BREAKING NEWS

සන්ධානයේ මෙවර ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් පෙරපාසල් දරුවාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා වූ සියලූ ජනතාවගේ අනාගතයට තිරසාර සහතිකයක් ලබාදී තිබෙනවා – ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මහ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ඉතාමත් පැහැදිළි ලෙස පෙරපාසල් දරුවාගේ සිට ජ්‍යෙෂ්ඨ පුරවැසියා දක්වා වූ මෙරට සියලූ ජනතාවගේ අනාගතයට තිරසාර සහතිකයක් ලබා දී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ(13) සවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එජනිස ජාතික රැලිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ‘අනාගතයට සහතිකයක්’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මගින් 18 වැනිදායින් පසු මේ රට හදන ආකාරය පැහැදිලි කොට තිබෙනවා. 2005 බලයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දශක තුනක් තිස්සේ පැවතුණු යුද්ධය අවසන් කළා. ඊළග අවුරුදු පහේ මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කළා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අවශ්‍ය මුදල් ටික වෙලාවට දුන්නා. කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදල් වෙන් කරලා ගොවියාට පොහොර සහනාධාරය ලබා දුන්නා. වී, තේ, රබර්වලට සහතික මිලක් ඇති කළා. ආදායම් මාර්ග උත්පාදන අවස්ථා රැසක් ඇති කළා. විරැකියාව, දුප්පත්කම අඩු කළා.

දැන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සූදානම් වෙන්නේ 18 වැනිදා හදන අලූත් ආණ්ඩුවෙන් මේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාවගේ ආදායම් මාර්ග වැඩි දියුණු කරන්න. ග‍්‍රාමීය කෘෂිකර්මාන්තය හා අනෙකුත් කුඩා පරිමාණ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන රැස්කිරීම හා බෙදාහැරීම සඳහා කුඩා ලොරියක් හෝ වෑන් රථයක් මිලදී ගැනීමට තරුණ ව්‍යාපාරිකයන්ට සහන පොලියක් යටතේ රුපියල් ලක්‍ෂ 5ක ණය මුදලක් ලබා දීමට නියමිතයි. ඒ වගේම ත‍්‍රිරෝද ප‍්‍රවාහන ව්‍යාපාරයේ යෙදෙන සියලූම දෙනාට හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රුපියල් ලක්‍ෂයක ක්‍රෙඩිට් කාඞ්පතක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ත‍්‍රීරෝද රථ අමතර කොටස් සඳහා බදු සහන ලබාදීමට සූදානම්.

මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රජය මැදිහත් වෙලා ලංගම හා දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර නොමිලේ ලබාදෙනවා. ඒ වගේම ඔවුන්ට වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා රුපියල් 3000ක දීමනාවක් ලබාදෙන්නත් සැලසුම්කර තිබෙනවා. ශල්‍යකර්මයක් සඳහා රුපියල් ලක්‍ෂ 05 දක්වා වූ වෛද්‍ය රක්‍ෂණයක් ලබා දෙනවා. විශ‍්‍රාමිකයින්ගේ රුපියල් ලක්‍ෂ 25 දක්වා වූ ස්ථිර තැන්පතුවලට 15%ක පොලියක් ලබා දෙනවා.

විශ්වවිද්‍යාල ප‍්‍රවේශය ලබන හෝ නොලැබෙන වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්ට වැඩිදුර අධ්‍යාපනය සඳහා පාඨමාලා හැදැරීමට රුපියල් ලක්‍ෂ 02 දක්වා වූ පොලී රහිත අධ්‍යාපන ණය ක‍්‍රමයක් හඳුන්වා දෙනවා. මේ ණය මුදල රැකියාවක් ලැබී වසර 05ක් ඇතුළත ගෙවන්න පුළුවන්. විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගන්නා සියලූ තරුණ පිරිස් රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ වසරක රැකියා පුහුණුවක් සඳහා අනුයුක්ත කරනවා. එම කාලය තුළ රජය මගින් දීමනාවක්ද ලබා දෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30%කින් වැඩි කරනු ලබනවා. මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 6,000 දක්වා වැඩි කරනු ලබනවා. විශ්වවිද්‍යාලවලට ප‍්‍රවේශවන සෑම ශිෂ්‍යයකුටම පොත්පත් මිලදී ගැනීම සඳහා රුපියල් 10,000ක දීමනාවක් ද ලබාදීමට නියමිතයි. ඒ විතරක් නොවෙයි අ.පො.ස (උ.පෙ) විභාගයට පෙනී සිටින සෑම දරුවකුටම මෙන්ම විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන සෑම ශිෂ්‍යශිෂ්‍යාවකටම තමන්ගේම කියා පරිඝණකයක් මිලදී ගැනීම සඳහා පොලී රහිත සහන ණය මුදලක් ලබා දෙනවා. පිළිගත් අධ්‍යාපන හෝ වෘත්තීය පුහුණු ආයතනයක පාඨමාලාවක් හැදැරීමට අදාළ ගෙවීම් කටයුතු සඳහා අවුරුදු 18-25 දක්වා වූ සෑම තරුණ තරුණියකටම රුපියල් 50.000ක ප‍්‍රදානයක් ලබා දෙනවා.

ඒ වගේම පෙර පාසල් සඳහා අවශ්‍ය අධ්‍යාපනික උපකරණ මිලදී ගැනීමට සෑම අනුමත පෙර පාසලක් සඳහාම රුපියල් 50,000ක පොලී රහිත සහන ණය මුදලක් ලබා දෙනවා. සෑම පෙරපාසල් ගුරුවරියකටම රුපියල් 5,000ක දීමනාවක් ලබා දෙනවා. ඒ වගේමගහිගකම් ඇති පවුල්වල දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට පෙළඹවීම සඳහා පළමු වසරට ඇතුළත් වන සෑම දරුවකුටම පස්වැනි ශ්‍රේණිය දක්වා බලපවත්වන පරිදි වසරකට රුපියල් 1,200 බැගින් ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ තැන්පතුවක් ආරම්භ කරනවා.

රටේ යුද්ධය අවසන් කරලා, යටිතල පහසුකම් දියුණු කරලා, අධිවේගී මාර්ග හදලා, ගම සහ නගරය අතර පරතරය අඩු කරලා 2005 වසරේ 16%ට තිබුණු දුප්පත්කම 2015 වන විට 4%ට අඩු කිරීමට මහින්ද රාජපක්‍ෂ පාලනයට හැකිවුණා. ඒ විතරක් නොවෙයි, 2005දී ඩොලර් බිලියන 02ක් වූ විදේශ වත්කම් සංචිතය 2015 වන විට ඩොලර් 08 දක්වා වැඩි කිරීමට අපේ පාලනය සමත් වුණා. 2005දී දළ ජාතික නිෂ්පාදනයේ ප‍්‍රතිශතයක් හැටියට 102%ක් වූ ණය බර 2015 වන විට 72%ක ප‍්‍රමාණයට අඩු කරන්න මහින්ද රාජපක්‍ෂ පාලනයට හැකි වුණා. තමන්ගේ වගකීම නිසි පරිදි ඉටු කළ ලෝකයේ රාජ්‍ය නායකයන් අතුරින් ආසියාවේ තෙවැනි තැනටත්, දකුණු ආසියාවේ පළමු තැනටත් පත්වුණේ වෙන කිසිවකුත් නොවෙයි අපේ හිටපු ජනාධිපතිතුමයි. ඒ නිසා හෙට දවසේ මේ රටේ ජනතාවගේ අනාගතයට තිරසාර සහතිකයක් දිය හැක්කේ එතුමාට මිස වෙනත් බටහිර රූකඩයකට නොවෙයි’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

IMG_1557

IMG_1566

IMG_1616

IMG_1679IMG_1629

 

IMG_1684

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*