BREAKING NEWS

සැබෑ සංහිඳියාව වෙනුවෙන් කැපවීමට අදිටන්කර ගනිමු !

සැබෑ සංහිඳියාව වෙනුවෙන් කැපවීමට අදිටන්කර ගනිමු !

හින්දු බැතිමතුන් විසින් ඉමහත් බැතියෙන් සමරනු ලබනු ආලෝකයේ උත්සවය හෙවත් දීපවාලී උත්සවය අදට (29) යෙදී තිබේ. මෙම උත්සවයෙන් සංකේතවත් කරනුයේ නපුර පරදවා ලොවට යහපත ගෙන ඒමය.

අඳුරුමය යුගයකට පසුව ශ‍්‍රී ලංකාවේ හින්දු බැතිමතුන්ගේ, විශේෂයෙන් උතුරු-නැගෙනහිර හින්දු බැතිමතුන්ගේ ජිවිත ආලෝකවත් වීමට පටන් ගත්තේ මීට වසර 07කට පමණ පසුවය. එනම් තිස් වසරක යුද ගිනිදැල් නිවා දැමූ පසුවය. එහෙත් රට තුළ සිදු වූ ”වෙනස” හේතුවෙන් නිවූ ගිනිදැල් යළි දැල්වේද? යන ප‍්‍රශ්නාර්ථය ශ‍්‍රී ලාංකීය සමාජය තුළ මතුව තිබේ.”සංහිදියාව” යන වචනයට මුවා වී ජාතිවාදී බෙදුම්වාදී අන්තවාදයන් පෝෂණය කිරිමේ ප‍්‍රතිඵල අප සමාජයට අද භුක්ති විඳීමට සිදුව ඇත.

එවැනි තත්වයක් තුළ මේ උතුම් දිනයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොටස් ජාතික සමගියෙන් බැඳ තබන ‘සැබෑ සංහිඳියාව‘ වෙනුවෙන් කැපවීමට මෙරට හින්දු බැතිමතුන් අදිටන්කරගත යුතුව තිබේ.

විමල් වීරවංශ.(පා.ම)
නායක
ජාතික නිදහස් පෙරමුණ
2016-10-29

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*