BREAKING NEWS

සැබෑ සංහිදියාව – සැබෑ ජාතික සමගිය වෙනුවෙන් උර දෙමු!

සැබෑ සංහිදියාව – සැබෑ ජාතික සමගිය වෙනුවෙන් උර දෙමු!

ලෝකවාසී දමිළ ජනතාව උත්කර්ෂවත් ලෙස සමරන තවත් තෛපොංගල් දිනයක් අදට යෙදී තිබේ.

සරු අස්සවැන්නක් ලබා ගැනීමට තමන්ට උපකාරී වූ හිරු දෙවිදුන්ට සහ ගවයාට කෘතගුණ සැලකීමේ චාරිත්‍ර විධි ක්‍රමවලින් සමන්විතව වසර දහස් ගණනාවක් තිස්සේ පවත්වාගෙන එන මෙම උත්සවය ඇරඹෙන දිනය නව වසරක උදාව ලෙස ද දමිළ ජනතාව සලකති.

එහෙයින් අදින් ඇරඹෙන්නේ අපගේ සහෝදර දමිළ ජනතාවට නව වසරකි. මේ නව වසරේ ඔබ නව බලාපොරොත්තු සහ අදිටන් රැසක් ඇති කර ගෙන අැති බවට සැක නැත. ඒ අදිටන් අතරට ”සැබෑ සංහිඳියාව – සැබෑ ජාතික සමගිය” වෙනුවෙන් උර දීමේ අදිටන ද ඇති කර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

විමල් වීරවංශ
නායක
ජාතික නිදහස් පෙරමුණ
2018.01.14

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*