BREAKING NEWS

සියලු හොරකම්වලට පෙර මහ බැංකු ‘යහපාලන මහ හොරකම’ පිළිබඳව සොයා බලා වරදකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන්න – ජාතික නිදහස් පෙරමුණ

11059561_431147903713423_8618766999532599013_nඅනෙකුත් සුළු පරිමාණ සොරකම් ගැන සෙවීමට පෙර මෙරට ආර්ථිකයේ මර්මස්ථානය වූ මහ බැංකුව තුළ සිදුව ඇති රුපියල් බිලියන 10ක මහා පරිමාණ මූල්‍ය ආක‍්‍රමිකතාව පිළිබඳ සොයා බලා ඊට වගකිවයුතු පිරිසට එරෙහිව වහාම නීතිය ක‍්‍රියාවේ යොදවන ලෙස ජනාධිපතිවරයාගෙන් ජාතික නිදහස් පෙරමුණ ඉල්ලා සිටියි.

‘මහජන මුදල් කොල්ලකන මහ බැංකුවේ අධිපති වහා අත්අඩංගුවට ගන්නා ලෙසට බලකරමින්’ අද(16) සවස කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැති උද්ඝෝෂණය අවසානයේ අදහස් දක්වමින් ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු සංස්කෘතික අමාත්‍ය පියසිරි විජේනායක මහතා මෙසේ පැවසීය.

එහිදී අදහස් දැක්වූ පියසිරි විජේනායක මහතා මෙසේද පැවසීය.

‘‘ඉන්දියාවට, ඇමෙරිකා එක්සත් ජනපදයට රට යටත්කර දීපූ මේ ආණ්ඩුවට අදට දින 62යි. මේ වන විට ඔවුන් මේ රටේ ආර්ථිකය සහමුලින්ම බිඳවට්ටවලා ඉවරයි. මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසිය ඉතාමත් දූෂිත අයුරින් තමයි මේ අය පැවැත්වූයේ මේ බැඳුම්කර වෙන්දේසියේදී එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් අයථා ලෙස මැදිහත් වෙලා රුපියල් බිලියන 10ක මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදු කොට තිබෙනවා.

මේ රුපියල් බිලියන 10ක වංචාව වහගන්න දැන් අගමැති රනිල් වික‍්‍රමසිංහ, එජාප නීතිඥයන් තිදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබෙනවා. එදා එජාපයේ හිටපු කම්බ හොරු රුපියල් 2.50ට ඉඩම් අක්කරය තමන්ගේ නමට ලියා ගත්තා. අද එජාපයේ කම්බ හොරු රුපියල් බිලියන ගණනක් වංචාවෙන් තමන්ගේ සාක්කුවට දමාගෙන තිබෙනවා. මේ තරම් ඉක්මනට එජාපය හොරා කන්න හේතුව දන්නවාද? දින 100කින්, රනිල්ගේ එජාප ආණ්ඩුව, මේ රටට කරපු අපරාධයට මේ රටේ මිනිස්සු ගහලා පන්නනවා. ඒකයි ඊට කලින් මේ මහා හොරකම සිදු කළේ.

අපි අහනවා, ‘මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයෝ තමුන්නාන්සේ ජනතාවට දෙනවා කියපු යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, වංචා දූෂණයට එරෙහිවීම මේකද?’ කියලා. අද ජනාධිපතිතුමා කටයුතු කරන්නේ රනිල්ගේ යටත් පුරවැසියෙක් වගේ. ‘සන්ධානයේ සභාපති ධුරය ලබා ගත්තු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමනි, අනෙක් හොරකම්වලට පෙර මේ මහ බැංකුවේ හොරකම ගැන හොයලා ඔවුන්ට දඬුවම්කර ඉන්න’ කියලා අපි ඉල්ලා සිටිනවා.

උප්පැන්නයක නමක් වැරදුණාම අත්අඩංගුවට අරගෙන හිරේ දමන මේ ආණ්ඩුවට අපි බලකර සිටිනවා, ‘මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් බිලියන 05ක් වංචා කළ විජාතික මහ බැංකු අධිපතිවරයාට එරෙහිව වහාම පියවර ගන්න’ කියලා. ‘මේ දූෂිත ආණ්ඩුව ඉදිරි දින 30 ඇතුළත ගෙදර යවන්න ඕනෑම කැප කිරීමක් කරන්න අපි සූදානම්’ කියලා අපි මේ මොහොතේ මේ රටේ ජනතාවට අවධාරණය කර සිටිනවා. එදා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරලා ජේ. ආර්. ජයවර්ධන රජීව් ගාන්ධිට මේ රට යටත් කරලා දුන්නා. අද ජේ. ආර්. ගේ බෑණා රනිල් වික‍්‍රමසිංහ, නරේන්ද්‍ර මෝඩිට මේ රට යටත් කරලා දීමයි සිදු කළේ. ඉන්දියාව සමග රටට අහිතකර, අවාසිදායක ගිවිසුම් රැසක් අත්සන් කරලා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවට කැඳවා ගෙනවිත් අපේ ස්වාධිපත්‍යයට බලපෑම් කිරීමට ඉඩ දුන් මේ නිවට ආණ්ඩුවට අපේ බලවත් විරෝධය අපි මේ මොහොතේ පළකර සිටිනවා.

මේ රටට සාමය හා ස්ථාවරභාවය රැගෙන ආපු විරෝදාර රණවිරුවන් අත්අඩංගුවට ගන්න හදන මේ ආණ්ඩුව, තමන්ගේ බලය රැකගන්න හොර, තක්කඩියන් රකිනවා. යහපාලනයේ නාමයෙන් ජාතිය පාවාදීමයි මේ ආණ්ඩුව කරන්නේ. මේ දින 62 තුළ රටේ ආර්ථිකයට කළ විනාශය තව අවුරුදු තුනකින්වත් යථා තත්ත්වයට පත් කරන්න බැහැ.

මේ ඛේදනීය තත්ත්වයෙන් රට මුදවා ගැනීමට අපි තව දින කිහිපයකින් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනඟනවා. මේ රටේ ජනතාවගේ සැබෑ නිදහස සහ අයිතීන් ඉදිරි කාලය ඇතුළත ඔවුන්ට යළි හිමිකර දෙන බවට අපි සහතික වෙනවා’’

මෙම උද්ඝෝෂණයට, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක, මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මොහොමඞ් මුසම්මිල්, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරු වන රොජර් සෙනවිරත්න, ලලන්ත ගුණසේකර යන මහත්වරු, ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා, හෝමාගම ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනී ප‍්‍රියංගා කොතලාවල මහත්මිය ඇතුළු පක්‍ෂ ක‍්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය ලේකම් :- 0714033978

මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ
2015-03-16

10862667_431147983713415_8435754380718897279_o 11024674_431148063713407_3492090347203039450_o 11025884_431147930380087_9144919512906369835_o 11043303_431148067046740_6734450551719502932_o 11063929_431147947046752_3611924613280044211_o

About the Author
Wimal Weerawansa is widely regarded as an individual with great patriotism and strong principles

Leave a Reply

*