BREAKING NEWS

සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදෙමු!

සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදෙමු!

මාස නවයක පමණ කාලයක් තිස්සේ අඛණ්ඩව පෙරට ආ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන මෑත ඉතිහාසයේ සිදු වූ ප්‍රබලතම ශිෂ්‍ය සටන බවට පත්ව ඇති බව අවිවාදිත ය. වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු විශ්වවිද්‍යාල සමස්ත ශිෂ්‍ය ප්‍රජාව පමණක් නොව, ඔවුන්ගේ දෙමාපියන් ද වෘත්තීය සමිති ව්‍යාපාරය ද මෙම සටනට එක්ව තිබීමෙන් ඒ බව තහවුරු වේ.

මේ සියලු දෙනා එක්ව සටන් වදින්නේ උතුම් පරමාර්ථයක් පෙරදැරි කර ගෙන බව පැහැදිලි ය. එනම් අප ජන සමාජය අනාදිමත් කාලයක් තිස්සෙ රැකගෙන ආ නිදහස් අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ පරමාර්ථයෙනි.

මෙම ගැටළුවට නිසි විසඳුම් දෙනවා වෙනුවට බලධාරීන් සිදු කරමින් සිටින්නේ එය තවදුරටත් තීව්‍ර කරන ප්‍රෝඩාකාරී විසඳුම් පැලැස්තර ඇලවීම ය. එම තත්වය යටතේ මේ වන විට වෛද්‍ය පීඨ ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ට ප්‍රෝඩාකාරී විසඳුම් වෙනුවට කඩිනම් සැබෑ විසඳුමක් ඉල්ලා මාරාන්තික උපවාසයකට එළඹීමට සිදුව තිබේ.

එවැනි තත්ත්වයක් හමුවේ තවදුරටත් කල් ඇදීමේ පැලැස්තර විසඳුම් වෙනුවට නිදහස් අධ්‍යාපනය සුරැකෙන, කාටත් පිළිගත හැකි විසඳුමකට එළඹෙන ලෙස අපි ආණ්ඩුවට බල කර සිටින්නෙමු. එසේම සයිටම් විරෝධී සටන පරාජයෙන් හෝ පාවාදීමෙන් කෙළවර වීමට ඉඩ නොදී මේ රටේ අනාගත පරපුරේ නිදහස් අධ්‍යාපන අයිතිය සුරැකෙන විසඳුමකින් කෙළවර කිරීමට පෙරට එන ලෙස සියලු ප්‍රගතිශීලි ජන කොටස් වෙතින් ඉල්ලා සිටින්නෙමු.

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2017-11-08

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    You stabbed me right in the middle of my heart to please your godfather. I am bleeding to death. Are you happy now? This comment is to show you that the job is well done. I neither care about the bleeding, nor the pain. But I make him pay for every drop of the tear coming from my eyes.

  2. Champa Reply

    ඔයාට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි, විමල්

Leave a Reply

*