BREAKING NEWS

“සැබෑ බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනය වෙනුවන් කැපවෙමු!

සම්බුදු තෙමගුල සිහිපත් කෙරෙන තවත් වෙසක් පුන් පොහෝ දිනයක් අදට(03) යෙදී තිබේ. ලොව පුරා විසිරී සිටින බෞද්ධ ජනතාව මෙම උතුම් දිනය සිහිපත් කරමින් දාන, සීල, භාවනා වැනි ප‍්‍රතිපත්ති පූජාවන්ද වෙසක් කූඩු, තොරණ ආදිය වෙසක් සැරසිලි සිදු කිරීම මල් පහන් පූජා පැවැත්වීම, දන්සැල් දීම වැනි ආමිස පූජාවන්හිද යෙදෙති.

එසේ ආමිස පූජා සහ ප‍්‍රතිපත්ති පූජාවන්හි යෙදී බුදු සිරිත, බෝසත් සිරිත හා බුදු වදන් නුවණින් විමසා සිතට ගෙන ඒ අනුව කටයුතු කිරීම වෙසක් සමයෙහි බෞද්ධ ජනතාව විසින් අනුගමනය කළ යුතු වැදගත්ම පිළිවෙතකි. ඒ අනුව යමින් සම්බුදු තෙමගුල සිහිපත් කරන මෙරට බෞද්ධ ජනතාව බුදුවදන් නුවණින් විමසා සිතට ගත යුතු වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දීමට කැමැත්තෙමු.

ඉන් එකක් වන්නේ අප රටට මෙන්ම, අපගේ ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමයන්ට එල්ලවන විවිධාකාරයේ බටහිර බලපෑම්ය. අද දිනයේ ඒවා වඩාත් තීව‍්‍ර වී තිබේ. අපගේ වගකීම වන්නේ එම බලපෑම් වටහා ගනිමින් මෙරට සැබෑ බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් කැපවීමය.

සැබෑ බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් කැපවීම යනු ආගම් අතර ගැටුම් ඇවිලවීම නොවේ. එවැනි ගැටුම් අවශ්‍යව ඇත්තේ අපගේ ඉපැරණි බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය වැනසීමට කැස කවන බටහිර බලවේගයන්ට බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙයින් සැබෑ බෞද්ධ සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් කැප වීමටත් ආගමික සංහිඳියාව සහ ජන කොටස් අතර සමගියට එරෙහි ක‍්‍රියා පිටු දැකීමටත් මෙරට බෞද්ධ ජනතාව අදිටන්කර ගත යුතුව තිබේ.”

විමල් වීරවංශ(පා.ම)
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
2015.05.03

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*