලංකා කාරයෝ කිව්වා 2015දී කිව්වා කියලා ගෝඨාභයව අගමැති කරන්නම් කියලා කිව්වා මහින්ද අකමැති වුන කියලා. එහෙම වුනේ කොහොමද? මහින්ද නරක වෙලා ගෝඨාභය හොඳ වුනේ කොහොමද? ඔයාගේ ඔය සුදු මහින්ද මහත්තයට කියන්න (අනේ මම නම් එයාට සුදු කිව්වේ නැහැ ඔයාටනෙ එයාව සුදු) 2010-2015 මොලේ පාවිච්චි කරපු නැති නිසා දැන් මකුළු දැලුත් බැඳිලා ඇති. ඒ හින්ද ඒක පාවිච්චි කරන්න කියලා. බලන්න සිරිසේන චන්දෙ ඉල්ලන බව ආප්ප කන කම්ම දන්නේ නැති වුනේ කොහොමද විමල්? රටේ ජනාධිපති දන්නේ නැතුව එහෙම වෙන්න පුලුවන්ද? වුනේ වටේ අනිත් රැල දැනගෙන හිටිය මහින්දට කිව්වේ නැහැ.

  74. Champa Reply

    රනිල්ගේ සම්බැරීන් කතාව දැක්කද? “… Then the next important phase is that we are also now conducting negotiations with Indian Airport Company for a Public-Private Partnership with the Indian Airport Company and our Civil Aviation Authority to run the Mattala Airport. So no one can say that we have handed over everything to China”, he further said.” What an idiot is Ranil. Needless to say Ranil hates Sri Lanka.

    රනිල් සබ්මැරීන් කතාව කිව්වේ ඇමරිකාවට. අනිවර්යයනෙම ඊළඟට දකුණු මුහුද ඇමරිකාවට. American submarines will patrol in our South sea. ඇමරිකාවයි ඉන්දියාවයි චීනෙට මාගම්පුර වරාය දෙනකම් කට වාන් හිටියේ මේකට. ඒ රටවල් දෙකටම ප්‍රශ්නේ තියෙන්නේ මහින්ද මිසක් චීනේ නෙමෙයි. මහින්දට ගහන්නේ මහින්ද ආයේ අවොත් මේවට ප්‍රශ්න එන හින්ද. පරිස්සම් වෙලා ඉන්න කියන්න. කවද හරි රනිල්ගෙයි සිරිසේන්ගෙයි ප්‍රජා අයිතිය අහෝසි කරන්න ඕනේ. එල්ලන්න හොඳ නැති නිසා.

    මේ විදියට 2019/2020 දිනන එක ලේසි වෙන්නේ නැහැ. මොකක් හරි අලුත්, වෙනස් approach එකක් ගත්තේ නැත්නම්. දැනටම දිනල කියලා සමහරු කියනවා මේක දිහා ගැඹුරින් බලන්නේ නැතුව. අර හාවගෙයි ඉබ්බා ගෙයි කතාව වෙයි.

  75. Champa Reply

    එල එල මෙන්න මෙයා නැගිටලා. ඉරිදා දවසක නිවේදනයක් නිකුත් කරලා තියෙනව දැක්කමද කොහෙද මං.

    ඇයි ඔයා ඕක මාධ්‍ය හමුවක් තියල කියන්නැත්තේ විමල්? එතකොට තමා හුඟක් මිනිස්සුන්ගේ ඔළුවට ඕක යන්නේ.

  76. Champa Reply

    Hey, Wimal are you watching FIFA? Cheer for France, ok not for Croatia!!!!!! ok never mind. Some people in my house wants Croatia to win as they are underdogs and they say that I should not support a “world power” like France. Too bad now. Fr-Cr is 2-1. Now my buddies here are mad with me. I don’t know. May be I should wish Croatia to win. I can play soccer too (ok football).

  77. Champa Reply

    ගෝඨාභයගේ වහල්ලු සෑහෙන fight එකක් දෙනවා මහින්ද ලව්වා කියව ගන්න ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය කියලා. දැක්කද පන්සලේ කතාව? ඒක set up එකක් කියලා ඕනේ මෝඩයෙකුට තේරෙනව. හැබැයි මහින්දත් ලේසි නැහැ. එහෙම අහුවෙන්නේ නැහැ. මට හිනත් යනව. තාම 2018 මැද. දැන්මම මෙහෙම නම්, 2019 කොහොම වෙයිද නේද? මහින්දට ආතතිය හැදෙයිද දන්නේ නැහැ. නෑ එහෙම වෙන එකක් නැහැ. Cool එකේ ඉන්නේ. ගෝඨාභය පිටිපැස්සේ ඉන්නේ මෛත්‍රී කියල නොතේරෙන්න තරම් මහින්ද ළදරුවෙක් නෙමෙයිනේ. අනිත් එක ගෝඨාභය මහින්දගෙ පැත්තෙන් නැතුව වුනත් ඉල්ලන්න ඉඩ තියෙනව. ඒකට ලෑස්ති වෙලා ඉන්න වෙයි. එතකොට දාන්නේ කවුද? ගෝඨාභය දිනන්නේ නැහැ කොහොමටත්. ඒගොල්ලෝ හිතන්නේ මහින්දට ගෝඨාභය නැතිව දාල දිනන්න වෙන කෙනෙක් නැහැ කියලා. ඒ හින්ද මහින්දගේ පැත්තෙන් නැතුව හරි ඉල්ලන්න හිතනවා.

  78. Champa Reply

    අන්න බැසිල් කිව්වා දැහැමි සමාජයක් හදනවලු. මම නම් හිනා වුනේ නැහැ ඒකට ඇත්තමයි ඔන්න. ඔයාට හිනා ගියාද? ගෝඨාභය කියනව එයා තමයිලු උතරේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න මුල් වුනේ. ඒක නම් ඇත්ත වෙන්න ඕනේ. කොච්චර හොඳට වැඩේ කරලද කිව්වොත් උතුරට මෙලෝ දෙයක් නොකරපු මෛත්‍රීට චන්ද 394,991ක් ලැබෙන කොට මහින්දට ලැබුනේ චන්ද 108,831යි.

  79. Champa Reply

    Hey….

  80. Champa Reply

    😀 😀 😀 😀 😀 මත්තල ගැන කතා කරන කොටම ලොක්ක වාෂ්ප වුනාද සිංගපූරුවට? මේ පාර නම් ලිව්වේ විහිළුවට. තරහට නෙමෙයි. ඉන්දියාවට ගොට්ට අල්ලනවා තාම.

  81. Champa Reply

    පේනවද එයා විතරක් තනියෙන් update කරගෙන. මගේ අම්බලම update කරලා නැහැ. හප්පේ comments 86ක්. පිස්සුවක් මේක. මගේ comments double කරලා දාල මන් හිතන්නේ. මෙතැන comments වැඩියි වෙන වැඩක් තිබිල නැහැ මට. මට නම් මතක නැහැ මේච්චර ලියනවා. මගේ අම්බලම update කරන්න හොඳ හිතින් නපුරුවංශ.

  82. Champa Reply

    අහල තියෙනවද කවදාවත් මුවෝ ඇවිල්ල ගොයම් වලට හානි කරලා යනව කියලා? ගොයම් වලට? කෑවත් නිකම් nibble කරනවා මිසක් අලියෙක් වගේ ගොයමට පැනල විනාශ කරනවද? අස්වාභාවික කතාවක්. කාට හරි මුව මස් කන්න ආසාවක් හැදිලද කොහෙද. අනේ දැන් ඉතින් අලි මැරෙනවා මරනවා වගේ අහිංසක මුවන්වත් නැති කරන්න වගේ හදන්නේ.

  83. Champa Reply

    මම තැනක දැක්ක කියලා තියෙනව ඒකාබද්ධ විපක්ෂයි හොටු පොහොට්ටුවයි එකතු වෙලා සන්ධානයක් හදනවා කියලා. මට හිනා ගියා ලේබල් දෙකට. දැන් ඒකාබද්ධ විපක්ෂය කියන්නේ මන්ත්‍රීවරු ටික විතරයි වගේ නේද?. 2015 පෙබරවාරි 18 ඉඳන් එකතු කරපු මිනිස්සු, 2015 අගෝස්තු පාර්ලිමේන්තු චන්දෙට කිසි ආසන සංවිධානයක් නොකර වේදිකා වල විතරක් කතා කරලා දිනා ගත්ත ආසන 98 දිනලා දුන්නු මිනිස්සු, 2018 පෙබරවාරි 10 චන්දෙ දීපු මිනිස්සු මේ ඔක්කොම බැසිල්ගේ පොදු ජන පෙරමුණ අයිති කරගෙන. එකාබද්ධෙට මුකුත් නැහැ. නැත්නම් ඉතින් ඒකාබද්ධ විපක්ෂයි පොදු ජන පෙරමුණයි අතරේ සන්ධානයක් කියල කියන්නේ කොහොමද? සන්ධානය හැදෙන්න ඕනේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය පක්ෂ අතර. ඒ පක්ෂ වලින් ශ්‍රීලනිපය නියෝජනය කණ්ඩායමක් විතරයි පොදු ජන පෙරමුණ කියන්නේ. අනිත් එක ඒකාබද්ධ පොදු ජන පෙරමුණ කියලා නම දාන එක වැරදියි. ඒකාබද්ධ සංවිධානයේ ලකුණ විදියට පොහොට්ටුව ගන්න එකත් වැරදියි. ඒක එක පක්ෂෙකට විතරක් තනි අයිතියක් දීමක්. දාන නම සහ ලකුණ දෙකම neutral වෙන්න ඕනේ. UPFA එකයි බුලත් කොලෙයි වගේ. බැසිල් හදන්නේ මහින්ද වටා එකතු කරපු ජනතාව ඔක්කොම නීත්‍යනුකූල විදියට එයාගේ යටතට ගන්න. ඊට පස්සේ එයා තමයි ඒක control කරන්නේ එයාට ඕනේ විදියට. අන්තිමට මහින්දටත් say එකක් නැහැ. පැත්තකට වෙලා බලා ඉන්න ඕනේ කෙනෙකුට තේරෙනව බැසිල් තමන්ගේ බලය පතුරුවා ගෙන යන බව. මම මේක කලිනුත් කිව්වා. ආපහුත් කියනවා. බැසිල් ඕගොල්ලන්ගේ ජනාධිපති අපේක්ෂකයාව පරද්දනවා. එයාට ඕනේ ජනාධිපතිවරණෙ මහින්දගේ පැත්ත පරද්දන්න. ඊට පස්සේ තමයි එයාට කියන්න පුළුවන් ඔක්කොටම පැත්තකට වෙන්න කියලා මහා මැතිවරණෙ වැඩ ටික තනියම අතට ගන්න. ජනාධිපතිවරණෙ මහින්දගේ පැත්ත දින්නොත් හොටු පොහොට්ටුව එතනින් එවර වෙනවා. ඒක හින්ද පරද්දනවා.

  84. Champa Reply

    එල්ලුම් ගහට කොමිසමක් දානවලු නිර්දේශ ඉදිරිපත් කරන්න ඉස්සෙල්ල මරණ මිනිහ කවුද කියල. එල්ලුම් ගහේ වේගවත් සංවර්ධනයක් සඳහා දෙමුහුන් ද්විත්ව එල්ලුම් ගහක් ගේන්න කියලා කවුරුවත් කිව්වොත් මක් කරයිද දන්නේ නැහැ.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.