BREAKING NEWS

සැබෑ දේශපාලනඥයා නූතන යටත්විජිතකරණයේ නොපෙනෙන විලංගු ජාතියේ දෑතට දැමීමට පෙර එය තේරුම්ගෙන ඊට එරෙහිව ජනතාව අවදි කරන්නෙක් – ජානිපෙ නායක විමල් වීරවංශ

සැබෑ දේශපාලනඥයා නූතන යටත්විජිතකරණයේ නොපෙනෙන විලංගු ජාතියේ දෑතට දැමීමට පෙර එය තේරුම්ගෙන ඊට එරෙහිව ජනතාව අවදි කරන්නෙක් – ජානිපෙ නායක විමල් වීරවංශ

නූතන යටත්විජිතකරණයේ නොපෙනෙන විලංගු ජාතියේ දෑතට දැමීමට පෙර ඒ බව තේරුම්ගෙන එය වැළැක්වීමට මහජන ආධ්‍යාත්මය අවදි කිරීමට දේශපාලනඥයකුට නොහැකිනම් ඔහු රට වෙනුවෙන් තම යුතුකම ඉටුකළා කියා කීමට නොහැකි යැයි විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ(12) මහරගම, හයිලෙවල් පාර, 59ඒ යන ස්ථානයේදී තම ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරිමේ උත්සව සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘‘අද අපි මේ ආරම්භ කරන්නේ අපේ රටේ නොනිමි නිදහස් අරගලයේ තවත් එක් පරිච්ඡ්‍ෙදයක්. 1948,1956,1972 වගේම 2010දීත් අවසන් කිරීමට නොහැකි වූ නිදහස් අරගලයේ තවත් පරිච්ඡ්‍ෙදයක් අලූතින් අරඔන්නයි, අපි 2015 දී මේ සැරසෙන්නේ.

1948දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපට නිදහස දුන්නා රැජිනගේ ආධිපත්‍යය අතේ තියාගෙන. 1956දී ගමේ පන්සලේ හාමුදුරුවෝ පෙරටු කරගෙන මේ රටේ ගම්බද අම්මා, තාත්තාගේ දරුවෝ තවදුරටත් තිබුණු සුදු අදිරද බැමි ලිහන්න බලවත් උත්සාහයක නිරත වුණා. 1956 පෙරළිය අංග සම්පූර්ණ    නොවූ නිසයි 1972ක් අපට  ඕනෙ වුණේ. 1972න්් සිදු කළේ ජනරජ ව්‍යවස්ථාවක් යටතට මේ රට පත් කිරීම. මේ රට ජනරජ ව්‍යවස්ථාවක් යටතට පත් කිරිමෙන් බි‍්‍රතාන්‍ය කිරීටයට තිබුණු බැඳීම ඉවත් වුණා. එමගින් ‘රැජිනගේ පාලනයට විරුද්ධ වීම’ කියන චෝදනාව  ලක්වැසියන්ට ඉදිරිපත් කිරීමේ ඉඩකඩ නැති කළා. අධිරාජ්‍යවාදීන් දමා තිබූ විලංගු 1972දී ගැලවුණා කියලා අපි හිතුවා. නමුත් පෙනෙන විලංගු ගැලවුණාට, නොපෙනෙන විලංගු ගැලවුණේ නැහැ.

නූතන යටත්විජිතකරණය කියන්නේ නොපෙනෙන විලංගුවලින් සමාජයන් ගැටගහන ක‍්‍රමයක්. ඒක පෙනෙන්නේ නැතිනම් දේශපාලනයේදී විජයග‍්‍රහණ ගෙන එන්නට බැහැ. නූතන යටත්විජිතකරණය නොපෙනෙන විලංගු ජාතියේ දෑතට දාන්න කලින් එය තේරුම් ගැනීමට මෙන්ම එය වළක්වන්න  ඕනෙ කරන මහජන ආධ්‍යාත්මය අවදි කරන්න බැරිනම් අප වැනි රටක දේශපාලනඥයකුට රට වෙනුවෙන් තම යුතුකම් ඉටු කළා කියලා කියන්න බැහැ.

‘අලූත් පරපුර’ අතට ගත්තේ කාගේ සටන්පාඨද?

නෝර්වේ ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවල සහයෝගය ලබන ‘විදියේ විරෝධය,’ ‘පුරවැසි බලය’, ‘අලූත් පරපුර’ ආදී නොයෙකුත් නම්වලින් හැඳින්වෙන රාජ්‍ය නොවන සංවිධාන මාෆියාව අද මහින්ද රාජපක්‍ෂව යක්‍ෂයකු ලෙස ප‍්‍රතිරූපගත කොට පෙන්වන්නේ ඇයි? මීට කලින් මහින්දගේ පින්තූරයට කෙළ ගැහුවේ, පා පහර එල්ල කළේ කවුද? ජිනීවා ඇතුළු යුරෝපා විදිවල ‘මහින්ද එපාෟ’ කියන සටන් පාඨය එසවූයේ කවුද? කොටි ඩයස්පෝරාව. යුද්ධය දිනපු දවසේ ඉදලා දෙමළ ඩයස්පෝරාව අත තිබූ සටන්පාඨ  පුවරුව නොවෙයිද අද මේ රාජ්‍ය නොවන සංවිධානවල බත්බැලයන් අතට අරගෙන තියෙන්නේ? මේ බත්බැලයන් තමයි කොටි ත‍්‍රස්තවාදය පරදවන සටන සිදුවන අවස්ථාවේදී ඊට වල කැපුවේ.

රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දඹුල්ලේදී කියනවා, ‘මම මහින්ද රාජපක්‍ෂ පරද්දන්න අමෙරිකාවේ ගිහිල්ලා මාසයක් පුහුණු වුණා’ කියලා. මාසයක් ඇමෙරිකාවට වෙලා වික‍්‍රමසිංහ, මහින්ද පරදවන හැටි ඉගෙනගත්තා. ඒ වගේම ඇමෙරිකාවට ඒ ගැන උගන්වන්න තිබෙන උවමනාව කුමක්ද? එක්සත් ජනපදය ජේ.ආර්., පේ‍්‍රමදාස, චන්ද්‍රිකා ඇතුළු ජනාධිපතිවරු එලවන හැටි මේ රටේ කාටහරි ඉගැන්වූවාද? එහෙම මේ රටේ නායකයකු එලවන හැටි ඇමෙරිකාව කාටහරි ඉගැන්වූවා නම් ඒ නායකයා තමයි මහින්ද රාජපක්‍ෂ. එක්සත් ජනපදයට එලවන්න  ඕනෙ වෙන නායකයා, මේ බලවේගවලටත් එලවන්න හිතෙනවානම් එහෙම වෙන්නේ ඇයි? යුද්ධය කරපු එක හැරෙන්න, මේ බලවේගවලට මහින්ද රාජපක්‍ෂට එරෙහිව වෙන කිසි චෝදනාවක් නැහැ.

එදා යුද්ධය අවසාන මොහොතේ බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍ය ඬේවිඞ් මිලිබෑන්ඞ් සහ ප‍්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඞ් කුෂ්නර් ‘ඩබල් දාලා’ මේ රටට ඇවිල්ලා යුද්ධය නතර කරන්න කියලා මහින්ද රාජපක්‍ෂ මහතාට බලපෑම් කළා. එවකට ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරයා යුද්ධය නතර කරන ලෙසට දුරකථන ඇමතුම් දුන්නා. එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කි මූන් මහතා ගුවන් යානයකින් ඇවිල්ලා යුද්ධය පවතින ප‍්‍රදේශයට යන්න හැදුවා. මේ ජාත්‍යන්තර බලපෑම් සුළියට මහින්ද රාජපක්‍ෂ මහතා එදා තනිවම මුහුණ දෙමින් ජාතියට විජයග‍්‍රහණයක් ගෙන ආවා.

‘ජාත්‍යන්තර පීඩන සුළිය’

යුදමය සමයේ මේ රටේ සෑම පාලකයකුම මේ ජාත්‍යන්තර පීඩන සුළියට අහු වුණා. ‘අලිමංකඩ සටන’ ජයග‍්‍රහණය පෙනී පෙනී ඉදිරියට යන කොට ජේ.ආර්. ජයවර්ධනට ඇමෙරිකා ඒක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් එක දුරකථන ඇමතුමයි ආවේ. ඊට පස්සේ එයා නියෝග කළා, ‘යුද්ධය නවත්තලා ආපසු එන්න’ කියලා. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර බලවතුන්ගේ ඉල්ලීමට, බලපෑමට යටත් නොවී, ඔවුන් විසින් මේ රටේ නිර්මාණය කරන ලද බෙදුම්වාදී ත‍්‍රස්ත ව්‍යාපාරය පොඩිපට්ටම් කිරිමේ වෝදනාව හැර වෙනත් චෝදනාවක් ඔවුන්ට මෙතැන නැහැ. මහින්ද රාජපක්‍ෂගෙන් ඒකට වාඩුව ගන්නයි ඇමෙරිකා එක්සත් ජනපදය රනිල් වික‍්‍රමසිංහව පුහුණු කරවලා එව්වයි කියන්නේ.

2009 මැයි 18 වැනිදා අපි පරාජය කළේ බෙදුම්වාදයේ මිලිටරිමය පෙරමුණ පමණයි. ඔවුන්ගේ දේශපාලන පෙරමුණ තවමත් නිරුපද්‍රිතයි. දෙමළ ජාතික සන්ධානය, සිහින දෙමළ ඊළාම් රාජ්‍යයේ රුද්‍රකුමාරන්ලා, ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධානී එමානුවෙල් පියතුමා, සුරේන් සුරන්දිරන්ලා, කොටි ඩයස්පෝරාව ඇතුළු බෙදුම්වාදී දේශපාලන පෙරමුණ තවමත් නිරුපද්‍රිතයි. වේලූපිල්ලේ පිරබාහරන් මියගිය දවසේ ඉඳලා මේ බෙදුම්වාදී දේශපාලන පෙරමුණ තම උපායමාර්ගික සැලසුම අලූතින් ඇන්දා. ඒ නව සැලසුම වැටී ඇත්තේ මිලිටරිමය ප‍්‍රහාරාත්මක මාවතකට වඩා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ සම්මතකර ගනු ලබන යෝජනාවක් මගින් දෙමළ ඊළම නිර්මාණයකර ගැනීමේ මාවතක් ඔස්සේයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශී‍්‍ර ලංකාවට එරෙහි වාර්තාව සැප්තැම්බරයේදී එළි දැක්වෙනවා. ඒ පිළිබඳව එරික් සෝල්හයිම් විදෙස් මාධ්‍යයකට පවසා තිබුණා. ‘මට පසුගිය දිනයක එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවුණා. ඔහු පැවසුවා ශ‍්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම්  විමර්ශන වාර්තාව පිළිබඳව. එමගින් ශ‍්‍රී ලංකාවේ සිවිල් පුද්ගලයන් දෙදෙනෙකුට සහ හමුදා නිලධාරීන් 41 දෙනෙකුට සමූහ මිනිසු ඝාතන පිළිබඳව චෝදනා එල්ල කොට තිබෙනවා’ කියලා. මෙම විමර්ශන වාර්තාවෙන් සනාථකර පෙන්වන්නේ කුමක්ද? සමූහ මිනිස් ඝාතනයක් සිදු වූ බව. ඔබට මතක ඇති පසුගිය මැයි 19 වැනිදා උතුරේදී කොටි හිතවාදීන් පහන් පත්තුකර සැමරුවේ කවුද, කියා. ‘සමූහ මිනිසු ඝාතනයට ලක්වූවන්’ තමයි ඔවුන් සමරනු ලැබුවේ. මේ ආකාරයට ‘සමූහ මිනිස් ඝාතන චෝදනාවක්’ වරගන්වන්නේ ඇයි? ‘දෙමළ ජනයාට එරෙහිව ශ‍්‍රී ලංකා නිල හමුදාව විසින් සමූහ මිනිස් ඝාතනයක් සිදු කොට තිබේෟ’ කියන චෝදනාව ජාත්‍යන්තරව පිළිගන්න තත්වයකට ගෙනාවොත් සිදු වන්නේ කුමක්ද? එය විශාල රුකුලක් වෙනවා, එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ අනුකම්පාව අරගෙන උතුරු – නැගෙනහිර, නිල රාජ්‍යයක් ලෙස වෙන් කරවා ගන්න. ඒ පාර තමයි මේ කපන්නේ.

රට දෙකට කරන දේශසීමා ඉර…

සමූහ මිනිස් ඝාතනයක් සිදු වුණා කියලා සනාථ කරලා මහින්ද – ගෝඨාභය මෙන්ම හමුදා නිලධාරීන් 41 දෙනාට දඩුවම් ලබාදීලා මේ අය නතර වෙන්නේ නැහැ. මේ කරන්න යන්නේ බොරු චෝදනාවක් සනාථ කරලා ඒ චෝදනාව මත පදනම්ව දේශසීමාව අඳින තැනට එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය රැුගෙන යාම. අපේ දරුවෝ 27,000ක් ජීවිත දීලා අඳින්න නොදුන්නු ඉර, මේ රට දෙකඩ බෙදන දේශසීමා ඉර අඳින්නයි මේ බලවේග සූදානම් වෙන්නෙ. ඒ අනතුර, අවදානම දකින්න.

මේ මහා මැතිවරණයේදී සිදු වෙන්නේ හුදු ආණ්ඩු පෙරළියක් පමණක් නම් අපට මරාගෙන මැරෙන්න උවමනාවක් නැහැ. නමුත් මෙතැන සිදු වෙන්නේ ආණ්ඩු පෙරළියක් පමණක් නොවෙයි ජනවාරි 08 වැනිදා සිදු වුණෙත් හුදු ආණ්ඩු පෙරළියක් පමණක් නොවෙයි. ඒ අය මේකට කියන්නේ දේදුනුු විප්ලවය (Rainbow Revolution) කියලා. දේදුනු විප්ලවයෙන් දිනා ගත්තේ කුමක්ද? එක්සත් ජාතික පක්‍ෂය කියන්නේ, ‘දිනූ දේ රැක ගනිමුෟ’කියලයි.  ‘දිනූ දේ කුමක්ද? ඒ අයට ලැබුණු බලය, හොර පාරෙන් ලබාගත්තු බලය, ‘යහපාලන නංගි’ පෙන්වා’ ‘බෙදුම්වාදී අක්කා’ දීග දී ලබාගත්තු බලය. ඔවුන්ට තියෙන්නේ අත්පත්කරගත් ඒ බලය ආරක්‍ෂාකර ගැනීම සහ රනිල්ට ටියුෂන් දීපූ එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ උවමනාව ඉටුකරදීම පමණයි. වැරදිලාවත් වික‍්‍රමසිංහ අගමැති වන ආණ්ඩුවක් ආවොත් ඒක නතර වෙන්නේ එක්සත් ජනපදයේ මිලිටරි කඳවුරකුත් මේ රටේ හදන්න ඉඩ දීලයි.

අපි මේ රටට කරපු එක අනතුරු හැගවීමක්වත් වැරදිලා නැහැ. අපි මේ රටේ අනාගතය පිළිබඳව කරපු එක ප‍්‍රකාශයක්වත් වැරදුණා කියලා කාටවත් ඔප්පු කරන්න බැහැ. එදා සටන් විරාම ගිවිසුම ගහන්න කලින් ඉදලා මේ ජාතියට අපි අපේ අනතුරු හැගවීම කළා. ඒ හැම අනතුරු හැගවීමක්ම සනාථ වෙලා තියෙනවා. ‘මේ අනතුරු හැගවීම සනාථ නොවේවා!’ කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. මේ දේ වෙන්නේ රනිල් වික‍්‍රමසිංහ බලයට ආවොත් විතරයි. චීනයේ ගොඩනැගෙන බලයට ප‍්‍රතිවිරුද්ධ බලයක් ගොඩනගන්න දකුණු ආසියාවේ සුදුසුම ස්ථානය ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය හඳුනාගෙන තියෙන්නේ ශ‍්‍රී ලංකාවේ  ඉරණවිල හෝ ත‍්‍රිකුණාමලය. රනිල් වික‍්‍රමසිංහ වැරදිලාවත් බලයට ආවොත් මේ රට අවසානයේදී බටහිර බලවතුන්ගේ දඩබිමක් බවට පත් වෙනවා. හකීම් ඉල්ලන වෙනම මුස්ලිම් කලාපය ලැබෙනවා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ වෙනවා. ජනාධිපතිතුමා අනුමැතිය දුන්නත්, නොදුන්නත් ඒකාබද්ධ වූවා සේ සලකා ඔවුන් කටයුතු කරනවා. උතුරු – නැගෙනහිර ඒකාබද්ධ කරලා නිකං ඉන්නේ නැහැ. පොලිස් හා ඉඩම් බලතල, මූල්‍ය බලතල ලබාගන්නවා. ඊට අදාළ ප‍්‍රඥප්ති පළාත් සභාව තුළ සම්මතකර ගන්නවා. ඒ විතරක් නොවෙයි දෙමළ ඩයස්පෝරාවේ මුදල් ටික මේ රට තුළට රැුගෙන එනවා.

මේ සිදුවෙමින් තියෙන්නේ පරදවපු සතුරා යළි හිස එසවීමයි. අපේ අම්මා, තාත්තාගේ දරුවෝ 27,000ක් දිවි පුදලා අතපය අහිමි කරගෙන පරදවපුු සතුරාටයි මේ පණ ලබාදෙන්නෙ. සතුරාට පණ දෙනවා දැක දැක කුජීතව සිටිනවා නම් මේ ජාතිය, අගෝස්තු 17 වැනිදා ඇරෙඔන්නේ් එහි අවසානයයි.  ඒක වෙන්න ඉඩ දෙන්න බැහැ. අපට තිබෙනවා ඓතිහාසික වගකීමක් එයට ඉඩ නොදීමට.

දැන් බලන්න, සිංහල බෞද්ධ චම්පික රණවක එයාම කියපු ‘දොන් ජුවන් ධර්මපාල පෙරියබණ්ඩාර’ සමග අතිනත ගන්නා දර්ශනය මොනතරම් මනස්කාන්තද? සති දෙක තුනකට කලින් මහ බැංකු බැඳුම්කර වංචාව ගැන වික‍්‍රමසිංහට පතුරු යන්න බැනපු චම්පික සහ රාජිත අද එයා සම`ග අතිනත ගෙන තිබෙනවා. මේ එකතුව, හවුල පරණ පාන්වලින් හදපු හුළං විස්කෝතු වගේ. ජනවාරි 08 වැනිදා සිදුවූ ඊනියා පෙරළියට සම්බන්ධ වුණු මේ අය පරණ පාන් වගේ. ඒ අය වටයක් ගහලා දැන් අලියාගේ වලිගේ එල්ලිලා. ‘යහපාලන දිව්‍ය ලෝකයට’ යන්න හදනවා. අලියාගේ වලිගේ එල්ලිලා ‘යහපාලන දිව්‍ය ලෝකයට’ යන්න පුළුවන් නම් ඒක පෙන්වන්න තිබුණා පසුගිය දින 180 තුළ. මේ දින 180 තුළ මේ අය පෙන්වලා ඉවරයි යහපාලනය තියා යහපාලනයේ ‘ය’ යන්නවත් උන්නැහේලාට ගෙන එන්න බැහැ කියලා’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015-07-13

 

22 20 15 13 9 8 7

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*