BREAKING NEWS

සැබෑ විපක්‍ෂය කුමක්ද?

1012964_442062019288678_7922517255513155594_nරුපියල් බිලියන 400ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පසුගිය 07 වැනිදා යෝජනාවක් රැගෙන ඒමට නියමිතව තිබිණි. එසේම ‘විපක්‍ෂ නායකයා කවුදැයි’ කථානායකවරයාගේ තීන්දුව ලබාදීමද එදිනට යෙදී තිබිණි. මේ කරුණු දෙකටම අදාළව සාකච්ඡා කිරීමට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර යන විපක්‍ෂයේ පක්‍ෂ නායකයෝ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද එක්ව සිටියහ.

‘‘දිනේෂ් ගුණවර්ධන මහතා විපක්‍ෂ නායක ධුරයට පත් කිරිමේ යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේද දැඩි සහයෝගය ලැබී තිබෙනවා. අද වන විට ඊට අත්සන් තබා ඇති මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 64ක්’’ අදාළ ලිපිය පෙන්වමින් කුමාර වෙල්ගම මහතා එහිදී පැවසීය.

‘‘අපි මේ මුදල් අමාත්‍යවරයා රැගෙන එන මුදල් රෙගුලාසිය පරාජයට පත්කළ යුතුයි. රනිල් වික‍්‍රමසිංහට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැහැ කියලා වගේම, පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂය කවුද කියලත් අපිට එමගින් රටට පෙන්වා දිය හැකියි’’ විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මේ ‘සැබෑ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම’ 07 වැනිදා පාරිලිමේන්තුවට පැමිණියේ පූර්ව සූදානමක් සහිතවය. සවස 3:00 පමණ වන විට‘සැබෑ විපක්‍ෂයේ ’ මේ ‘මුදල් රෙගුලාසිය’ පැරදවීමේ මෙහෙයුම පිළිබඳව එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන්ටද ඉව වැටී තිබිණි. ඒ නිසා ලක්‍ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා තම මන්ත‍්‍රී කණ්ඩායමේ සියලූ දෙනාට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දීමටද කටයුතු කර තිබිණි.

මේ ‘සැබෑ විපක්‍ෂයේ මෙහෙයුම’ ගැන කණ වැකුණු විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා එම අවස්ථාව මඟහැර ගියේ මුදල් රෙගුලාසිය පැරදවීමට ඔහුගේ තිබූ අකමැත්ත නිසාය. ජෝන් සෙනෙවිරත්න, තිලංග සුමතිපාල යන මන්ත‍්‍රීවරුද එසේ මෙම අවස්ථාව මඟ හැර ගිය පිරිසට අයත් වූහ.

මෙම මුදල් රෙගුලාසි යෝජනාව පිළිබඳ විවාදය අවසන් වූ විට ඒ පිළිබඳව බෙදීමක් ඉල්ලීමට පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ අජිත් කුමාර මන්ත‍්‍රීවරයා සූදානම්ව සිටියේය. ඒ අනුව පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්‍ෂව ඡන්ද 31ද විපක්‍ෂව ඡන්ද 52ක් ද ලැබුණු අතර එම යෝජනාව වැඩි ඡන්ද 21කින් පරාජයට පත්විය.

එම ජයග‍්‍රාහී මෙහෙයුමෙන් පසුව ‘සැබෑ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම’ දෙවන මහලේ පිහිටි සභා ගැබේ සිට පඩිපෙළ බසිමින් පළමු මහලට පැමිණියේ ‘හෙළ ජාතික අභිමානේ…’ ගීතය මහ හඩින් ගයනා කරමිනි. එසේ පඩිපෙළ බසිනා මන්ත‍්‍රීවරුන් පිරිස දෙස පාර්ලිමේන්තුවේ සේවක පිරිස බලා සිටියේ විමතියෙනි.

නව ජාතික පෙරමුණක් බිහිවන ලකුණු

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්‍ෂකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදී එළඹෙන මහ මැතිවරණයෙන් ජයගෙන රට ආපස්සට රැගෙන යන මේ ගමන නතර කළ යුතු බව අවධාරණය කරමින් දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිල යන පක්‍ෂ නායකයන් සිව්දෙනා ඇරඹූ සටන මේ වන විට වඩාත් ශක්තිමත් වෙමින් පවතී. ඊට හේතුව, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රබලයන් රැසක් ද මේ වන විට එම සටනට එක්ව සිටීමයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන අගමැති අපේක්‍ෂකත්වය මහින්ද රාජපක්‍ෂ මහතාට ලබාදීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ නායකත්වය ඉඩ නොදුනහොත් ඊට ගතයුතු ක‍්‍රියාමාර්ග පිළිබඳවද මේ පිරිස පසුගිය සතිය පුරා බරපතළ ලෙස සාකච්ඡා කළහ.

එසේ අගමැති අපේක්‍ෂකත්වය ලබා නොදුනහොත් නව ජාතික පෙරමුණකින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් කළ යුතු බවටද එහිදී තීරණය විය.

ඒ අනුව, අදාළ ඉදිරි ක‍්‍රියාමාර්ග මේ වන විට ගැනෙමින් පවතී. ඇතැම් විට නව වසර උදාවනු ඇත්තේ නව ජාතික පෙරමුණක් පිළිබඳ පුවතක් රට හමුවේ තබමින් වීමටද බැරි නැත.

‘ඇමතිකම් එපෝ!’

පසුගිය පාර්ලිමේන්තු සතියේදී තිස්ස කරලියැද්ද හිටපු අමාත්‍යවරයා තවත් මන්ත‍්‍රීවරුන් පිරිසක් වටකර ගනිමින් ඉතාමත් රසවත් ලෙස තමා ඇමතිධුරයෙන් ඉවත් වූයේ කුමක් නිසාද යන්න විස්තර කරමින් සිටියේය. කුමාර වෙල්ගම, මහින්දානන්ද අලූත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්‍ෂ, වීරකුමාර දිසානායක යන මන්ත‍්‍රීවරුන් මෙසේ ඒ කතාවට ඇහුම්කන් දෙමින් සිටි අතර, ඒ පිරිස දුටු විමල් වීරවංශ මහතාද වහා පැමිණ ඔවුන් හා එක්විය.

‘‘ඇමතිකමක් ගත්තා කියලා ආරංචිවෙලා ගෙදරට ආපු මිනිස්සු මාව කන්න හැදුවා. උඹලාට එපා නම් මටත් එපා කියලා මම ඒ වේලාවෙම ඉල්ලා අස්වීමේ ලිපිය ලියලා ෆැක්ස් කළා. මේක ආරංචි වුණු ගමන්ම චන්ද්‍රිකා මැඩම් කතා කරලා ඇහුවා, ‘අයි ඔයා ඉල්ලා අස් වුණේ?’ කියලා. ‘ඉල්ලා අස්නොවී බැහැ මැඩම්. මේක තියාගත්තොත් මට මිනිස්සු ගහනවා’ කියලා මම එයාට කීවා. ඒ ගමන එයා කියනවා, මීට වඩා හොඳ ඇමතිකමක් මම ඔයාට දෙන්න කියලයි තිබුණේ’ කියලා. මම කිව්වා මොන ඇමතිකම ගත්තත් මට මිනිස්සු ගහයි කියලා. ‘දැන් පොළොවෙ තියෙන්නේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා ඉල්ලන තත්ත්වයක් මැඩම්’ කියලත් මම එයාට කිව්වා’’ යනුවෙන් තිස්ස කරලියැද්ද මහතා තමාට ලැබුණු නව ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමේ කතාව ඉතා සැහැල්ලූවෙන් කියා දැමුවේ එසේය.

‘‘එදා රත්නපුරේ රැලියට මම එනකොට මිනිස්සු කට්ටියක් තිස්ස කරලියැද්ද හිටපු ඇමතිතුමා වගේම කෙනෙක් වටකර ගෙන ගහන්න හදනවා. එතුමා අපි දන්න කෙනෙක්. මාතලේ ප‍්‍රදේශීය සභාවේ සභාපතිතුමා. තිස්ස කරලියැද්ද හිටපු ඇමතිතුමාගේ කපාපු පලූව.‘ඇමතිකමකුත් අරන් අපේ වේදිකාවට එන්න ලැජ්ජා නැද්ද?’ කියමින් තමයි මේ අය සභාපතිතුමාට ගහන්න හදන්නේ. පස්සේ කරුණු පහදලා දීලා මගේ ආරක්‍ෂක නිලධාරී මහත්තුරු එයාට ගහන්න නොදී බේරා ගත්තා.’’ රෝහිත අබේගුණවර්ධන මහතා ඊට තවත් අතුරු කතාවක් එක් කරමින් පැවසීය.

රාජිත සේනාරත්න ඇමතිතුමාටත් අගලවත්ත පිඹුර ප‍්‍රදේශයේදී තරුණ පිරිසක් වටකර ගෙන පහර දෙන්න හදලා තියෙනවා. අවට පොලිස් ස්ථාන 06කින් ඇවිල්ලා තමයි බේරගෙන තියෙන්නේ’’ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාද ඒ අවස්ථාවේ ඊට සමගාමී තවත් අකරතැබ්බයක් ගැන පවසා සිටියේය.

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*