BREAKING NEWS

සයිටම් විරෝධී වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය එකමුතුවට එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා

සයිටම් විරෝධී වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය එකමුතුවට එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළා දකිනවා

ඊයේ (24) සයිටම් විරෝධි වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය එකමුතුව විසින් සංවිධානය කළ සාමකාමී පා ගමනට පොලිසිය යොදවා එල්ල කළ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

යහපාලනය, තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය ආදී සංකල්ප තොරොම්මබල් කරමින් බලයට පැමිණි මේ ආණ්ඩුවේ ජනතාද්‍රෝහී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව සටනට එන සියලු ජනබලවේගයන්ට ඔවුන් අද ප්‍රතිචාර දක්වන්නේ බැටන් පොලු, කඳුළු ගෑස් හා අධිවේගී ජල ප්‍රහාර වෙතිනි. ලිච්ඡවී පාලනයක් පිළිබඳ කටමැත දෙඩවුවද මේ ආණ්ඩුව අද කටයුතු කරන්නේ තමන් බලයට ගෙන ආ බටහිර බලවතුන්ටත්, ඉන්දියාව හා බෙදුම්වාදී දෙමළ ඩයස්පෝරාවටත් උවමනා අන්දමිනි. මේ ආණ්ඩුව බෙදුම්වාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, එට්කා ගිවිසුම්, ජාතික සම්පත් විකුණා දැමීම් පෙරට ගෙන ජනතා අභිලාෂයන්ට පයින් ගසන්නේ ඒ නිසාය.

ඉදිරියේදී ද මේ ආණ්ඩුවේ රටටත්, ජනතාවටත් එරෙහි ක්‍රියාදාමයන්ට එරෙහිව පාරට බසින් ජන බලවේගයන්ට අත් වන්නේ බැටන් පොලු – කඳුළු ගෑස් ප්‍රහාර පමණක් නොව ඊටත් එහා ගිය මර්දනයකට බව ඉතාමත් පැහැදිලිය.

එබැවින් රටේ යහපැවැත්මත් ප්‍රජාතන්ත්‍රවාදයත් අගයන සියලු ජන බලවේගයන් මෙකී තත්වය පැරදවීමට පටු වාදභේද දුරලා පෙරට ආ යුතුව තිබේ.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2017/05/25

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*