BREAKING NEWS

සැබෑ සාමය, සහජීවනය අරුත් ගන්වන දිනය බවට ‘නත්තල යොදා ගනිමු!

සැබෑ සාමය, සහජීවනය අරුත් ගන්වන දිනය බවට ‘නත්තල යොදා ගනිමු!

ජේසු බිළින්දාගේ උපත සිහිපත් කරන තවත් නත්තලක් අදට (25) යෙදී තිබේ. ‘සාමය වෙනුවෙන් ලෝකවාසීන් අවදි කරලීම’ නම් වූ අරුතින් සැමරෙන නත්තල් උත්සවය සැමරිය යුත්තේ ඉහත අරුත සඵල වන අයුරිනි. ඒ අනුව නත්තලෙහි සැබෑ අරුත වටහා ගනිමින් එය මිනිස් හදවත් තුළ ගැඹුරින් සනිටුහන් වන ආකාරයට කටයුතු කිරීමට මේ උතුම් දිනයේ ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් කටයුතු කළ යුතුව තිබේ.

ලෝකවාසීන්ට යහපත් හෙට දිනයක් උදාකරලීමට සමස්ත ලෝකයම සාමය වෙනුවෙන් කැප විය යුතුව තිබිණ ද ඇතැම් පවිටු බලවේග රටවල් තුළ ද රටවල් අතර ද ගැටුම් අවුලවමින් සිටිති. අප ද රටක් ලෙස එවැනි ගැටුම්වලට මැදිව සිටින්නෙමු. මේ ගැටුම් අවුලවන්නෝ බොහෝවිට කටයුතු කරන්නේ ‘සාමකාමී සහජීවනය’ ආදී වදන් පෙරට දමා ගෙන බව ද පෙනී යයි.

එබැවින් සැබෑ සාමය, සහජීවනය පිළිබඳව ගැඹුරින් සිතා බලා ඒවා යථාවත් වන ලෙස කටයුතු කිරීමට අදිටන්කර ගන්නා ලෙස මෙරට කිතුණු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

සැමට සුබ නත්තලක්!

විමල් වීරවංශ (පා.ම.)
නායක,
ජාතික නිදහස් පෙරමුණ
2018.12.25

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles
  1. Champa Reply

    අපෝ මේ නත්තල් පණිවිඩේ මෙලෝ රහක් නැහැ. ජාත්‍යන්තර සහ දේශීය කුමන්ත්‍රණලු ආපහු. ලබන අවුරුද්ද චන්ද වසරලු. අලුත් වචන set එකක් හොයා ගන්න නේද? නැත්නම් ඔන්න මං නම් දන්නෑ “ජාත්‍යන්තර සහ දේශීය කුමන්ත්‍රණ “මේ පාරත්” පිටු දකිමු අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය” කියපුහම මට වගේම අනිත් මිනිස්සුන්ටත් හිනා යයි ඔන්න.

Leave a Reply

*

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.